Pages

Thursday, December 19, 2013

ශ්‍රී ලංකා තැපෑලේ සංකේතය“මුද්දරය”ගැන චාමිකයගේ මුද්දර එකතුවෙන්ම, විස්තර සහිතව ඇවිත් බලන්න .... Brief History about Sri Lankan Stamp from chamikaya’’..

අණබෙර ගැසීම, ඝණ්‌ඨාර නාදකිරීම්, කඳුමුදුන් හි ගිනි දැල්වීම, කොඩි එසවීම, දූතයන් යෑවීම, ගලේ කෙටීම සීපද ගායනාකිරිම, හූ කීම වැනි විවිධාකාර වු ‍ තොරතුරු හුවමාරු ක්‍රම තිබු අප සන්නිවේදන ඉතිහාසය වර්තමානය වෙද්දී තෑපෑල, දුරකතන, ඊමේල් ආදියෙන් දියුණුව දක්වා පැතිර ඇති අතර තැපෑල් සේවය එහි පරණම මාධ්‍යයයි.

තැපැල් සේවය අපට ලබා දීමට ගාස්තුවක් අය කරයි. එය අයකරන්නේ  මුද්දරය යන කුඩා කොල කැබැල්ලෙනි. එය විවිධ ස්වරූපයෙන්, වටිනාකමින් හා රටට ජාතියට අභිමානයක් ගෙන දෙන සිද්ධි,ස්ථාන වැදගත් දිනයන්,පුද්ගලයන් රටකටආවේණික ජන නායකයන්, සංස්‌කෘතිමය උත්සව, සැමරුම්, චිත්‍ර, මූර්ති කලා, සත්ත්ව වර්ග ආදියෙන් ඉදිරිපත් කරනු ලබයි.

එලෙස නිකුත් කරනු ලබන මුද්දර එකතු කිරීම ලොව ජනප්‍රියම විනෝදාංශයකි. එය දැනුම පුළුල් කර ගැනීමේ එක්තරා මාර්ගයක් මෙන්ම සිත් ඇද ගන්නා සුලු විනෝදාංශයකි.


(“ මේ කරුණු වලට අමතරව ශ්‍රී ලංකාවේ තවත් මුද්දර බලන්න 
චාමිකයගේ මුද්දර පොත PDF විදිහට Download කරගන්න මෙතනින්... “ )

ලොව පළමු මුද්දරය බ්‍රිතාන්‍ය ජාතික සර්රෝලන්ඩ් හිල් නමැත්තා 1840 මැයි 01 දින හඳුන්වා මහා බ්‍රිතානයේ වික්ටෝරියා රැජිණගේ උඩුකය මුද්‍රණය කර ඇති එම මුද්දරයේ වටිනාකම පැන්ස එකකි. 1840 මැයි 06 සිට භාවිතයට ගත් එය හදුන්වන්නේපෙනී බ්ලැක්ලෙසයි.

නිකුත් කළ රටේ නම (එංගලන්තය)සඳහන්ව නොතිබු අතර වර්තමානයේදීද එංගලන්තයෙන් නිකුත් කරන මුද්දරවල එරටේ නම සඳහන් කරන්නේ නැත. ඒ අනුව නිකුත් කරන රටේ නම සඳහන් නොකර මුද්දර නිකුත් කරන එකම රට එංගලන්තය යි.

Saturday, November 30, 2013

අවුරුදු 1000 ක් පැරණි වු “නිල්පාටක් නැති” අපේ කාලේ “නිල් වු දත” බ්ලු ටුත් - Bluetooth ! හා... හා.. -Why is it called Bluetooth? King Harald Bluetooth; who was famous for unite the PC and cellular!

ඉස්සර දුරකතන දෙකක් එක ලඟ නොසෙල්වී තියලා විනාඩි ගාණක් බලන් ඉදලා Infrared නැතිනම් අධෝරක්ත කිරණ වලින් සිංදුවක් ඒකේ ඉඳලා මේකට දා ගත්ත අපිට Bluetooth ආවට පස්සේ මල් හතයි. අමුතු තාලේ නමක් වුනා‍ට වෙන දේ නම් අපි දන්නවා.. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ...

බ්ලු ටුත් - Bluetooth නිල්දත හා... හා..

ඇත්තට මේ නම මේකට ආවේ කොහොමද?? නිකමට හිතුන හින්දා මාත් හොයලා බැලුවා....

Monday, October 28, 2013

හැදි,ගෑරුප්පුවෙන් කෑම කන්න ඔබට ටිකක් අවුල් වගේද? එන්න මුල සිට ඉගෙන ගන්න...(දන්න අය වුවද කම් නැත.) - Dining Etiquette Seminar - Handling Utensils & Eating Styles

ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් තමා..
එත් කොරියාව,ජපානය චීනය පැත්තට කෑම වේලකට ගියොත් පොඩ්ඩක් අමාරුයි. කන්න වෙනනේ කෝටු දෙකකින්....

ටිකක් අවුල් වගේද?
නෑ... කියන්න යන්නේ අනා නොගෙන කෑම කන විදිහ ගැනයි. හැබැයි අතින් නොවෙයි...
වර්තමාන ගෝලීයකරණ ආර්ථිකයත් සමඟ දස දෙස විහිදීයන චාරිත්‍ර අතර හැදි ගෑරුප්පු භාවිතයෙන් ආහාර ගැනීම,භාවිතය ඉතා සුලභ වී ඇත.වර්තමානයේ ප්‍රියසම්භාෂණ,රාජකාරි උත්සව,මගුල් ගෙවල් වලදී ඔබත් මේ අත්දැකීම ලබා ඇති. එලෙසම දැන් එය හුරු පුරුදු වුවත් නුපුරුදු වු අවස්ථාවක් ඔබටත් දැනී ඇති.


“ඉසව්වේ“ මේ උත්සාහය හැදි ගෑරුපුප්පුවේ නිවැරදිව භාවිතය පිළිබඳ හා එහි නිතී රීති පිළිබඳ රූප සටහන් මගින් පොඩි දැනුවත් කිරීමක් කරන්නයි. එමගින් පහසුවෙන් අවබෝධ කරගන්නට හැකි වේවි.

Wednesday, October 16, 2013

ලෝකයම ටක් ටක් ගාලා නැගලා යන Universal Bus එකේ අතීතයේ කතාව අදවත් බලමුද? Story of USB Port - Universal Serial Bus

වර්තමානයේ පරිගණකයට පහසුවෙන් සම්බන්ධ කොට
(Plug & Play) ඉක්මනින්ම ඒ හා සම්බන්ධව වැඩ කටයුතු කල හැකි විශේෂත්වයෙන් යුතු වර්තමානයේ කොපමණ විදුලි උපාංග හා සම්බන්ධව ඇතැයිදැයි ඔබට පවසන්නට අවශ්‍ය නැත.
කැමරා, දුරකතන චාජරයේ මෙන්ම කුඩා ප්ලාස්ටික් උපකරණ බොහෝ විට කුඩා ප්‍රමාණයේ USB Port එකක් සොයා ගැනීම අපහසු නැත. බොහෝ විට ඒවා සම්බන්ධ වන්නේ USB හෙවත්
Universal Serial Bus එකක් හරහායි.


ඒත් කවුද මේ USB හෙවත් Universal Serial Bus හොයා ගත්තේ? පාවිච්චි කලාට ඒ ගැන හොයලා බලන්න “චාමිකයටත්“ මතක් වුනේ මේ ළඟදී...

ඒ මොකද අහම්බයෙන් එහි අලුත්ම නිපැයුම ගැන අදහස් ඉදිරිපත් කරලා කියලා දැක්කාම....

Sunday, September 1, 2013

අතින් අල්ලන් නිතර නිතර ඔබත් මීයාව ඔබනවද? මේ ඒ මීයා ගැන කතාවයි! Classic to Cutting-Edge: Evolution of the Computer Mouse


ඔබ පරිගණක මවුසය කොපමණ කලක් ක්ලික් කර ඇතිද??
එහි නිර්මාණයේ මුල් හිමිකරුවා 1955 දි ඔරිගන් විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ශිල්පය පිළබඳ උපාධීධාරියකු වු  ඔහු 1925 ජනවාරී 30 වැනිදා ඇමරිකාවේ ඔරිගන් හි පෝට්ලන්ඩ් හිදි උපත ලබන ලදි.පසුව ඇමරිකානු නාවික හමුදාවේ රේඩාර් ශිල්පියකු ලෙස කටයුතු කරන ලදි.


 පසුගිය මස එනම් 2013 ජුලි 02 ඔහු වයස 88 ක් වෙද්දී ඔහු අභාවප්‍රාප්ත වුනා...
මේ මවුසයේ අතීතය ඔහු වෙනුවෙන් කල සොයා බැලීමක්..
තොරතුරු පින්තූර සියල්ලම අන්තර්ජාලයෙන් ...
කියවලා බලන්න අදහසක් දක්වන්න..


Friday, August 2, 2013

ඔබ රියදුරෙක්ද? ඔබ සතුව “වාහනයක්“ තිබේද? ගන්නට හිතනවාද? ඒත් ඔබ මේ ගැන දන්නේ නෑ නේද?? Are You a Driver?? Please kind to read this!!


වාහනයක් තියෙන පදින, අය වගේම නැති අයත් වාහනයේ Dashboard එක ගැන දන්නවා... අර වේගය පෙන්නන.. දොර ඇරිලද.. තෙල් ඉවරද සේරම පෙන්නන්නේ.......


වර්තමානයේ ඉතින් වාහනයක ආරක්ෂිත බැලුන, රූපවාහිනි තිර, රේඩියෝ සියල්ලම වගේම වායුසමීකරණ පද්ධතියත් එන්නේ මේ කියන Dashboard එකේ හින්දා ඒ ගැන වැඩිය කියන්න දෙයක් නෑ...
අවුල් වගේද?? අවුලක් නෑ......
 පහලට කියවගෙන යනකොට මේ කියන දේ ගැන අවුල නැති වේවි... 

Wednesday, July 24, 2013

පත්තර වැඩියෙන් විකුණන්නට දුන් තරුණ කොල්ලාගේ අදහස හෙවත් “ප්‍රංශ පාපැදි සවාරියේ“ තතු! How Newspaper promotion became “Tour de France”

ලොව වඩාත් අවධානය දිනාගන්නා  හා වඩාත් දුෂ්කර තරඟාවලියක් ලෙස නම් දරන ප්‍රංශ පාපැදි සවාරිය හෙවත්
ටුවර් ඩී ෆාන්ස් තරඟාවලිය
මෙවරත් ජුනි 29 වැනිදා සිට ජුලි 21 දක්වා දින 21 ක් පුරා පැවැත්වුන ප්‍රංශ පාපැදි සවාරිය කොර්ෂීයාවෙන් ආරම්භ වුනා..


දුර කි.මී.3403 ක් වු ක්‍රිඩකයන් 198 ක් කණ්ඩායමකට 9 බැගින් කණ්ඩායම් 22 මෙවර එකතු වු අතර අවසානයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ  බ්‍රිතාන්‍ය නියෝජය කල SKY කණ්ඩායමේ  වයස 28 ක් වු Chris Froome  ජය හිමි කර ගත්තා!!

“ප්‍රංශ පාපැදි සවාරිය“ හෙවත් “ටුවර් ඩී ෆාන්ස්“ තරඟාවලිය මේ පැවැත්වුයේ 100 වෙනි වරටයි..
පත්තර වල ටීවි වල අවුරුද්දකට සැරයක් මේ ගැන ඇහුනට මෙවර පැවැත්වෙන්නේ සියවන වරට කිව්වාම චාමිකයට හිතුනා මේ ගැන ටිකක් හොයලා බලන්න.. මොකද ඉතින් 100 ක් කිව්වාමත් ඉතින් ලේසි නෑ නේ!!

මේ තියෙන්නේ ප්‍රංශ සවාරිය පිළීබඳව හා එයට විශේෂිත වු කරුණු කාරණා ගැන “ඉසව්ව“ කියවන ඔබේ දැනුමට ..
වෙනදා වගේම තොරතුරු සියල්ලම උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්..
පින්තූරත් එහේමමයි!! අදහස් දක්වන්න අමතක කරන්න එපා.. 

Wednesday, July 10, 2013

අමුතුම තාලේ “කික්” එකක් තියෙන ලෝක ප්‍රසිද්ධ මංගල ඡායාරූපය - Dinosaur Wedding Photo: T-Rex Chases Bridal Party !!


විනෝදකාමී අදහසක් ජනිත කරවන මේ අමුතුම තාලේ මංගල ජායාරූපය අනිවාර්යයෙන් ඔබ දැක ඇති...

විස්තර කියන්න ඕන නෑ කියලා හිතුනත්....
 ඒ පිටිපස්සේ තියෙන පුංචි කතාව දාන්න හිතුවා!!
තොරතුරු ජයාරූප සියල්ලම අන්තර්ජාලයෙන්...

බිහිසුණු ඩයිනෝසරයකු මංගල සාදයට එකවර කඩා වැදී විවාහා උත්සවයේ මනාලයා හා මනාලිය මෙන්ම ඔවුන්ගේ යහළු යෙහෙළියන් පණ එපා කියමින් දිව යන අයුරින් දැක්වෙන මෙම සමූහ මංගල ඡායාරූපය 


Saturday, June 29, 2013

මුලු ලොවම වෙනස් කල පවුලේ උදවියගේ “පොටෝ කඩේ“ හෙවත් අපි දන්න Photoshop! - History of Photoshop: Journey from Photoshop 1.0 to Photoshop CS 6



යමෙකු වෙබ් ඩිසයිනර් කෙනෙකු වුවා නම් ඔහු තම මවුසය අතට ගත් දා පටන්ම Photoshop ගැන දන්නවා විය යුතුමයි. පරිගණකය අන්තර්ජාලය භාවිතා කරනවානම් ඒ ගැන නොදන්නවා වෙන්න බෑ...
ඇයි සුදු වෙන්න එහේමත් පාවිච්චි කරනවනේ!!   


මේ වැඩසටහනත් දැන් වයසයි.
2013 පෙබරවාරි 10 වැනිදා වෙද්දී Photoshop වලට අවුරුදු 23 ක් වුනා.. නෑ...!
දන්නේ නෑ නේද?........මම දන්නෙත් නෑ.. 

හැබැයි අවුලක් නෑ........දැන් දැනගන්න පුළුවන් අතීත කතාව
එකතුවන්න අපිත් එක්ක අපේ ජිවීතය වර්ණවත් කරන්න උදවු වෙන
Photoshop අතීතය ගැන දැනකියා ගන්න..

වෙනදා වගේ තොරතුරු ජායාරූප සියල්ලම අන්තර්ජාලයෙන්.....

ඔහුගේ පියා වුන Glen Knoll විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයකු වු අතර ඔහුට පරිගණක විද්‍යාවට අමතරව ජායාරූප ශිල්පයට වැඩි කැමැත්තක් දැක්වුවා.
ඔහු සතුව නිවසේ පහල තට්ටුවේ  කලුවර කාමරයක් සතු වු අතර Aplle II වර්ගයේ පරිගණකයකුත් ඔහු සතු වුනා.  
දෙදරු පියෙක් වුන Glen Knollට හිටියේ පුත්තුම දෙන්නෙක්... 

Wednesday, June 12, 2013

බබා හම්බවුන පින්තූරයෙන් ලොවට ආ “කැමරාවක් සහිත ජංගම දුරකතනයේ“ අපුරු උපත් කතාව! The First Camera Phone & Picture (Gift from a father to her new born)

වර්තමානයේ පින්තූරයක් ගන්න බෙදාගන්න ක්‍රම නම් ඕන තරම්... මොනා නැතිවුනත් අතේ තියෙන ජංගම දුරකතනයෙන් ගන්න පුළුවන්...

දැන් ඔබ අත තිබෙන ජංගම දුරකතනයෙන් පින්තූර නැතිනම් ජායාරූප ගැනීමට පුළුවන් වීම ගැන ඔබ ස්තූතිවන්ත විය යුත්තේ කාටද?

උත්තරය ලේසියි..
දුරකතනය හදපු සමාගමට... 

හැබැයි උත්තරේ ඒක නෙවි.. මොකක්ද උත්තරේ???
පහලින්ම බලන්නකෝ...

Friday, May 24, 2013

“අසූ මහා ශ්‍රාවකයන්“ වහන්සේලා ගැන දැනගනිමු!!

බෞද්ධයන්ගේ ප්‍රධානතම ප්‍රාර්ථනාව වන්නේ තුන්තරා බෝධියෙන් එක්‌ බෝධියකට පත්වීමයි. එනම් බුදු, පසේ බුදු, මහ රහත් කියන බෝධිවලින් එක්‌ අවස්‌ථාවකට පත්වීමයි. ඒ සඳහා සියලු පින් කම් අවසානයේ ප්‍රාර්ථනා කිරීම සිදුකරන ලදි.

අප ගෞතම බුදුන් සමයේ වැඩසිටි අසු මහා ශ්‍රාවකයන් වහන්සේලාම එලෙස සංසාරයේ දී කරන ලද ප්‍රාර්ථනාවන් අනුව ඒ ඒ තනතුරු ලබාගත්හ. ප්‍රාර්ථනා කළ පමණින්ම එවැනි තනතුරු නොලැබෙන බව වටහාගත් උන්වහන්සේලා ඒ සඳහා කළ යුතු පිංකම් නොමඳවම සිදු කළහ. 
අප ගෞතම බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් අතර ශ්‍රේෂ්ඨත්වයෙන් අගතැන්පත් ශ්‍රාවකයන් වහන්සේලා ගැන අපි අසා ඇත.



ඒ අතරින් මහා තෙරුන් වහන්සේලා අතර ප්‍රසිද්ධියට පත් මහා තෙරවරු අසූ නමක් දෙනා “අසූ මහා ශ්‍රාවකයන්“ වශයෙන් හඳුන්වා ඇත . 

Saturday, May 11, 2013

ඒ කාලේ දුරකතන ඇමතුමට“හොයි හොයි“කියලා ඇයි දැන් “Hello.! කියන්නේ..(Hello එකේ නොදන්න කතාව) - Why say a "HELLO" on lifting a phone?


Hello honey bunney ... Toko tokooooooooo
මේ දවස්වල ජනප්‍රිය සිංදුවක්!!
කියන්න යන්නේ නම් සිංදුව ගැන නෙවේ...හැබැයි Hello.... ගැන !

බොහෝ වෙලාවටම ලෝකේ පුරා හරි ජනප්‍රිය වචනයක්... ඕන කෙනෙක් දන්නවා.. භාෂාව, ආගම,ජාතිය මොනා වුනත් Hello....  කිව්වනම් ආපහු Hello.... ම කියනවනේ..!



මේ දවස්වල Hello ඉතින් honey bunney සිංදුවට යොදා ගත්තට වඩාත්ම ජනප්‍රිය දුරකතනයට ආපු ඇමතුමට හරි ඇමතුමක් ගන්න කොට හරි කතාකරන පලවෙනිම වචනය විදිහට.. නේද??
කවුද ඕක කියලා දුන්නේ??

කටිටිය හැමෝම කියන හින්දා පොඩි කාලේ ඉඳලා ඇහුන හින්දා මාත් ඉතින් දුරකතනයට උත්තර දෙන්නෙත්, ඇමතුමක් ගන්නෙත් Hello.... කියලම තමයි.. මොකද එහේම කියන්නේ කවුද මේක මුලින්ම කිව්වෙ කවුද? ඇයි? මොකටද කියලනම් හෙව්වේ නෑ..

ඒත් ගිය සතියේ අන්තර්ජාලයේ දැක්ක පොඩි විස්තරයක් හින්දා හිතුවා “චාමිකයත්“  Hello.... ගැන හොයන්න... 

Saturday, May 4, 2013

අපි දන්න KFC හෙවත් "වයසක අංකල්ගේ" කුකුල් මස් විප්ලවය - Do you know KFC? – Ok! Come and see where it all began…


The Kentucky fried Chicken එහෙමත් නැතිනම් අපි දන්න KFC කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නැති තරම්!
මාස දෙකකට විතර කලින් ගාල්ලේ දැම්‍ම KFC එක පැත්තට ගියේ ළගදී.. ඒ හින්දම හිතුනා මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඒක එහේම කිව්වට වැඩියෙන්ම හිතුනේ
මේ ලාංජනයේ ඉන්න ඩයල් එක “අංකල්” කවුද කියලා හොයාගන්න..


අන්තර්ජාලෙට පින්සිද්ධ වෙන්න කතාව, පින්තූර සේරම හොයා ගත්තා මෙන්න කතාව ඉසව්ව කියවන හැමෝටමත් එක්ක..

Thursday, April 25, 2013

ඉදලා හිටලා අපිත් යවන “අහස් කූරේන් “ඇරඹුනායි සැලකෙන වර්තමාන මිසයිලයේ වගතුග සොයමුද? Lets get know about the weapon called "Missile"!

පහුගිය දවස් වල උණුසුම් වෙච්ච උතුරු කොරියානු ප්‍රශ්ණය සමඟ මේ දිනවල බොහෝ වෙලාවට කතා කරනු ලබන මාතෘකාවක් තමයි මිසයිල නැතිනම් න්‍යෂ්ටික මිසයිල..
මාත් ‍හොයලා බැලුවා හැබැයි කොරියාව ගැන නෙමෙයි මිසයිල ගැන.. මේ තියෙන්නේ මිසයිල ගැන අපි දන්න නොදන්න තොරතුරු ටිකක් කෙටියෙන්..
කියවලා බලන්න ඔබත් ඒ ගැන දන්නවද කියලා..

වර්තමාන මිසයිලයේ ඇරඹුම අදහස ඉතිහාසය ආරම්භ වෙන්නේ ඉන්දියාවෙන්..
Tipu Sulathan නම් වු ඉන්දියාවේ මයිසුර් හී රජු විසින්..
ඒ 1792 දී බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව කල තුන්වන Anglo – Mysore යුද්ධයේදීයි. එහිදි ඔවුන් බ්‍රිතාන්‍ය හමුදාවට විරුද්ධව උණ බට හා වෙඩි බෙහෙත් එකතු කරගෙන නිපදවා තිබු මේවා දහස්ගනනින් භාවිතා කල බව සඳහන් වේ.. ඒ මිසයිලේ හරියට අපි යවන අහස්කූරක් වගේ..


Friday, April 5, 2013

වයස 40ක් වුනාට අලුත් මොස්තර එක්ක නිතර අලුත් වෙන ජංගම දුරකතනය - 40th anniversary of first ever call from a cell phone...


ඔහුගේ නිපැයුම දැන් අතේ තියාගෙන ඉන්න සංඛ්‍යාව ලොව ජනග්‍රහනයෙන් අඩකටත් වැඩි.. ඒ වුනාට ඒක හැදුවෙ කවුද කියලා ඒ අයගෙන් දන්න ගාන බොහෝම අඩුයි.. ඒකයි ඇත්ත තත්වේ..

මේ කියවන ඔයාගේ අතෙත් ඒ ජාතිය තියෙනවා.. නැද්ද?



දන්නවද ජංගම දුරකතනය නැත්නම් අපි දන්න Hand Phone එක? ඒකත් වයසට ගිහිල්ලා.. දැන් අවුරුදු 40 වෙනවා... වයසට යන්න යන්න තරුණ වෙන Hand Phone එකේ උපන්දවසයි.. Hand Phone එකේ තාත්තා ගැනයි ‍තමා මේ කියන්න යන්නේ...

වැදගත් කියලා හිතෙනවා... කියවන්න බලලා අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා.. තොරතුරු ජයාරූප වෙනදා වගේම අන්තර්ජාලයෙන්...

මීට අවුරුදු ගණනාවකට පෙර මෝ‍ටරෝලා සමාගමේ සේවය කල මාර්ටින් කූපර් මහත්තයාට ඒ සමාගම ඩොලර් මිලයනයක් ‍ආයෝජනය කරමින් අලුත් විදියේ දුරකතනයක් නිපදවීමට අභියෝගයක් ලබා දුන්නා..


Sunday, March 31, 2013

ලොව අන්තර්ජාලය අඩපන කල ලොව විශාලම සයිබර් ප්‍රහාරයේ තතු- Global internet slows after 'biggest attack in history'


පසුගිය දවස්වල අන්තර්ජාලය වේගයනම් හරිම අඩු වෙලා තිබුනා.. 
බොහෝ දෙනාට එහේම වෙන්න ඇති...
දන්නවද??? හේතුව මෙතෙක් කාලෙකට එල්ල වුන විශාලම සයිබර් ප්‍රහාරය වගේ ම අන්තර්ජාලයේ පිටකොන්ද ලෙස සැලකෙන කේබල ජාලය ඊජිප්තුව අසලදී කපා දැමිමට උත්සහ කිරීමලු..

අන්තර්ජාලය භාවිතාකරන්නන් හැටියට ඒ ගැන සොයා බැලිය යුතුයි කියලා හිතුන හින්දා ඒ ගැන තොරතුරු ටිකක් ඔබ වෙත ගෙන එන්න තමා මේ බලාපොරොත්තුව..
තොරතුරු හා ජයාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි..


නෙදර්ලන්තයේ වනගත ප්‍රදේශයක  1955 ශිතල යුධ සමයේ නේටෝවට අයිතිව තිබු අණදෙන මුලස්ථානයක් ලෙස වු බංකරයක සිට(1996 දී වර්ග අඩි 175,000 ඉඩකඩ සහිත වු අඩි 15 පලල කොන්ක්‍රීට් සහිත වු මෙම බංකරය දත්ත මධ්‍යස්ථානයක් ලෙස විකුණා දමන ලදි.) පසුගිය දා ලෝකයේම අන්තර්ජාලය යම් තාක් දුරකට අඩපණ කරන්නට හැකර්කරුවන් කටයුතු කරන ලදි.


1990 පසුව ඇරඹු DDOS  (එක විට පරිගණක සිය දහස් ගණනකින් එකම වෙබ් අඩවියකට ඇතුල්වීමට උත්සහ දරා එම වෙබ් අඩවියේ තදබදය වැඩි කොට වෙබ් අඩවිය විසන්දි කිරිම) ලෙස හදුන්වන ක්‍රමයෙන් මේ හැකින් ප්‍රහාරය එල්ල කොට තිබුනේ අන්තර්ජාලය සමඟ කටයුතු කරන සමාගම් දෙකක වු සටනක හේතු නිසයි.

Tuesday, March 26, 2013

කුපාඩි කමටද, ලස්සනටද මන්දා දත් සෙට් එකම පෙන්නලා හිනාවෙන පොර හා අනිත් කාටුන් ඩයල් ටිකේ උපන් කතාව.. The birth of “Best Internet Memes” like Trollface!!



මේ දවස් වල අන්තර්ජාලය පැත්තේ කරක් ගහන බොහෝ දෙනාට මේ සෙට් එක සෙට් වෙනවා... මේ මම කියන සෙට් එකම මෙතන ඉන්නවා... අදුරනවනේ....

 ඇයි අවුල් ද??” වගේ නම් පහල පින්තූරේ බලලම ඉන්නකෝ

 
මේ වන විට නම් අන්තර්ජාලය පුරාම මෙවැනි පින්තූර විවිධ භාෂා වල කතා සමඟ දකින්නට පුළුවන්...
නිතර දකින උඩ කියපු එකට අමතරව  මේ පහත  තියෙන සියලුම වර්ගයේ කාටුන් චරිත ඇතුලත් වෙන්නේ 4chan වෙබ් අඩවියේ Rage Comics ලෙස හදුන්වන කාටුන් කතාමාලාවකටයි. සරලව MS Paint මෘදුකාංගයෙන් නිර්මාණය කරනු ලබයි.

අහම්බයෙන් ආපු අදහසකට චාමිකයට හිතුනා කවුද මේ ඩයල් ටික, මොනවද මේ පිටිපස්සේ තියෙන සිද්ධිය  කියලා හොයලා බලන්න..

Sunday, March 17, 2013

Hacking ගැන මුල සිටම ඉගෙන ගනිමු.. Let s get know every thing about Hacking!

ඇපල් සමාගමේ ස්ටීව් ජොබ් මහත්තයත් මුලින්ම කරලා තියෙන්නේ හැකින් වැඩ..
ඉතින් පසු කාලේ ඔහු ජනප්‍රිය ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වුනා.. හැබැයි අපි කාගේ හරි පරිගණකයකට මොනා හරි කලොත් නම් කෙලින්ම ඇතුලේ..
මොකද පරිගනක අපරාධයක් නිසා..

ඔන්න ඔහෝම වුනත් වර්තමානයේ හැකින් කි‍යන්නේ ලෝකයේ ඉතාම ජනප්‍රිය මාතෘකාවක්...
මාතෘකාවේ වගේම මේ කියන්න යන්නේ හැකින් ගැන මුල ඉදලම උගන්වන්න.. හැබැයි ඉතින් කරන කියන විදිය නෙවේ! හැකින් ලෝකෙට ආපු විදියයයි ඒ කාලේ හිටිය ජනප්‍රිය වු හැකර්ස්ලා ගැන..

පසුගිය අවුරුදු 40 කාලය තුලදී දුරකතනයේ සිට වෙබ් අඩවි දක්වා අද වන විට විවිධ වර්ගයේ හැකින් ප්‍රහාර එල්ල වෙනවා.. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ..

Hacker යන වචනයේ ප්‍රථම ආරම්භය1960 දී MIT හි ඉගෙනුම ලැබ පුහුණුව ලැබීම කල ශිෂ්‍යන්ගෙනි.. එසේ වුවත් 1970 දශකයේදී දියුණු වු දුරකතන ජාලවලට රිංගමින් ඒවායින් හොරෙන් ඇමතුම් ලබා ගැනීමෙන් මෙය වඩා ප්‍රසිද්ධ වීම ආරම්භ විය.

ඔවුන් දුරකතන හැකර්කරුවන් හෙවත් Phreaks ලෙස හදුන්වයි. ඒ සදහා ප්‍රසිද්ධම හා මුල්ම පුද්ගලයා වුයේ Jhon Draper එසේත් නොමැතිනම් ඔහු හැදින්වන්නේ Cap’n Crunch ලෙසයි. ඒ සදහා ඔහු 1972 දී සෙල්ලම් ප්ලාස්ටික් නලාවක් වෙනස් කරමින් එයින් හර්ට්ස් 2600 ක සංඥාවක් නිපදවන ලෙස නැවත නිර්මානය කරමින් එය මගින් දුරකතයේ රිසිවරයට එය ඇසීමට සලසවමින් දුරකතන ජාලය තුලට ඇතුල් වී ඇමතුම් නොමිලේම ලබා ගනු ලබයි.

ඔහු පසුව Blue box ලෙස උපාංගයක් ඒ සඳහා නිපදවන ලද අතර එහි එක් එක් අංක වෙනුවෙන් විවිධ ශබ්ද තරංග ඇතුලත් කර තිබුනි. ඉතා ඉක්මනින්ම එය නිර්මාණය පිලබඳ තොරතුරු Esquire නැමති සඟරාවේ “Secret of the little blue box “ නමින් පළකරන ලදි.

ඉන් පසුව එය නිර්මානයට බොහෝ දෙනෙකු පිවිසුන අතර ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වු ස්ටීව් ජොබ්ස් හා සම නිර්මාතෘවරයකු වු ස්ටීව් වොස්නියැක් එය තව තවත් දියුණු කරමින් Blue box තම නිවසේදී නිර්මාණය කර ඩොලර් 150 කට එය අලෙවියෙත් නිරත විය.

ගරාජයෙන් පටන් ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ....

දුරකතන සමාගම් වලට සිදුවු පාඩු හේතුවෙන් 1976 දී අත්අඩංගුවට පත් වු  Jhon Draper ට මාස 4 ක සිර දඩුවමක් විදීමට සිදු විය.

1980 දශකයේ පරිගණකයේ දියුණුවත් පරිගණක කුඩා වීමත් සමග හැකර්කරුවන් පරිගණකය පිලිබඳව අවධානය යොමු කල අතර ඒ සඳහා එකල ඇරඹු BBSs හෙවත් Bulletin board Systems යොදා ගනිමින් ඔවුන් තොරතුරු ‍හා ක්‍රම ශිල්ප හුවමාරුව සිදුකරගන්නා ලදි.

ඒවා අතර Sherwood Forest හා Catch 22 යන ඒවා ඉතාමත් ප්‍රසිද්ධ ඒවා විය. එලෙසම හැකින් කණ්ඩායම් ද බිහිවන්නට විය. මුල්ම ඒවා අතර ඇමරිකාවේ Legion of Doom
ජර්මනියේ Chaos Computer Club ආදිය ඉදිරියෙන්ම විය.

වර්තමානයේ Anonymous නම් වු හැකර් කණ්ඩායමේ ප්‍රසිද්ධම වු මුහුණු සලකුණ ගත්තේ කොහෙන්ද?


1983 දී තිරගත වු War Games නැමැති චිත්‍රපටියත් සමඟ හැකින් යනු කුමක්ද යන්න පැහැදිලිව ලෝකයාට පෙන්වීමට සමත් විය. එය  ලොව වටා හැකර්කරුවන් බිහිවීමට මහත් වු උනන්දුවක් ආශාවක් ලබාදීමට සමත් විය.

චිත්‍රපටියේ සිටින තරුණයා පරිගණක ක්‍රිඩාවක් ක්‍රීඩාව නිපදවන පුද්ගලයාගේ පරිගණකයට ඇතුල් වීමට උත්සහතකිරීමේදී වැරදීමකින් ඔහු ඇතුල් වන්නේ ඇමරිකානු ආරක්ෂක අංශයක මිසයිල ක්‍රියාත්මක කරන්නා වු සුපිරි පරිගණක පද්ධතියකටයි...
ඔහුට කුමක් වේවිද??වෙලාවක් තිබුනොත් බලන්න..

එම චිත්‍රපටිය තිරගත වු වසරේදීම තරුණයන් 06 දෙනෙකු අත්අඩංගුවට පත් වුයේ පරිගණක 60 කට රහසෙන් ඇතුලුවීම වෙනුවෙනි.ඔවුන් න්‍යෂ්‍ටික අවි පිළීබඳ කටයුතු කරන Los Alamos විද්‍යාගාරයේ පරිගණක පද්ධතියට ද ඇතුල් වී තිබුනි.
එම කණ්ඩායම 414 Gang ලෙස හදුන්වන ලදි.

ඔබ හැකින්ගැන දන්නවාද? හැබැයි භයානකයි!!Do you know "Hacking" ? ඇවිත් බලන්න..

1984 දී 2600 නම් වු හැකින් කටයුතු හැකර් කරුවන් පිළීබඳ තොරතුරු ඉදිරිපත් කරන සඟරාවක් වෙළඳ පොලට ඉදිරිපත් කරන ලදි.එය එකල ඉතාමත් ජනප්‍රිය සඟරාවක් විය.

පරිගණක සමඟ කෙරෙන අපරාධ වැඩිවීමත් සමඟම ඇමරිකානු පාර්ලිමේන්තුව ඒ සඳහා නිතී රීති හා පනත් නිර්මාණය කරන ලදි.එය (CFAA) හෙවත් Computer Fraud and Abuse Act ලෙස හැදින්විනි.

1988 දී ඇමරිකානු ආරක්ෂක ඒජන්සියේ ප්‍රධාන විද්‍යාඥයකුගේ පුතකු වු ක්‍රොනේල් සරසවියේ ශිෂ්‍ය Robert T.Morris විසින් රජයේ ARPAnet ජාලයේ Unix විද්යුත් ලිපි පද්ධතියේ ක්‍රියා කරන ආකාරය පරික්ෂා කිරීමට ඔහු විසින් ලියන ලද මෘදුකාංගය ලොව පලමු Worm වර්ගයේ 

(Morris Worm) වෛරසයක් ලෙස ඉතිහාස ගත විය.

එය එම පද්ධතියට ඇතුලත් කිරීම නිසා පැය 12 යද්දී රජයේ ආයතන හා විශ්ව විද්‍යාලයන්හි පරිගණක 60000 වැඩි වු ජාලගත පරිගණක පද්ධතියම විනාශ වු අතර Robert T.Morris විශ්වවිද්‍යාලයෙන් පහකර ඩොලර් 10,000 ක දඩයක් හා අවුරුදු තුනක අත්හිටවු සිරදඩුවමක් ලබාදෙන ලදි.

CFAA යටතේ දඩුවම් ලැබු පළමු පුද්ගලයා වුයේ ඔහුයි. වර්තමානයේත් හැකර්කරුවන් ඔහුගේ කෝඩ් යොදා ගන්නා බව පැවසේ.

ඉක්මනට වැඩ ටික කර ගන්න K Computer එකක් ගමුද?

හැකර් කටයුත්තක් පිලිබඳ ලොව පුරා ප්‍රසිද්ධම වුනු සිද්ධිය වුයේ ඇමරිකානු රජයේ පරිගණක පද්ධතියකට ඇතුල්වී එහි මෙහෙයුම් පද්ධතියක කෝඩ් සියල්ල රුසියානු KGB ඔත්තු සේවයට මුදලට ලබා දුන්නායි සැක පිට  ජර්මනියේ Chaos Computer Club හි සැක කරන තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමයි.

එම වසරේම වෙනත් සිද්ධියකට අත්අඩංගුවට පත් වු  The Mentor ලෙස තමන් හදුන්වා ගත් හැකර්කරුවකුගෙන් වර්තමානයේ හැකර්කරුවන්ගේ පාඨය පැමිණීයායි සැලකේ. එනම්
“My Crime us that of Curiosity…I am a hacker,and this is my manifesto.You may stop this individual, but you can’t stop us all.”

1990 වසරේදී හැකර් කරුවන් මර්ධනය සඳහා ඇමරිකානු බුද්ධි අංශ ඇරඹු Operation Sun devil මෙහෙයුම මගින් බොහෝමයක් හැකර්කරුවන් විවිධ වැරදි උදෙසා අත්අඩංගුවට ගන්නා ලදි.

ඇමරිකාවේ ඇති බුද්ධි අංශ සියල්ල ගැන දැනගමුද? එහෙනම් මෙතනින් පුළුවන්...

පුද්ගලයකු ලොස් ඇන්ජලීස් හි ප්‍රසිද්ධ KIIS Fmරේඩියෝ වැඩසටහනකින් 102 දුරකතන ඇමතුම වෙනුවෙන් ලබාදෙන Porsche 944 S2 කාරයක් හා ත්‍යාග මුදල ලබා ගැනීමත් හැකින් ඉතිහාසයේ එක්තරා සලකුණකි.Kevin Poulsen නම් වු ඔහුගේ පරිගණක රහස් නම වුයේ (Dark Dante ) ඒ සඳහා ඔහු රේඩියෝ ආයතනයට යන සියලු දුරකතන මාර්ග ක්‍රියාවිරහිත කොට ඇමතුම් තමන් විසින්ම ලබා දෙමින් එය ජයගෙන ඇත.

1991 අප්‍රේල් මස අත්අඩංගුවට පත් ඔහු 1996 සිරගෙයින් එලියට පැමිනි ඔහු වර්තමා‍නයේ දී නිදහස් මාධ්‍යවේදියකු ලෙස Wired සඟරාවට පරිගණක අපරාධ පිළිබඳ පුවත් වාර්තා ලබා දෙයි.

1995 දී පරිගණක හැකර්කරුවකු වු Kevin mitnick අත්අඩංගුවට පත් වුයේ ක්‍රෙඩිට් කාඩ් අංක 20,000 වැඩියෙන් සොරකම් කිරීමේ වරදට වු අතර අවුරුදු 5 සිරදඩුවම් නියම කරන ලදි. ඔහු ඇමරිකානු FBI ආයතනය විසින් අත්‍යවශ්‍යම අපරාධකරුවකු ලෙස නම් කරන ලද ප්‍රථම පරිගණක හැකර්කරුවායි.
1976 පිරිසිදු කරන්නෙකු ලෙස පරිගණක සමාගමක රැකියාව කල ඔහු රාත්‍රියේ දී එම පරිගණක භාවිතයෙන් තම හැකියාවන් දියුණු කර ගත්තෙකු වන අතර යම් ජාලයකට ජංගම දුරකතනයක් සම්බන්ධ කරන්නේ කෙසේද හා එමගින් විවිධ ක්‍රියා කිරීමටත්  වරක් මෝටරෝලා සමාගමේ දත්ත සොරකම් කිරීමත්, Motorola,Nokia,Fujitsu හා SunMicrosystem යන ආයතන වල පරිගණක පද්ධතිවලට ඇතුල් වී තිබුනි.

සිරදඩුවමින් පසු ඔහුට කිසිදු ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් භාවිතය තහනම් කොට තිබුනු අතර 2001 දී Alias නැමැති TV කතාමාලාවේ කොටසකට රහස් පරික්ෂකයකු ලෙස ඔහු රගපාන අතර එහිදීද ඔහු භාවිතා කර ඇත්තේ ව්‍යාජ පරිගණකයකි.
ඔහු පිළිබඳ පළවු පොතක් ද ඇත.
එය Ghost in the Wires නම් වේ.
තම රාජකාරීයෙන් පසුව තම රාජකාරී පරිගණකයෙන්  ඇමරිකානු Citi නැමැති බැංකුවෙන් ඩොලර් මිලියන 10 අධීක මුදලක් ලොව පුරා බැංකු වල ගිණුම් වලට මාරුකර යවමින් වංචා කිරීම නිසා Vladimir Levin නැමැති පුද්ගලයා අත්අඩංගුවට පත් වු අතර ඔහු වංචා කල මුදලින් ඩො.400,000 නැවත ලබා ගෙන තිබුනි.

1998 දී Cult of the dead Cow නැමැති හැකින් කණ්ඩායම විසින් Back Orifice නැමැති වැඩසටහනක් හදුන්වා දුන් අතර එය ඇතුල් කල වින්ඩොස් 95 හා 98 වර්ගයේ මෙහෙයුම් පද්ධති සහිත පරිගණක වෙනත් ස්ථානයක සිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව එමගින් ලැබුනි. ඔවුන්ගේ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න..


ගල්ෆ් යුධ සමයේදී පෙන්ටගනයේ පරිගණක පද්ධතියට ඇතුල් වී එයින් මෘදුකාංග සොරකම් කරන ලදි. පරීක්ෂණ අවසන් වෙද්දී අත්අඩංගුවට පත් වුයේ ඇමරිකානු වයස 19 වු තරුණයන් දෙදෙනෙකි.
The Analyzer ලෙස පෙනී සිටි Ehud Tenebaum අත්අඩංගුවට ගත් අතර වර්තමානයේ ඔහු පරිගණක සමාගමක ප්‍රධාන තාක්ෂණ නිලධාරියකු ලෙස කටයුතු කරයි.

එදා අතීතයේ හැකර් කරුවන්ගේ තොරතුරු  හා හැකින් හී අතීතය එසේ වෙද්දී වර්තමානය වෙද්දී ජනප්‍රිය හැකින් කණ්ඩායම් කීහිපයක්ම අලුත් ක්‍රම ශිල්ප සමඟම තවමත් ක්‍රියාත්මක වෙමින් සිටියි..
 ඒ පිලිබඳ මීට කලින් පළකල ලිපි පහලින් බලන්න පුළුවන්....

බැලුවට කමක් නෑ කරන්න යන්නෙ නම් පරස්සෙමෙන් හොදද!!

හැකින් මෘදුකාංගත් සමගම නොමිලයේම ලබා දෙන අලුත්ම මෙහෙයුම් පද්ධතිය -

ලොව කැළඹු ඉරානයෙන් එල්ල වු RQ 170 සයිබර් ප්‍රහාරය හා ගුගල් සිතියමෙන් හෙලිවන ඇමරිකානු යුධ රහස් -

Hacker කෙනෙක් නම් මෙන්න හොදම අවස්ථාව...මේ සොයන්නේ ඔබයි!

ඉහත තොරතුරු හා ජායාරූප සියල්ලම අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි. ඔබගේ අදහස් අනිවාර්යයෙන් පලකරලම යන්න..


Saturday, March 2, 2013

මැද පොල්ල නැති විකට්ටුවයි, හොකී පිත්තකිනුයි ගහන්න පටන් ගත්ත අද අපි දන්න ක්‍රික්‍රට් වල නොදන්න පැත්ත - The Story of famous game called "Cricket"

පසුගිය පෙබරවාරි මස 15 වැනිදාට ශ්‍රී ලංකාවේ ක්‍රික්‍රට් ක්‍රීඩාවේ අතීතයට අවුරුදු 31 ක් වුනා..
දන්නවද?? ලංකාවේ ක්‍රික්‍රට්......
ලංකාවේ ක්‍රික්‍රට් උණ ගැන කියන්න දෙයක් ඇත්තට නෑ වගේ...

එච්චරටම ඒ ගැන අපි දන්නවා...
අනික මේ කාලේ බිග් මැච් තියෙන කාලේ නොවැ!



ඒ සැමරුමටයි බිග් මැච් හින්දමයි
 “චාමිකයා හිතුවා ලංකාවේ ක්‍රික්‍රට් අතීතය, වාර්තා වගේම ලෝකයේ ක්‍රික්‍රට් අතීතයේ මතකයන් ගැන දැනුවත් කිරීමක් කරන්න”

පොඩ්ඩක් පරක්කුයි.. දන්නේ නැද්ද ඉතින්..
කියවලා බලන්න.. අදහසක් දෙන්න අමතක කරන්න එපා...

වෙනදා වගේම තොරතුරු ජායාරූප සියල්ල
උපුටා ගත්තේ අන්තර්ජාලයෙන් තමා!!  

16 වන සියවසේ සිට ඇරඹුන බව පැවසෙන ක්‍රික්‍රට් ක්‍රී‍ඩාව 1844 සිට ජාත්‍යන්තර ලෙස තරඟ ආරම්භ කල අතර නිල වශයෙන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රික්‍රට් ක්‍රී‍ඩාව 1877 දී ආරම්භ කරන ලදි.


ආරම්භය හරි හැටි නොදැනුනත් ‍බොහෝ විටම ප්‍රකාශ වන්නේ නෝමන්වරු හා සැක්සන්වරුන්ගේ කාලයේ ආරම්භ වන්නට ඇති බවයි. කුඩා ළමුන් විනෝදය සඳහා තණබිම් වල කල මේ ක්‍රී‍ඩාව 17 වන සියවසේ මුල සිට වැඩිහිටියන් අතර ජනප්‍රිය වන්නට පටන් ගෙන ඇති බවයි.

ක්‍රික්‍ර‍ට් යන වචනය කිහිප විදියකට බිදි ආ බවට අදහස් පවතින අතර මේ එයින් කිහිපයක්...
1598 ක්‍රිඩාව පිලිබඳ සඳහන් කෘතියක පලමු වරට එහි ක්‍රික්‍රට් ක්‍රීඩාව හදුන්වා තිබුනේ Creckett ලෙසයි.

එය බොහෝ විටම ලතින් වචනයෙන් කෝටුව යන අර්ථය යන Krick(-e) හෝ පැරණි ඉංග්‍රීසියෙන් හැරමිටිය ලෙස හදුන්වන Cricc යන වචනයෙන් බිදී ආ බව සැලකිය හැකිය.
බෝන් විශ්වවිද්‍යාලයේ යුරෝපීය භාෂා විශාරද Heiner Gillmeister පවසන ආකාරයට met de krik ket ( i.e.”With the stick chase”) යන වචනයෙන් බීදී ආ බවයි.

එයට ලතින් භාෂාව එකතු වීමට බොහෝ විටම හේතු වන්නට ඇත්තේ 15 වන සියවසේ ලතින් පාලකයන් දකුණු එංගලන්තය පාලනය කිරීම බව දක්වයි.
1598 ‍ලේඛණ අනුව මුල් කාලයේ පාසල් ළමුන් මෙම ක්‍රීඩාව ක්‍රීඩා කල අතර වැඩිහිටියන් මෙම ක්‍රීඩාවේ යෙදුනායි පලමු වරට ලේඛණයක සඳහන් වනුයේ 1611 දී Sussex ප්‍රාන්තයේ පුද්ගලයන් දෙදෙනෙකු පල්ලිය යෑමෙන් තොරව ක්‍රික්‍ර‍ට් ක්‍රීඩා කල බවත් එම වසරේම ශබ්ද කෝෂයේ ක්‍රික්‍රට් ක්‍රීඩාව පිරිමි ළමුන්ගේ ක්‍රීඩාවක් ලෙස අර්ථ දැක්වීමත්ය.
17 වන සියවසේදී ඉංග්‍රීසි යටත් විජිත වු උතුරු ඇමරිකාවට ක්‍රික්‍රට් ක්‍රීඩාව හදුන්වා දුන් අතර ඒ එංගලන්තයේ උතුරු කොටසට ක්‍රික්‍රට් එන්නටත් කලින්ය.
18 වන සියවසේදී යටත් විජිත රටවල් වු බටහිර ඉන්දීය දුපත් හා ඉන්දියාවට හදුන්වා දෙන ලදි.1788 සමයේදී ඕස්ට්‍රේලියාවටත් 19 වන සියවසේ මුලදී නවසීලන්තය හා දකුණු අප්‍රිකාවට හදුන්වා දෙන ලදි.

1728 දී Duke of Richmond හා Alan Brodick යන අය මුලික නිතී රීති මෙන්ම ජයග්‍රාහී කණ්ඩායමට මුදල් ත්‍යාග ලබා දෙන ආකාරයෙන් සැකසු “Articles of Agreement” නම් වු සටහනක් ඉදිරිපත් කරන ලදි.
1744 දී මුල්ම නිල වශයෙන් නීති සැකසීම සිදුකල අතර 1774 දී එයට LBW, පිත්තේ උපරිම පලල, මැද ඉන්න ආදිය හදුන්වා දෙන ලදි.   


1787 MCC නමින් “ලෝඩ්ස්” වල ඇරඹුනු ක්‍රීඩා සමාජය මගින් පසුව නීති රීති වෙනස් කිරීම් සිදුකරීම ඉටුකරන ලදි. 1760 දී එතෙක් බිම දිගේ දැමු පන්දුව පතිත කරමින් (Bump) කිරීම ආරම්භ කරන ලද අතරම 1772 ලකුණු සලකුණු කිරීමත් ආරම්භ කරන ලදි. එලෙස පන්දුව පතිත කිරීමත් සමඟ එතෙක් යොදා ගන්නා “හොකී” ආකාරයේ පිත්ත වෙනුවට වර්තමානයේ පිත්ත හදුන්වා දෙන ලදි.   


1787 දී තෝමස් ලෝඩ්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් MCC ය මගින් ථෛතිහාසික “ලෝඩ්ස්” ක්‍රීඩා පිටිය විවෘත කරන ලදි.




පසුව ප්‍රාන්ත ක්‍රික්‍රට් කණ්ඩායම් ඉතා ජනප්‍රිය වු අතර වර්තමානයෙත් පවතින Sussex ප්‍රාන්ත පිල ආරම්භ කරන ලද්දේ 1839 දීයි.
1865 දී විශිෂ්ඨ ක්‍රික්‍රට් ක්‍රිඩකයකු ලෙස සැලකෙන “ ඩබ්.ජී.ග්‍රේස්” පලමු වරට ඇතුල් වු අතර ඔහු ක්‍රික්‍රට් ක්‍රිඩාවට මෙන්ම පිතිකරනයේ තාක්ෂණය ගැන බොහෝ කරුණු එකතු කරන ලදි.


පලමු අන්තර්ජාතික ක්‍රික්‍රට් තරඟය පැවතුනේ 1844 ඇමරිකාව හා කැනඩාව අතර නිව්යෝර්ක් නුවර St’George ක්‍රීඩා සමාජ පිටියේදීයී.
1862 දී ක්‍රික්‍ර‍ට් ක්‍රීඩාවේ ප්‍රථම විදෙස් සංචාරය ලෙස එංගලන්ත කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා යන ලදි. 1868 මැයි හා ඔක්තෝම්බර් අතර ඕස්ට්‍රේලියානු ඇබෝජින්ස් ක්‍රික්‍රට් කණ්ඩායම එංගලන්තය වෙත පැමිණි අතර ඒ ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රථම විදෙස් සංචාරයයි.
1889 දී දකුණු අප්‍රිකාව ටෙස්ට් වරම් හිමිකර ගත් තෙවන රට බවට පත්විය.


එලෙසම 1889 දි පන්දු හතරක් පමණක් වු ඕවරය පන්දු පහක් දක්වා වැඩිකල අතර 1900 දී වර්තමානයේ භාවිතා වන පන්දු හයේ ඕවරයේ පටන් ගැනීම සිදුවිය.
එහෙත් 1922 දී ඕස්ට්‍රේලියාව තුල පන්දු 8 ඕවරයක් යොදා ගැනීම සිදුකල අතර පසුව 1924 දී නවසීලන්තයත්,1937 දී දකුණු අප්‍රිකාවත් එම ක්‍රමය යොදා ගැනීම ඇරඹුවත් එංගලන්තයේ පන්දු 6 ඕවරයට යොදා ගැනීම සිදු කලේය.
1947 දී අලුත් කල නීතියකින් තරඟයේ අවස්ථාව අනුව ඕවරයක පන්දු ගණන 6 හෝ 8 කල හැකි බව ප්‍රකාශ කල අතර 2000 දී පන්දු ඕවරයට පන්දු 06 ක් යොදා ගැනීම අනිවාර්ය කරන ලදි.
1909 දී Imperial Cricket Conference ලෙස ප්‍රථම ක්‍රිකට් කවුන්සිලය ආරම්භ කල අතර එකල ටෙස්ට් හිමි රටයල් වු එංගලන්තය, ඕස්‍ ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව එහි සමාජික රටවල් විය.දෙවන ලෝක යුද්ධයට පෙර ඉන්දියාව,බටහිර ඉන්දිය කොදෙව් හා නවසීලන්තය ටෙස්ට් රටවල් ලෙස එකතු වු අතර‍ දෙවන ලෝක යුද්ධයෙන් පසුව පාකිස්ථානය එම අවස්ථාව හිමිකර ගන්නා ලදි.
අනතුරුව විසිවන සියවසේ අග භාගයේ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හා බංගලාදේශය ටෙස්ට් වරම් හිමිකරගන්නා ලදි.


රටේ පැවති අස්ථීර දේශපාලන වාතාවරණය නිසා 1961දී දකුණු අප්‍රිකාව එකල පිහිටුවා තිබු Common Wealth of nation කමිටුවෙන් අස්වු අතර 1968 දී ද.අප්‍රිකානු ක්‍රික්‍රට් කණ්ඩායම එංගලන්ත සංචාරයක් ප්‍රතික්ෂේප කිරීම නිසා ICC ය 1970 දී ජන්ද වීමසීමකින් දකුණු අප්‍රිකාවේ ක්‍රික්‍රට් ක්‍රීඩාව තහනම් කරන ලදි.

ඉන් අනතුරුව දකුණු අප්‍රිකානු ක්‍රික්‍රට් මණ්ඩලය වැඩි මුදලට විදෙස් ක්‍රිඩකයන් සහභාගී කරවා ගෙන Rebel Tours නම් වු තරඟාවලියක් පවත්වන්නට වු අතර ඊට විරුද්ධ වු ICC ය එයට සහභාගී වන විදෙස් ක්‍රීඩකයන්ට ජිවීතාන්තය දක්වා තරඟ තහනම් කරන බව ප්‍රකාශ කරන ලදි.
කෙසේ වුවද 1980 දක්වාම මෙම තරඟාවලී පැවත්වු අතර වැඩි මුදල් නිසා තරඟ තහනම් වු ක්‍රිඩකයන්ද බොහෝමයක් විය.
1991 සමයේ නෙල්සන් මැන්ඩෙලා යටතේ රටේ දේශපාලනය නැවත යහපත් වීමත් සමඟ දකුණු අප්‍රිකාවට නැවත ICC යේ සමාජිකත්වය හිමිවිය.
1960 දි එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම් එක ඉනිමක් හා සිමීත පන්දුවාර ගණනක් සහිත වු නව ආකාරයේ තරඟ ක්‍රිඩා කිරීම ඇරඹු අතර 1963 දී එය Knock Out තරඟාවලී සදහා යොදා ගැනීම අරඹන ලදි.
අඩු කාලයත්,උද්යෝගයත් නිසාම එහි ජනප්‍රියතාවත් සමඟම 1969 දී ඒ සදහා ලීග තරඟාවලියක්ද ආරම්භ කරන ලදි.
1971 දී ප්‍රථම අන්තර්ජාතික එක්දින තරඟය ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් හි පැවැත්වුයේ අහම්බෙනි.
ඒ පැවැත්වීමට ගිය ටෙස්ට් තරඟය මුල්ම දවසේදීම වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවීමෙන් ඉතිරි වු කාලයට විකල්පයක් ලෙසයි.
LOI – Limited over international ලෙස එකල හැදින්වු එය වර්තමානයේ ODI–One day international ලෙස හදුන්වයි.
එක්දින තරඟවැස්සට සේදුනු තරඟය ඒ පිට මේ පිට පෙරලන ඩක්වර්ත්ගෙයි -ලුවිස්ගෙයි න්‍යාය හෙවත් අපි (නො)දන්න ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය ගැනයි ඔබටත් මෙතනින් දැනගන්න පුළුවන්...

එහි දියුණුව සමඟ ICC ය එංගලන්තයේදී පළමු වරට එක්දින ලෝක කුසලාන තරඟාවලියක් 1975 දී සංවිධානය කරන ලදි.
එයට එකල ටෙස්ට් ක්‍රිඩා කල සියලු රටවල් සහභාගී කරගන්නා ලදි.


රූපවාහිනියේ සජීව විකාශයන්, හා තාක්ෂණය වැඩි වශයෙන් යොදා ගැනීම ඇරඹුන අතර 1992 දී ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරඟාවලියේදී ප්‍රථම වරට රූපවාහිනි ප්‍රතිරුපණ හරහා විනිශ්චය ලබා දෙන තෙවන විනිසුරු හදුන්වා දුන් අතර වර්තමානයේදී දුවද්දී දැවීයාම පමණක් නොව ස්ටම්ප් කිරීම්,පිත්තේ වැදී යාම්, උඩපන්දු නිසියාකාරව රැක ගැනීම් , සීමාව පසුකිරිම් හා කඩුල්ල මුවා කිරිමේ තීරණ සදහාද තෙවන විනිසුරු යොදා ගැනීම සිදුකරයි.


ක්‍රික්‍රට් ක්‍රිඩාවේ වර්ධන උදෙසා 2001 දී සිට ටෙස්ට් ‍ශ්‍රේණි ගත කිරීම ඇරඹු අතර 2002 ඔක්තෝම්බර් වලදී එය එක්දින තරඟවලටද හදුන්වා දෙන ලදි. එලෙසම තාක්ෂණයද වැඩි වශෙන් ොදා ගන්නා ලදි.


2007 දී ක්‍රික්‍රට් සඳහා අලුතින්ම පන්දුවාර 20-20 තරඟ හදුන්වා දුන් අතර ඒවා ඉතාම ජනප්‍රිය වු අතර ICC යට පෙර Indian Cricket League ලෙස වු නිල නොවන තරඟාවලියකදී මෙම තරඟ මුල් වරට ආරම්භ කල අතර 2008 දි Indian Premier League ලෙස නිල වශයෙන් ඇරඹී තරඟාවලියෙන් මෙම තරඟ තවත් ජනප්‍රිය වු අතර විශාල මුදලක් ක්‍රීඩකයන්ට ගෙවීමක්ද සිදුවේ..

මෙලෙස අතීතයේ සිට පැමිණි ක්‍රික්‍රට් ශ්‍රී ලංකාවට පැමිණියේ අප එංගලන්තයේ යටත් විජිතයක්ව තිබීයදීයී..
ලංකාවේ ක්‍රික්‍රට් ක්‍රීඩාව පිලිබඳ මුල්ම සටහන් හමුවන්නේ 1832 සැප්තැම්බර් 05 වැනිදා Colombo journal පුවත්පතේ ක්‍රීඩා සමාජ පිහිටුවීම පිළිබඳ දැන්වීමකිනි.
ඉන් පසු කොළඹ ක්‍රීඩා සමාජය පිහිටුවීමත් සමඟ පළමු තරඟය 1832 නොවැම්බරයේදී 97 වැනි රෙජිමේන්තුවට එරෙහිව පැවැත්වුන බව සඳහන් වේ. පසු කාලයේ විදෙස් සංචාරයන් ලෙස ඔස්ට්‍රේලියාව හා එංගලන්තය මෙරටදී ක්‍රික්‍රට් තරඟ කොළඹදී පවත්වා ඇත.

පලමු ජාත්‍යන්තර තරඟය 1926-27 එංගලන්ත MCC ක්‍රිඩා සමාජයට එරෙහිව නොමෑඩ් පිටියේදී දී ක්‍රිඩා කල අතර ඉනිමක පරාජයට ලක්විය. එහෙත් නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රීඩාවට පැමි‍ණීයේ 1975 වසරේදීයී..
එකල Ceylon නම් වු ශ්‍රී ලංකාව පලමු පෙළ තරඟ මුල්වරට ක්‍රිඩා කලේ 1905 වසරේදීයී. 1938 දී පළමු පෙල කණ්ඩායම් 12 ක් සඳහා වු Daily news කුසලානය සඳහා තරඟාවලියක් පැවැත්වු අතර 1950-51 දී එය පී.සරවනමුත්තු කුසලානය ලෙස වෙනස් වු අතර 1976-77 දී රොබට් සේනානායක කුසලානය ලෙස වෙනස් වී 1988-89 කාලයේ ලක්ස්ප්‍රේ කුසලානය ලෙස වෙනස් විය.
නැවත එය ප්‍රීමියර් කුසලානය ලෙස වෙනස් විය.
1979 පැවති ලෝක කුසලාන එක්දින තරඟාවලියට සහභාගීවීමත් සමඟම ක්‍රික්‍රට් තරඟ සඳහා ජනප්‍රියතාවක් හිමි වු අතරම 1981 ජුලි මස 21 දින ශ්‍රි ලංකාව අටවැනි ටෙස්ට් වරම් හිමිකරගත් රට ලෙස ICC ය පිලිගන්නා ලදි.
1982 පෙබරවාරි මස 17 වැනිදා ප්‍රථම ටෙස්ට් තරඟය පී.සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කල අතර එය කඩුලු 7 කින් ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

එලෙස ආරම්භ වුන ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රික්‍රට් ක්‍රීඩාව තම පලමු තරඟාවලි ජය 1985 දී ඉන්දියාවට එරෙහිව වාර්තා කල අතර විදේශයකදි පළමු ටෙස්ට් ජය නවසීලන්තයට එරෙහිව 1995 දී ලබා ගන්නා ලදි.
1996 දී ක්‍රික්‍රට් ලෝක කුසලානය දිනා ගැනීම ශ්‍රි ලංකාවේ රන් සලකුනක් වු අතර






දැනට ශ්‍රි ලංකා කණ්ඩායම සතුව හා එහි ක්‍රීඩකයන් සතුව තවමත් නොසැලී පවතින ලෝක වාර්තා පහත දැක්වේ...
බලන්න මේවා ඔබත් දැන හිටියාද කියලා...

ටෙස්ට් තරඟ
කණ්ඩායමක් ලැබු ඉහලම ලකුණු ප්‍රමාණය - 952/6
( 1997 අගෝස්තු මස 2-6 දක්වා ඉන්දියාවට එරෙහිව )

වැඩිම කඩුලු අතර සම්බන්ධතාවය (තෙවනි කඩුල්ල වෙනුවෙන්) - 624 (කුමාර සංගක්කාර-287 හා මහේල ජයවර්ධන 374 )
වැඩිම කඩුලු ලාභියා - මුත්තයියා මුරලිදරන්
(තරඟ 133 - කඩුලු 800 සාමාන්‍ය -22.72)
කඩුලු 10 බැගින් වැඩියෙන්ම ලබා ගැනීම - මුත්තයියා මුරලිදරන් (22)
කඩුලු 05 බැගින් වැඩියෙන්ම ලබා ගැනීම - මුත්තයියා මුරලිදරන් (67)

එක්දින තරඟ
කණ්ඩායමක් ලැබු ඉහලම ලකුණු ප්‍රමාණය - 443/9
( 2006 ජුලි මස නෙදර්ලන්තයට එරෙහිව )
වැඩිම කඩුලු ලාභියා - මුත්තයියා මුරලිදරන්
(තරඟ 350 - කඩුලු 534 සාමාන්‍ය -23.08)
වැඩිම උඩපන්දු රැක ගැනීම -
මහේල ජයවර්ධන තරඟ 575 කදී උඩපන්දු 403 ක්.
වේගවත්ම අර්ධ ශතකය - සනත් ජයසුරිය පන්දු 17 -
පාකිස්ථානයට එරෙහිව

20- 20 තරඟ
කණ්ඩායමක් ලැබු ඉහලම ලකුණු ප්‍රමාණය - 260/6
( 2007 සැප්තැම්බර් මස 14 කෙන්යාවට එරෙහිව )

මීට අමතරව තවත් වාර්තාවන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතුව ඇති අතර තවත් ජයග්‍රහණයන්ද රැසක් හිමිකර ගෙන ඇත.
(ඉහත වාර්තා හා තරඟ ප්‍රමාණයන් කාලය සමඟ වෙනස් විය හැකිය.)
දැන් නම් ලංකාවේ නැගලම යන තවත් ක්‍රික්‍රට් ජාතියක් තියෙනවා..
ඒ කාන්තා ක්‍රික්‍රට්...
කට්ටයම බලන්න ඇති නේ පසුගිය කාන්තා ලෝක කුසලානය නේද??
 

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??