Pages

Saturday, July 23, 2011

Bliss හෙවත් Windows XP වල තියෙන “ ලුනා “ Desktop Wall paper යේ මේ කතාව දන්නවද?

දැකලා තියෙනවා නේද මේ පින්තුරය??



ම්..ම්..කොහේද? මතක් වුනා නේද?
මොකද ඉතින් වින්ඩෝස් XP පාවිච්චි නොකරපු කෙනෙක් ඉන්න බෑනේ නේද?

අද කියන්න යන්නේ XP වල තියෙන “ ලුනා “ නමින් හදුන්වන
(Desktop Wall paper )ඩෙක්ස් ටොප් වෝල් පේපර් එක ගැන..

ඒත් මොනවද කියන්නේ..
කියවලාම බලන්න අදහසක් දාන්නත් අමතක කරන්න එපා..

කට්ටිය මොකද කියන්නේ මේක හදපු පින්තුරයක්ද?
නැතිනම් කැමරාවකින් ගත්ත පින්තුරයක්ද?

මේක ඇත්තටම ගත්ත පින්තුරයක්...
මේ ඒ මම ඔබ අපි බොහෝ දෙනා නොදන්න පැත්තයි.
තොරතුරු විකිපිඩියාවෙන් හා අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ...

වෘත්තිය ජයාරෑප ශිල්පියකු වන චාල්ස් ඕ රියර් තමා අපි මේ දකින පින්තුරය අරගෙන තියෙන්නේ..

1996 දි ඇමරිකාවේ කැලිෆොනියාවේ, සොනාමා ගමේ ගිණීකොන පැත්තේ තියෙන නාපා නිම්නයේ පරණ ක්ලෝවර් ස්ටෝනේටා සමාගමේ ගොවිපල අසල...
ඒත් චාල්ස් ඕ රියර් ගේ නම් පින්තුරයක් හොයාගන්න පුළුවන් වුනේ නෑ..

මේ Bit map වර්ගයේ පින්තුරය XP වලදි ලුනා විදියට හැදින්වුවත් මේ පින්තුරය නම් කරලා තියෙන්නේ Bliss හෙවත් සර්ව සම්පුර්ණ සතුට යන්නයි.


ඇමරිකානු ජාතිකයකු වන චාල්ස් ඕ රියර් ශාන්ත හෙලේනා හි පදිංචි අතර හයිටර්න් නැමති ඩිජිටල් සමාගම යටතේ රාජකාරි කටයුතු කරයි.1978 සිට National Geography Magazine සගරාවේ අවුරුදු 25 ට වැඩි කාලයක් වැඩ කර ඇති අතර එහිදි මිදි වගාවන් තම කාචයට හසු කර ගැනීම ඔහුගේ රාජකාරිය වු අතර 1996 මිදි වගා නොකල ස්ථානයකදි මෙම ජයාරෑපය ඔහු විසින් ගෙන ඇත. බ්ල් ගේට්ස් සතුව ඇති Stock photography ආයතනයේද කටයුතු කර ඇත.

අද වන විට මිදි හා වයින් සඳහා වන පොත් 07ට පමණ ජයාරූප සපයා ඇත.


ඒ ගැන බලන්න පුළුවන් මේ ඔහුගේ වෙබ් අඩවියෙන්..
මෙතනින් යන්න..

2006 නොවැම්බර් මාසයේදී Goldin හා tsemneby සමාගම නැවතත් මෙම ජයාරෑපය ගත් ප්‍රදේශය නරඹා එම ස්ථානය වසර 10 පසු ව ජයාරෑප ගත කරන ලදි.
මේ තියෙන්නේ ඒ ජයාරෑපය.. මොකද හිතෙන්නේ?


මිදි වගාවට හසුව තිබු එම ප්‍රදේශය ඇතුලත් වු එය 2007 වසරේ ප්‍රංශයේ La vitrine ශාලාවේ පැවති “Paris was Yesterday” ප්‍රදර්ශණයේ දී පලමු වරට එලි දක්වන ලදි.


2001 දි ඔහුගේ මේ ජයාරෑපය යොදා ගනිමින් මයිකොසොෆ්ට් සමාගම හා වෙලද ප්‍රචාර ආයතනයක් වන මැකේන් එරික්සන් සමාගම එකතුව ඩො.මි.200 ඉතා විශාල වෙලද ප්‍රචාරයක් ගෙන ගියේ තව තවත් අය ජයාරෑප ගත කිරීම් සඳහා උනන්දු කිරිමට වු අතර එයYes you Can ලෙස නම් කර තිබුනි.

කොහෝම වුනත් පින්තුරය ගිය දුර කොහෝමද නේද?

Thursday, July 14, 2011

ඇමරිකානු ගුවන් හමුදාව යුධ ඔත්තු බැලීම් කටයුතු සඳහා “කුඩා කෘමින්,කුරුල්ලන් “වැනි පියාසලන යන්ත්‍ර යොදා ගැනීමට සැරසේ....U.S. Air Force is...


U.S. Air Force is developingspy crafts looks like birds and even insects.

ඇමරිකානු ගුවන් හමුදාව යුධ ඔත්තු බැලීම් කටයුතු සඳහා කුඩා කෘමින්,කුරුල්ලන් වැනි පියාසලන යන්ත්‍ර යොදා ගැනීමට සැරසේ.



ඇමරිකානු ආරක්ෂාව පිළිබඳ නව සොයාගැනීම් පිලිබඳ ඒජන්සිය අවුරුදු ගණනක් තිස්සේ කල සොයා ගැනීම් ඔස්සේ ඔවුන්Fly On the Wall නමින් හැදින්වු හැදින්වු රොබෝ යන්ත්‍රයක් නිපද වු අතර එය වයර් රහිත ව ලැප්ටොප් පරිගණකයක් ආධාරයෙන් ක්‍රියාත්මක කරන කුඩා කුරුමිණියකුගේ හැඩය සහිත වු අතර එය තව දුරටත් දියුණු කරමින් දැන් තවත් කුඩා ,ශබ්දය අඩු රොබෝ කෘමින් හැඩති වගේම කුරුල්ලන් හැඩති කුඩා ගුවන් යානා නිපදවමින් සිටිනවා..





මේ ඒ ගැන වු කෙටි වුවත් තරමක් සිත් ගන්නා සුලු විස්තරයක්....
කියවලා ඔබේ අදහස් එකතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා...

Micro Air Vehicles (MAVs) ලෙස හදුන්වන මෙම වැඩසටහන ඇමරිකානු ඔහියෝ ජනපදයේ ඩෙයටන් හි
“රයිට් පැටර්සන්“ –Wright-Patterson ගුවන් හමුදා කදවුර තුල වු අභ්‍යන්තර ඉඩකඩක මෙම පරීක්ණ අත්හදා බැලීම් කරගෙන යනවා..


මෙහි වැඩසටහන් ප්‍රධානියා ලෙස මහාචාර්ය ජෝර්ජ් පාකර් කටයුතු කරනු ලබයි.බැලු බැල්මට කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩු ආකාරයට දිස් වුවත් මේවා ඉතා දියුණු තත්වයට පත්කර එයින් යම් යම් දේවල් හි (යුධ, අපරාධ) ආදියෙහි ඔත්තු බැලීමට යොදා ගැනීමට අදහස් කරගෙන සිටිනවා..

මහාචාර්ය ජෝර්ජ් පාකර් කුඩා යානයක් අතැතිව...


මිනිසුන්ගේ ඇසට විශේෂයෙන් අවධානය යොමු නොවන හැඩ හා ඕනෑම ස්ථානයක් තුලට යා හැකි ආකාරයට මේවා සැකසීම තමා ප්‍රධානම වෙලා තියෙන්නේ..මොකද වෙනත් ඔත්තු බලන යානා සාමාන්‍ය විශාල වීම හා ශබ්දය අධික වීම තවත් හේතුවක්..




ගුවන් හමුදා කදවුර තුල වු අභ්‍යන්තර ඉඩකඩක මෙම පරීක්ණ අත්හදා බැලීම් කරගෙන යනවා







දැන් මේ සදහා ඔවුන් “හමිං බර්ඩ් “ නම් කුරුල්ලාගේ චර්යාවන් හා පියාපත් සලන විලාශය අනුගමනය කරමින් තවදුරටත් දියුණු කිරීම් කරගෙන යන්නේ හමිං බර්ඩ් කුරුල්ලා මෙන් කෙලින් සිට පියාපත් සැලීම වගේම නැවතී සිටීම යන ආකාර මෙම රොබෝ කුරුල්ලන්ට ලබාදීමටයි.


මෙම පරීක්ෂණ කටයුතු සඳහා තුන් ආකාරයක වගේ ම ප්‍රමාණ 03 ක යානා යොදා ගන්නා
අතර කුඩාම එක 02
cm ද විශාල එක 20cm ද වේ..



මේ තියෙන්නේ ඒ ගැන යු ටියුබ් විඩියෝ එකක්!
ඒක බැලුවම වැඩේ නිකන්ම මීටර් වෙනවා!




මෙහේම යනකොට අනාගතේ තව තව මොන විදියේ ඒවා එයිද මන්දා..

පාරේ යන කොට එහේ මෙහේ යන කුරුල්ලෝ ගැනත් ටිකක් උනන්දුවෙන් බලන තරමට හොදයි වගේ!

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??