Pages

Friday, May 24, 2013

“අසූ මහා ශ්‍රාවකයන්“ වහන්සේලා ගැන දැනගනිමු!!

බෞද්ධයන්ගේ ප්‍රධානතම ප්‍රාර්ථනාව වන්නේ තුන්තරා බෝධියෙන් එක්‌ බෝධියකට පත්වීමයි. එනම් බුදු, පසේ බුදු, මහ රහත් කියන බෝධිවලින් එක්‌ අවස්‌ථාවකට පත්වීමයි. ඒ සඳහා සියලු පින් කම් අවසානයේ ප්‍රාර්ථනා කිරීම සිදුකරන ලදි.

අප ගෞතම බුදුන් සමයේ වැඩසිටි අසු මහා ශ්‍රාවකයන් වහන්සේලාම එලෙස සංසාරයේ දී කරන ලද ප්‍රාර්ථනාවන් අනුව ඒ ඒ තනතුරු ලබාගත්හ. ප්‍රාර්ථනා කළ පමණින්ම එවැනි තනතුරු නොලැබෙන බව වටහාගත් උන්වහන්සේලා ඒ සඳහා කළ යුතු පිංකම් නොමඳවම සිදු කළහ. 
අප ගෞතම බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් අතර ශ්‍රේෂ්ඨත්වයෙන් අගතැන්පත් ශ්‍රාවකයන් වහන්සේලා ගැන අපි අසා ඇත.



ඒ අතරින් මහා තෙරුන් වහන්සේලා අතර ප්‍රසිද්ධියට පත් මහා තෙරවරු අසූ නමක් දෙනා “අසූ මහා ශ්‍රාවකයන්“ වශයෙන් හඳුන්වා ඇත . 

Saturday, May 11, 2013

ඒ කාලේ දුරකතන ඇමතුමට“හොයි හොයි“කියලා ඇයි දැන් “Hello.! කියන්නේ..(Hello එකේ නොදන්න කතාව) - Why say a "HELLO" on lifting a phone?


Hello honey bunney ... Toko tokooooooooo
මේ දවස්වල ජනප්‍රිය සිංදුවක්!!
කියන්න යන්නේ නම් සිංදුව ගැන නෙවේ...හැබැයි Hello.... ගැන !

බොහෝ වෙලාවටම ලෝකේ පුරා හරි ජනප්‍රිය වචනයක්... ඕන කෙනෙක් දන්නවා.. භාෂාව, ආගම,ජාතිය මොනා වුනත් Hello....  කිව්වනම් ආපහු Hello.... ම කියනවනේ..!



මේ දවස්වල Hello ඉතින් honey bunney සිංදුවට යොදා ගත්තට වඩාත්ම ජනප්‍රිය දුරකතනයට ආපු ඇමතුමට හරි ඇමතුමක් ගන්න කොට හරි කතාකරන පලවෙනිම වචනය විදිහට.. නේද??
කවුද ඕක කියලා දුන්නේ??

කටිටිය හැමෝම කියන හින්දා පොඩි කාලේ ඉඳලා ඇහුන හින්දා මාත් ඉතින් දුරකතනයට උත්තර දෙන්නෙත්, ඇමතුමක් ගන්නෙත් Hello.... කියලම තමයි.. මොකද එහේම කියන්නේ කවුද මේක මුලින්ම කිව්වෙ කවුද? ඇයි? මොකටද කියලනම් හෙව්වේ නෑ..

ඒත් ගිය සතියේ අන්තර්ජාලයේ දැක්ක පොඩි විස්තරයක් හින්දා හිතුවා “චාමිකයත්“  Hello.... ගැන හොයන්න... 

Saturday, May 4, 2013

අපි දන්න KFC හෙවත් "වයසක අංකල්ගේ" කුකුල් මස් විප්ලවය - Do you know KFC? – Ok! Come and see where it all began…


The Kentucky fried Chicken එහෙමත් නැතිනම් අපි දන්න KFC කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නැති තරම්!
මාස දෙකකට විතර කලින් ගාල්ලේ දැම්‍ම KFC එක පැත්තට ගියේ ළගදී.. ඒ හින්දම හිතුනා මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඒක එහේම කිව්වට වැඩියෙන්ම හිතුනේ
මේ ලාංජනයේ ඉන්න ඩයල් එක “අංකල්” කවුද කියලා හොයාගන්න..


අන්තර්ජාලෙට පින්සිද්ධ වෙන්න කතාව, පින්තූර සේරම හොයා ගත්තා මෙන්න කතාව ඉසව්ව කියවන හැමෝටමත් එක්ක..

Thursday, April 25, 2013

ඉදලා හිටලා අපිත් යවන “අහස් කූරේන් “ඇරඹුනායි සැලකෙන වර්තමාන මිසයිලයේ වගතුග සොයමුද? Lets get know about the weapon called "Missile"!

පහුගිය දවස් වල උණුසුම් වෙච්ච උතුරු කොරියානු ප්‍රශ්ණය සමඟ මේ දිනවල බොහෝ වෙලාවට කතා කරනු ලබන මාතෘකාවක් තමයි මිසයිල නැතිනම් න්‍යෂ්ටික මිසයිල..
මාත් ‍හොයලා බැලුවා හැබැයි කොරියාව ගැන නෙමෙයි මිසයිල ගැන.. මේ තියෙන්නේ මිසයිල ගැන අපි දන්න නොදන්න තොරතුරු ටිකක් කෙටියෙන්..
කියවලා බලන්න ඔබත් ඒ ගැන දන්නවද කියලා..

වර්තමාන මිසයිලයේ ඇරඹුම අදහස ඉතිහාසය ආරම්භ වෙන්නේ ඉන්දියාවෙන්..
Tipu Sulathan නම් වු ඉන්දියාවේ මයිසුර් හී රජු විසින්..
ඒ 1792 දී බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව කල තුන්වන Anglo – Mysore යුද්ධයේදීයි. එහිදි ඔවුන් බ්‍රිතාන්‍ය හමුදාවට විරුද්ධව උණ බට හා වෙඩි බෙහෙත් එකතු කරගෙන නිපදවා තිබු මේවා දහස්ගනනින් භාවිතා කල බව සඳහන් වේ.. ඒ මිසයිලේ හරියට අපි යවන අහස්කූරක් වගේ..


Friday, April 5, 2013

වයස 40ක් වුනාට අලුත් මොස්තර එක්ක නිතර අලුත් වෙන ජංගම දුරකතනය - 40th anniversary of first ever call from a cell phone...


ඔහුගේ නිපැයුම දැන් අතේ තියාගෙන ඉන්න සංඛ්‍යාව ලොව ජනග්‍රහනයෙන් අඩකටත් වැඩි.. ඒ වුනාට ඒක හැදුවෙ කවුද කියලා ඒ අයගෙන් දන්න ගාන බොහෝම අඩුයි.. ඒකයි ඇත්ත තත්වේ..

මේ කියවන ඔයාගේ අතෙත් ඒ ජාතිය තියෙනවා.. නැද්ද?



දන්නවද ජංගම දුරකතනය නැත්නම් අපි දන්න Hand Phone එක? ඒකත් වයසට ගිහිල්ලා.. දැන් අවුරුදු 40 වෙනවා... වයසට යන්න යන්න තරුණ වෙන Hand Phone එකේ උපන්දවසයි.. Hand Phone එකේ තාත්තා ගැනයි ‍තමා මේ කියන්න යන්නේ...

වැදගත් කියලා හිතෙනවා... කියවන්න බලලා අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා.. තොරතුරු ජයාරූප වෙනදා වගේම අන්තර්ජාලයෙන්...

මීට අවුරුදු ගණනාවකට පෙර මෝ‍ටරෝලා සමාගමේ සේවය කල මාර්ටින් කූපර් මහත්තයාට ඒ සමාගම ඩොලර් මිලයනයක් ‍ආයෝජනය කරමින් අලුත් විදියේ දුරකතනයක් නිපදවීමට අභියෝගයක් ලබා දුන්නා..


පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??