Pages

Thursday, April 25, 2013

ඉදලා හිටලා අපිත් යවන “අහස් කූරේන් “ඇරඹුනායි සැලකෙන වර්තමාන මිසයිලයේ වගතුග සොයමුද? Lets get know about the weapon called "Missile"!

පහුගිය දවස් වල උණුසුම් වෙච්ච උතුරු කොරියානු ප්‍රශ්ණය සමඟ මේ දිනවල බොහෝ වෙලාවට කතා කරනු ලබන මාතෘකාවක් තමයි මිසයිල නැතිනම් න්‍යෂ්ටික මිසයිල..
මාත් ‍හොයලා බැලුවා හැබැයි කොරියාව ගැන නෙමෙයි මිසයිල ගැන.. මේ තියෙන්නේ මිසයිල ගැන අපි දන්න නොදන්න තොරතුරු ටිකක් කෙටියෙන්..
කියවලා බලන්න ඔබත් ඒ ගැන දන්නවද කියලා..

වර්තමාන මිසයිලයේ ඇරඹුම අදහස ඉතිහාසය ආරම්භ වෙන්නේ ඉන්දියාවෙන්..
Tipu Sulathan නම් වු ඉන්දියාවේ මයිසුර් හී රජු විසින්..
ඒ 1792 දී බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව කල තුන්වන Anglo – Mysore යුද්ධයේදීයි. එහිදි ඔවුන් බ්‍රිතාන්‍ය හමුදාවට විරුද්ධව උණ බට හා වෙඩි බෙහෙත් එකතු කරගෙන නිපදවා තිබු මේවා දහස්ගනනින් භාවිතා කල බව සඳහන් වේ.. ඒ මිසයිලේ හරියට අපි යවන අහස්කූරක් වගේ..


Friday, April 5, 2013

වයස 40ක් වුනාට අලුත් මොස්තර එක්ක නිතර අලුත් වෙන ජංගම දුරකතනය - 40th anniversary of first ever call from a cell phone...


ඔහුගේ නිපැයුම දැන් අතේ තියාගෙන ඉන්න සංඛ්‍යාව ලොව ජනග්‍රහනයෙන් අඩකටත් වැඩි.. ඒ වුනාට ඒක හැදුවෙ කවුද කියලා ඒ අයගෙන් දන්න ගාන බොහෝම අඩුයි.. ඒකයි ඇත්ත තත්වේ..

මේ කියවන ඔයාගේ අතෙත් ඒ ජාතිය තියෙනවා.. නැද්ද?



දන්නවද ජංගම දුරකතනය නැත්නම් අපි දන්න Hand Phone එක? ඒකත් වයසට ගිහිල්ලා.. දැන් අවුරුදු 40 වෙනවා... වයසට යන්න යන්න තරුණ වෙන Hand Phone එකේ උපන්දවසයි.. Hand Phone එකේ තාත්තා ගැනයි ‍තමා මේ කියන්න යන්නේ...

වැදගත් කියලා හිතෙනවා... කියවන්න බලලා අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා.. තොරතුරු ජයාරූප වෙනදා වගේම අන්තර්ජාලයෙන්...

මීට අවුරුදු ගණනාවකට පෙර මෝ‍ටරෝලා සමාගමේ සේවය කල මාර්ටින් කූපර් මහත්තයාට ඒ සමාගම ඩොලර් මිලයනයක් ‍ආයෝජනය කරමින් අලුත් විදියේ දුරකතනයක් නිපදවීමට අභියෝගයක් ලබා දුන්නා..


පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??