Pages

Saturday, January 21, 2012

ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ අලුත්ම සයිබර් ප්‍රහාර ක්‍රමවේදය "වහා දැනුවත් වෙන්න" !! Anonymous try to use Twitter users for cyber attacks on USA...

හදිසියෙන් අන්තර්ජාලයේ දැක්ක පුවතක් "ඉසව්ව" කියවන හැමදෙනාටම
දැනගන්න ගෙනාවා....



කියවන්න...
අනිත් අයටත් දැන ගන්නත් එක්කම ඉදිරියටත් ගන්න අමතක කරන්න එපා...
මොකද මේක ගොඩාක් වැදගත්....


ටිවිටර් වෙබ් අඩවිය හරහා ලබා දෙන්නා වු සැබැදි ( Links) හරහා එය භාවිත කරන්නන් රව‍ටා සයිබර් ප්‍රහාරයන්ට සම්බන්ධ කරගන්නා ‍Anonymous හැකර් කණ්ඩායමේ අලුත්ම ක්‍රමයක් ගැනයි..




Sophos (සොපෝස් )නම් වු පරිගණක ආරක්ෂක සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන Graham Cluley සදහන් කරන්නේ නොදැනුවත්ව ක්ලික් Click කරන්නා වු එම සැබැදි
(
Links) හරහා මෙම සයිබර් ප්‍රහාර එල්ල වීමට සකසා ඇත්තේ එකවර පරිගණක දස දහස් ගණනකින් එකම වෙබ් අඩවියකට දත්ත ගලා යාමට සිදුකරමින් එම වෙබ් අඩවිය අක්‍රීය තත්වයට පත් කිරීමයි..‍



මේ ගැන තවදුරටත් පැහැදිලි කරන ඔහු පවසන්නේ
මෙය Denial of Service attack (Dos)ලෙස හදුන්වන බව ඔහු තව දුරටත් ප්‍රකාශ කරයි. අනිත් කාරණය වන්නේ Denial of Service (Dos)වර්ගයේ ප්‍රහාර නිතී විරෝධී විමත්,
පසුගියදා නවතනු ලැබු Mega upload වෙබ් අඩවිය හා මෙම ප්‍රහාරත් සම්බන්ධ වීම නිසා නොදැනුවත් ව හෝ සිදුවන මෙවැනි ක්ලික් Click කිරීමකින් තමන්ටද සිරගත වීමට සිදුවනු ඇති බවයි.

එවැනි ප්‍රහාර දියත් කරන්නා Botnet Herders ලෙසද හැදින්වේ..
ඒ ගැන මෙතනින් දැනගන්න...



එවැන්නක් ක්‍රියාත්මක වන ආකාරය...



Mega upload වෙබ් අඩවිය හා එම ප්‍රහාරය ගැන දැනගන්න මෙතනින් යන්න...

මීට පෙරත් තමන්ට සහය දක්වන්නා වු පිරිස සඳහා LOIC
(Low Orbit Lon Canon)
නැමති පරිගණක වැඩසටහනක් බෙදා දෙමින් ඒ හරහා ඉහත සඳහන් කල Denial of Service attack - (Dos) ආකාරයේ ප්‍රහාරයන් සඳහා නොදැනුවත්වම පිරිස එකතු කොට ගෙන ඇත මේ වන විට පැවසෙන ආකාරයට 19000 එම වැඩසටහන බා ගත කරගෙන ඇත.....


එම වැඩසටහනේ මුල් පිටුව දිස්වන ආකාරය මෙම වැඩසටහන තුල JavaScript එකකින් ක්‍රියාකරන බව පැවසේ..ස්පාඤ්ඤ භාෂාව යොදා ගෙන සකසා ඇති බවයි කියන්නේ



එම නිසා 249,000 ක් වු ටිවිටර් භාවිතා කරන්නන්ට මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි පරිශීලකයන් මේ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් බවත් තවදුරටත් ඔහු පවසයි..


අපිත් අනවශ්‍ය ලින්ක් ක්ලික් නොකිරීමට වගබලා ගත්තොත් ගොඩාක් හොදයි වගේ.....
කැමති අය ක්ලික් කොලත් අවුලක් නෑ හරිද!

* මේ ලින්ක්ස් ගැන බිය වීමට අවශ්‍ය නැත...
ඒවා ඉසව්වෙන් දාපුවා හොදද...!!

15 comments:

  1. Replies
    1. හි... හි... බිය නොවන්න!! ආරක්ෂා වෙන්න!!

      Delete
  2. ස්තූතියි දැනුවත් කරාට....:)

    ReplyDelete
  3. apith software eka dagena help ekak demuuuuuuu

    ReplyDelete
    Replies
    1. මමත් ඔයාට එකඟයි හිට් මෑන්.
      I always respect Anonymous team.
      They help to protect our free world.

      Delete
  4. chamika oyata thawa aluth dewal karanna shakthia labewa

    ReplyDelete
  5. machn, Botnet header kiyala kiyanne praharaya nemei , a praharaya diyath karanna kiyala watuna nam hari :) , Attack eka , thamai DDos attack eka ehemath naththam
    "Distributed denial of service"
    kiyala kiyanne ,
    DOS - denial of service
    DDos- Distributed denial of service

    ReplyDelete
    Replies
    1. යාලුවා!!
      ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීමට
      මම ඒ ආකාරයට ලිපියේ නිවැරදි කිරීම කලා!!
      ගොඩාක් ස්තුතියි....හැමදාම එකතු වෙන්න..

      Delete
  6. mona magulakda man nam hiree neme apaye giyath mata oneka click karanne

    ReplyDelete
  7. වැදගත් ලිපියක්

    ReplyDelete
  8. ෆේස්බුකියත් හැක් වෙනවලු හරියට..

    ReplyDelete
  9. මට පුළුවන් විදිහට මම නම් ඇනෝ ටීම් එකට සහය දෙනෝ. උන් ඉන්න හින්දා තමා ඇමෙරිකාවට ඕනි විදිහට ඉන්ටර්නෙට් එකේ නටන්න බැරි. ඇනෝලා ඉන්න හින්දා තවමත් ඇමෙරිකා‍ව ලොකුවටම ඉන්ටර්නෙට් එකට අතගහන්න බයයි වගේ. මෙගා අප්ලෝඩ් වැහුනා වගේ අනිත් ඒවත් වැහිලා ගියොත් කොහොමට හිටීද? අපි වගේ රටවල් වල ඉන්න එවුන්ට ඉන්ටර්නෙට් එකේ හුලං තමා ‍බොන්න වෙන්නේ.

    ReplyDelete
  10. http://www.mediafire.com/?5hfack4qx42tyos

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??