Pages

Saturday, March 31, 2012

අප්‍රේල් 01 “මෝඩයන්ගේ දිනය“ ආරම්භය හරිහැටි දැනගනිමු ද? The History of April Fools' Day


අද අප්‍රේල් පළවෙනිදා......

මොකක් හරි විශේෂයක් තියෙනවද?? ම්.....



“මෝඩයන්ගේ දිනය“


සමහරුන්ට නම් මතකයි.. ඒත් විහිලුවක් වෙලා ඇන්දෙනකම් තව අයට නම් මතක් වෙන්නෙම නෑ.. එහේ ම නේද??



ඇත්තටම මොකක්ද මේ “මෝඩයන්ගේ දිනය“ වැඩිය කරණු කාරනා නොදැන මේ සිද්ධිය අපිටත් වෙන හින්දම හිතුවා ඉසව්ව පැත්තට අප්‍රේල් 01 මෝඩයාගේ දිනය ආරම්භය ගැන පොඩ්ඩක් හොයලා බලලා දාන්න...

පහුගිය දවසක දැම්මා “ ආදරවන්තයින්ගේ දිනය නැත්නම් වැලන්ටයින් දිනයේ ඇරඹුම ගැනත්“ ඒකටත් හොද ප්‍රතිචාර තිබුනා...
බැලුවේ නැත්නම් මෙතනින් බලන්න...

මෙන්න දන්න නොදන්න හැමදේනාටම
“මෝඩයන්ගේ දිනය“ ඇරඹුම ගැන

ඇත්තටම අප්‍රේල් 01 “මෝඩයන්ගේ දිනය“ ආරම්භය හරි හැටි කොතනදැයි නොදන්නා නමුත් බොහෝ දෙනා සලකනු ලබන්නේ එහි ආරම්භය එය 1582 ප්‍රංශයෙන් ඇරඹුනු බවයි..

ප්‍රංශයේ රජ කල 09 වැනි චාල්ස් රජුගේ පාලන සමයේ එහි 08 වැනි ජෝර්ජ් පාප් වහන්සේ විසින් එතෙක් තිබු ජුලියන් කැලැන්ඩරය වෙනුවට ජොර්ජියන් කැලන්ඩරය හදුන්වා දීමත් සමග 09 වැනි චාල්ස් රජුද ප්‍රංශ ජනතාවට එය භාවිතා කිරීමට නියම කලා..

එතෙක් භාවිතා කරනු ලැබු ජුලියන් කැලැන්ඩරයේ අලුත් අවුරුද්ද මාර්තු 25 සිට අප්‍රේල් 01 වැනිදා දක්වා සැමරීම සිදු කල අතර අලුතින් හදුන්වා දුන් ජොර්ජියන් කැලන්ඩරයේ අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ ජනවාරී 01 වැනිදායිනි.

එකල සන්නිවේදන මෙතරම් දියුණු නොවීම හින්දම කටින් කට ගිය මේ අලුත් කැලැන්ඩරයේ දින වෙනස ප්‍රංශයේ සමහර නගර වල ක්‍රියාත්මක වුයේ නෑ.

ඔවුන් වෙනදා වගේම මාර්තු 25 සිට සමරමින් අප්‍රේල් 01 අලුත් අවුරුදු දිනය ලෙස සලකා කටයුතු කලා.මෙසේ කටයුතු කල පුද්ගලයන් “මෝඩයන් “ ලෙස හදුන්වන්නට වු අතර අප්‍රේල් 01
“මෝඩයින්ගේ දිනය“ ලෙස හදුන්වන්නට විය.

මෙන්න මේ කතාව තමා අද බොහෝම දෙනා අප්‍රේල් 01
“මෝඩයන්ගේ දිනය“ ආරම්භය විදිහට සලකන්නේ!!


කාලයත් සමඟම එය බ්‍රිතාන්‍ය හා ස්කොට්ලන්තය රට වලටත් 18 සියවසේදී ඇමරිකානු කොලනි සඳහා ප්‍රංශ හා බ්‍රිතාන්‍ය පුද්ගලයන් හදුන්වා දුන් අතරම කාලයත් සමඟ දැන් ලොව පුරා මේ දිනය සමරනු ලබන අතරම සමහර රටවල එය නිවාඩු දිනයක් ද වෙනවා..

බොහෝ රටවල එදිනට බොරු රගපෑම් කර මිනිසුන් මුලා කිරීම කරන අතර එවැන්නන්
“Poisson d’avril” නැතිනම් “ April fish “ ලෙසද හදුන්වනු ලබනවා..

බොරු ආරාධනා පත්‍රය යැවීමද සිදු කරනු ලැබීමද වැඩි වශයෙන් සිදුකරන විහිලුවක්..

තවද කඩදාසි වලින් සෑදු මාලුවන් හැඩ හොරෙන් පුද්ගලයන්ගේ පිටේ ඇලවීමද තවත් එක විහිලුවක් ලෙස ප්‍රසිද්ධව ඇත.
මේ තියෙන්නේ ඒ ගැන පලවුන චිත්‍රයක්...


ස්කොට්ලන්තයේ මෙවැනි විහිලු “ April Gowk” ලෙස හදුන්වන අතර බ්‍රිතාන්‍ය යේ බොහෝ විටම උදෑසන පමණක් මෙවැනි විහිලු කරන අතර විහිලුවෙන් මෝඩයා වන තැනත්තා “ Gobs” එහෙමත් නැතිනම් “ Gobby” ලෙසද විහිලුව “ Noodle” ලෙස හදුන්වනු ලබයි.

වර්තමානයේ බොහෝ ප්‍රසිද්ධ සමාගම්ද “මෝඩයන්ගේ දිනය“ විවිධ දේවල් කිසිවක් නොදන්නා අප්‍රේල් 01 උදෑසනම ඉදිරිපත් කරනු ලබයි..මේ තියෙන්නේ BBC ආයතනය විසින් ඉදිරිපත් කල අප්‍රේල් 01 “මෝඩයන්ගේ දිනය“ සැමරීමට ඉදිරිපත් කල විඩීයෝවක්....

බලලාම ඉන්නකෝ...





මේ තියෙන්නේ ගිය අවුරුද්දේ අප්‍රෙල් 01 වැනිදා දිවයින පුවත්පතේ ලිපියක් මතකද??



අන්තර්ජාලයෙන් පුවත බලන්න මෙතනින් යන්න........

මම කිව්වා වගේම අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වෙච්ච ප්‍රසිද්ධ සමාගම් වල අප්‍රේල් 01 “මෝඩයන්ගේ දිනය“ සැමරීමට කල විහිලු

මෙන්න මෙතනින් ගියොත් ගොඩාක් බලන්න පුළුවන්...

උඩින් දාපු මාතෘකාව ගැන නම් අවුලක් හිතන්න එපා...
විහිලුවක් කලේ හරිද!!
“චාමිකයගේ බ්ලොග් ඉසව්ව“
වහන්නේ නම් නෑ....


තොරතුරු පින්තූර සියල්ල අන්තර්ජාලයෙන් තමා උපුටා ගත්තේ!!
ඔබේ අදහසත් දාලා යන්න අමතක කරන්න එපා...

Friday, March 23, 2012

ඔබෙත් 23+ වැඩි නම් , ලයිසන් එකත් නැති වෙන බව දන්නවද? New Driver Improvement Point System in Sri Lanka !!

වේග සීමා අභිබවා ධාවනය ලකුණු 06
හෙල්මට් නැත්නම් ලකුණු 04
ෆෝන් කර කර ගියොත් ලකුණු 04
ඇක්සිඩන්ට් එකකදි පැන ගියොත් ලකුණු 10
ආසන ආරක්ෂණ පටි නොපැළඳීම‍ ලකුණු 03

තරඟයක ලකුණු දෙන විදිහක් නම් නෙවෙයි මේ!!


මේ තමයි
පසුගිය මාර්තු මාසේ 15 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්
අංක 1726/ 12 ගැසට් නිවේදනයෙන් ගෙන ආව නව රියදුරු නීති මාලාවට අඩංගු කරුණු... සෙල්ලම් නෑ හරිද!!
ඒ ගැන ඔබ දැනුවත්ද?
1726/ 12 ගැසට් නිවේදනය සිංහල මෙතනින් ගන්න...

ඒ ගැන දැන ගන්න තමයි මේ කරුණු ටික දාන්නේ..


ඒක අනුව අපි පාර තොටේ වාහන ධාවනයේ කරන
වැරදි වලට ලකුණු දෙනවා...

ඒ දඩුවම් ලකුණු ටික හැම රියැදුරෙකුගේම අවුරුද්දට සැරයක්
නැත්නම් වාර්ෂිකව එකතු කරනවාලු...


මේ අලුත් ලකුණු ක්‍රමය හින්දා සෑම වසර 2 කට වරක්ම
රියදුරු
බලපත‍්‍රය අලූත් කිරීමට සිද්ධ වෙනවා!!


අන්න එහේම අලුත් කරන වර්ෂ දෙක අන්තිමේ දඬුවම්
ලකුණු
18නම් ගැටලූවකින් තොරව එය අලූත් කිරීමට පුළුවන්.

හැබැයි ලකුණු 18-23 අතර නම් ඒ රියදුරන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය සහිතව රියදුරු බලපත‍්‍රය අලූත් කර ගන්න වෙනවා..
ලකුණු 23 ට වැඩි දඬුවම් ලකුණු ගත්තොත් නම් අලුත් කරන්න වෙන්නේ අවුරුද්දකට ඒක අත්හිටවලා තිබුනට පස්සේ...

ඒ කියන්නේ ලකුණු 23+ වැඩි නම් අවුරුද්දකට ලයිසන් කැන්සල්...



රියැදුරු පුහුණු කරුවන්ටත් මේ නීති තියෙනවා ලකුණු ගාන නම් වෙනස්.......

වැරදි කර හසුවුණොත් ඔවුන්ට තියෙන්නේ ලකුණු 12 යි.

මේ 12 කැපිලා ගියොත් ඔහුගේ උපදේශක බලපත්‍රය අත්හිටුවනවා.

මේ අය මේ වසරේ වරදක් කර ලබන වසරේ වරදක් නොකළහොත් ලකුණු 6 ක් ද අඩුවන අතර දෙවන වසරේ හොඳට සිටියොත් සියලු ලකුණු ද අඩු කරනවා..

මීට පෙර ඔහුගේ බලපත්‍රය අත්හිටුවා නැතිනම් අත්හිටුවීමේ කාලය
මාස 6 යි.

එයින් මාස 4 ක් රජයේ අනුමත රියැදුරු පාසලකින් පුහුණුවීමක් ලැබ තිබේ නම් අඩුවෙනවා..

දෙවරක් හෝ ඊට වැඩි කාලයක් වරදක් කරලා තියෙනව නම් මාස 24 ට අත්හිටුවනවාලු.

පුහුණුවීමෙන් පසු මේ කාලය මාස 12 දක්වා අඩු වෙනවා..

මෙම ලකුණුදීමේ ක‍්‍රමය එක්ක කොහෝම වුනත් දැන් තියෙන දඩ ගැසීමේ ක‍්‍රමයද එලෙසම තියෙනවා...

තවත් විස්තර දැනගන්න මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මෙතනින් යන්න

මේ තියෙන්නේ දැනට යෝජනා වෙලා තිබෙන ලැයිස්තුවේ සඳහන් වැරදි හා දඬුවම් ලකුණු ගණන..


2012 මාර්තු 18 ඉරිදා ලක්බිම පුවත්පතින් කරුණු උපුටා අරගෙන
අන්තර්ජාලයෙන් තමා පින්තූර හොයාගත්තේ !


පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??