Pages

Friday, May 24, 2013

“අසූ මහා ශ්‍රාවකයන්“ වහන්සේලා ගැන දැනගනිමු!!

බෞද්ධයන්ගේ ප්‍රධානතම ප්‍රාර්ථනාව වන්නේ තුන්තරා බෝධියෙන් එක්‌ බෝධියකට පත්වීමයි. එනම් බුදු, පසේ බුදු, මහ රහත් කියන බෝධිවලින් එක්‌ අවස්‌ථාවකට පත්වීමයි. ඒ සඳහා සියලු පින් කම් අවසානයේ ප්‍රාර්ථනා කිරීම සිදුකරන ලදි.

අප ගෞතම බුදුන් සමයේ වැඩසිටි අසු මහා ශ්‍රාවකයන් වහන්සේලාම එලෙස සංසාරයේ දී කරන ලද ප්‍රාර්ථනාවන් අනුව ඒ ඒ තනතුරු ලබාගත්හ. ප්‍රාර්ථනා කළ පමණින්ම එවැනි තනතුරු නොලැබෙන බව වටහාගත් උන්වහන්සේලා ඒ සඳහා කළ යුතු පිංකම් නොමඳවම සිදු කළහ. 
අප ගෞතම බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් අතර ශ්‍රේෂ්ඨත්වයෙන් අගතැන්පත් ශ්‍රාවකයන් වහන්සේලා ගැන අපි අසා ඇත.



ඒ අතරින් මහා තෙරුන් වහන්සේලා අතර ප්‍රසිද්ධියට පත් මහා තෙරවරු අසූ නමක් දෙනා “අසූ මහා ශ්‍රාවකයන්“ වශයෙන් හඳුන්වා ඇත . 

 
ඒ ශ්‍රාවක පිරිස අතර සුවිශේෂී වූ දක්ෂතා ඇති සුවිශේෂී හැකියා ඇති අය හඳුනා ගෙන තනතුරු ප්‍රදානය කළහ.එලෙස අග්‍රස්ථාන ලැබූ භික්ෂූන් පිරිස අසූ මහා ශ්‍රාවක වශයෙන් හැදින්වේ. උන් වහන්සේලා අතර සුවිශේෂී තනතුරු දරූ 40 කුත් මහා ශ්‍රාවක රහතන් වහන්සේලා ලෙස 40 දෙනෙකුත් සිටියහ.


ඒ අතර බුදුන් වහන්සේගේ මෙන් මහා පුරුෂ ලක්ෂණ රැසක් ඇති මහා කාශ්‍යප මහා රහතන් වහන්සේත්, ගස වල පට්ටා වලින් සැකසූ වස්ත්‍රයක් දැරූ අය අතර අග්‍රස්ථාන ලැබූ බක්කුල මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා වැඩ සිටියහ .

මේ ඒ අප අසා තිබෙන “අසූ මහා ශ්‍රාවකයන්“ වහන්සේලා පිළිබඳ හා උන්වහන්සේලා දැරූ සුවිශේෂි තනතුරු ගැන වු විස්තරයකි.







තොරතුරු අසු මහා ශ්‍රාවක පුජා යන පොතෙන් උපුටා ගන්නා ලදි. 

5 comments:

  1. ගොඩක් වටින ලිපියක්

    ReplyDelete
  2. පෝය දවසේ වටිනාම ලිපියක් සහෝ..

    ReplyDelete
  3. තෙරුවන් සරණයි!

    ReplyDelete
  4. අංගුලිමාල වුණත් ලිස්ට් එකේ ඉන්නව නොවැ.

    ඒකට හේතුව බුදුරජානන්වහන්සේගේ අප්‍රමාණ ගුණ සමුදාය..

    ස්තුති සහෝ.

    ReplyDelete
  5. ගොඩාක් වැදගත් චාමික

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??