Thursday, October 26, 2023
Monday, October 16, 2023
Israel-Palestine War|how its begin|Gaza|West Bank|Explained|ඊශ්‍රායලය හා පලස්තීන යුධ ගැටුමේ ඇරඹුම
පළමු ලෝක සංග්‍රාමයේදී ඔටෝමන් අධිරාජ්‍යයා ලැබූ පරාජයත් සමඟ මැදපෙරදිග පලස්තීනය යනුවෙන් හඳුනාගත් භූමිය බ්‍රිතාන්‍ය පාලනයට නතු විය. මේ භූමියේ බහුතරය අරාබි ජාතිකයන් වූ අතර, සුළුතරය යුදෙව්වන් විය. 1920–1940 වකවානුවේ එහි ඇදුණු යුදෙව් ජනගහනය වැඩි වූ අතර, දශක ගණනාවක් ඇවෑමෙන් මේ වන විට පලස්තීනුවන් සුළුතරය බවට පත්ව සිටී. ඔවුන් ජීවත් වූ භූමියද ක්‍රමයෙන් හැකිළී ඇත. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අරාබින් මෙන්ම යුදෙව්වන් ද කැරැලි ගැසූහ. 1947දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය අරාබින්ට හා යුදෙව්වන්ට අයත් වශයෙන් පිළිගත් අතර, ජෙරුසෙලම අන්තර්ජාතික නගරයක් බවට නම් විය. මේ සැලැස්මට යුදෙව්වන්ගේ අනුමැතිය ලද නමුත්, අරාබිහු එය ප්‍රතික්ෂේප කළහ.1948දී බ්‍රිතාන්‍ය පාලකයන් ඉන් ඉවත්වීමත් සමඟ ඊශ්‍රායලය යනුවෙන් රාජ්‍යයක් එහි ප්‍රකාශයට පත් විය. එය අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනිණි. බොහෝ පලස්තීනුවන් එය පිළිනොගත් අතර, අසල්වැසි අරාබි රාජ්‍යයන් ද ඊට එරෙහි විය. එවක් පටන් මේ දක්වාම පලස්තීනුවන් සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින අතර, බටහිර ඉවුර හා ගාසාතීරය නම් පටු බිම්කඩට සීමාවී සිටී.
පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??
-
ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් ...
-
රූපය දැක්ක ගමන්ම කවුද කියලා අනිවාර්යෙන්ම මතකයි නේද?? ඒ 1889 වසරේ ලන්ඩන් නුවරදී උපන් චාලි චැප්ලින්! වයස අවුරුදු පහේදී අතේ සතයක්වත් නැති...
-
මොකක්ද මේ?? මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ? ආහ්... ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන ...
-
1976 අප්‍රේල් මාසයේ 01 වැනිදා ස්ටීව් ජොබ්ස් (Steve Jobs) , ස්ටීව් වොසැන්ක්ස් (Steve Wozniak) හා රෝලන්ඩ් වේන් තුන්දෙනා එකතු වෙලා ඇ...
-
ටික දවසකින් බ්ලොග් එක පැත්තට මුකුත් දාන්න බැරි වුනා... ඉතින් ඔන්න දානවා එකක්... මේ AREA 51 නැතිනම් 51 වැනි කලාපය ගැනයි. AREA 51 නැතිනම...