Pages

Monday, March 5, 2012

දත්ත ඇතුලත් ලැප්ටොප් පරිගණකයක් නැති වු “නාසා“ ආයතනය හා සයිබර් හොරුන්ගේ රට ගැනයි මේ... Stolen"NASA" laptop contained space station control codes.!

ලැප්ටොප් එකක් නැති වෙනවා කියන එක නම් ඉතින් සාමාන්‍ය දෙයක්..........

ඒත් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය
International Space Station (ISS)
පාලනයට යොදා ගන්න රහස් දත්ත ඇතුලත් වුන ලැප්ටොප් එකක් නැති වුනොත්...

මේ කියන්න හදන්නේ ඒ වගේ ලැප්ටොප් 12 ආසන්න ගණනක් ඇමරිකානු “ නාසා “ ආයතනය තුලදි නැතිවී, නැත්නම් දත්ත සමගම හොරකම් කරලලු..


මේ ගැන පහුගිය දවසක එනම් 2012 පෙබරවාරි 29, නාසා හි ගැටලු පිලිබඳ ඇමරිකානු කොංග්‍රසයට ප්‍රකාශ කරලා තිබුනේ එහි නාසා පරීක්ෂන ජෙනරාල් තනතුර (NASA Inspector General) දරන පෝල්.කේ.මාර්ටින් (Paul K. Martin) මහතායි..


එහිදි ඉදිරිපත් කල වාර්තාව ( PDF) written testimony

2011 මාර්තු මාසයේ නැතිවුන නෝට් බුක් පරිගණකයක ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පාලනයට යොදා ගන්න රහස් දත්ත සටහන් ඇතුලත් ව තිබී ඇත‍.

2009 අප්‍රේල් මස සිට 2011 අප්‍රේල් වන විට ආයතනය සතුවු මෙවැනි ද්‍රව්‍ය 48 ක් නැති වි තිබේ...
එලෙසම 2011 වසරේදී සයිබර් හැකින් ප්‍රහාර 47 ක් එල්ල වෙලා තියෙනවලු..
එයින් ආයතන පරිගණක වලට හානි පැමිණවු ප්‍රහාර 13 සාර්ථක වී තියෙනවා....

ඒ එක් ප්‍රහාරයකින් ආයතනයේ සේවකයන් 150 වැඩි පිරිසකට ආයතනයට පැමිනෙන පිටවෙන පරිගණක පද්ධතියත් පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා....

NASA's Jet Propulsion Laboratory (JPL) නැමති කැලිෆොනියාවේ පිහිටා ඇති පර්යේෂණාගාරයකට එක ප්‍රහාරයක් එල්ල කර තිබුනේ චිනයේ හැකර්කරුවන් පිරිසක් විසිනි.

නාසා ආයතනය පවසන ආකාරයට ඩොලර් බිලියන 1.5 මුදලක් තොරතුරු තාක්ෂණික කටයුතු සඳහා යොදන්නේ එයින්
ඩොලර් මිලියන 58 විශේෂ ආරක්ෂක උපක්‍රම සඳහාද යොදා ගනිමිනි.

හෙට අනිද්දා වෙනකොට හැකර් කරුවෝ පිටසක්වලත් හැක් කරයිද දන්නේ නෑ...


මේ අතරම ඒ ගැන පරීක්ෂණ කරගෙන ගියපු FBI ආයතනයට රොමේනියානු බලධාරීන් විසින් Razvan Manole Cernaianu නැමති තොරතුරු තාක්ෂණය හදාරන අවුරුදු 20 ක තරුණයෙකු අත්අඩංගුවට අරගෙන භාර දීලා තියෙනවා...



ඔහු අන්තර්ජාලයේ දි තමන්ව හදුන්වා ගෙන තියෙන්නේ "TinKode," නැමැති නමින්...
ඔහුව සැකකරුවෙක් වෙලා ඉන්නේ නාසා ආයතනය හා පෙන්ටගනයේ පරිගණක ජාල වලට ඇතුල් වෙලා කියලා..

ඒ විතරක් නොවේ නාසා ආයතනය භාවිතා කරනු ලබන මෘදුකාංග වැඩසටහන සොරා ගෙන තම බ්ලොග් අඩවිය මගින් මුදලට විකුණලා..
ඒ මෘදුකාංගය පාවිච්චි කරලා එම සර්වර්ස් වලට ඇතුලත් වන විඩියෝ පවා ඔහු ඒකේ ඇතුලත් කරලා....

මීට පෙර CIA වෙබ් අඩවිය හැක් කල අවුරුදු 19 තරුණයා මතකද? මෙතනින් යන්න..

රොමේනියාව ගැනත් යමක් කියන්න ඕන කියලා හිතුවා....

සයිබර් ලෝකේ ඉන්න ලොකුම සයිබර් හොරු, නැත්නම් හැකර් කරුවෝ ඉන්නේ මේ රොමේනියාවේ කියලා තමා කියන්නේ...

මේ තොරතුරු හොයද්දී වචනයක් හම්බවුනා...

Hacker Ville මතකද? අහලා පුරුදුද??

පරිගණක, අන්තර්ජාලය නැත්නම් ඇනෝනිමස් හැකර් තොරතුරු අතර මේ වචනය අනිවාර්යයෙන්ම ඔබ දැකලා ඇති...

මේ ඒ වචනයේ උපතත් තියෙන්නේ මේ රොමේනියාවෙන්...

බටහිරින් හංගේරියාවටත්,සර්බියාවටත්, නැගෙනහිරින් යුක්රේනයටත් දකුනෙන් බල්ගේරියාවටත් මායිම් වන රොමේනියාව යුරෝපයට අයත් 9 වෙනියට ලොකුම රටයි... මිලියන 21.5 ජනග්‍රහනයක් වෙසෙයි...

එහි අංක 07 අධිවේගී මාර්ගයේ පැය තුනක ගමනකට පස්සේ රැම්නකු වැල්සීයා (Râmnicu Vâlcea) නම් වු සංචාරක නගරයක් හම්බවෙනවා...


අන්න ඒ නගරයේ තමා ලොකේ ලොකුම අන්තර්ජාල වංචාකාරයෝ ඉන්නවා කියන්නේ... ඒ හින්දම එය ප්‍රසිද්ධ Hacker Ville ලෙසයි..

ගුගල් සිතියමෙන් නගරය බලමුද?? මෙතනින් යන්න

ebay, Auto trader වැනි දැවැන්ත වෙබ් අඩවි වල බොරු දැන්වීම් පළකර අන්තර්ජාල ගැනුම්කරුවන් රැවටීම මගින් සුක්ෂම ආකාරයෙන් මුදල් රැස්කිරීම ක්‍රියාත්මක කිරීම මෙහි සිටින තරුණ තරුණියන්ගේ ප්‍රධානම රැකියාවයි...


මෙසේ රැවටීමට ලක්වු බොහෝ අය ඇමරිකානුවන් වේ...

අවුරුදු ගණනාවක සිට කර තිබු මෙම වංචාව පිළිබඳ ප්‍රථම වරට පැමිනිලි ලැබි ඇත්තේ 2002 අවුරුද්දේ වීමත් විශේෂත්වයකි.

2002 දි පැමිණිලි 75,000 ට වැඩි ගණනක් FBI ආයතනයට ලැබී තිබු අතර 2009 වෙද්දී එය පැමිණිලි 333,000 දක්වා වැඩිවී ඇත.

සඳහන් වන ආකාරයට 2005 දි පමණක් ලොව වටා ගැනුම්කරුවන් ඩොලර් මිලියන 10 වැඩි මුදලක් දන් දී ඇත.

මෙම නගරයේ ලොකුම සයිබර් හොරා ලෙස සඳහන් වනුයේ “ චීටා “ (Chita)ලෙස හැදින්වෙන පුද්ගලයායි..

ඔහු විසින් ඇමරිකානු ආදායම් බදු දෙපාර්තමේන්තුව ලෙස වෙබ් අඩවියකින් පෙනී සිටිමින් එරට බැංකු හා සමාගම් සතු ගිණුම් අංක , ශේෂයන් සියල්ල හොරෙන් ලබා ගත් අතරම වෙනත් සමාගම් අරඹා එම මුදල් ඒවාට ගලා යාමට සකසා ඇත..

ඔවුන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක නොවන්නේ හරියාකාරව ජාල ගතවී ක්‍රියාකිරීම නිසාත්, ඔප්පු කිරිමට සාක්ෂි නොමැති නිසාත්ය...

තව දේවල් ඒ ගවේෂනාත්මක ලිපියේ තියෙනවා....බලන්න.
මේ තොරතුරු ටික ගත්තේ මෙන්න මෙතනින්

මොකද කියන්නේ කට්ටියම යමුද රොමේනියාවට?

Wednesday, February 29, 2012

දකුණට අභිමානයක් වූ මහින්ද විදුහල තම 120 වසර සමරයි.. "120 Years " for Mahinda College - Galle !!


දකුණට අභිමානයක් වූ මහින්ද විදුහල තම 120 වසර සමරයි..
1892 -2012


සිසුන් 4000 ට ආසන්නව 1 වසරේ සිට 13 වසර දක්වා පන්ති පවත්වන ගාල්ලේ ප්‍රධානම බෞද්ධ පාසල වන ගාල්ල මහින්ද විද්‍යාලය 2012 මාර්තු මස 02 දිනට වසර 120 ක් සමරයි...
“ඉසව්වේ “ මේ සටහන මගේ පාසල වු
අභීමානවත් මහින්දයේ අතීත ගමන් මග ගැනයි..

ගාල්ල මහින්ද විදුහල ගැන බොහෝ දෙනා දැන සිටියත් මේ විස්තර දන්නේ ටික දෙනෙක් වෙන්න පුළුවන්..
ඒ නිසාම කියවලා බලන්න..

1892 මාර්තු මස 2 වැනිදා සවස හතරටපමණ එකල හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ ව්‍යාපාරයේ පියවරක් ලෙස
හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා


ගාල්ල කොටුව ෆෙඩ්ලර් වීදියේදී සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මහින්ද විද්‍යාලය ආරම්භ වූයේ සිසුන් හැටදෙනෙකු සමඟ හා ගුරුවරුන් අට දෙනෙකු ගෙනි..
මෙහි කළමනාකරු ලෙස කටයුතු කල මුහන්දිරම් තෝමස් ද සිල්වා අමරසූරිය මහතා කටයුතු කල අතරම පළමු විදුහල්පති වුයේ අයර්ලන්ත ජාතිකබෝල්ස් ඩැලී මහතායි..
පළමු ශිෂ්‍යයා ලෙස ජී. සී. බ්ලොක් ලියාපදිංචි විය..
එකල මහින්දය ෆෙඩ්ලර් වීදියේ පැරැණි ලංකා බැංකු ගොඩනැගිල්ලේ තිබූ අතර පසුව අරාබි විද්‍යාලය පැවැති ස්ථානයටත් ඊළගට වෛද්‍ය කුලරත්න මහතාගේ නිවෙසට විද්‍යාලය රැගෙනගියේ පාසල පැවැත්වීමට ස්ථීර ස්ථානයක් නොතිබුන නිසායි..
ගාල්ල වරායෙන් මෙරටට පැමිණි සුදු ජාතික ෆ‍්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ් මහතා
1903 වසරේදී විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත්විය..

ෆ‍්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ් මහතා

වුඩ්වඩ් මහතා විද්‍යාලාධිපති ධුරයට පත්වීමෙන් පසු විද්‍යාලය
ස්වර්ණමය යුගයක් කරායන ගමන ආරම්භ වූයේය.
විද්‍යාලයීය ධජය රන් සහ කළු පැහැයන්ගෙන් නිර්මාණය වූයේද මෙතුමාගේ කාලයේයි..
“ ඉංග්‍රීසි පාලනය තුළ බෞද්ධ අධ්‍යාපනය ලබාදීම“එමඟින් අර්ථවත් විය.
එතෙක් විදුහල් ආදර්ශ පාඨය වු ‘සුචරිතයට වඩා උසස් දෙයක් නැත’ යන්න වෙනස් කොට
‘වෑයම් කොට පණ්ඩිතයෙක් වන්න’ යන අර්ථය ලබා දෙන 
 ‘බිප්පං වායාම පණ්ඩිතෝ භව‘ යන
පාලි පාඨය විදුහල් ආදර්ශ පාඨය බවට පත් කෙරිණ.




ස්ථිර ගොඩනැඟිල්ලක් විද්‍යාලයට සොයා ගැනීමේ වගකීම භාර ගත් වුඩ්වඩ් මහතාට, ගාල්ල එළියට් පාරේ පිහිටි දවටගහ වත්ත ඉඩම ඩී. එෆ්. ද සිල්වා මහතා හා වීරසිංහ මාතාව විසින් මහින්දයට පරිත්‍යාග කලේය.

1907 පෙබරවාරි 17 දින හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා මිය යාමත් සමඟ එතුමා සිහිවීමපිණිස විදුහලේ පළමු ගොඩනැගිල්ල ලෙස ඕල්කට් ශාලාව ඉදි කෙරිණි.

ඕල්කට් ශාලාව

1910 අගෝස්තු පළමුවැනිදා එම ශාලාව විවෘත කල අතර එම ශාලාවේදීම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය එම වසරේ සැප්තැම්බර් 9 වැනිදා ආරම්භකරන ලදි..
ආදි ශිෂ්‍ය සංගමය පසුගිය වසරේ දී තම සියවස සැමරුවේ ඒ වෙනුවෙන් ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් ද ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී අභිමානවත් ලෙසින් පවත්වමිනි.

1919 සැප්තැම්බර් මස 20 වැනිදා වුඩ්වඩ් මහතා විදුහල්පති ධූරයෙන් ඉවත් වීමත් සමඟවිදුහල්පති ධූරයට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ කාලිදාස් නාග් මහතා පත්විය.

ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු වූ ඔහු මහින්දයේ විදුහල්පතිධූරයේ කටයුතු කරමින් සිටියදී අධිරාජ්‍ය වාදින්ගෙන් සිය රට නිදහස් කර ගැනීමේ කාර්යයටද විශාල දායකත්වයක් සැපයූ අතර සරෝජිනී නායිදු මැතිනිය,රවින්ද්‍රනාත් තාගෝර් තුමා, ජවහර්ලාල් නේරු තුමා ද, ඉන්දිරාගාන්ධි මහත්මිය වැනි ප්‍රභූන්ගේ න්ද මහත්මා ගාන්ධි තුමාපැමිණීම ද මහින්ද විදුහලට ලැබු වැදගත් අවස්ථාවන් ලෙස දැක්විය හැක.
පාසල්වල බුද්ධධර්මය, පාලි හා සිංහල, ඉගැන්වීම ආරම්භකරමින් ඇරඹු මහින්දයේ දකුණු ලක ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම මහින්ද විදුහලෙන් බිහි කරන විට ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ එෆ්. ජි.පියර්ස් මහතා 1921 වසරේ සිට 1923 වසර දක්වා විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන්කටයුතු කළේය. එදින පාසලේ සිටි ශිෂ්‍යයන්තුන්සිය දෙනාගෙන් හරි අඩක්ම බාලදක්ෂයින් බවට පත් කෙරිණි.

ඒ වෙනුවෙන් මහින්දයේ තනා ඇති ස්මාරකය


විදුහලේ චිත්‍ර හා සංගීතගුරුවරයා වූ ආනන්ද සමරකෝන් මහතා


‘නමෝ නමෝ මාතා’ ගීතය ප්‍රථම වරට මහින්ද විද්‍යාලයීය තුළදී ගායනා කළේ විදුහල් සිසුන් සමගිනි.
ඒ පිළබඳ වු ඕල්කට් ශාලාවේ පිටත ඇත සටහන


සියවසකට වැඩි කාලයක් තිස්සේ මහින්ද විදුහල් මෑණියන්ගෙන් සිප් සතර හදාරා මෙරට පමණක්නොව ලෝකයම දික් විජය කළ ආදි මහින්දියන්ගේ සංඛ්‍යාව දස දහස් ගණනකි.
මහින්ද සියවස 1992 දි සැමරු අතර ඒ වෙනුවෙන් නිකුත් කල සමරු මුද්දරය

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිව සිටි මහාචාර්ය ඇම්. බී. ආරියපාල, මහාචාර්ය විනීවිතාරණ, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කේ. පී. ආරියරත්න, මහාචාර්ය සිරිගුණසිංහ, මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, මහාචාර්ය කපිලගුණසේකර, ආචාර්ය දයා රෝහණ අතුකෝරළ, ආචාර්ය නිහාල් සෝමරත්න වැනි විද්වතුන් බිහිවූයේ මහින්දයෙනි.
මහින්දයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණි පිරිසත් අති විශාලය. පුවත්පත් කලාගුරු ඩී. බී.ධනපාල, එඩ්වින් ආරියදාස, ඉරිදා ලක්බිම කර්තෘ සුන්දර නිහතමානී ද මැල්, ලක්බිම කර්තෘවසිට නැසීගිය කිත්සිරි නිමල්ශාන්ත මහතා වගේම රමේෂ් වරල්ලේගම, සංජය නල්ලපෙරුම යන අයද දැක්විය හැක..
විමුක්ති ජයසුන්දර වැනි අන්තර්ජාතිකසම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරුන් ද මහින්දයෙන් බිහිවූවෝ වෙති. දැවැන්ත ව්‍යාපාරිකයන්වූ විමලධර්ම සහෝදරයෝ, ඇල්බට් එදිරිසිංහ, ආතර් සේනානායකමහින්දයේ සෙවනින් බිහි වූවෝ වෙති..

ශ්‍රි ලංකා ටෙස්ට්ක්‍රිකට් නායකයකු වූ මාවන් අතපත්තු, ජයනන්ද වර්ණවීර, අතුල සමරසේකර, උපුල් චන්දන, ලසිත් මාලිංග වැනි දෙස් විදෙස් ප්‍රචලිත ක්‍රීඩකයින් බිහිවූයේ මහින්දයෙනි.
මේ වන විටත් මහින්ද රිච්මන්ඩ් “ ආදරවන්තයින්ගේ හටන “ 107 වන වරටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සුදානම් කොට ඇත..
දැන් අන්තර්ජාලය පුරා මහින්ද විද්‍යාලය ගැන තොරතුරු ලබා ගත හැකි ලෙස විකිපීඩියාව තුලටත් ඇතුලත් වී ඇත..
මහින්ද විද්‍යාලයේ විකිපීඩියා පිටුව බලන්න මෙතනින් යන්න...
මහින්ද විද්‍යාලයේ වෙබ් අඩවියට මෙතනින් යන්න...

මහින්ද විද්‍යාලය ගැන වු අලුත් තොරතුරු පින්තූරෆේස් බුක් අඩවිය හරහා මෙන්න මේ පිටුවෙන් පුළුවන්..

තව තවත් අපේ රට මෙන්ම ලොවම දික් විජය කරමින්, සදා කල් වැජඹෙනු ඇත..

"මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියෙනී වැජඹෙවා"

මහින්ද විද්‍යාලයීය පාසල් ගීය...



මේ ලිපිය සඳහා කරුනු උපුටා ගත්තේ“ ලක්බිම පුවත් පතට ආදි මහීන්දීය ජනමාධ්‍ය සංසදය ලියු ලිපියකිනි“සියලු ජයාරෑප අන්තරජාලය තුලිනි.ඒ සැමට ස්තුතිය!!

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??