Pages

Monday, October 28, 2013

හැදි,ගෑරුප්පුවෙන් කෑම කන්න ඔබට ටිකක් අවුල් වගේද? එන්න මුල සිට ඉගෙන ගන්න...(දන්න අය වුවද කම් නැත.) - Dining Etiquette Seminar - Handling Utensils & Eating Styles

ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් තමා..
එත් කොරියාව,ජපානය චීනය පැත්තට කෑම වේලකට ගියොත් පොඩ්ඩක් අමාරුයි. කන්න වෙනනේ කෝටු දෙකකින්....

ටිකක් අවුල් වගේද?
නෑ... කියන්න යන්නේ අනා නොගෙන කෑම කන විදිහ ගැනයි. හැබැයි අතින් නොවෙයි...
වර්තමාන ගෝලීයකරණ ආර්ථිකයත් සමඟ දස දෙස විහිදීයන චාරිත්‍ර අතර හැදි ගෑරුප්පු භාවිතයෙන් ආහාර ගැනීම,භාවිතය ඉතා සුලභ වී ඇත.වර්තමානයේ ප්‍රියසම්භාෂණ,රාජකාරි උත්සව,මගුල් ගෙවල් වලදී ඔබත් මේ අත්දැකීම ලබා ඇති. එලෙසම දැන් එය හුරු පුරුදු වුවත් නුපුරුදු වු අවස්ථාවක් ඔබටත් දැනී ඇති.


“ඉසව්වේ“ මේ උත්සාහය හැදි ගෑරුපුප්පුවේ නිවැරදිව භාවිතය පිළිබඳ හා එහි නිතී රීති පිළිබඳ රූප සටහන් මගින් පොඩි දැනුවත් කිරීමක් කරන්නයි. එමගින් පහසුවෙන් අවබෝධ කරගන්නට හැකි වේවි.

Wednesday, October 16, 2013

ලෝකයම ටක් ටක් ගාලා නැගලා යන Universal Bus එකේ අතීතයේ කතාව අදවත් බලමුද? Story of USB Port - Universal Serial Bus

වර්තමානයේ පරිගණකයට පහසුවෙන් සම්බන්ධ කොට
(Plug & Play) ඉක්මනින්ම ඒ හා සම්බන්ධව වැඩ කටයුතු කල හැකි විශේෂත්වයෙන් යුතු වර්තමානයේ කොපමණ විදුලි උපාංග හා සම්බන්ධව ඇතැයිදැයි ඔබට පවසන්නට අවශ්‍ය නැත.
කැමරා, දුරකතන චාජරයේ මෙන්ම කුඩා ප්ලාස්ටික් උපකරණ බොහෝ විට කුඩා ප්‍රමාණයේ USB Port එකක් සොයා ගැනීම අපහසු නැත. බොහෝ විට ඒවා සම්බන්ධ වන්නේ USB හෙවත්
Universal Serial Bus එකක් හරහායි.


ඒත් කවුද මේ USB හෙවත් Universal Serial Bus හොයා ගත්තේ? පාවිච්චි කලාට ඒ ගැන හොයලා බලන්න “චාමිකයටත්“ මතක් වුනේ මේ ළඟදී...

ඒ මොකද අහම්බයෙන් එහි අලුත්ම නිපැයුම ගැන අදහස් ඉදිරිපත් කරලා කියලා දැක්කාම....

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??