ජංගම දුරකතනයක් ගන්න
මුල් දවස් වල දැකලා නැති ඒත් එක එක කෙනා කතාකරන “බැලැක්බෙරි“ කියලා මිල අධික
දුරකතනයක් ගැන මම අහලා තිබුනා. 

හැබැයි කවදාවත් නම් දැකලා තිබුනේ නෑ.. 


ගොඩාක් කාලෙකට
පස්සේ හදිස්සියෙම ඔය කියන
“බ්ලැක්බෙරියක්“
දැක්කා...ElaKiri යේ කොල්ලෙක් ලඟ

අල්ලලා බැලුවා ම්හ්...
අපෝ මෙලෝ වැඩක් නෑ..!!
මොකකක්ද මේ කියලා හිතුනා.. 

ඇන්කර්..චීස්..බටර්.. සැන්විච්.. අයිස්ක්‍රීම්.. රටේ නැති නම් එක්ක එන Android සලකුණේ විස්තරය හා තවත් අතුරු කතා ගොඩාක් .. මෙතනින් බලන්න පුළුවන්....
සමහර විට මේ සිද්ධියම
ඔයාලටත් වෙන්න ඇති.. 

දැන් සමහර විට පාවිච්චි කරනවත් ඇති ඒ වගේම අන්තර්ජාලය බැලුවාම
දුරකතන
අලෙවියේ බැලැක් බෙරි ඉන්නේ පස්වැනි තැන... 

සිද්ධීය මෙහේම වෙද්දි අන්තර්ජාලයේ බැලැක්බෙරි 10 කියන ඔවුන්ගේ අලුත්ම නිකුත් කිරිමේ
පින්තූර කිහිපයකුත් පල වෙලා තිබුනා.. 

ඒ වගේම “චාමිකයගේ බ්ලොග් ඉසව්ව“ බලන
හිතවතෙකුත් මේ ගැන බැලැක් බෙරි ගැන යමක් ලියන්න කියලත් ඉල්ලලා තිබුනා... 

හිතුවා ඒ ගැන ලියන්න
කියන්න...
මම දන්නෙත් මේ දේවල් අන්තර්ජාලයෙන් හොයා ගත්තට පස්සේ.. 
අපි අපෝ මෙලෝ වැඩක් නෑ..

අපි අපෝ මෙලෝ වැඩක් නෑ..

මොකකක්ද කියන දුරකතනය ගැන දැනගත්තේ... 

ඔයාලටත් වැදගත් වේවි.. කියවලා බලන්න අදහසක්
දක්වන්න ඒක මට වැදගත් වේවී... 

දන්නවද කොතරම්
දියුණු වු ඇපල් iPhone හා ඇන්ඩ්‍රොයිඩ් දුරකතන තිබුනත් ඇමරිකානු දේශපාලන
නිලධාරීන් හා මිලියන 5කට වැඩි ආණ්ඩුවේ නිලධාරීන් භාවිතයට ගන්නේ බ්ලැක්බෙරි
දුරකතනයි.

ඒ එම දුරකතනයට එරට ආණ්ඩුවෙන් ලැබුන විශේෂ අවසරය මතයි. 

එය එරට පොලිස්
නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරින් වගේම
බැරැක් ඔබාමා ජනාධිපතිතුමාත් භාවිත කරන්නේද
බැලැක්බෙරි දුරකතනයකි. 


එය විශේෂ ආරක්ෂක විධීවිධාන සහිතව විශේෂයෙන් සකසන ලද්දක්
බවද පැවසේ. එය එම නිසාම ඉතා මිල අධික යැයි ද සැලකෙනවා... 

මෙවර Time සඟරාවේ 2012 වසරේ මිනිසා
ලෙස නම් කරලා තියෙන්නේ ඇමරිකානු වත්මන් ජනපති බැරැක් ඔබාමා මහතා...

ඒ සඳහා සඟරාවේ
නිල ජයාරූප ශිල්පියා ගනු ලැබු ජයාරූපයක ඔහුගේ දුරකතනයත් සඳහන් වෙනවා.. 

එම දුරකතන වල වෙනස් කම්
කරමින් තමන්ට අවශ්‍ය ලෙස සකසා ගන්නටත් පුහුණු කරන ලද බුද්ධි නිලධාරීන් ඇමරිකාවට ඇති බවත්
වැඩි වශයෙන් සඳහන් වෙනවා... 

එලෙසම ඉතාලි අපරාධ කල්ලි
තම ගනුදෙණු සඳහාද බොහෝ විටම යොදා ගනු ලබන්නේ බ්ලැක්බෙරි දුරකතන බව පැවසේ.. 

“නොකියා ටෝන් එකේ “ සත්‍ය කතාව -
The History Of the "Nokia Tune" 
ඒ වගේම
ලංකාවේත් විධායක ශ්‍රේණි නිලධාරීන් අත මේ දුරකතනය බොහෝම වෙලාවට තියෙනවා... 

ඔයාලා
දැකලා ඇති...

මෙන්න බ්ලැක් බෙරියේ අතීතය මුල ඉදලා... 

RIM - නැතිනම් Reserch in Motion ආයතනය නිර්මාණය කරමින් එහි හිමිකරුවන් වු එවකට
අවුරුදු 23 වු විදුලි ඉංජිනේරුවකු වීමට ඉගෙන ගෙන එය අත්හැර දැමු Mike Lazaridis හා Douglas Fregin ඇමරිකාවේ ඔන්ටාරියෝ හි වෝර්ටර්ලු හි තම
සමාගම ඇරඹුවා..
ඒ 1984 දීයී... 


වයර් රහිත
දත්ත බෙදා හැරීම ගැන මෘදුකාංග නිපද වීමට උත්සුක වු RIM සමාගම 1990 දි එවැනි මෘදුකාංගයක් ඉදිරිපත්
කල අතර එය ක්‍රියාත්මක වුයේ Mobitex වයර් රහිත ක්‍රමයක් සමඟයි.
එහි තිබු භාවිතයේ අපහසුතාව නිසා එයට තිබු ඉල්ලුමක්
නොතිබු තරම් විය. 

ව්‍යාපාරික හා
තම පෞද්ගලික කටයුතු සඳහා භාවිත කල හැකි 1996 දී RIM නමින් PDA වර්ගයේ පේජරයක් නිකුත් කරන ලදි. එය ක්‍රියාකරන
ලද්දේ AA බැටරි මගිනි. 


1999 දි එය
තවත් දියුනු කරමින් RIM 950 ඉදිරිපත් කල
අතර එහි අන්තර්ජාලයට සම්බන්ධ වී ඊමේල්
යැවීම හා ලබා ගැනීමේ හැකියාවත්, (එය “Push “) ක්‍රමය වාගේම කැලැන්ඩරයක්, ලිපින ඇතුලත් කොට තැබිය හැකි වීම
ඇතුලු අලුත් දෑ අන්තර්ගත වු අතර RIM 950 සඳහා
විවිධ වු පරිගණක, පත්තර සමාගම් හරහා සම්මානයන්ද ලබාගන්නට RIM සමාගමට හැකියාව ලැබුනු
අතරම තම ආදායම එම වසරේදී ඩො.මි. 47.5 කරගත හැකි වුනා.. 


එය ඉන පටියේ පැලඳ යාමට තරම්
ප්‍රමාණයෙන් වු එය එකල වෙනත් ඒවාට වඩා බරින් අඩු වු අතර අවුන්ස 4.1 බරකින් හා කුඩා
යතුරු පුවරුවකින් යුතුවිය. PocketLink යන නමින්
එය
හැදින්වීමටද පුරුදු වී තිබුනි.

1999 තමා
මෙන්න මේ අපි කතා කරන BlackBerry නම එන්නේ හැබැයි ඒ දුරකතනයේ නම විදිහට නම් නෙවේ.. 

මෘදුකාංගයක් විදිහට.. 

එනම් black Berry Enterprise Server (BES) විදිහටයි... 

එම අවුරුද්දේම 850 ලෙස තවත් පේජරයක් නිකුත් කල
අතර එය හා RIM 950 අතර වැඩි
වෙනසකට තිබුනේ තිබුනේ නැති තරම් !
2000 වසරේදී RIM 857 හා RIM 957 නිකුත් කරන ලදි.
ඉහත සියල්ල BlackBerry නමින් තවමත්
හදුන්වන්නේ නැත.

එම වසරේදීම පළමු BlackBerry නිකුත් කිරීම සිදුකල අතර RIM 957 බොහෝ සමාන වු එය නම් කර තිබුනේ BlackBerry 5790 ලෙසයි.

ප්‍රධානම
වෙනස් කම් වුයේ 16
MB මතකය හා විශාල වු
තිරයයි.
අන්න ඒ විදිහට BlackBerry දුරකතන ලෙස හදුන්වන්නට පටන් ගන්නේ 2000 වසරේ BlackBerry 5790 එක්කයි. 


RIM සමාගම මේ නම
එනම් BlackBerry යන්න තම නිපද
වීම හදුන්වන්න යොදාගත්තේ තම දුරකතනයේ ඇති කුඩා යතුරු පුවරුව බොහෝ විටම Berry ගෙඩියේ ඇති බීජ වලට සමාන
ලෙස අදහස් කරගෙන බවයි පැවසෙන්නේ... 


එය යොදා තිබුනේ Lexicon Branding Inc of
Sausalito නැමති කැලිෆෝනියාවේ
පිහිටි ආයතනයකි. 

2002 වර්ෂයේදී
BlackBerry දුරකතන වර්ග රාශියක්ම
නිකුත් කල අතරම ඒවා අතර අලුත් වැඩසටහන් යුතු වර්ගද වුනා..
BlackBerry 5810 දුරකතනයේ GSM රේඩියෝවක් ඇතුලත් වු
අතර BlackBerry 6710 හා 6720
දුරකතනය ඇතුලත් කල මුල්ම වර්ග දෙක විය. BlackBerry 6510 තුල වෝකී ටෝකී ක්‍රමයක් ඇතුලත් කර
තිබුනි. 6750 වර්ගයේ CDMA සඳහා සහය
දක්වන ලෙස නිපදවා තිබුනි. 

එලෙසම එයටම
ආවේනික වු කුඩා බෝලයක් ( Trackball) සහිත යතුරත් කුඩා
යතුරු පුවරුවත් ඇතුලත්ව තිබුනි. 


2003 දීත්
විවිධ දුරකතන වර්ග රාශියක්ම නිකුත් කල අතරම මෙතරම් කල් කලු වර්ණ වු දුරකතනයන්
විවිධ වර්ණයන්ගෙන් යුතුව නිකුත් කිරීමද ආරම්භ කරන කරන ලදි. ඒ 7210,7230, 7280
වර්ගයි. 

එලෙසම මෙම 7000 අංක දරණ දුරකතනයන් සඳහා රෝමිං පහසුකම් ද ඇතුලත් කර තිබුනි.
ඇමරිකානු රජයේ නිලධාරීන් සඳහා තම දුරකතන ලබා දීමට හැකියාව ලබා ගැනීම එහි තවත්
සන්ධිස්ථානයක් විය.
RIM සමාගමේ 20 වන
සංවත්සරය සමරන 2004 වසරේදී මිලියන 2ක් වු
තම දුරකතන භාවිතා කරන්නන් හා සමරන්නට ලැබුන අතරම මතකය වැඩි කල හා වර්ණ තිරයෙන්
යුතු 7510 හා 7520 දුරකතන දෙකත් ඉතා සිහින්
වු 7100 දුරකතනයත් වෙළද පොලට ඉදිරිපත් කරනු ලැබුවා. එලෙසම ඔවුන් තම
මෘදුකාංගය භාවිතා කරන්නන්ට ලබා දෙමින් එයට වෙනස්කම් සිදු කරමින් භාවිතා කිරීමේ
හැකියාවද 2004 දි ලබාදුන්නා.. 


2005 වෙද්දී
මිලියන 4 ක භාවිතා කරන්නන් සඳහා GPRS, GSM සහය වාගේම 320X240 ප්‍රමාණයේ LCD තිරයකින් වු 8700 මාදිලිය ඉදිරිපත් කල අතර
ආලෝකයට සංවේදී ලෙස හැසිරෙන තිරය නිසා බැටරිය ඉතිරි කර ගැනීමේ හැකියාවත් HTML සඳහා සහය දැක්වීමත්
නිසා 2006 වෙද්දී මිලියන 5ක ප්‍රමාණයක් තම සමාගම සතු කරගන්නට හැකියාව ලැබුනා.. 

2007 දී වර්ණ
65000 සහිත තිරයක් සමඟ අනෙකුත් දෑ එක්කම නිකුත් කල 8800 කාණ්ඩය එලියට විසිවී
ගියේ BlackBerry Curve 8300 කාණ්ඩය සමගිනි.
එහි මෙගාපික්සල් 2 කැමරාවක්,
Bluetooth
හා සම්පුර්ණ
යතුරු පුවරුවක් සහිත වු එය 2007 ඔක්තෝම්බර් මස නිකුත් කරන ලදි. 


2008 දි 420X320 ප්‍රමාණයේ තිරයක්
සහිතව BlackBerry Bold නිකුත් කල අතර එහි
ස්ටීරියෝ ස්පීකරයක්,Wi-Fi හා HSPDA පහසුකම් ඇතුලත් කොට
තිබුනි. එකල මිලියන 14 කට වැඩි පිරිසක් ලොව වටා BlackBerry දුරකතන භාවිතා කර තිබුනි. 

2009 දී තම ප්‍රථම
ස්පර්ශක දුරකතනය ලෙස BlackBerry Storm වෙලඳපොලට
ඉදිරිපත් කරන ලදි. 

එය එකල හැදින්වුයේ “I Phone Killer” ලෙසයි. එය එතරම් ජනප්‍රිය
වු අතරම ලොව වටා ඒ වෙද්දී මිලියන 16 පිරිසක් BlackBerry වටා එකතුව සිටියේය. 

මෙලෙස
අවුරුදු පුරාවටම විවිධ වෙනස්කම් සමඟ ආ BlackBerry

තමන්ගේ අලුත් නිෂ්පාදනය 2013 ජනවාරී 13 වැනිදා BlackBerry 10 ලෙස නිකුත් කරන බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Thorsten Heins වන 2012
නොවැම්බර් 12 වැනිදා එම සමාගමේදී පැවති උත්සවයේදී ප්‍රකාශ කලා.. 

ඒත් පසුගිය සති කිහිපයේ අන්තර්ජාලයේ BlackBerry 10 හැඩරුව දැක්වෙන ජායාරූපයක් කවුරුන් හෝ පල කර තිබුනා... 

එය BlackBerry සඳහාම ආවේනික
වු යතුරු පුවරුවත් එහි දක්නට තිබුනා..
තවත් අලුත්ම වර්ගයේ ස්පර්ෂක බ්ලැක්බෙරියක පින්තූරත් එකතු කරලා..

එම නිසා එය කෙසේ එකක් වේ දැයි දැන් බොහෝ
දෙනා බලා ඉන්නවා.. 


දන්නවද වැඩේ
මෙහේම ගියාට 2012 වර්ෂයේ ජුනි වන විට
මිලියන 78 ක පිරිසක් BlackBerry භාවිතා කරමින්
ඉන්නවා... 

ඇමරිකාවේ බොහෝ දෙනා BlackBerry ය හදුන්වන්නේ
“
Crack Berry” කියලා!
ඒකත් පුදුමයි
නේද?? 

අපිට නම් මේක දැක්කත් අප්සට්...


වටින ලිපියක්....
ReplyDeleteමේකත් එහෙනං ඉගෙන ගන්න එක අතෑරපු එකෙක් පටන් ගත්තු වැඩක් අපි නැග්ගොත් තමා දෙබල්...
බොහෝම ස්තූතියි අර්ථවත් ලිපියට.මේ කිසිම දෙයක් කලින් දැනගෙන හිටියෙ නෑ...
පාවිච්චි කළ අය ගේ අදහසස් විමසා බලන්න.
ReplyDeleteමම දැනන් ඉන්නෙත් බ්ලැක් බෙරි කියන්නෙ මෙලෝ රහක් නැති ෆෝන් එකක් කියලයි...ඒ උනාට එක එක් ඉහල සමාජ තලයක් පාවිච්චි කරන ෆෝන් එකක් බව නම් දැනන් උන්නා..
ReplyDeleteමෙලෝ රහක් නැ කියන්නේ හරියට ජිල්බෝල හොද්දක් වගේ. මට නිකන් දුන්න එකවත් මම ගත්තේ නැ. ඕක නිකන් සම්භාව්‍ය චිත්තර පටියක් වගේ.
ReplyDeleteමමත් පාවිච්චි කරන්නේ ආයතනයෙන් දුන්න black berry ෆොනේ එකක්. ඉතිහාසය දැනගත්තේ ඔන්න ඉතින් අද..
ReplyDeleteමමනම් මෝටරෝලා එකෙන් නොකියා එකට විතරයි තාම මාරු වෙලා තියෙන්නේ.. :D
ReplyDeleteවැදගත් ලිපියක්.
ඇත්තටම හැමදාම වගේ වටිනා...අගනා.. ලිපියක්...මම අදම තමයි මේ බ්ලැක්බෙරිය ගැන දැන ගත්තේ...
ReplyDelete