Pages

Saturday, February 9, 2013

අවුරුදු 100 ක් සැමරූ “මාටින්“ ගේ හැඩ වැඩ බලය පිරි කාර් එක - “Aston Martin” - 100 Years of Power, Beauty, Soul


Singer සමාගමේ වැඩ රාජකාරී කරමින් කාර් තරඟ සඳහා ඉදිරිපත් වුන Robert Bamford හා Lionel Martin යන දෙන්නා එකතු වෙලා හැදුවා අලුත් කම්පැණියක්...

ඒ 1913 ජනවාරී 15 වැනිදා ලන්ඩනයේ Fulham පාරට කිට්ටුව Henniker Mews හිදී ..ඒක නම් කලා Bamford & Martin Ltd. කියලා..

1914 දි Martin ව Aston Hill Climb මෝටර් රථ තරඟාවලියේදී දක්ෂතාවයන් පෙන්වීමත් එක්කම පස්සේ මෙන්න මේ සමාගම Aston Martin කියලා නම් කලා..
අන්න ඒ විදියහට තමයි අපි මේ ඉදලා හිටලා අහන,දැක්කා කියන ඇස්ටන් මාර්ටින් කියන කාර් එංගලන්තයේ හදන්න පටන් ගත්තේ.. අහම්බයෙන් දැක්කා Aston Martin ට අවුරුදු 100 ක් වෙලා කියලා..
ඒක එච්චර තැකීමක් කලේ නැති “චාමිකයට“ ජේම්ස් බොන්ඩ් ෆිල්ම් ටිකක් එක දිගටම බැලුව හින්දම ආයිත් ආවා අදහසක් මේ බොන්ඩ් මහත්තයා එක්කම සෙට් වුන කාර් එක ගැන විස්තරයක් හොයන්න... ඔයාලත් බැලුවනේ Sky fall එහේම??
ඔන්න ඔහෝම පටන්ගත්ත සමාගම 1915 මාර්තු මාසයේ 16 වැනිදා ඔවුන්ගේ ප්‍රථම රථය ලියාපදිංචි කලා..
ඒ සිලින්ඩර 4 ඇන්ජිමක් 1908 නිපදවු Isotta-Fraschinni චැසියකට සවිකර අලුත් කිරීමෙනි.එය Coal Scuttle නම් කලා.

පලවන ලෝක යුධ සමයේ සෙමින් සෙමින් ගමන් කරපු මේ සමාගම 1921 දි තම ප්‍රථම කාරය තරගාවලියකට ඉදිරිපත් කරනවා..
1922 ජුලි 16 දි ලෝක වාර්තා 10 බිදහෙලමින් ඔවුන්ගේ Aston Martin රථ දෙකක් French Grand Prix තරඟාවලිය Brooklandsපැය 16 2/1 කදි ජයග්‍රහාහීව අවසාන කර ලෝක අවධානයට පත්වෙනවා..

අවාසනාවට 1925 දි වසා දමන සමාගම නැවතත් 1926 දි ආරම්භ කරන්නේ Aston Martin Motors Limited විදිහටයි. එහි පාඨය "Power, Beauty and Soul." යන්නයි.
1928 දී ඔවුන් නැවතත් තම රථයක් ප්‍රථම වරට Le Mans 24-hr තරඟාවලියට ඉදිරිපත් කරනවා..
1930-40 කාලය යුරෝපයයේ වෙනත් සමාගම් මෙන්ම ඉතා අපහසුවෙන් පාලනය වේගෙන යද්දී එහි අයිතියේද විවිධ වෙනස්කම් සිදුවුනා. එහෙත් 1937 ඔවුන් විසින් කාර් 140 නිපදවු අතර නැවත දෙවන ලෝක යුද්ධය සමඟ එහි නිපදවීම අඩුවෙන්නට ගත්තා..
Lagonda සමාගම අයිතිකරු වු David Brown 1947 දි මේ සමාගම මිලදී ගත්තා.. නව අදහස් යටතේ ක්‍රියාකල ඔහු තම නමේ මුල් අකුරු භාවිතා කරමින් DB නමින් කාරයක් හදුන්වා දුන් අතර ඉන් අවුරුදු 2 පසු 1950 Le Mans තරගාවලියට DB2 ලෙස කාරයක් ඉදිරිපත් කල අතර 1951 වෙද්දී එය එම ඉසව්වේ මුල් කාර් තුන අතර තිබුනා..

1954 දි සමාගම අලුත් තැනකට එනම් Newport Pagnell වලට ගෙන ගියා.
1958 දි DB4 නිපදවු අතරම එම කාලයේ තිබු රේස් තරඟාවලි කිහිපයකින්ම ජය ලැබු Aston Martin රථ 1959 දී ලෝක කාර් ශුරතාවය හිමිකරගන්නට වර්ම් ලබා ගත්තා.
1964 දි Sean Connery රඟපෑ ප්‍රථම James Bond චිත්‍රපටිය වු "Goldfinger” හි සුවිශේෂි ස්ථානයක්ද හිමිකරගත්තේ රථයේ තිබු අලුත්කල දෑ සමඟමයි.. එහිදි චිත්‍රපටිය සඳහා Silver Birch වර්ණයේ DB5 රථයේ හදිස්සියකදි ඉහලට විසිවන ආසන,තුවක්කු,රොකට් වෙඩි ආදියද ඇතුලත් වී තිබුනා.

එය එකල ඉතා හැඩවත්ම කාරය ලෙසත් හදුන්වා තිබුනා. එම කාරයම මෙවර 2012 තිරගත වු James Bond චිත්‍රපටිය වු Sky fall හිදීද දැකබලා ගන්නට තිබුනා..
අර ටිකක් පරණ තාලේ කාර් එක..
(කාර් දෙකේම නම්බරේ බලන්නකෝ මතක් වේවී.)
තමන්ගේ රටේ ආරක්ෂාවවෙන රටවල ඔත්තු සොයන බුද්ධි අංශ, ඒජන්සි ගැන දැන ගන්න කැමතිද? ඇවිත් බලන්න!
Lets get know much about
“ Intelligence Agencies” around the World !

1970 දී නැවතත් සමාගම පාඩු ලබන්නට වු අතර 1972 දි David Brown සමාගම විකුණා දැමුවා.
එය නම් වුයේ 'Company Developments Ltd' ලෙසයි. 1975 දි සමාගම Peter Sprague, George Minden හා later Alan Curtis යන අය මිලදී ගත් අතර එම වසරේ නිපදවා තිබුනේ කාර් 21 පමණයි. එකල අලුතින් හදුන්වා දුන් V8 Volantes හා Vantages වාහන නිසා සමාගම යම්තාක් දුරකට 1980 දශකය පැන ගන්නා ලදි.
නැවත අතින් අත මාරුවු මේ සමාගම 1981 දි Victor Gauntlett හා 
Pace Petroleum අතට පත්විනි.
1987 වන විට සමාගමේ 75%ක් වු විශාල කොටසක් මිලදි ගෙන තිබු Ford Motors සමාගම 1994 දි මුලු Aston Martin සමාගමම මිලදී ගන්නා ලදි. ඔවුන් යටතේ 2001 DB7 වර්ගය ඉදිරිපත් කල අතරම එයින් 5000 ක් නිපදවා තිබුනි.
2003 Newport Pagnell තිබු මුලස්ථානය Gaydon හි නව ස්ථානයකට ගෙන යන ලදි.

DBR9 ලෙස රේසින් තරඟවලටත්,
DB9 ලෙස සමාන්‍ය භාවිතයටද පසුව එක්කෙරිනි.

පරණ කාර් ඔක්කෝම අවුරුදු පිළිවෙලට මෙතනින් බලන්න...
2006 තිරගත වු "Casino Royale" චිත්‍රපටියේ දකින්නට ලැබෙන්නේ DBS වර්ගයේ රථයකි. 2007 දී මාර්තු 12 වැනිදා Ford Motors සමාගම Aston Martin විකුණා දමන්නේ පවුම් මිලියන 479 කට අන්තර්ජාතික ආයෝජන සමාගම් දෙකකටයි.ඒ Investment Dar හා Adeem Investment යන දෙකට වන අතර සභාපති ලෙස
David Richards පත්කර ඇත.
ආ... කාර් ගැන සමාගම ගැන විස්තරේ කිව්වට එකපාරින් මේ කාරය අදුනගන්න තියෙන ලාංජනය ගැනත් කියන්න තමා මේ හදන්නේ...
1914 සාදන ලදැයි පැවසෙන කාරයේ ප්‍රථම ලාංජනය A හා M අකුරු එකට එකතුකරමින් සාදා ඇති අතර ප්‍රධානව හැඩය වෙනස්කම් දෙකකට භාජනය වී 1932 භාවිත ලකුණ සුඵ වෙනස්කම් සහිතව වර්තමානය දක්වාම පැමිණ ඇත. එහෙත් 1947 -1971 දක්වා කාලයේ එහි නමට උඩින් David Brown යන්නද සඳහන් කර තිබී ඇත. 


එහි දෙපසට විහිදී ඇති පක්ෂියකුගේ තටු දෙකක් ලෙස නිර්මාණය කර ඇත.
2013 ජනවාරී 15 වැනිදා තම 100 වැනි සංවත්සරය සැමරුවා.. 


 
අන්න ඒ වෙනුවෙන් ඔවුන්ගේ අතීතය මතකය අවදි කරන විඩියෝව ඔබත් බලන්න...

 
පසුගිය 2013 ජනවාරී 15 වැනිදා තම 100 වැනි සංවත්සරය ඉතා උත්කර්ෂවත් ලෙස ඩුබායි හි පිහිට Burj Al Arab සුපිරි හෝටලයේ අඩි 1000 ක් උඩින් පිහිටි හෙලිකොප්ටර් නවතන වේදීකවට තම නවතම ඉදිරිපත් කිරීම වන Vanquish රථය හදුන්වා දෙමින් ලොවට තමා දෙවන සියවසේ ආරම්භය කියාපාන ලදි.  


 
ඒ සඳහා ඩුබාහි හි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් තුමා ඇතුලු ආරාධිත අමුත්තන් රැසක් එක්වී තිබුනා.
මේ එහි වීඩියෝවක්....




ඔවුන්ගේ නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න
ොරතුරු හා ජායාරූප සියල්ලම අන්තර්ජාලෙන් උපුටාගන්නා ලදි.

4 comments:

  1. වැදගත් තොරතුරු ගොඩක් තියනවා. ගොඩක් මහන්සි වෙලා ලියල තියනේනෙ මේවයෙ මිල එහෙම ‍ගොඩක් අඩු ඇති නේද? හි හි‍.

    ReplyDelete
  2. සිරා නේ බං???????
    මටත් හිතෙනවා ලංකාවේ කාර් කොම්පැනියක් පටං ගන්න...

    ReplyDelete
  3. අප්පේ....රේසින් කාර් ගණන් අඩු කරපු නිසා මේවත් ගණන් අඩු ඇති නේද?

    ReplyDelete
  4. හැමදාම වගේ නොදන්නා විස්තරයක් අදත් ඉදිරිපත් කරාට ස්තුතියි.

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??