Pages

Saturday, July 2, 2011

ඔබ “හැකින්“ ගැන දන්නවාද? Do you know "Hacking" ? ඇවිත් බලන්න..



HACKING කිව්වාම ඉතින් මේ දවස් වල අපි ඕනම කෙනෙක් ඉතාම ඕනකමින් උනන්දුවෙන් කරන බලන අත්හදා බලන
දෙයක් තමයි නේද?
විකිලීක්ස් ගැනත් එක පාරම මතක්වෙනවා..

මාතෘකාව වෙබ් අඩවියක් හැක් කරමු කියලා තිබුනට ලියන්නේ නම් හැක් කරන්නේ කොහොමද කියලා පාඩමක් නෙවි...
ඒ වුනාට මේක අපිත් එහේට මෙහේට කරන්න උත්සහ කරන පරිගණක වැඩ වලට වගේම ජිවිතයට පාඩමක් වේවි කියලා හිතනවා...
බොහෝ දෙනෙක්ට මතක ඇති පසුගිය සති කිහිපයකදි පුවතක් තිබුනා CIA හෙවත් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ වෙබ් අඩවිය හැක් කරලා දැන් පැය කිහිපයකට ඒක වහලා දාලා කියලා...

අප්පා ඒකත් හැක් කරලා...
නියමායි නියම වැඩ කාරයෝ තමා ඉන්නනේ..පිස්සු හැදෙයි කියලා බොහෝ දෙනා කියන්න ඇති..මාත් එහේමම හිතුවා..

ඔන්න දැන් ඒ හැක් කරපු කෙනා එංගලන්තයෙන් අත්අඩංගුවට අරගෙන...

ඒ එංගලන්තයේ එසෙක්ස් හි පදිංචි රයන් ක්ලියරි නම් වු 19 හැවිරිදි තරුණ ළමයෙක්...


පසුගිය සදුදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය විසින් ඔවුන්ගේ වගේම ඇමරිකානු FBI හා CIA ආයතන වලින් ලබාදුන් සාක්ෂිත් සමගය.
ඔහු තම මව සමග...

මේ ඔහුගේ නිවස හා කාමරයයි.





එංගලන්ත පරිගණක අපරාධ පනතට අනුව බොහෝ විට ඔහුට දඩුවම් හිමිවන අතර ඇමරිකානු නඩු විභාග සඳහා ඉන්පසු ඇමරිකාවටද පිටුවහල් කරනු ඇති අතර ඔහුට අවුරුදු 60 වැඩි සිරදඩුවමක් ලැබෙනු ඇතැයි බොහෝ විට පැවසෙනවා...
ආරක්ෂක අංශ සදහන් කරන ලෙස ඔහු ලල්ස්සෙක්(Lulzsec) නැමති පරිගණක හැකින් සමාජයක සමාජිකයකු ලෙස සිට ඇති බවයි.



ලල්ස්සෙක් යනු අවුරුදු 16-34 අතර හැකර්ස්ලාගෙන් සමන්විත වු හැකින් සමාජයකි.ලොව හැම රටකම වාගේ ඔවුන්ගේ සමාජිකයින් සිටී.
ඔවුන්ගේ හැකින් ක්‍රියාමාර්ග කරනු ලබන්නේ බොහෝම විට ප්‍රසිද්ධ සමාගම් හා රජයේ ආයතනවලට වන අතර ඒ මුදල් වලට නොවේ..ඔවුන්ගේ අදහස එවැනි ආයතනයේ දත්ත සොරා ගෙන නොමිලයේ ප්‍රසිද්ධ කොට එම ආයතන ලැජ්ජාවට පත්කිරීම හා තම සමාජයේ නම ප්‍රසිද්ධ කර ගැනීමයි..
සෑම හැකින් ක්‍රියාමාර්ගයකට පසුව ඔවුන් එය ටිවිටර් මගින් ප්‍රසිද්ධ කරනු ලබයි.
ලල්ස්සෙක් සමාජය මේ දක්වා සිදුකරන
ලද හැක් කිරීම්



ඔවුන්ගේ ටිවිටර් වෙබ් පිටුව


රයන් විසින් ඇමරිකානු CIA ආයතනය, ඇමරිකානු සෙනෙට් මණ්ඩලය, Fox Tv ආයතනයේ දත්ත වගේම Sony සමාගමේද තොරතුරු සොරා ගෙන ඇත.ඔහු විසින් Sony සමාගමේ තොරතුරු සොරකම් කර ඇත්තේ එම සමාගම නිපදවනන්ට සැරසුනු මිල අධික විඩියෝ ක්‍රිඩවක් ගෙන එහි ක්‍රිඩා කරන්නටයි..

CIA ආයතනය හැක් කිරිමෙන් පසුව එය පලකල අයුරු

2001-2002 ඇමරිකානු පෙන්ටගනය හා නාසා ආයතනයේ පරිගණක දත්ත සොරාගත් එංගලන්ත ජාතික හැරි මැකිනොන් ඇමරිකාවට පිටුවහල් කල අතර ඔහුට අවුරුදු 60 සිරදඩුවමක් ලබා දී තිබුනි.


රයන් අත්අඩංගුවට පත්වු පසුව ලල්ස්සෙක් සමාජය පවසා තිබුනේ ඔහු ඔවුන්ගේ කෙනෙකු නොවන බවත් ඔහුගේ සර්වරය පමණක් භාවිතා කල බවත් ඉදිරියටත් ඔවුන්ගේ කටයුතු කරගෙන යන බවත්ය.

‘Ryan Cleary is not part of LulzSec. We house one of our many legitimate chatrooms on his server, but that’s it.’

මේ හැකින් නිසා තරුණ රයන්ටද අනිවාර්යයෙන්ම අවුරුදු ගනනාවක් සිර දඩුවමක් විදින්නට සිදුවනු ඇත.
කවුරු කොහෝම කිව්වත් සයිබර් ලෝකයේදි අපි කරන කියන දේවල් කිසිවිටක ආරක්ෂා සහිත බව නම් කොහොමටත් සිතන්න හොද නෑ...
අපි කරන දේ ඉතාම භයානක වෙන්නත් ඉඩ තියෙනවා..

ඔබගේ දැනුවත් වීම උදෙසා ඉදිරිපත් කරන ලදි..
අදහසක් දාලාම යන්න!

උපුටාගත්තේ මෙන්න මෙතනින්....වැඩිවිස්තර සදහාත් බලන්න.

16 comments:

  1. පනින්න පෙර හිතා බලනු කියන්නෙ ඕකට තමයි . හැබැයි ඇමෙරිකාවට ගෙනිච්චට පස්සෙ අනේ පුතේ අපිට හතුරු රටවල (චීනෙ, රුසියාවේ ) එහෙම ආරක්ෂක තොරතුරු හැක් කොරල අරන් දියන් කියල . කොලුවට හොඳට සැප සම්පත් දීලා රහසිගතව තියා ගන්නත් ඉඩ තියෙයි

    ReplyDelete
  2. matath barida danne ne Lulzsec ekata join wenna?

    ReplyDelete
  3. දැනුවත් කිරිම නම් ගොඩාක් වටිනවා....
    හැකින් ගැන තිබුනු පුන්චිම පුන්චි ආසාවත් නැත්තටම නැතිවෙලා ගියා ඕංං
    ජය...

    ReplyDelete
    Replies
    1. na na sahodaraya... hack karana eka hoda dekata and naraka dekata yana 2katama pavichchi karanna puluvan..

      Delete
  4. elama kiri thama putha...... Nuwan

    ReplyDelete
  5. විස්තරේ නම් මාර වටිනවා.ඒ ළමය ඔය මොලේ තමන්ගෙ දියුණුවට යෙදෙව්වනම් කොච්චර වටිනවද.

    ReplyDelete
  6. හොද මොලයක් අපරාදෙ. හොරු රැලට වැටුණ ගිරා පැටිය ‍වගේ තමයි.

    ReplyDelete
  7. Niyamai Dear...hugak watinawa me wage dewal apitath denaganna salassanawata...thnx frnd..

    ReplyDelete
  8. කලින් අතපසූ උනු ලිපියක්

    ReplyDelete
  9. ඔය වගේ වැඩකාරයෝ හිරේ දාලා හරියන්නේ නෑ.ඔවුන්ගේ මොළ වලින් වැඩකරව ගන්න ඕනි.

    ReplyDelete
  10. article 1 nam maarai..... thankz ayya

    ReplyDelete
  11. ඔය මොලෙන් ලොකු වැඩක් කරන්න තිබ්බා

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??