Pages

Tuesday, December 25, 2012

අසිරිමත් වු නත්තලේ අරුම පුදුම කතා - Facts About Christmas Tradition Around the World!


ලොව තිබෙන විශාල වශයෙන් සමරන නිවාඩු දිනයක් වන නත්තල යන වචනය සිංහලයට පැමිණ ඇත්තේ “ නතලීස්“ යන ලතින් වචනයෙන් බව සැලකේ..
පැරණි ඉංග්‍රිසියේ “Cristes maesse” යන “ක්‍රිස්තුතුමන්ගේ පුජාව“ තේරුම ඇති පදයෙන්  Christmas යන්න පැමින ඇත. 

ක්‍රිස්තුතුමාගේ උපත සමරන නත්තල සමඟ බැදුන බොහෝ දේවල් වේ... පුළුන් වගේ රුවුල එක්ක ඇවිත් තෑගි බෙදන නත්තල් සීයා, නත්තල් ගස, නත්තල් ගස ඉහල දිලෙන තරුව...

මෙවැනි බොහෝ දේ ඒ සමඟ බැදි ඇත.
මේ උත්සහය ඒ ගැන වැඩි ප්‍රසිද්ධියක් නැති කරුණු ටිකක් ඔබත් එක්ක බෙදා ගන්නයි.

නත්තල් දිනය සැමරීමේ ඇරඹුම හරියට කවදාදැයි නොදන්න නමුත් බ්‍රිතාන්‍ය යේ යෝර්ක් නගරයේ ක්‍රි.ව.521 දී පලමු නත්තල සැමරු බව විශ්වාස කරනු ලබයි.
එලෙසම එංගලන්තය පාලනය කල ඔලිවර් ක්‍රෝම්වෙල් 1647 දි නත්තල සැමරීම තහනම් කලේ එය ජුජනීය දිනයක් නිසා උත්සවාකාරයෙන් සැමරීම ගැලපෙන්නේ නැති බව කියමිනි.
එම තහනම වසර 13 ක් පුරා එනම් 1660 දක්වාම පැවතිණි.

චීනයේ ක්‍රිස්තියානුවන් නත්තල සමරනුයේ ඔවුන්ගේ නිවෙස් කඩදාසි සැරසිලි යොදාගනිමිනි.
ඉරානයේ නත්තල සඳහා සුදානම් වනුයේ පල්ලියේ රාජකාරි ඉටුකිරීම සඳහා දෙසැම්බර් 01 සිට 25 දක්වාම සතුන්ගෙන් නිපදවන කිසිදු ආහාරයක් නොගෙනයි.
වෙනිසියුලානුවන් දෙසැ 16 සිට 24 දක්වා සෑම උදෑසනකම පල්ලියේ කටයුතු සඳහා සහභාගී වේ.
උතුරු බ්‍රසීලයේ  නත්තල සමරන්නේ “Los Pastores” නැමැති නාට්‍ය ක්‍රීඩාවක් සමගිනි. එහිදි ගොපල්ලන් සැම විටම කාන්තාවන් වන අතර ම අහිකුණ්ඨිකයන් ජේසු බිලිදා පැහැර ගෙන යන්නට තැත් කරන අයුරුද නිරුපනය කරනු ලබයි.


නත්තල් ගසේ ඇරඹුම ගැනත් නිශ්චිත නැතත් පළමු වරට නත්තල් ගසක් ගැන සඳහන් වනුයේ  ජර්මනියේ සංචාරයකට ගිය ශාන්ත බොනිපස් පියතුමා විසින්  අදින ලද පොත් පිංචකයි.

තුන් හුලස් හැඩති මේ නත්තල් ගසට යොදාගන්නා Fir ගසින්  එක කොනකින් දෙවියන් වහන්සේත්, අනිත් කොනෙන් ජේසු දරුවාත් හා ශුද්ධ වු ශක්තිය නිරූපනය වන බව දැක්වෙන අතර එය ආලෝක කිරීමෙන් ක්‍රිස්තුත් වහන්සේ ලෝකයට ගෙන ආ ආලෝකය අර්ථවත් කරයි. 

මුල් කාලයේ ඉටිපන්දම් මගින් එය ආලෝකමත් කලත් 1882 සිට ඇමරිකානු ජාතික එඩ්වඩ් ජොන්සන් එය බල්බ් මගින් ආලෝකවත් කරන ලදි. සියලු යහපත් දේ ලබා දෙන ගස නත්තල් ගස යන අදහසින් එහි තෑගී එල්ලීමේ සිරිත ක්‍රියාත්මක වෙන ලදි.
නත්තල් ගස මුදුනේ සංකේතවත් කරන තරුව රජවරුන් හට පාර පෙන්වු “බෙත්ලෙහෙමේ තරුව“ බව කියවේ.

වර්තමානය දී වඩාත් ජනප්‍රියම නත්තල් ගස වන්නේ  ඇමරිකාවේ නිව්යෝර්ක් හි Rockefeller center පිහිටි නත්තල් ගසයි.

එය පලමු වරට එහි ගොඩනැගිල්ල ඉදිකල සේවක පිරිසක් විසින් 1931 ඉදිකරන ලද අතර එය වසර දෙකකින් පසු විනාශ වු අතර එම ස්ථානයේම නැවත නත්තල් ගසක් ඉදිකරන ලද අතර වර්තමානයේ එහි විදුලි බල්බ 25000 කින් ආලෝකමත් කරයි.

ලොව උසම නත්තල් ගස ලෙස ගිනස් වාර්තාව දරන්නේ අඩි 221 උස වු ඩගලස් නත්තල් ගසයි.
එය 1950 දි වොෂින්ටනයේ සාප්පු සංකීරණයක ඉදි කරන ලදි. ඇමරිකාවේ පමණක් වර්ෂයකට සැබෑ නත්තල් ගස් මිලියන 30-35 අලෙවිවන බව පැවසේ.

වර්තමානයේ වෙද්දී විවිධ හැඩකිරීම් වලින් යුතු නත්තල් ගස් මිලියන 60 කට වැඩි ප්‍රමාණයක් යුරෝපය පුරා සිටුවන බව සඳහන් වේ.

නත්තල සමඟම තවත් ප්‍රසිද්ධ චරිතයක් වන නත්තල් සීයා ගැන නොදන්න කෙනෙක් නැති තරම්!

4 වැනි ශත වර්ශයේදී තුර්කියෙන් ඇරඹුනායි කියන නත්තල් සීයා හට  මුලීක වන්නේ දුප්පත් මිනිසුන්ට හා කුඩා දරුවන්ට තෑගී බෙදා
දුන් ශාන්ත නිකොලස්  වේ.
ඔහුව විවිධ රටවල විවිධ නම් වලින් හදුන්වන ලබයි. බහුලව භාවිතා වනුයේ සැන්ටා ක්ලෝස් වන අතර  ජර්මනියේ ඔහුව “ ක්‍රිස් ක්‍රිංගල්“ ලෙසද ප්‍රංශයේ “පෙරේ නොයෙල්“ හා ඉතාලියේදී “ ලී බෆානා“ ලෙසත් හදුන්වයි.

තෑගි මල්ලක් අතින් ගෙන රතු පැහැති ඇදුම, තොප්පිය හා සුදු රුවුල සහිත වු නත්තල් සීයා ගමන් කරනුයේ පිනි මුවන් 9 බැදි හිම කරත්තයකිනි.
එම පිනි මුවන් ගේ නම් Dasher, Dancer, Prancer, Vixen, Comet, Cupid, Donder/Donner, Blitzen අතරම රතු පැහැති නාසයක් සහිත  Rudolph ද එහි වේ. 

අවුරුද්දේ මාස වලට නම් හැදුනේ මෙහේමලු..ඔබ ඒ ගැන දන්නවාද?

පැරණි කතාවකට අනුව තෑගි බෙදන මේ ශාන්ත නිකොලස්  දිනක්  දුප්පත් නිවසකට එහි දුම්කවුලුවෙන්  රන්කාසි හැලීමේදී ඒවා වැටී තිබුනේ දුම්කවුලුවේ වේලීමට එල්ලා තිබු මේස් වලටයි.
මේ තෑගි ලබා ගැනීමට බොහෝ කුඩා දරුවන් දුම් කවුලුවේ යට හා ජනෙලයෙන් පිටත දිගු මේස් එල්ලා තැබීමට පුරුදු වී ඇත්තේ එබැවිනි.


දන්නවද??
නත්තල් සීයට නත්තල් දවසේ රෑ මුලු ලොකෙටම තෑගි බෙදන්න නම් තප්පරයට සැතපුම් හයසිය පනහක වේගයෙන් ගිහිල්ලා තත්පරයට ගෙවල් අටසිය විස්සකට වැඩිය ගෙවල් වලට තෑගී බෙදන්නට වෙනවා..

නත්තලට පසු දින පල්ලි වලදි  දුප්පත් පිරිස් වෙත පිරිනැමීමට ලද තෑගි පිරි පෙට්ටි විවෘත කර ඉන්පසු ඒවා දුප්පතුන් අතර බෙදා දෙනු ලබයි.

මෙසේ තෑගි පිරි පෙට්ටි විවෘත කරන දිනය බැවින් හා බ්‍රිතාන්‍ය යේ හා බොහෝ රටවල නත්තලට පසු දිනය “Boxing day “ ලෙස හදුන්වනු ලබන බව පැවසේ. 

දන්නවද පළමු නත්තල් සුභපැතුම් පත නිර්මාණය කර තිබෙන්නේ 1843 දී බ්‍රිතාන්‍ය ජාතිකයකු වු සර් හෙන්රි කෝල් විසිනි.

වෙනදා වගේම තොරතුරු සියල්ල වගේම ජායාරූප සියල්ලමත් අන්තර්ජාලයෙන් උපුටා ගත්තා..

ඔබ හැමටම සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!!


Wednesday, December 19, 2012

ඇන්කර්..චීස්..බටර්.. සැන්විච්.. අයිස්ක්‍රීම්.. රටේ නැති නම් එක්ක එන Android සලකුණේ විස්තරය හා තවත් අතුරු කතා ‍ගොඩාක් .. You must be a fan of Android..! But What do U know about its History??



ඉස්සර Phone එකක් ගත්තාම අහන්නේ මොකක්ද වර්ගය, මොඩල් නම්බර් එක..

දැන් අහන්නේ ඇන්ඩ්‍රොයිඩ් ද?? 
මොකක්ද දුවන වර්ෂන් එක?


මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ්???
කියන්න නම් දෙයක් නෑ...!!
හැමෝම දන්නවා.. බොහෝ දෙනා ළඟ තියෙනවා..
ඒත් කමක් නෑ ඒ ගැන චාමිකයත් කියනවා.. “ඉසව්ව” බලන ඒ ගැන දන්න නොදන්න හැමෝටම බලා කියා ගන්න එක්ක..


ඇන්ඩ්‍රොයිඩ් ගැන ගොඩක් අය දන්න කියනවා වුනාට පහල තියෙන ඇන්ඩ්‍රොයිඩ් හදුන්වන සලකුණ ගැන වැඩි දෙයක් දන්නේ නම් නෑ! මුලින්ම ඒ ගැන කියලා ඉන්නම්...

ඔය උඩ තියෙන සලකුණ නිර්මාණය කලේ ගෑණු කෙනෙක්..
ඔව්! එයාගේ නම Irina Blok. ඇය එකල Google හි  වෙළඳ සන්නිවේදන අංශයේ සේවය කරනු ලැබුවා.. 
මේ පොඩි කොල පාට රො‍‍බෝ මුලින්ම හදුන්වලා තිබුනේ “Bugdroid” කියලා..
පස්සේ ලේහෙසියට පහසුවට එය Android කියලා හදුන්වන්න වුනා. 
 ඇය ඒක ඉදිරිපත් කලේ 2007 නොවැ 05 වැනිදා එනම් ගුගල් ආයතනය තම ප්‍රථම Android SDK නිකුත් කිරීමට දින 05 කට කලිනුයි.


කතාව එහේම වුනත් ‍බොහෝ දෙනා කිව්වේ මේක ගුගල් ආයතනය 90 දශකයේ ජනප්‍රිය වුන Atari ආයතනයේ
Gountlet:The Third encounter  හි එක් චරිතයක් වුන එලෙසම Android නමින්ම හැදින්වු සලකුණම උපුටා ගෙන ඇති බවයි.

එලෙසම තවත් සමහරු කීවේ Star Wars චිත්‍රපටියේ රෝබෝ වරයකුගේ චරිතය උපු‍ටා ගෙන ඇති බවයි.


කොහෝම වුනත් Irina Blok නෝනා තවත් ඒ සදහා ඉදිරිපත් වු නිර්මාණකරුවන් දෙදෙනනෙකු පරදවා විනාඩි 05 ක් ඇතුලත ඇන්ද තමන්ගේ ප්‍රථම චිත්‍ර නිර්මාණය වුන මේ සලකුණ නොසිතු ලෙස අද ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.
එය දුටු සැනින් එය Android සම්බන්ධ බව නොදන්න කෙනෙකු සීමීතයි.

 “නොකියා ටෝන් එකේ “ සත්‍ය කතාව‍ - The History Of the "Nokia Tune"



සලකුණ ගැන කිව්වා !
දැන් පටන් ගන්නවා Android ගැන කතාව....


2003 ඔක්තෝම්බර් මාසයේ ඇමරිකාවේ කැලිෆෝනියාහි පාලෝ ඇල්ටෝහි  ප්‍රථම වරට පිහිටුවුයේ Android Incorporation ලෙසයි. ඒ එකල  පරිගණක මෘදුකාංග, දුරකතන සම්බන්ධ නිපදවීම් සම්බන්ධ සමාගමක් වු Danger සමාගමේ සම නිර්මාතෘවරයකු වු Andy Rubin විසිනි.

ඔහු සමඟ Rich Miner (කලක් ඔහු T-Mobile සමාගමේ සභාපති ලෙස කටයුතු කර තිබුනා) එලෙසම Nick Sears, Chris White එහි රාජකාරි කරනු ලැබුවා..
පසුව සමාගම තුල ඇතිවු මුදල් ප්‍රශ්ණ එක්කම එතරම් ජනප්‍රිය තත්වයේ නොතිබුනු මෙම සමාගම 2005 අගෝස්තු මාසයේදී Google විසින් සම්පුර්ණයෙන්ම මිලදී ගත් අතර එහි රාජකාරී සදහා ගුගල් ආයතනය යටතේ ඔවුන්ගේම සේවය ලබා ගෙන ඇත.

අන්තර්ජාලයට අධිපති “Google” දෙවියන්ගේ දේවාල ඇතුලට රවුමක් යමු ද?


2007 නොවැ 05 වැනිදා ගුගල් සමාගමේ ප්‍රධානත්වයෙන් පරිගණක,දුරකතන හා ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන පිලිබඳ ලොව පිලිගත් ආයතන 86 කට ආසන්න ගණනක් එකතු වී ජංගම දුරකතන සඳහා එකම මෙහෙයුම් පද්ධතියක් යොදා ගැනීම පිළිබඳ සාකච්ජා කල අතර ඒ සඳහා එම මෘදුකාංගයේ දියුණු කිරීමේ පාදම ලෙස Linux Kernel 2.6 යොදා ගැනීමට එකග විය.
එම රැස්වු කණ්ඩායම OHA හෙවත් Open Handset Alliance  නම් වුනා..


එහි රාජකාරී සමගින් 2007 නොවැම්බර් මස 12 වැනිදා Android Beta SDK හෙවත් Software Development Kit ලෙස විවෘත හා නිදහස් මෘදුකාංගයක් ලෙස මෘදුකාංගයේ දියුණු කිරීමේ පාදම ලෙස Linux Kernel 2.6 එහි කේත ‍අන්තර්ජාලයට එකතු කලේ Apache බලපත්‍රය මතයි.
එමගින් තම අභිමතය කැමැත්ත පරිදි ඇප්ලිකේෂන්, ක්‍රීඩාවන් ඇතුලු ඕනෑම දෙයක් ඒ මත නිපදවිය හැකි ආකාරයටයි. ඒ සඳහා මුලීකව Java හා C++ යන පරිගණක භාෂා යොදා ගනු ලබයි.

2008 සැප්තැම්බර් 23 පලමු ඇනඩ්‍රොයිඩ් සංස්කරණ 1.0 ඇතුලත් කරමින් පළමු ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය ලෙස HTC Dream G1 දුරකතනය හදුන්වා දෙන ලදි.

එතැන් පටන් විවිධ සංස්කරණ ඇන්ඩ්‍රොයිඩ් සමාගම එළිදැක්වු අතර ඒවා සියල්ලටම වාගේ යොදා ගෙන ඇත්තේ ඉංග්‍රීසී C අකුරෙන් අරඹා එම අක්ෂර පිළිවෙල අනුව අතුරුපස වල නම් යොදමින් නම් කොට ඇති අතර මේ ඒ ප්‍රධාන මෙහෙයුම් පද්ධති ගැන හා එහි වැරදි අවම කරමින් සිදුකල සමහර සංස්කරණයන් හා එහි ඇතුලත් පහසුකම් පිලීබඳ කෙටි විස්තරයකි.

2009 පෙබරවාරි 09 HTC Dream G1 දුරකතනය සඳහා පමණක් වන සංස්කරණයක් හදුන්වා දෙන ලදි.


2009 අප්‍රේල් 30 තම පළමු අතුරුපස මෙහෙයුම් පද්ධතිය
“C” අකුරින් 1.5 - Cup Cake හදුන්වා දෙන ලදි.
ඒ සඳහා Linux Kernel 2.6.27 යොදා ගන්නා ලදි.

එය ස්පර්ශක දුරකතනයක් වු HTC Magic තුල අන්තර්ගත කරන ලදි.

2009 සැප්තැම්බර් 15 වෙනිදා Linux Kernel 2.6.29යොදා ගනිමින් “D” අකුරින් 1.6 – Donut හදුන්වා දෙන ලදි.


2009 ඔක්තෝම්බර් 26 වෙනිදා Linux Kernel 2.6.29යොදා ගනිමින්ම “E” අකුරින් 2.0 – Éclair හදුන්වා දෙන ලදි. 

එය Nexus දුරකතනයකට ඇතුලත් කරන ලදි.


2009 දෙසැම්බර් 03 Éclair2.0.1. ලෙස අලුත් සංස්කරණයක් හදුන්වා දෙන ලදි.

නැවතත් ‍2010 ‍ජනවාරි 12 වැනිදා 2.1 ලෙස සංස්කරණයක් නිකුත් කරන ලදි.


2010 මැයි 20 වෙනිදා Linux Kernel 2.6.32යොදා ගනිමින්ම
“F” අකුරින් 2.2 – Froyo හදුන්වා දෙන ලදි.
එය මුලින්ම ඇතුලත් කරන ලද්දේ Nexus 1 දුරකතන මාදිලියටයි.

2010 දෙසැම්බර් 06 වෙනිදා Linux Kernel 2.6.32යොදා ගනිමින්ම “G” අකුරින් 2.3 –  Gingerbread හදුන්වා දෙන ලදි.
වඩාත් ජනප්‍රියම හා වර්තමානයේත් බොහෝ දෙනා භාවිතා කරනු ලබන මේ මෙහෙයුම් පද්ධතිය මුලින්ම හදුන්වා දුන්නේ
Samsung S වර්ගයේ දුරකතනයකටයි.


Linux Kernel 2.6.35 ලෙස වෙනස් කරමින් 2.3.3 ලෙස සංස්කරණයක් 2011 පෙබරවාරි 12 වැනිදා නිකුත් කරන ලද අතර නැවතත් එදිනම Linux Kernel 2.6.36 ලෙස හා 3.0 ලෙස සංස්කරණයක් Honey Comb ලෙස නිකුත් කරන ලදි.


2011 මැයි 10 වෙනිදා Linux Kernel 2.6.36යොදා ගනිමින්ම
“H” අකුරින් 3.1 – Honey Comb හදුන්වා දෙන ලදි.
එය ටැබ්ලට් හා විශාල තිර සහිත දුරකතන වලට විශේෂයෙන් සකසා ඇත.
එදිනම Google සමාගම තම අලුත් සංස්කරණය වන
4.0 Ice Cream Sandwich ප්‍රකාශයට පත්කරන ලදි.


2011 ජුලි 18 නැවත සංස්කරණයක් එලි දක්වන ලදි.


2011 ඔක්තෝම්බර් 19 වැනිදා “I” අකුරින් 4.0 –  Ice Cream Sandwich හදුන්වා දෙන ලදි.

එය මුලින්ම ඇතුලත් කරන ලද්දේ Motorola Droid RAZR දුරකතනයටයි. 


වර්තමානයේ භාවිතා වන 4.1 –Jelly Bean මෙහෙයුම් පද්ධතිය
“J” අකුර මුලීක කර ගනිමින් 2012 ජුලි 09 හදුන්වා දෙන ලදි.
එය Samsung Galaxy Nexus සදහා මුලින්ම ඇතුලත් කරන ලදි.
ඉන්පසුව තවමත් නිකුත් කිරීමට නියමිත අලුත් මෙහෙයුම් පද්ධතිය ගැන කිසිදු ආරංචියක් නැතත් එය “Key Lime Pie”  ලෙස හදුන්වනු ඇතැයි ප්‍රකාශ වේ.



Smart දුරකතන ලොව ඉදිරියෙන් සිටි Apple සමාගම හා දුරකතන ලොව හෙල්ලු Nokia සමාගමටද Android මෙහෙයුම් පද්ධතිය දැඩි තරඟයක් වු අතර වර්තමානය ඇමරිකාවේ වැඩියෙන්ම භාවිතා වන දුරකතන මෙහෙයුම් පද්ධතිය වෙද්දී මිලියන 400 වැඩි ප්‍රමාණයක් ලොව පුරා විහිද ඇති බව සදහන්‍ වේ.

ඊට අමතරව  දිනකට 8,50,000 කට අධික පිරිසක් අලුතින් එක්වන බවත් දැක්වේ.

මුදලට මෙන්ම නොමිලේ තම අවශ්‍යතාවය අනුව ලබා ගත හැකි විවිධ වර්ගයේ “ඇප්ලිකේෂන” ලබා ගැනීමට Google සමාගම සෑම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් එක්කම Play Store නැමති මෘදුකාංගය
එක්කොට ඇති අතර ඊට අමතරව තුන්වන පාර්ශව හරහාද තමන් කැමති දෑ එක්කර ගැනීමට අවස්ථාව ලබාදී ඇත.
2012 පෙබරවාරි වන විට එහි 450,000 කට වැඩි ගණනක් ඇති බව ප්‍රකාශ වේ.  


පසුගිය අවුරුදු 05 පුරාවට ඇන්ඩ්‍රොයිඩ් වලින්, මුලින් දුරඇමතුමකට පමණක් සීමාවු ජංගම දුරකතනය ගෙන ගොස් ඇත්තේ එහි සැතපුම් ගණනක් අනාගතයටයි. 




මේ යන විදිහට පහු පහු වෙන කොට මොනවා ඒවිද මන්දා තව ඉංග්‍රීසි අකුරු තියෙනවානේ හෝඩියේ...
යාන්තම් මම නම් 2.3 –  Gingerbread එකක් අරගෙන තියෙනවා...
තව කාලයක් ඉදලා වෙන අකුරක “චීස් බටර්” කෑල්ලක් ගන්නවා...


පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??