Pages

Tuesday, January 24, 2012

Face Book අඩවිය ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ සයිබර් ප්‍රහාරයකට ලක්වේද?... Anonymous Says Facebook is next Target, on Jan 28

මේ මස 28 එනම් (2012 ජනවාරි 28) වෙනිදා රාත්‍රී 12.00 ට

(12 A.M) Face Book වෙබ් අඩවිය ඇනෝනිමස් හැකර් කණ්ඩායම මගින් සයිබර් ප්‍රහාරයකට ලක්කොට අක්‍රීය කොට දැමීමට ක්‍රියා කරන බව දැක්වෙන යු ටියුබ් විඩියෝවක් උදේ පාන්දරම යුටියුබ් එකේ දැක්කා...



මම හිතන්නේ බොහෝ දෙනා දකින්නත් ඇති...
මෙහෙයුමේ නම නම්

#OpGlobalBlackout FACEBOOK ATTACK

මේ තියෙන්නේ ඒ වි‍ඩියෝව


SOPA හා PIPA නැමැති පනත් දෙකක් ඇමරිකානු සෙනෙට් සභාවෙන් හා ඇමරිකානු ක්‍රොංග්‍රසය සම්මත කිරිමට සැරසීමත් එක්කම අන්තර්ජාලය තුල යුද්ධයක සිරියක් දකින්නට තියෙනවා...

ඒ වසා දැමෙන්නා වු අඩවි වලට එරෙහිව සයිබර් ප්‍රතිප්‍රහාර එල්ල කරන ඇනෝනිමස් හැකර් කණ්ඩායම, සාමාන්‍ය ජනයා වගේම ඇමරිකානු ආණ්ඩුවත් මේ යුද්ධය අතර සිටිනවා...


මේ විඩියෝව හරහා ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරනුයේ 60,000 ක් පමණ වන සර්වර් මැෂීන් (Servers’) බිද දැමීමට ඇති බවත් එය බිද දැමීමට හැකියාව ඇති බවත් ඒ සඳහා තමන්ගේ මෙම මෙහෙයුමට සහය දක්වන ලෙසත් මෙම විඩියෝව හරහා ලොව පුරා ජනතාවගෙන් ඇනෝනිමස් හැකර් කණ්ඩායම ඉල්ලා සිටින බවයි..

ඒ සඳහා සහය දැක්වීමට කැමති පුද්ගලයන්ට මේ ප්‍රකාශකයා පවසන්නේ ඔවු‍න්ගේ
LOIC (Low Orbit Lon Canon) මෘදුකාංගය

නැතිනම් පරිගණක වැඩසටහන බා ‍ගත කො‍ට ගෙන එහි Url නැමැති ස්ථා‍නයේ ප්‍රහාරයට අදාල අන්තර්ජාල ලිපිනය සටහන් කරමින් Lock On නැමැති ස්ථානයේ ක්ලික් කල යුතු බවත්ය.

එය 28 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 වන වි‍ට එකවරම ලොව පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් තවදුරටත් පවසයි. ඊට පෙර ක්ලික් කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවද පවසනවා...



ඔවුන්ගේ එම ප්‍රකාශයේ මෙවැන්නක් ද දක්වනවා...
“බිය නොවන්න... ඔවුන්ට ඔබව අල්ලා ගැනීමට කිසිදු මාර්ගයක් නැත.සිය දහස් ගණනක් වු පුද්ගලයන් හා හැකර්කරුවන් මෙයට සහභාගී වනවා ඇත. එවැනි විශාල පිරිසක් අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි වේ.. මේ ඔබේ අවස්ථාවයි. මේ අපේ අවස්ථාවයි..” යන්නයි..

කොහෝම වුනත් මෙවැනිම ආකාරයේ Face Book වෙබ් අඩවිය සඳහා සයිබර් ප්‍රහාරයක් පසුගිය වසරේ නොවැම්බර් මස 05 වනදා එල්ල කරනවායි පැවසුවත් මේ දක්වා එවැනි ප්‍රහාරයක් නම් එල්ල වුයේ නැත..එය “Operation Face book” නම් වුනා..


මේ කරුණු මෙසේ වෙද්දී ටිවිටර් වෙබ් අඩවියේ ඔවු‍න්ගේ
AnnOps පිටුවේ දැක්වෙන්නේ “ එය නැවතත් මාධ්‍ය මුලා කරන ලොකු බොරුවක් බවයි”



කොහෝම වුනත් මේක වෙනවද නැද්ද බලන්න නම් ඉතින් අද ඉදලා සෙනසුරාදා වෙනකන්ම බලන් ඉන්න වෙනවා...


ඒ අතරෙත් එක එක දේ සිද්ධ වේවි කියලා හිතෙනවා....


මේ පිළිබඳ අදහස් දක්වා තිබු Face Book අඩවි‍යට සම්බන්ධ ප්‍රකාශකයකු නිල නොවන අයුරින් කියා ඇත්තේ ....
“ඇනෝනිමස් හැකර් කණ්ඩායම පමණක් නොව වෙනත් ඕනෑම සයිබර් ප්‍රහාරයකට මුහුණ දීමට තම අඩවියේ ආරක්ෂා පුළුල් කර ඇති බවත්ය.”





We are Anonymous.
We are Legion.
We do not Forgive.
We do not Forget.
Expect Us.
ඒ ඇනෝනිමස් කණ්ඩායමේ ශිර්ෂ පාඨයයි.


මේ කොහේද ඉදලා ආපු SOPA හා PIPA හින්දා අපේ අයටත් සෙනසුරාදා ඉදලා Status Update නොකර ඉන්න වේවි ද දන්නෑ නේද??





Saturday, January 21, 2012

ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ අලුත්ම සයිබර් ප්‍රහාර ක්‍රමවේදය "වහා දැනුවත් වෙන්න" !! Anonymous try to use Twitter users for cyber attacks on USA...

හදිසියෙන් අන්තර්ජාලයේ දැක්ක පුවතක් "ඉසව්ව" කියවන හැමදෙනාටම
දැනගන්න ගෙනාවා....



කියවන්න...
අනිත් අයටත් දැන ගන්නත් එක්කම ඉදිරියටත් ගන්න අමතක කරන්න එපා...
මොකද මේක ගොඩාක් වැදගත්....


ටිවිටර් වෙබ් අඩවිය හරහා ලබා දෙන්නා වු සැබැදි ( Links) හරහා එය භාවිත කරන්නන් රව‍ටා සයිබර් ප්‍රහාරයන්ට සම්බන්ධ කරගන්නා ‍Anonymous හැකර් කණ්ඩායමේ අලුත්ම ක්‍රමයක් ගැනයි..




Sophos (සොපෝස් )නම් වු පරිගණක ආරක්ෂක සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන Graham Cluley සදහන් කරන්නේ නොදැනුවත්ව ක්ලික් Click කරන්නා වු එම සැබැදි
(
Links) හරහා මෙම සයිබර් ප්‍රහාර එල්ල වීමට සකසා ඇත්තේ එකවර පරිගණක දස දහස් ගණනකින් එකම වෙබ් අඩවියකට දත්ත ගලා යාමට සිදුකරමින් එම වෙබ් අඩවිය අක්‍රීය තත්වයට පත් කිරීමයි..‍



මේ ගැන තවදුරටත් පැහැදිලි කරන ඔහු පවසන්නේ
මෙය Denial of Service attack (Dos)ලෙස හදුන්වන බව ඔහු තව දුරටත් ප්‍රකාශ කරයි. අනිත් කාරණය වන්නේ Denial of Service (Dos)වර්ගයේ ප්‍රහාර නිතී විරෝධී විමත්,
පසුගියදා නවතනු ලැබු Mega upload වෙබ් අඩවිය හා මෙම ප්‍රහාරත් සම්බන්ධ වීම නිසා නොදැනුවත් ව හෝ සිදුවන මෙවැනි ක්ලික් Click කිරීමකින් තමන්ටද සිරගත වීමට සිදුවනු ඇති බවයි.

එවැනි ප්‍රහාර දියත් කරන්නා Botnet Herders ලෙසද හැදින්වේ..
ඒ ගැන මෙතනින් දැනගන්න...



එවැන්නක් ක්‍රියාත්මක වන ආකාරය...



Mega upload වෙබ් අඩවිය හා එම ප්‍රහාරය ගැන දැනගන්න මෙතනින් යන්න...

මීට පෙරත් තමන්ට සහය දක්වන්නා වු පිරිස සඳහා LOIC
(Low Orbit Lon Canon)
නැමති පරිගණක වැඩසටහනක් බෙදා දෙමින් ඒ හරහා ඉහත සඳහන් කල Denial of Service attack - (Dos) ආකාරයේ ප්‍රහාරයන් සඳහා නොදැනුවත්වම පිරිස එකතු කොට ගෙන ඇත මේ වන විට පැවසෙන ආකාරයට 19000 එම වැඩසටහන බා ගත කරගෙන ඇත.....


එම වැඩසටහනේ මුල් පිටුව දිස්වන ආකාරය මෙම වැඩසටහන තුල JavaScript එකකින් ක්‍රියාකරන බව පැවසේ..ස්පාඤ්ඤ භාෂාව යොදා ගෙන සකසා ඇති බවයි කියන්නේ



එම නිසා 249,000 ක් වු ටිවිටර් භාවිතා කරන්නන්ට මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි පරිශීලකයන් මේ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් බවත් තවදුරටත් ඔහු පවසයි..


අපිත් අනවශ්‍ය ලින්ක් ක්ලික් නොකිරීමට වගබලා ගත්තොත් ගොඩාක් හොදයි වගේ.....
කැමති අය ක්ලික් කොලත් අවුලක් නෑ හරිද!

* මේ ලින්ක්ස් ගැන බිය වීමට අවශ්‍ය නැත...
ඒවා ඉසව්වෙන් දාපුවා හොදද...!!

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??