Pages

Thursday, December 19, 2013

ශ්‍රී ලංකා තැපෑලේ සංකේතය“මුද්දරය”ගැන චාමිකයගේ මුද්දර එකතුවෙන්ම, විස්තර සහිතව ඇවිත් බලන්න .... Brief History about Sri Lankan Stamp from chamikaya’’..

අණබෙර ගැසීම, ඝණ්‌ඨාර නාදකිරීම්, කඳුමුදුන් හි ගිනි දැල්වීම, කොඩි එසවීම, දූතයන් යෑවීම, ගලේ කෙටීම සීපද ගායනාකිරිම, හූ කීම වැනි විවිධාකාර වු ‍ තොරතුරු හුවමාරු ක්‍රම තිබු අප සන්නිවේදන ඉතිහාසය වර්තමානය වෙද්දී තෑපෑල, දුරකතන, ඊමේල් ආදියෙන් දියුණුව දක්වා පැතිර ඇති අතර තැපෑල් සේවය එහි පරණම මාධ්‍යයයි.

තැපැල් සේවය අපට ලබා දීමට ගාස්තුවක් අය කරයි. එය අයකරන්නේ  මුද්දරය යන කුඩා කොල කැබැල්ලෙනි. එය විවිධ ස්වරූපයෙන්, වටිනාකමින් හා රටට ජාතියට අභිමානයක් ගෙන දෙන සිද්ධි,ස්ථාන වැදගත් දිනයන්,පුද්ගලයන් රටකටආවේණික ජන නායකයන්, සංස්‌කෘතිමය උත්සව, සැමරුම්, චිත්‍ර, මූර්ති කලා, සත්ත්ව වර්ග ආදියෙන් ඉදිරිපත් කරනු ලබයි.

එලෙස නිකුත් කරනු ලබන මුද්දර එකතු කිරීම ලොව ජනප්‍රියම විනෝදාංශයකි. එය දැනුම පුළුල් කර ගැනීමේ එක්තරා මාර්ගයක් මෙන්ම සිත් ඇද ගන්නා සුලු විනෝදාංශයකි.


(“ මේ කරුණු වලට අමතරව ශ්‍රී ලංකාවේ තවත් මුද්දර බලන්න 
චාමිකයගේ මුද්දර පොත PDF විදිහට Download කරගන්න මෙතනින්... “ )

ලොව පළමු මුද්දරය බ්‍රිතාන්‍ය ජාතික සර්රෝලන්ඩ් හිල් නමැත්තා 1840 මැයි 01 දින හඳුන්වා මහා බ්‍රිතානයේ වික්ටෝරියා රැජිණගේ උඩුකය මුද්‍රණය කර ඇති එම මුද්දරයේ වටිනාකම පැන්ස එකකි. 1840 මැයි 06 සිට භාවිතයට ගත් එය හදුන්වන්නේපෙනී බ්ලැක්ලෙසයි.

නිකුත් කළ රටේ නම (එංගලන්තය)සඳහන්ව නොතිබු අතර වර්තමානයේදීද එංගලන්තයෙන් නිකුත් කරන මුද්දරවල එරටේ නම සඳහන් කරන්නේ නැත. ඒ අනුව නිකුත් කරන රටේ නම සඳහන් නොකර මුද්දර නිකුත් කරන එකම රට එංගලන්තය යි.

Saturday, November 30, 2013

අවුරුදු 1000 ක් පැරණි වු “නිල්පාටක් නැති” අපේ කාලේ “නිල් වු දත” බ්ලු ටුත් - Bluetooth ! හා... හා.. -Why is it called Bluetooth? King Harald Bluetooth; who was famous for unite the PC and cellular!

ඉස්සර දුරකතන දෙකක් එක ලඟ නොසෙල්වී තියලා විනාඩි ගාණක් බලන් ඉදලා Infrared නැතිනම් අධෝරක්ත කිරණ වලින් සිංදුවක් ඒකේ ඉඳලා මේකට දා ගත්ත අපිට Bluetooth ආවට පස්සේ මල් හතයි. අමුතු තාලේ නමක් වුනා‍ට වෙන දේ නම් අපි දන්නවා.. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ...

බ්ලු ටුත් - Bluetooth නිල්දත හා... හා..

ඇත්තට මේ නම මේකට ආවේ කොහොමද?? නිකමට හිතුන හින්දා මාත් හොයලා බැලුවා....

Monday, October 28, 2013

හැදි,ගෑරුප්පුවෙන් කෑම කන්න ඔබට ටිකක් අවුල් වගේද? එන්න මුල සිට ඉගෙන ගන්න...(දන්න අය වුවද කම් නැත.) - Dining Etiquette Seminar - Handling Utensils & Eating Styles

ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් තමා..
එත් කොරියාව,ජපානය චීනය පැත්තට කෑම වේලකට ගියොත් පොඩ්ඩක් අමාරුයි. කන්න වෙනනේ කෝටු දෙකකින්....

ටිකක් අවුල් වගේද?
නෑ... කියන්න යන්නේ අනා නොගෙන කෑම කන විදිහ ගැනයි. හැබැයි අතින් නොවෙයි...
වර්තමාන ගෝලීයකරණ ආර්ථිකයත් සමඟ දස දෙස විහිදීයන චාරිත්‍ර අතර හැදි ගෑරුප්පු භාවිතයෙන් ආහාර ගැනීම,භාවිතය ඉතා සුලභ වී ඇත.වර්තමානයේ ප්‍රියසම්භාෂණ,රාජකාරි උත්සව,මගුල් ගෙවල් වලදී ඔබත් මේ අත්දැකීම ලබා ඇති. එලෙසම දැන් එය හුරු පුරුදු වුවත් නුපුරුදු වු අවස්ථාවක් ඔබටත් දැනී ඇති.


“ඉසව්වේ“ මේ උත්සාහය හැදි ගෑරුපුප්පුවේ නිවැරදිව භාවිතය පිළිබඳ හා එහි නිතී රීති පිළිබඳ රූප සටහන් මගින් පොඩි දැනුවත් කිරීමක් කරන්නයි. එමගින් පහසුවෙන් අවබෝධ කරගන්නට හැකි වේවි.

Wednesday, October 16, 2013

ලෝකයම ටක් ටක් ගාලා නැගලා යන Universal Bus එකේ අතීතයේ කතාව අදවත් බලමුද? Story of USB Port - Universal Serial Bus

වර්තමානයේ පරිගණකයට පහසුවෙන් සම්බන්ධ කොට
(Plug & Play) ඉක්මනින්ම ඒ හා සම්බන්ධව වැඩ කටයුතු කල හැකි විශේෂත්වයෙන් යුතු වර්තමානයේ කොපමණ විදුලි උපාංග හා සම්බන්ධව ඇතැයිදැයි ඔබට පවසන්නට අවශ්‍ය නැත.
කැමරා, දුරකතන චාජරයේ මෙන්ම කුඩා ප්ලාස්ටික් උපකරණ බොහෝ විට කුඩා ප්‍රමාණයේ USB Port එකක් සොයා ගැනීම අපහසු නැත. බොහෝ විට ඒවා සම්බන්ධ වන්නේ USB හෙවත්
Universal Serial Bus එකක් හරහායි.


ඒත් කවුද මේ USB හෙවත් Universal Serial Bus හොයා ගත්තේ? පාවිච්චි කලාට ඒ ගැන හොයලා බලන්න “චාමිකයටත්“ මතක් වුනේ මේ ළඟදී...

ඒ මොකද අහම්බයෙන් එහි අලුත්ම නිපැයුම ගැන අදහස් ඉදිරිපත් කරලා කියලා දැක්කාම....

Sunday, September 1, 2013

අතින් අල්ලන් නිතර නිතර ඔබත් මීයාව ඔබනවද? මේ ඒ මීයා ගැන කතාවයි! Classic to Cutting-Edge: Evolution of the Computer Mouse


ඔබ පරිගණක මවුසය කොපමණ කලක් ක්ලික් කර ඇතිද??
එහි නිර්මාණයේ මුල් හිමිකරුවා 1955 දි ඔරිගන් විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ශිල්පය පිළබඳ උපාධීධාරියකු වු  ඔහු 1925 ජනවාරී 30 වැනිදා ඇමරිකාවේ ඔරිගන් හි පෝට්ලන්ඩ් හිදි උපත ලබන ලදි.පසුව ඇමරිකානු නාවික හමුදාවේ රේඩාර් ශිල්පියකු ලෙස කටයුතු කරන ලදි.


 පසුගිය මස එනම් 2013 ජුලි 02 ඔහු වයස 88 ක් වෙද්දී ඔහු අභාවප්‍රාප්ත වුනා...
මේ මවුසයේ අතීතය ඔහු වෙනුවෙන් කල සොයා බැලීමක්..
තොරතුරු පින්තූර සියල්ලම අන්තර්ජාලයෙන් ...
කියවලා බලන්න අදහසක් දක්වන්න..


පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??