වාහනයක් තියෙන
පදින, අය වගේම නැති අයත් වාහනයේ Dashboard එක ගැන දන්නවා... අර වේගය පෙන්නන.. දොර ඇරිලද.. තෙල්
ඉවරද සේරම පෙන්නන්නේ.......
වර්තමානයේ
ඉතින් වාහනයක ආරක්ෂිත බැලුන, රූපවාහිනි තිර, රේඩියෝ සියල්ලම වගේම වායුසමීකරණ
පද්ධතියත් එන්නේ මේ කියන Dashboard එකේ හින්දා ඒ ගැන වැඩිය කියන්න දෙයක් නෑ...
අවුල් වගේද??
අවුලක් නෑ......
ඊයේ පෙරේදා අන්තර්ජාලයේ පලවෙච්ච ලිපියකින් තමා මේ ගැන කරුණු හොයා ගත්තේ.. ගොඩාක්
වැදගත් කියලයි මට හිතෙන්නේ.. පින්තූරත් වෙනදා වගේම අන්තර්ජාලයෙන්....
දන්නවද???
මේ Dashboard කියන වචනයේ ඉතිහාසය
1600 දක්වාම දිවයන බව තමයි සඳහන් වෙන්නේ...
එකල භාවිතා වුන අශ්ව කරත්තවල රියදුරුට
ඉදිරියෙන් තියෙන මේ Dashboard ය භාවිතා කරලා තියෙන්නේ දුවිලි වගේම අශ්වයාගේ පාදයෙන්
එන පස් වැලි රියදුරුට වැදීම නවත්තවන්නත් එක්කයි.
අවුරුදු 100 ක් සැමරූ “මාටින්“ ගේ හැඩ වැඩ බලය පිරි කාර් එක - “Aston
Martin” - එන්න දැනගන්න ඒ
ගැන මෙතනින්...
එහේම ආපු ඒක 19
වැනි සියවස වෙද්දී ගමනා ගමනයේ දියුනුවත් එක්ක මේ Dashboard එකට මුලින්ම ඇවිල්ලා තියෙන්නේ ඔරලෝසුවක්..
ඒ ඉතින් වේලාව බලා ගන්න බොහෝම ප්‍රසිද්ධ වාහන නිපදවන්නන් ඔවුන්ගේ වාහනයේ රියදුරු
අසුන ඉදිරියේ Dashboard එකට ඒ කාලේ මේ ඔරලෝසු සවිකරලා තියෙනවා..
මුලින්ම වාහනයකට පේටන්ට් බලපත්‍රයක් සහිත මේ ඔරලෝසුවක් හදුන්වලා දීලා තියෙන්නේ
1911 Heuer විසින්.. ඒක ගුවන් යානා ඇතුලු ඕනම වාහනයකට භාවිතා
කරන්නටත් පුළුවන්ලු..
ගොන් පොරයට පෙම් බැඳි අයිතිකාරයාගේ “සිහින කාරය - Lamborgini” යේ පැටිකිරිය මෙතනින්...
1912 වෙද්දී වේග
මීටරය එක්කම වු ඔරලෝසුවත් හදුන්වා දුන්නා....එය Brown Clock-Speedometer නමින් හැදින්වුවා...
මෙන්න මෙහේම
ආපු Dashboard එකට වර්තමානය
වෙද්දී සලකුණු ගොඩාක් එකතු වෙලා තියෙනවා...
අපි දන්න වචනයෙන් Short cut
signal.. යම් යම් දේ
ගැන අදහසක් දෙන මේ සලකුණු ගොඩාක් දෙනා දැක්කට ගොඩාක් සලකුණු වලින් කියන දේ තේරුම්
ගත්තට, ඒ හැමදේම දන්නේ නෑ...... “චාමිකයා“ හරි නේද??
කතා ඕන නෑ... මෙන්න සරලව සිද්ධීය!!
පසුගිය දවසක
එංගලන්තයේ කරපු සමීක්ෂණයකින් කියවුනේ 98% දෙනා ඒ සලකුණු ගැන දැනුවත් නෑ කියලයි..
වර්තමානය
වෙද්දී ඕනෑම වාහන සමාගමකට පොදු වුන සලකුණු 12 ක් තියෙනවලු..
දැනට වාහනයක
දකින්න ලැබෙන වැඩිම මේ සලකුණු ප්‍රමාණය තියෙන්නේ Mercedes – Benz E Class වාහනයේයි.
ඒ සලකුණු 41
ක්...........!!
හරිනේ...
මෙන්න තියෙනවා සලකුණු ටිකයි..
එයින් සඳහන් වෙන දේවල් ටිකක් විස්තර එක්ක...!!
වාහන පදින අය දැනුවත් වුනොත් තමා හොද!! අවුලක් නෑ නේ...
මට නම් කිසි
අවුලක් නෑ මම උදේ හවස පදින වාහනයේ මේ කිසිම සලකුණක් නෑ...
තෙල් ඉවරයි කියන්න ඕනත්
නෑනේ...
බොහොම අගනා ලිපියක්. ඉහලින්ම අගය කරනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තුතියි , දැන ගතයුතු තොරතුරු රැසක් දැන ගත්තා එක පෝසට් එකකින්ම .
ReplyDeleteනොදැන සිටි කරුණු බොහොමයක් දැනගත්තා. ස්තුතියි මෙවැනි ලිපියක් ඉදිරිපත් කළාට.
ReplyDeleteඉස්තරම්ම තොරතුරු - බොහොම ස්තූතියි
ReplyDeleteහප්පේ ආයේ තුන් සැරයක් විතර කියවන්න වෙයි වගේ.
ReplyDeleteමට මේ මේල් එක එවලා තිබ්බා අපේ සෙන්නා. නමුත් මේකේ ඊට වැඩිය අමතර තොරතුරු ටිකකුත් ඔබලා තියෙන්නේ නේද? බොහොම හොඳයි මේක බෙදා ගත්ත එක නම්.
ReplyDeleteMercedes – Benz E Class වාහනයක් ගන්න තිබ්බ පිස්සුව නැති කලාට ස්තුති ඈ ,, ගොඩක් වටිනා ලිපියක්
ReplyDeleteහොඳ ලිපියක්, ඒක කියවන්නට පාර පෙන්නුවාට මාතලන්ටත් ස්තුතියි.කලින් දැනගෙන හිටපු නැති විස්තර ගොඩක් තියෙනවා.මේ සඥා වෙනස් වෙනස් පාට වලින් දක්වා ඇත්තේ මන්ද කියලාත් දන්නා කෙනෙක් පැහැදිලි කළා නම ගොඩක් වටිනවා.
ReplyDeleteපට්ට ගති...
ReplyDeletedashboard කිව්වාම ඉතින් blogger වලත් තියෙනවානේ! :)
ReplyDeleteමොනවා උනත් වැදගත් ලිපියක්! ඔබට ජය!
මම දුලාගේ අඩවියේ™ දුලා
පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com
පස්ට පස්ට ! ගොඩක් වටී !
ReplyDeleteithamath watina lipiyak thanks
ReplyDeleteWeldon chamika thgank
ReplyDelete