ඔබ පරිගණක
මවුසය කොපමණ කලක් ක්ලික් කර ඇතිද??
එහි නිර්මාණයේ මුල් හිමිකරුවා 1955 දි ඔරිගන්
විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ශිල්පය පිළබඳ උපාධීධාරියකු වු ඔහු 1925 ජනවාරී 30 වැනිදා ඇමරිකාවේ ඔරිගන් හි
පෝට්ලන්ඩ් හිදි උපත ලබන ලදි.පසුව ඇමරිකානු නාවික හමුදාවේ රේඩාර් ශිල්පියකු ලෙස කටයුතු
කරන ලදි.
පසුගිය මස එනම් 2013 ජුලි 02 ඔහු වයස 88 ක් වෙද්දී
ඔහු අභාවප්‍රාප්ත වුනා...
මේ මවුසයේ අතීතය ඔහු වෙනුවෙන් කල සොයා බැලීමක්..
තොරතුරු පින්තූර සියල්ලම අන්තර්ජාලයෙන් ...
වර්තමානයේ
මවුසය යනු පරිගණකය හා සම්බන්ධම කොටසක් වුවත් අතීතයේ මවුසයක් පරිගණකය හා සම්බන්ධව තිබුනේ නැති අතරම ග්‍රැපිකල්
මුහුනතක්ද තිබුනේ නැත.සියලු දත්ත ඇතුලත් කිරිමට තිබුනේ යතුරු පුවරුව පමනි.
මවුසයක්
පිලිබඳ අදහසක් ගෙන දෙන එම ආකාරයේ මුල්ම යන්ත්‍රය නිපදවනු ලැබුවේ 1952 දී Tom
Cranston හා Fred
Longstaff යන දෙපල
විසින් කැනේඩියානු නාවික හමුදාව වෙතයි.
එයට විශාල බෝලයක් යොදාගෙන තිබු අතර එය Track Ball ලෙස හදුන්වන ලදි.
1963 දී
පරිගණකයේ මවුසය නැමැති අද අපි භාවිතා කරන කොටස Stanford Reserch Institute තුලදී සොයා ගනු ලැබුවේ
Douglas
Carl Engelbart විසිනි. 1961
දී මවුසය පිළිබඳ අදහසක් ඔහුට පැමිණ තිබුනේ පරිගණක ග්‍රැපික් ශිල්පය පිළබඳ වු
රැස්වීමක සිටියදීයි.
Bill English හා කටයුතු
කරයමින් අවසානයේ ඔහු ලී කවරයක් තුල තැනු ලොව ප්‍රථම මවුසය ලියෙන් තැනු කුඩා
පෙට්ටියක් තුල යකඩ රෝද දෙකක් හා කුඩා විදුලි පද්ධතියකින් හා රතු බටනයකින් සමන්විත ව
1968 දී Fall Joint Computer Conference හීදී ලොවට ඉදිරිපත් කරන ලදි.එය Xහා Y සහිත අක්ෂ ක්‍රමයකින්
ක්‍රියාත්මක වන ලදි.
ඊට අවුරුදු
අටකට පසුව එනම් 1972 දි ඔහු හා එකතුව වැඩ කල
Bill English බෝල මවුසය ලෙස එය දියුනු කරන ලදි. එකල ඔහු
සේවය කලේ Xerox Parc විද්‍යාගාරය හා එකතුව
වු අතර එය ඔවුන් නිපද වු කුඩා පරිගණකයේ ප්‍රධාන කොටසක් වුනා.
Xerox Alto
Computer System නම් වුන එහි භාවිතා
කිරීමට පහසු තිරයක් සහිත වුනා.
ගරාජයෙන් පටන් ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ.... Think Different
1980 පසුව
මවුසයේ ඉතා ඉක්මන් දියුණුව උදාවුන අතර දුවිලි නිසා නිතර ලෙඩ වන බෝල මවුසය වෙනුවට
ඔප්ටිකල් මවුස හදුන්වා දුන්නා...
ඔබ විශ්වාස
කරනවාද?? 1991 දී ප්‍රථම වයර රහිත මවුසයක් Logitec සමාගම හදුන්වා දුන්නා.
එය Mouseman
Cordless ලෙස
හැදින්වුවා.
අදවන විට එය
වඩාත් දියුණු තත්වයට පත්ව ඇත. ප්‍රධාන පරිගණක සමාගම් විවිධාකාර මවුසයන් සොයා ගැනීම
වෙළඳ පොලට ඉදිරිපත් කරමින් සිටී.
මේ තියෙන්නේ
විවිධ ආකාරයේ අමුතු වර්ගයේ මවුස් නිපැයුම්...
පහුවෙන කොට
වෙනස් වීම මේ වගේ වෙයිද මන්දා.......
නැද්ද මං
අහන්නේ??
ade chamiya patta blog ekakne, vijja
ReplyDeleteනියමයි මචන්... ලස්සනට ලියල තියෙනවා....!
ReplyDeleteවිජය පත්තරේ කියවන සුට්ටන් කාලේ මේ මවුස් එක හොයාගත්ත කෙනාගේ පින්තූරයක් දැක්කා මතකයි . එත් මෙච්චර විස්තරයක් දැනගත්තේ අද . එල එල
ReplyDeleteපට්ට මචන්.... මගෙ මීයත් වයර් ලස්....
ReplyDeleteඅඩේ මු මීයෝ ගැන දල තියෙන දේවල ....... අපිත් ඔක්ක අල්ල අල්ල හිටියට ඇත්ත කතාව දන්නේ දැන් තමයි .....
ReplyDelete