Pages

Thursday, March 22, 2012

අපි (නො) දන්න "ජිනිවා ප්‍රශ්ණය "හෙවත් - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගැන ඔබ දන්නවද? Do you know what is "UN Human Rights Council" ?

ජීනිවා මානව හිමිකම් ප්‍රශ්ණය මේ දිනවල ඕන කෙනෙක් දන්නවා... ලංකාව පුරාම කතා වෙනවා!!

බොහෝම විට පුවත්පත් , රූපවාහිනි ප්‍රවෘත්ති වල වගේම
ෆේස් බුක් වෙබ් අඩවිය පුරාමත් මේක හරිම ජනප්‍රියයි.

මොකද හොද හොද ප්‍රකාශත් නිකුත් වෙනවනේ!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තමා මේකේ හරි නම..
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී එහි 19 සැසිය පෙබරවාරි 27 වෙනිදා ඉදලා මාර්තු මාසේ අග වෙනකන්ම මේ කවුන්සිලය තියෙනවා..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිල ලාංජනය


ඒ ගැන කතාවෙන හේතුව ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩ කිරීම් ගැන විරෝධය පාමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමත්, ඒ සඳහා මාර්තු 22 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවටඑරෙහි යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම ආරම්භ වීමටත් හදන නිසායි.

ඔය හේතුව අහලා තිබුනත් මේ කවුන්සිලය ගැන නම් අපි දන්නේ නැති තරම්..
එත් ඇත්තටම මොකක්ද මේ කවුන්සිලය..
මොකක්ද මේකෙන් කරන්නේ??

අන්න ඒ ගැන දන්න නොදන්න හැමෝටම තමා මේ ඉදිරිපත් කරන්නේ!! මේ ගැන දැන සිටීමත් ගොඩාක් වැදගත් වේවි කියලා හිතනවා..

කියවලා බලලා අදහසක් එහේම ඉදිරිපත් කරලාම යන්න..

එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් රටවල් වලින් එකතුවුන සාමාජික රටවල් වලින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම හා එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයට අයිති අන්තර් ආයතනයක් විදිහට තමා මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ සෑදිලා තියෙන්නේ..

2006 මාර්තු 16 මෙම මානව හිමිකම් කවුන්සිලය පිහිටවනු ලැබුවේ එක්සත් ජාතින්ගේ මහා මන්ඩලය A/RES/60/251 වගන්තිය යටතේයි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිල වෙබ් අඩවියට මෙතනින් යන්න...

එදින “ අනාගත කටයුතු සඳහා වන ප්‍රඥප්තිය“ අනුමැතිය ලබා ගත් අතර එයින් ඉටුකරනුයේ මානව හිමිකම් පිලිබඳව සිදුවන විවිධ සිදුවීම් ගැන සමාලෝචනය කිරීමයි.

එමගින් එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් රටවල් 192 කම මානව හිමිකම් පිළිබඳ අධ්‍යයනයන් සිදුකරනු ලබයි.
මේ කවුන්සිලය අවුරුදු 03 වරක් අලුත් වෙන හතලිස් හතක් (47)වන සමාජිකයන් පිරිසකගෙන් යුතු වේ.

ඔවුන් පත්වන්නේ රටවල් 192 අතර පොදු සභා වාරයේදී එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයේ සමාජික රටවල රහස් ජන්දයෙනි.

බහුතර ජන්ද ප්‍රමාණයක් ලබාගන්නා රටවල් වලට මේ කමිටුව සඳහා පත්විය හැක.

තවත් කරුණක් වන්නේ එකම රටකට එක පිට දෙවතාවක් මෙම කවුන්සිලයට තේරී පත්වෙන්නත් බැහැ..

එක්සත් ජාතින්ගේ කලාප එනම් එම කලාපයන් හි ජනග්‍රහණය අනුව සමාජික රටවල් ගණන බෙදා වෙන්කරලා තියෙනවා..

අප්‍රිකානු කලාපයට රටවල් 13 ද ,
ආසියානු කලාපයට රටවල් 13 ද, නැගෙනහිර යුරෝපය කලාපය සඳහා රටවල් 06 ක් බටහිර යුරෝපා කලාපයට රටවල් 07 ක් හා
ලතින් ඇමරිකානු රටවල් 08 ක් එකතුව
විදිහට
සමාජික රටවල් 47 සැකසෙනවා..!


මේ සමාජික රටවල සාමජිකත්වය අහෝසි කරන්නත් පුළුවන් වෙන්නේ එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයට පමණයි. ඒ 2/3 ඡන්දයකින්..

පළමු වරට එවැනි ජන්ද විමසීමක් පැවැත්වුනේ 2006 මැයි 06 වෙනිදා වු අතර දෙවන වර සාමාජිකයන් පත්කර ගත්තේ 2009 මැයි මස 12 වැනිදායි..

තුන්වැනි වර 2012 දි පැවැත්වීමට නියමිතයි. සෑම අවුරුදු 03 වරක්ම අලුත් සමාජිකයන් පත්කර ගනු ලබයි.

2009 මැයි මස 12 පත්වු රටවල් හා
සමාජිකත්වය තවදුරටත් පවතින වසර..


මෙම මානව හිමිකම් කවුන්සිලය පිළිබඳ සියලු විස්තර මෙතනින් බලන්න...

තම සමාජීක කාල සීමාව තුලදී කවුන්සිලයේ නිතී රීති අනුව මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා තවත් දියුණු කිරීමට බැඳි සිටින අතර එම රටක දිගින් දිගටම මානව හිමිකම් කඩකිරීම් සිදුවනවානම් එම සමාජික රටේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සියල්ල සීමා කිරීමට එක්සත් ජාතින්ගේ මහා මන්ඩලයට හැකියාව ඇත.

ඒ සඳහා 2/3 බහුතර ඡන්දයක් ලබා ගැනීමට සිදුවේ.

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩ කිරීම් ගැන විරෝධය පාමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමත්, ඒ සඳහා
මාර්තු22වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන්
ඡන්ද විමසීම ආරම්භ වීමටත් නියමිතව පවතී..

Friday, March 16, 2012

හැකින් මෘදුකාංගත් සමගම නොමිලයේම ලබා දෙන අලුත්ම මෙහෙයුම් පද්ධතිය -“ Anonymous OS Live“ -Guys "Anonymous Live OS " Free download from Here but ....!!

වින්ඩෝස් 8 වලට පස්සෙත් අලුත් OS එකක් නැත්නම් අලුත්ම මෙහෙයුම් පද්ධතියක් ඇවිල්ලා... දන්නවද?
නෑ නේද.. !!

හැබැයි මේක නොමිලේ තමා දෙන්නේ...
අපි හොදට දන්න සෙට් එකක් තමා හදලත් තියෙන්නේ..
වෙලාවකට මේක එයාලාගේ කියනවා හැබැයි වෙලාවකට එයාලගේ නෙවේ කියනවා...
කවුද මේ??



කවුරුවත් නෙවේ..
සයිබර් ලෝකය හොල්ලන ඇනෝනිමස් කණ්ඩායම (Anonymous ) විසින් තමා මේ මෙහෙයුම් පද්ධතිය අපි හැමෝටම නොමිලයේම ලබාදෙන්නේ...



ඒ පද්ධතියත් එක්කම වෙනත් වෙබ් අඩවි වල ආරක්ෂාවට අභියෝග කල හැකි මෘදුකාංගද ඔවුන් ලබාදෙන බව දැක්වේ...
ඒ “අධ්‍යාපන කටයුතු වලට යොදා ගන්න“ බවයි වැඩි දුරටත් කියන්නේ... අදට මේ පද්ධතිය නිකුත් කරලා දින 02 යි...

මෙහෙයුම් පද්ධතියේ තිරය දිස්වන ආකාරය..



මෙහෙයුම් පද්ධතිය සමග නොමිලයේ ලැබෙන
හැකින් මෘදුකාංග වල නම් මෙතනින් බලන්න...


""Anonymous OS Live"" ලෙස නම් වු මෙම මෙහෙයුම් පද්ධතිය නොමිලයේම බෙදා හරින අතරම එහි නිර්මාණය සඳහා යොදා ගෙන ඇත්තේ විවෘත මෘදුකාංග
නැත්නම් (Open Source) ලිනක්ස් හි උබුන්තු අලුත්ම සංස්කරණයයි...


එය නොමිලයේම බාගත කර ගැනීම සඳහා ඔවුන් එය මුලින්ම
Source forge නම් වු වෙබ් අඩවියට ඇතුලත් කොට තිබු අතරම මෙහෙයුම් පද්ධතියේ සියලු තොරතුරු ලබා දිම සඳහා වෙනම වෙබ් අඩවියක්ද නිර්මාණය කර තිබේ...

ඔවුන්ගේ එම වෙබ් අඩවියට මෙතනින් යන්න..



Source forge මේ වන විට නම් එය තම වෙබ් අඩවියෙන් ඉවත් කොට ඇත.
එහෙත් මෙම මෘදුකාංගය පිළිබඳව AnonOps ටිවිටර් පිටුවේ ඊයේ සහ අද දැක්වෙනුයේ එය බොරුවක් බවත් , වෛරස් රැසකින් සමන්විත වු මෘදුකාංගයක් බවත්ය...





එහෙත් මෘදුකාංගය ගැන තොරතුරු දක්වන වෙබ් අඩවිය එහි කෝඩ් සියල්ල බලා ගැනීමටද ඉඩ සලසා ඇත්තේ එහි එවැනි වෛරස් අඩංගු නැති බව පවසමිනි.

කෝඩ් ටික බලා ගන්න මෙතනින් යන්න..


මීට පෙර එල්ල වු ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ අලුත්ම සයිබර් ප්‍රහාර ක්‍රමවේදය "වහා දැනුවත් වෙන්න" ඔබට මතකද?



ඇත්ත නැත්ත කොහෝම වුනත් එය ඊයේ දිනයේ පමණක් 4600 දෙනා එම මෘදුකාංගය බාගත කර ගෙන ඇති අතරම අද වන විට එය 21000 දක්වා වැඩි වී තිබේ.

එම නිසා මෙහි පිටුපස සිටින කණ්ඩායම ගැන කිසිවෙකුටත් හරිහැටි ප්‍රකාශ කර නොහැකි බවත් තව දුරටත් පැවසේ...
මෙම මෘදුකාංගය පිළීබඳව 36 දෙනෙකු ප්‍රසාදය පලකලත් 22 කු එය අනුමත කර නැත.

ඔවුන්ගේ වෙබ් අඩවියේ තව දුරටත් පැවසෙන පරිදි වෙබ් අඩවි විනාශ කිරිම වැනි කාරණා සඳහා මෙම මෙහෙයුම් පද්ධතිය සතු වැඩසටහන් යොදා ගන්නේ නම් එය භාවිතා කරන්නා ඒ සඳහා වන නිතිමය කරුණු වලට සිදුවන අපහසුතා ගැන වගකිව යුතු බවයි.


SOPA පනතට එරෙහිව ඔවුන් එල්ලකල ඇනෝනිමස් හැකින් ප්‍රහාර මතකද? මෙතනින් යන්න..



නිකන් දෙනවනම් ඕන OS එකක් නේද??
මේකත් නිකමට හරි දා ගෙන බලමුද??

Download කරනවනම් මෙතනින් යන්න...

හැබැයි පරිස්සමෙන්!!

තොරතුරු හා පින්තූර සියල්ල අන්තර්ජාලයෙනි...
අදහසක් දාලම යන්න හොදද!!


The Story of the Hacktivists



පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??