“උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ..
මරණයක් කොටා ඇත
නලලේ..”
එහේ ම තිබුනේ පැරණි සිංදුවක.. 

සිංදුවේ තිබුනා වගේම
මේ ලොකේ උපන්නොත් කවදා හරි අපිව අරගෙන යන්න එන
පුද්ගලයෙක් ඉන්නවා... 

ඒ කවුද? 

කවුරුවත් නෙවේ ඒ තමා අපි කවුරුත් කියන “මාරයා”... 

අපි කැමැති වුනත් නැතත් දවසක මේ මාරයා අනිවාර්ය යෙන් ම අපිව රැගෙන යනවා...ඒක එහේමයි 




හැබැයි
මේ “මාර” කියන එකනම් අපි ඕන එකකට යොදාගන්නවා..
මාර වැඩේ.. මාර සවුත්තුව, මාර
අප්සට් එක.. මේ වගේ මාර වචන ගොඩාක් තියෙනවා.. 

අන්න ඒ හින්දම මේ පෝය දවසේ මටත් හිතුනා මාරයා ගැන
පොඩ්ඩක් හොයලා බලන්න.. 

මාරයා වැනි අය වෙනත් ආගම් වලද සිටින බව පෙනේ..
සාතන් යන නමින් ක්‍රිස්තියානි ආගමේ
දැක්වෙන්නේ එවැන්නෙකි. 

බෞද්ධාගමේ දැක්වෙන මාරයා ගැන මෙහි ලියා දක්වනු
ලබයි. 

මාරයා සමහර වෙලාවට පුද්ගලයකු ,නැතිනම් දෙවි
කෙනෙකු නැතිනම් යක්ෂයකු ලෙස හදුන්වනු ලබයි. මාර දිව්‍ය පුත්‍ර රාජයා ලෙස සමහර
අවස්ථාවන් හිදී නම් කරනුයේ දෙවි කෙනෙකු ලෙස සලකන නිසායි. 

මාරයාගේ වාසස්ථානය පරනිම්මිත වසවර්ති දිව්‍ය
ලෝකයයි. 

ඒ නිසා මාරයාට “වසවර්ති මාරයා” ලෙස ද හදුන්වයි. අහලා තියෙනවා නේද සමහර
වෙලාවට එක එක අයටත් මේ වචනය භාවිතා කරනවා ..
මාරයා සතු විශාල බල සේනාව දස මාර සේනාව ලෙස
හදුන්වයි. අපි කවුරුත් දන්නා තණ්හා, රති, රඟා යන මාර දුවරූ තිදෙනාද අයත් වන්නේ මේ
බල සේනාවටයි. ඊට අමතරව බල සේනා ලෙස කාමය,රාගය, බඩගින්න හා පිපාසය, බය, ඊර්ෂ්‍යාව ඉන්
තවත් සමහරකි.

බුද්ධත්වයට හෝ රහත් ඵලයට නොපැමිණිනි ඕනම අයකුට තනතුර,තරාතිරම
නොබලා මාරයා කරදර කරනු ලබයි. මක්නිසාද සත්වයා දුකින් එතෙර වීම වැලැක්වීම ඔහුගේ
රාජකාරියයි. 

බුදුන්වහන්සේ මාරයාගේ මෙම ක්‍රියාවට විරුද්ධ වෙමින් සසර මග නැති කර
ගත්තේය..
එහෙත් බුදු බවට පත්වීම වැලැක්වීමට ඔහු නොකල දෙයක් නැත.. එදා මාරයා එසේ
පැවසුයේ බුදු වීමෙන් ඔහුගේ බලය බිදී වැරදි වල සුල මුල හෙලිවන නිසායි. 


බුද්ධ චරිතයේදී මාරයා ප්‍රථම වරට එක්වන්නේ
සිදුහත් කුමාරය ගිහි ගෙය හැර දමා අභිනිෂ්ක්‍රමණය කිරීමත් සමඟයි. කන්ථක අසු පිට යන
කුමාරයාට වාහල් දොරකඩදී “ කුමාරය.. තව දින 07 කින් ඔබ සක්විති රජ වන්නේය..එම නිසා
රජකම කරව..!”එදින සිද්ධාර්ථ කුමාරයා “මට රජකමින් වැඩක් නැත.. ලොව්තුරා බුදුබවා ලබා
මිස පසු නොබසිමියි..” පවසමින් මාරයා පලවා හැරි අතර ඔහුට අවස්ථාවක් එනතුරු සත්වසක්
පුරා බලා සිටි මාරයා බුදු බවට පත්වන දිනයේ එය වලකා ලීමට විවිධ ආකාරයේ කටයුතු කර
ඇති බව පුජාවලියේ දැක්වේ.. 

එදා මුලින්ම මාරයා ඔහුගේ සේනාව රැස් කොට වසවර්ති ඝෝෂා නම් වු බෙර නාදය පවත්වා ඇත. 

එය
දිව්‍ය ලෝකය පුරාවටම ඇසී තිබු අතර එය ඇසුනු අය වෙව්ලීමට පත් වු බවද සඳහන් වේ. බෙර
නාදය අසා මාරයාගේ සේනාව ඔහුට තව තවත් එකතුවී ඇත. ඉන් කෙල සියයක් යොදුන් උස වු ගිරි
මේඛලා නැමැති ඇත් රජකු පිට නැගී ඔහු විසින් හිස් පන්සීයයක්, දහසක් දළ හා දහසක් අත්
මවා ගෙන රතු වු ඇස් ඇතිව බුදුන් වහන්සේ වෙත තම සේනාව සමඟ පැමිණියත් බුදුන්
වහන්සේගේ තේජසින් ළංවීමට නොහැකි වු විට, ගස් ගල් පෙරලාගෙන යන මහා ප්‍රචන්ඩ සුළඟක්
මවා එවීය. ඉන් පසු එම සුළගින් සිද්ධාර්ථ කුමාරයා මොන සක්වලට විසිවී ඇත් දැයි සොයා
බැලීය. එහෙත් එම සුළගින් බුදුන් වහන්සේ නොව ඇසතු බෝ රුකද සෙලවීමට මාරයාට නොහැකි
විය. 


නිරුපද්‍රිතව සිටිනා බුදුන් දැකීමෙන් කෝපයට පත්
ඔහු මහා සාගර පතුලටම පළවා හරිමියි සිතා ගෙන මහා වර්ෂාවක් මැව්වත් එයින් බුදුන්
වහන්සේගේ සිවුරු කොනක්වත් නොතෙමී තිබුනි. එහෙත් පසු නොබැසි ඔහු මහා පර්වත
වර්ෂාවක්, අව් වර්ෂාවක්, අගුරු වර්ෂාවක්,අළු වර්ෂාවක් , වැලි වර්ෂාවක් වැනි
නොයෙකුත් වැසි වස්සවා කිසිවක් කල නොහැකි වු තැන තම ඇතු පිට පැමිණ සිය චක්‍රායුධයෙන්
පහර දුන් අතර එයත් කල නොහැකි වීමෙන් පැරදී පලා ගියේය... 

අවසානයේ බුදුන් වහන්සේ
මාරයා පරදා බුදු බව ලබා ගත්තේය.
බුද්ධ චරිතය හා මාර සේනාවේ ක්‍රියා කලාපයන් මේ
කෙටි වීඩියොවෙන් දැක ගත හැකිය..
එය උපුටා ගෙන ඇත්තේ Little Buddha නැමැති
චිත්‍රපටියෙනි. ගීතය මධුමාධව අරවින්දයන් ගෙනි. 

මෙවැනි මාර දේ කල හැකි මාරයා සක් දෙව් වාගේම
සදාකාලික නැති බව පැවසේ ආයුෂ ගෙවී යද්දී චුත වන අතර අලුත් මාරයකු අප සොයා ගෙන
පැමිණෙනවා ඇත. මේ මාරයා පරාජය කල හැක්කේ නිවන් දැකීමෙන් පමණී.. 

එම නිසා අදම පින් දහමට යොමුවිය යුතුය... 

තොරතුරු හා ජායාරෑප අන්තර්ජාලයෙන් හා දලදා වරුණ
සඟරාවෙන් උපුටා ගන්නා ලදි. මුල්
කතෘට උපහාරය ඔබේ දැනුම උදෙසා ඉදිරිපත් කරන ලදි. 

අදහසත් ලියලා යන්න අමතක කරන්න එපා..
කලෝචිතයි.
ReplyDeleteමම හිතුවේ මාරයියා ගැන කියල බං
හික්ස්.... ගොඩාක් අය හිතන්නෙම එයා ගැනයි කියලා......... :)
Deleteසාධු..!!! සාධු...!!!
ReplyDeleteඋදේම ධර්ම කරුණු..
ඔව් ඔව්!! කරන දේවල හැටියට ඒ ගැනත් බලන්න එපැයි නේද!! ස්තුතියි වේවා අදහසට!
Deleteදැන්නම් මාරයා බ්ලොග් එකකුත් කරනවා.
ReplyDeleteඔව් නේ.....
Deleteදැන් ඉතින් වසවර්තියෙත් Wi fi ලු...
ස්තුතියි ආවට මේ පැත්තේ!!
නියම ලිපියක්.
ReplyDeleteස්තුතියි ආවට මේ පැත්තේ!!
Deleteස්තුතියි ආවට මේ පැත්තේ!!
Deleteමාරයා ගැනත් දැනගත්තා එහෙනම් ඈ ..ස්තුති චාමික
ReplyDeleteඒ කිව්වේ බ්ලොග් ලියන මාරය ද
Deleteඑන්න සමකය වටේ රවුමක් යන්න
එලකිරි ආ.......!
Deleteපෝයට ම ගැලපෙනම ලිපිය
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
ස්තුති වේවා!! ඔන්න සමකය පැත්තෙත් එනවා වෙනස බලන්න!!
Deleteකෝ රිප්ලයි?
ReplyDeleteඅද තමා දැම්මේ..... :D
Deleteඑළකිරි මචන්.. ජයවේවා
ReplyDeleteලියලා තියන විදිහට කියවන්න ආසා හිතෙනව බං...
ReplyDeleteEla machooo maraya gana kiuwata..... Next year eke idala marayage thanathure wada bara gnne mama hodee.....?
ReplyDeletesuperrr
ReplyDeleteMara lipiuak maru
ReplyDelete