Pages

Thursday, December 29, 2011

අවුරුද්දේ මාස වලට නම් හැදුනේ මෙහේමලු..ඔබ ඒ ගැන දන්නවාද? How the Names of the Months Came from?

2012 ත් එනවා නේද??
ඒක එන්නෙත් මේ මාස 12 ගෙවිලනේ.....

අවුරුද්දට තියෙන මාස වල නම් ගැන නම් අපි දන්නවා..
ඒත් දන්නවද කොහෝමද මේ අපි පාවිච්චි කරන
මාසවල නම්
, දින ගණන් හැදුනේ කියාලා??


මොකද වැඩි දෙනෙක් මේ ගැන දන්නේ නැ!
ඔන්න ඒ හින්දාම "චාමිකයගේ බ්ලොග් ඉසව්ව" පැත්තට 2012 අලුත් අවුරුද්දට කලින්ම දන්න නොදන්න
හැමෝටම දැනගන්නත් එක්ක දානවා...

වැදගත්
වේවි කියලා හිතනවා...

කියවලා බලාලා අදහසක් දාලාම යන්න පින්තූර හා තොරතුරු අන්තර්ජාලයෙන් හා පොත පතින් තමා හොයාගත්තේ...
මේ නම් පිළිබඳ විවිධ වු මත ගොඩක් තියෙනවා ඇති.. ඒත් ආසන්න වශයෙන් සැදි ඇත්තේ මේ විදිහට කියලයි කියන්නේ ........

දන්නවාද?
ලොව පැරණිම දින දර්ශණය බැබිලෝනියවරුන් හදා ගත්ත එකක්..
ඒ වුනාට දැන් අපි පාවිච්චිකරන‍්නේ‍ ක්‍රී.පු. 45 දි සැදු ජනවාරියෙන් පටන් ගන්නා රෝම මාස ක්‍රමයයි...
පසුව එහි වෙනස් කම් ජුලියස් සීසර් විසින් කරන ලදි.
හදේ ගමන අනුව තමා මේකහදලා තියෙන්නේ....
ඔන්න එහෙනම් පටන් ගත්තා....

ජනවාරි මාසය
රෝමයේගෞරවයෙන් සලකන ජානුස්දෙවියන් සිහිකිරිමට යොදා ඇත.රෝම විශ්වාසය අනුව මෙමදෙවියන්‍ට මුහුණු 02 ඇති බවත් වසරේ මුල්ම මාසයේ මේ මුහුණු දෙකෙන් අතිතය හාඅනාගතය බලන බව පැවසේ....

ජානුස්දෙවියන්



පොම් පිලියන්අධිරාජ්‍යයා මෙය අතර දින 29 ක් ලෙස නිතිගත කල අතර ජුලියස් සීසර් විසින් එය දින 31 කරන ලදි.

පෙබරවාරි මාසය
රෝමන්වරු වනයටඅයිති පවනුස්නම් දෙවියන්ට පැවත්වු උත්සවයකට එළු සම් අඔරා සාදා ගත්තකසයක් යොදා ගෙන මග ‍දෙපස පිරිසට පහර දීමේ සිරිතක් එකල තිබු අතර කස පහර කෑ අය‍ටවාසනාව උදා වෙන බව පිලිගෙන තිබුනි..
එම නිසා බොහෝ අය මේ සඳහා එක් වු අතර මෙම පහර දෙන කඔය
"පෙබ්රු හෙවත් පවිත්‍ර යන්න යෙදුන අතර"පසුව එය පෙබරවාරි විය..... මෙම උත්සවය සාමාන්‍ය යෙන් පෙබරවාරි 15 පවත්වා ඇතැයි සඳහන් වේ..ජුලියස් සීසර් විසින් දින වෙනස් කිරීමට පෙර දින 27 ක් පැවත ඇත.

මාර්තු මාසය
මාර්ස්හෙවත් කුජ ග්‍රහයාට සැලකු රෝම වරුන් ඔහු අස්වැන්න ලබා දෙන හා යුද්ධයට අධිපති දෙවියන් ලෙසද සැලකු අතර එම නිසා මෙම මාසය මාර්ච් නම් විය....



පුරාණ රෝමයේදී අවුරුද්ද ආරම්භ වී තිබෙන්නේ මාර්තු මාසයෙනි.
ක්‍රී.පු. 200 දි එය ජනවාරි 01 ලෙස සදහන් කොට අවුරුද්ද ආරම්භ කිරීම ඇරඹී ඇත.

අප්‍රේල් මාසය
මේ මාසයට නම් මත 03 ඇත...
01 නම් ඇපරේස්නම් දෙවියා වෙනුවෙන් ඒප්‍රිල් යන බවයි!
02..මල් පිපෙන යන රෝම වචනයෙන් අප්රිපේ යන්නෙන්....
03.. “ ඇප්‍රිලීස්නොහොත් ඇප්‍රියිඩියියෙට්( Aphrodite)යන ආදරය හා ලස්සනට අධිපති ග්‍රීක දේවතාවිය නමින් මේ මාසය අප්‍රියෙල් විය යන්නයි...
මුලදි මේ මාසයට දින 29තිබු අතර පසුව ජුලියස් සීසර් විසින් දින 30 කරන ලදි.

මැයි මාසය
මේ සඳහාද ‍මත 02 ක් ඇත..
එනම් මෙයි( Maia)දේවතාවිය හෙවත් සිසිර සෘතුවට අධිපති දේවතාවිය වෙනුවෙන් මෙය නම් කල බවයි!
අනිත් මතය වන්නේ රෝමයේ වැඩිහිටියන් හදුන්වන මාජෝරස් යන්නෙන් මෙය මේවු බවයි!
ඒ නිසා මැයි මාසය වැඩිහිටියන්ගේ මාසය විය....
දින 29 ක් ව තිබු මෙය ජුලියස් සීසර් විසින් දින 31 කරන ලදි.

ජුනි මාසය
ජුනියෝරෙස්යනු රෝම තරුණයින් හැදින් වු නමයි....
තරුණයන්ගේ මාසය ලෙස මෙය ජුනි ලෙස නම් කර ඇතැයි අදහස් වේ.
අනික නම නම් ජුනෝනැමති රෝම දේවතාවිය වෙත උපහාර ලෙස මෙම මාසය නම් කල බවයි...
ජුනෝනැමති රෝම දේවතාවිය


ඇය ග්‍රීක “හේරා දෙවතාවිය“ ලෙසද හදුන්වා ඇත.
පෙර දින 29 ක් ව තිබු මෙය ජුලියස් සීසර් විසින් දින30කරන ලදි.

ජුලි මාසය
ක්වින්ටිලීස්ලෙස පෙර නම් වු මෙම මාසය පසුව ජුලියස් සීසර් විසින් තමාගේ නම සිහිවීම පිණිස
ජුලයිලෙස නම් කර ඇත.
දින 31 කි.

ජුලියස් සීසර්


අගෝස්තු මාසය
ජුලියස් සීසර් පසු රාජ්‍ය පාලනය කල ඔගස්ටස් සීසර්වෙනුවෙන් ඔහු විසින් මෙම මාසය නම් කල අතර පසු කාලයේ මෙය ඕගස්ට්වී ඇත.
පෙර දින 29 ක් වී තිබු මේ මාසය ඔගස්ටස් සීසර් විසින් දින 31 ක් කොට ඇත.
ඔගස්ටස් සීසර්


එක් කතාවක සදහන් වෙන විදිහට නම් ජුලියස් සීසර් විසින් තමා වෙත නම් කොට ගත් දින 31 ට සමානව තම නම එනම් ඔගස්ටස් සීසර් ද උසස් බව පෙන්වීම සඳහා පෙබරවාරී මාසයෙන් දිනයක් අඩු කරමින් දින 31 කරගත් බව සඳහන් වේ.
සැප්තැම්බර් මාසය
හත්වැන්නයන තේරුමින් මෙය නම් කර ඇත්තේ පැරණි රෝමානු කැලන්ඩරයේ මාස පටන් ගෙන තිබුනේමාර්තු මාසයේ සිට වීමත් මාස 10 පමණක් වීමත් නිසා මේ මාසය සෙප්ටිමස්ලෙසනම් කල අතර කාලයත් සමඟ සෙප්ටෙම්බර් වී ඇත.
පෙර දින 29 ක් වී තිබු මේ මාසය සීසර් විසින් දින 30 ක් කොට ඇත.

ඔක්තෝම්බර් මාසය
ඔක්ටෝහෙවත් අට වැන්න යන රෝම තේරුමින් ඔක්තෝම්බර් මාසය සැදී ඇත. පෙර දින දින 31 කි.

නොවැම්බර් මාසය
නොවෙම්යන ලතින් වචනයෙන් නොවෙම්බර් යන්න ලැබි ඇත....
ශීත උදාව සිදුවන නිසා නොවෙබර් වු බවටද මතයක් ඇත.. පෙර දින 29 ක් වී තිබු මේ මාසය සීසර් විසින් දින 30 ක් කොට ඇත.

දෙසැම්බර් මාසය
10 මාසය යන රෝම භාෂාවෙන් ඩිසෙම්ලෙස නම් වී පසුව ඩිසෙම්බර් වු බව සදහන් වේ....
පෙර දින 29 ක් වී තිබු මේ මාසය සීසර් විසින් දින 31 ක් කොට ඇත.


මේ විදිහට එක එක මාස වල නම් යෙදි තිබුනට ඒ ඒ රටවල් වෙනත් නම් ද, තම භාෂාව අනුව ද නම් පාවිච්චි කරනවා..
දන්නවනේ අපේ රටෙත් තියෙන්නේ...



කොහෝම වුනත් අපට හුරු පුරුදු වගේම පොදු වශයෙන් සියලුම රටවල් යොදා ගන්නේ
මේ නම් 12 කියලා තමා මට නම් හිතෙන්නේ....



මොකද කියන්නේ..
එහේම නේද?

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -


ඉතින් හැමදාම වගේ ඇවිල්ලා
"චාමිකයගේ බ්ලොග් ඉසව්ව"
කියවන ඔබ සැමට
ලබන්නා වු 2012 නව වසර
සියලු ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ නව වසරක් වේවා
කියාලා


"චාමිකයගේ බ්ලොග් ඉසව්ව"



හැමටම එක සිතින් ප්‍රාර්ථනා කරනවා!

Friday, December 16, 2011

ලොව කැළඹු ඉරානයෙන් එල්ල වු RQ 170 සයිබර් ප්‍රහාරය හා ගුගල් සිතියමෙන් හෙලිවන ඇමරිකානු යුධ රහස් - Are These Satellite Images Exposing America's Secrets?


Google Earth නැතිනම් ගුගල් සිතියම් වැඩසටහන ගැන දැන් නම් නොදන්න කෙනෙක් නොමැති තරම්!
ඕනෑම අයකුට ලොව ඕනෑම ස්ථායක් සොයා බැලිය හැකි අතර ඒවා ලංකර බැලීමට ඇති හැකියාව නිසාමත් මෙය ඉතා ජනප්‍රියයි.
කොහොමත් ඉතින් මේ ගැන වැඩිය කියන්න දෙයක් නෑ..
ගොඩාක් දෙනා මේ ගැන දන්නවා..


මෙන්න මේ Google Earthවැඩසටහනට ගිය සතිය පුරා යම් ප්‍රශ්ණයකට මුහුණ දුන්නා..
ඒ ඇමරිකානු ඔත්තු බලන්නා වු යානයක් ඉරානයේදී සයිබර් ප්‍රහාරයකට ලක්වීමට පසුFlight Global ලෙස හදුන්වන්නා වු වෙබ් අඩවියක් ගුගල් අර්ත් හි කළ සොයා බැලීමේදී ඇමරිකානු නෙවාඩා හි යුකා විල අසල වු රහසිගත ගුවන් කඳවුරක් හමුවීම හා ඒවා එම වෙබ් අඩවිය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කිරීමත් එක්කයි...

මේ තියෙන්නේ එසේ සොයා ගත්ත හමුදා කදවුරේ ගුගල් අර්ත් මගින් ගත්තා වු ජායාරෑපයි..





රවුම් කොට ඇත්තේ Predator Reaper වර්ගයේ යානයක් විය යුතුයැයි පැවසේ...


Predator Reaper වර්ගයේ යානයක්


පින්තුර දැක්කම බෝහෝ දෙනා මේ සිද්ධිය දන්නවත් ඇති...
දැනගන්න කැමති අයත් ඇති.. ඒ නිසා අන්තර්ජාලයේ Fox.com ප්‍රවෘත්ති වෙබ් අඩවියෙන්
Fox.com ප්‍රවෘත්ති වෙබ් අඩවිය..
හා අන්තර්ජාලය මගින් තොරතුරු උපුටා ගෙන එම සිද්ධීය හා ඉරානයෙන් එල්ල වු RQ170 සයිබර් ප්‍රහාරය හා ගුවන් යානය ගැන විස්තරයක් තමා මේ ..
කියවලා බලලා අදහසක් කියලාම යන්න..නෙවාඩා හි Creech හමුදා කඳවුරත්, Groom විල එනම් Area 51 ලෙස හැදින්වෙන කඳවුරු සංකීර්ණය පවතින ප්‍රදේශත් ගුගල් සිතියම් තුලින් දැකගත හැකියි..
Area 51 ගැන දන්නවද?? ඇවිත් බලන්න...

එහෙත් මෙලෙස දැක ගත හැකි තොරතුරු ඕනෑම විදේශ හමුදාවකට හෝ බුද්ධි අංශ වලට ද දැක ගත හැකිවන බවත් එය ඇමරිකානු ජාතික ආරක්ෂාවට ඉතාම තර්ජනයක් බවත් විශ්‍රාම ලත් ගුවන් හමුදා කර්නල්වරයකු වුCedric Leighton මහතා Fox.com ප්‍රවෘත්ති වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.

මීට පෙර ඇමරිකානු හමුදා කදවුරු Google Earthහරහා ඉතාමත් ලංව ජයාරෑප ගත කරන්නන් එලෙස කිරීම වලක්වා තිබුනත් මේ සිද්ධියට පෙර ඇමරිකාවේ ඩෙන්වර් ප්‍රදේශයේද, පාකිස්ථානයේ බලුකිස්ථානයේ ද මෙවැනි යානා සහිත වු රහසිගත ගුවන් පථ ජායාරෑප ප්‍රසිද්ධ කොට තිබුනි.


පසුගිය 08 වැනිදා ලොක්හීඩ් මාර්ටින් සමාගමේ නිපදවන ලද ඇමරිකානු ගුවන් හමුදාවට අයත් USAF RQ -170Sentinel Drone (RQ -170)



නමින් හදුන්වන UAV හෙවත් දුරස්ථ පාලක මගින් පාලනය කරනු ලබන ඔත්තු බැලීමට යොදා ගන්න යානයක් බටහිර ඉරානයේදී අතුරුදහන් විය. ඒ ගැන රූපවාහිනියේ පළවු හදිසි පුවත (Breaking News)


ලොක්හීඩ් මාර්ටින් සමාගම හා කෆීර් ගුවන් යානා ගැන දැනගන්න.. මෙතනින් යන්න..

එසේ අතුරුදහන් වු ගුවන් යානය පසුගියදා ඉරාන රජයේ රූපවාහිනියෙන් පෙන්වු අතර
එම විඩියෝව...


Islamic Revolution Guards Corps (IRGC) නම් වු ඉරාන ගුවන් හමුදාවේ ජනරාල් වරයකු වන Amir Ali Hajizadet පවසන්නේ ඔවුන්ගේ “Electronic Warfare Unit “ නම් වු හමුදා කණ්ඩායම ඉතා රහසිගත සයිබර් ප්‍රහාරයකින් මෙම යානාව තම පාලනයට ගෙන අවම හානි සහිතව ගොඩ බස්සවා ගත් බවයි.


ඇමරිකානු ගුවන් හමුදාවේ 432 ගුවන්රෙජිමේන්තුව නෙවාඩා Creech ගුවන් හමුදා කදවුරේ සිට චන්ද්‍රිකා මාර්ගයකින් මෙම යානාව පාලනය කර ඇත. Autopilot ආකාරයෙන්ද යානාවට ක්‍රියාත්මක විය හැකිය.


පසුගිය 15 වැනිදා ඉරාන ඉංජිනේරුවකු පවසන ආකාරයට
Electronic Warfare Unit හි විශේෂඥයින් යානාව හා ඇමරිකානු පාලනය අතර තිබු සබඳතාවය කපා දමමින්, යානාවAutopilot ආකාරයට හරවමින් ඒ තුල ඇති GPS උපකරණයේ දත්ත වෙනස් කරමින් ඉරානය වෙත එය ගොඩබාගෙන ඇත.
"The GPS navigation is the weakest point," ලෙස ඔහු ඒ බව හා තවත් ඒ ගැන තොරතුරු
Christian Science Monitor නැමැති වෙබ් අඩවියට දක්වා ඇත.

ඒ ගැන බලන්න මෙතනින් යන්න...


පියාපතක දිග මීටර 4.5 වන මීටර 1.84 ක් උස හා මීටර 26 වට ප්‍රමාණයකින් යුතු මේ සුදුපැහැති RQ -170 යානාවේ ඇති විශේෂත්ව පිළිබඳ විශේෂඥයින් පවසන ආකාරයට එහි HD ආකාරයේ කැමරා,න්‍යෂ්ඨික අවි හදුනා ගත හැකි සෙන්සර්, රේඩාර්වලට අසු නොවන ආකාරයේ දියුණු කරන ලද තහඩු සහිතවද අඩි 50,000 ක් ඉහල අහසේ සිට විශාල ප්‍රදේශයක තොරතුරු හා විඩියෝවන් පාලක මධ්‍යස්ථානයට සජීවීව ලබා දීමේ හැකියාව මෙම යානයට පවති.
TF 34 වර්ගයේ ටර්බෝ එන්ජිමකින් යුතු මෙහි දත්ත GCS හෙවත් Ground control Station හෙවත් පාලන මධ්‍යස්ථානයට ලැබෙන්නේ Line Of Sight (LOS) ලෙස හදුන්වන දත්ත සන්නිවේදන මාර්ගයක් හරහායි. මෙය පාලනය සඳහා පාලක මධ්‍යස්ථානයේ ‍තිරය හරහා දත්ත යවනු ලබන්නේ LOS SATCOM නැමති සන්නිවේදන මාර්ගයක් හරහායි. මෙම පද්ධතිය Skunk works නම් වු ලොක්හීඩ් මාර්ටින් සමාගමේ ම කොටසක් විසින් ගොඩනගා ඇත.


රහසිගත ආයුධ පද්ධතියක මෙන්ම යම් අල්ලා ගැනීමක් වාගේම කඩා වැටීමකදීදමෙහි දත්ත සඟවා ගත හැකි ආකාරයට නිර්මාණය කර ඇති අතර ඉරානය පවසන්නේ නම් එවැන්නක් සිදුව නැති බවයි.

මැයි මාසයේ ඔසාමා බින් ලාඩන් පාකිස්ථා‍නයේදී ඝාතනය කිරීමේ මෙහෙයුම් කටයුතු වලදි ධවල මන්දිරයේ සිටින ඇමරිකානු ජනපති බැරක් ඔබාමා හට එහි සජිවී රූප රාමු ගෙන එන ලද්දේ මෙවැනි යානයක් මගිනි.

බින් ලාඩෙන් මැරුවේ කවුද? මෙතනින් බලන්න..
Operation “Geronimo” හෙවත් ඔසාමා බින් ලාඩන්ගේ අවසානය ගැන දැන ගන්න මෙතනින් යන්න..


“Beast of Kandahar” යන අනුවර්ථ නාමයෙන් මේ යානය හදුන්වනු ලබයි.


මේ යානය පිළිබඳ තවත් තොරතුරු අපිට ඉදිරියේදී තවත් දැනගන්නට ලැබේවි...

මේවා ඇහුවාම නම් වෙලාවකට අපිටත් පිස්සු හැදෙනවා...
එහේ ම නේද?

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??