Hello honey bunney ... Toko tokooooooooo
මේ දවස්වල
ජනප්‍රිය සිංදුවක්!!
කියන්න යන්නේ නම් සිංදුව ගැන නෙවේ...හැබැයි Hello.... ගැන !
බොහෝ
වෙලාවටම ලෝකේ පුරා හරි ජනප්‍රිය වචනයක්... ඕන කෙනෙක් දන්නවා.. භාෂාව, ආගම,ජාතිය
මොනා වුනත් Hello.... කිව්වනම් ආපහු Hello.... ම කියනවනේ..!
මේ දවස්වල Hello ඉතින් honey
bunney සිංදුවට යොදා ගත්තට වඩාත්ම ජනප්‍රිය
දුරකතනයට ආපු ඇමතුමට හරි ඇමතුමක් ගන්න කොට හරි කතාකරන පලවෙනිම වචනය විදිහට.. නේද??
කවුද ඕක කියලා දුන්නේ??
කටිටිය හැමෝම කියන හින්දා පොඩි කාලේ ඉඳලා ඇහුන හින්දා මාත් ඉතින් දුරකතනයට උත්තර
දෙන්නෙත්, ඇමතුමක් ගන්නෙත් Hello.... කියලම තමයි.. මොකද එහේම කියන්නේ කවුද
මේක මුලින්ම කිව්වෙ කවුද? ඇයි? මොකටද කියලනම් හෙව්වේ නෑ..
ඒත් ගිය සතියේ
අන්තර්ජාලයේ දැක්ක පොඩි විස්තරයක් හින්දා හිතුවා “චාමිකයත්“ Hello.... ගැන හොයන්න...
1876 මාර්තු මාසේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්
බෙල් මහත්තයා දුරකතනය ලොවට හදුන්වා දෙනවා... දුරකතනයත් එක්ක එතුමා තමන්ගේ පෙම්වතිය
වුන Margaret Hello ගේ නම මතක්
වීම වෙනුවෙන් Hello....යන වචනය ලොවට
හදුන්වා දුන් බව පසු ගිය දවස්වල අන්තර්ජාලයේ තැන් තැන්වල තිබුනා...
ඇත්තටම ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්
බෙල් මහත්තයාට Margaret
Hello නමින් පෙම්වතියක් ඉදලා නෑලු. ඔහුගේ බිරිඳ Mable
Hubbard Bell මහත්මිය ඔහුගේම ශිෂ්‍යාවක් වගේම බිහිරි කාන්තාවක්
බවයි සඳහන් වෙන්නේ!
ගුගල් දෙවියන්ට පින්සිද්ධ වෙන්න මම ඒ ගැන
හොයපු හින්දම එවැනි තොරතුරු ලැබුනත් ඇත්තටම සඳහන් වෙන විදිහට Hello.... ලෝකෙට
හදුන්වා දීලා තියෙන්නේ ලොවට අලුත් දේ හදුන්වා දුන් නව නිපැයුම්කරුවකු වු Thomas Alva Edison (තෝමස් අල්වා එඩිසන්) විසින්..
මේ තියෙන්නේ හොයාගත්ත කරුණු ටික, පින්තූර විස්තර
අන්තර්ජාලයෙන්ම තමයි.
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශයට පැරණි උසස් ජර්මන් භාෂාවේ “halâ,
holâ මගින් hallo, hollo අනුව Hello.... වී ඇති
බවත් එම වචනය මුලින්ම ප්‍රසිද්ධ වී තිබෙන්නේ 1827 සිට බවයි.එය එකල සුභ පැතුමක් ලෙස
භාවිත නොකලත්, කෙනෙකුගේ අවධානය ලබා ගැනීම සඳහා භාවිත කර තිබුනු බවයි. එය පොදු
භාවිතයට එක්කරන ලද්දේ Thomas
Alva Edison (තෝමස් අල්වා එඩිසන්) විසිනි. පැවසෙන ආකාරයට ඔහුට ලැබුනු ඇමතුමකදී 'hullo' යන වචනය Hello.... ලෙස වැරදියට
ඇසීමත් සමඟ ඔහුට එම වචනය දුරකතන සංවාදයට වඩාත් සුදුසු බව දැනීමත් සමඟයි.
1877 අගෝස්තු 15 වැනිදා ඔහු ඒ පිළිබඳ
ලිපියකින් Central District and Printing Telegraph සමාගමේ සභාපති
වරයා T.B.A. David මහතා වෙත දැනුවත් කරන ලදි.
Hullo යන්න දැනටත් Hello යන්නට සමානව භාවිතාවන
අතර එය ප්‍රථම වරට ලිඛිතව දැක්වෙන්නේ 1803 දීයි.
Hello.... යන්න
ජනප්‍රිය වීමට පෙර එකල දුරකතන ක්‍රියාකරුවන් Are
you there?යන්න භාවිතා කර තිබුනා.
තෝමස් අල්වා එඩිසන් එහේම යෝජනා කරලා “Hello “ ලොව පුරා
ජනප්‍රිය කලාට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් මහත්තයා දුරකතනයේ කතාව ඇරඹුමේ —
“Mr. Watson, come here. I want to see you.” ලෙස කිසිදු සුභ පැතුමක් රහිතව ඇරඹුවත් පසුව ඔහු සෑම
ඇමතුමකට සුභ පැතුමක් ලෙස භාවිතා කරන ලද්දේ
නාවිකයන්ගේ ආචාර ක්‍රමයක් වන 'ahoy -
hoy ' යන්නයි.
1922 තම ජිවිතයේ
අවසානය තෙක්ම "Hello“ යන ලෙස ඇමතුමකට පිළිතුරු ලබා නොදුන් ඔහු ඒ වෙනුවට තමන්
එතෙක් භාවිතා කල “Ahoy- hoy” යන්නම යොදා ගෙන තිබුනා..ලොව ප්‍රසිද්ධ “Simpson’s” නැමැති රූපවාහිනි කතා මාලාවේ Mr.Burns නම් චරිතයත් දුරකතනයට අමතන්නේ... “Ahoy- hoy කියලා.. මේ බලන්නකෝ...
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ප්‍රථම දුරකතන හුවමාරු මධ්‍යස්ථානය New Haven හි රැහැන් 8
කින් හා දුරකතන 21 කින් යුතුව ආරම්භ කල අතර
එදිනම එනම් 1878 පෙබරවාරි 21 දිනම ප්‍රථම දුරකතන නමාවලිය දුරකතන භාවිතාකරන්නන් 50
දෙනෙකුගේ නම් එකතු කරමින් හා දුරකතන
භාවිතයට උපදෙස් සමඟ මුල්වරට හදුන්වා දුන්නේ ඇමරිකාවේ
District Telephone Company of New
Haven, Connecticut විසිනි.
එහි දුරකතන ඇමතුමක් ආරම්භ කිරීමට හා ඇමතුමට පිලිතුරු දීමට 'hello.' යන වචනය හදුන්වා දුන් අතර ඇමතුම අවසාන කිරීමට "That is all." යන්න භාවිතා කරන ලෙසද දක්වා තිබුනි. නාමාවලිය ලෙස
හැදින්වුවත් එය අඟල් 5.5 x 8 ප්‍රමාණයේ
තනි පිටුවකි.
මධ්‍යම දුරකතන හුවමාරුවේ සේවය කල කාන්තාවන් 1889 දී ‘hello-girls’ ලෙසත්
හදුන්වන්නට වුනා.
එම සමාගම 1878 නොවැම්බරයේ පිටු කිහිපයකින්
හා දැන්වීම් සහිතව ඉදිරිපත් කරන ලද දුරකතන නාමාවලිය 2008 වෙන්දේසියකදී ඇ.ඩො. 170,500 අලෙවි වුනි.
වර්තමානයේ බොහෝ විටම "good-bye."
"Good-bye," "bye-bye," වචන ඒ සඳහා යොදා ගන්න අතර එම වචන භාවිතයට පැමිණ ඇත්තේ
“දෙවියන් ඔබ සමඟයි“
("God
Be with you" හෝ " God Be with ye‘)
යන වචනය කාලයත් සමඟ වෙනස් වීමත් සමඟයි.
වර්තමානයේ භාවිතා වන hi යන්නත් hello කෙටිවීමෙන්
සෑදී ඇතැයි විශ්වාස කලත් එය පිළබඳ ප්‍රථම වරට සඳහන් වනුයේ 1862 දී දේශණයකදීයී.එය
මධ්‍යම යුගයේ ඉංග්‍රීසියේ hy යන්නෙන් පැමිණ ඇති
බවයි පැවසෙන්නේ!
වර්තමානයේ "Hello“ සමඟ යන ජනප්‍රිය දේවල් ගොඩක්ම තියෙනවා...
පාඩමේ සරල බව සඳහා
යොදා ගෙන ඇත."Hello, World" අහලා දැකලා ඇති...
C නමින්
හැදින්වෙන පරිගණක ක්‍රම භාෂාවට මේ වචනය මුලින්ම හදුන්වලා දෙන්නේ
The
C Programming Language නැමති පොතෙන්..
ඒ C
භාෂාවේ පියා ලෙස හදුන්වන Kernighan
Thompson සහ Dennis
Ritchie
යන දෙපල විසින්..
මෙන්න මේ විඩියෝවේ තියෙනවා රටවල් ගාණක "Hello“
කියන හැටි... හදිස්සියකට වැදගත් වේවී.
ඊළග පාර ඇමතුමක් එනකොට බය නැතිව "Hello“
කියන්න පුළුවන්... දැන් ඉතින් සිද්ධිය දන්නවනේ...
ඒ වුනත් නිකමට ජොලියට වගේ 'ahoy – hoy කියලා බලමුද?? අනිත් පැත්තෙන් මොකද කියන්නේ කියලා...
දැනගෙන ඉඳපු කථාව නිවරදි කොරගත්ත
ReplyDeleteExcellent.
ReplyDeleteස්තුති දැනුවත් කලාට..
ReplyDeleteජය !
ජපන් භාෂාවෙන් Hello කියල කියන්නෙ >>මුෂි මුශී << කියල.
ReplyDeleteමේ ගැන මෙලෝ හසරක් නොදැක හිටි මට මේ තොරතුරු බොහොම වටී මෙතැන් පටන් මේ ගැන මා තර්ක කරන්නේ ඔබේ පෝස්ටුවත් එක්කයි. පුර්ණ ගෞරව ඔබට අනිවා
ReplyDeleteහෙලෝ කතාව මම අහලා තිබුනෙත් පලවෙනි ඒක. ඇත්තටම හැමදාමත් වගේ චමී ගේ සුපිරි වැඩක්
ReplyDeleteHello Chamika, ELA
ReplyDelete