පෘතුවියට හිරු වටා ගමන් කරන්නට යන කාලය දින 365 ක් නැතිනම් අවුරුද්දක් ලෙස අප හැදින්වුවත් ඒ සඳහා හරියටම දින 365.2422 ගත වෙන බව පැවසෙනවා..
ඒ කාලය මනින්
අද අප භාවිතා කරන්නේ 1582 අටවැනි ග්‍රෙගරි පාප් වහන්සේ හදුන්වා දුන් ජෝර්ජියානු
දින දර්ශණයයි.
එහිදී පෙබරවාරි 29 (Leap Day )ලෙස
දිනක් අවුරුදු 4 වරක් පැමිනේ..
ඒක අධික
අවුරුද්දක්...ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ..!
ඒ වුනාට දන්නවද??
අධික අවුරුද්දේ ආරම්භය සිද්ධවෙන්නේ ක්‍රි.පු.45
දීයී..
ඒ මීට අවුරුදු 2000 විතර පෙර ජුලියස් සීසර් ගේ පාලන සමයේයි. එකල දින 355
වෙච්ච අවුරුද්දක් තමා පාවිච්චි කලේ..
හැබැයි අඩුපාඩු වන දින ගණන නැවත ලබා ගන්න සෑම අවුරුදු 2 කට වරක් දින 22-23
ක් තිබුන අලුත් මාසයක් එකතු වුන එකල තිබු රෝම කැලන්ඩරය වෙනසක් කරන්නට අණ කල
ජුලියස් සීසර් ඒ සඳහා ඔහුගේ තාරකා විද්‍යාඥයකු වු Sosigenes පත්කලා..
එසේ වෙනසක් කරමින් ඔහු අවුරුද්දකට දින
365 ක් සහිත වු
ජුලියන් කැලැන්ඩරය හදුන්වා දුන් අතර සෑම අවුරුදු 4 කට වරක් පැමිනෙන
අවුරුද්දේ ඉතිරි වන කාලය වෙනුවෙන් දිනයක් වැඩි කර 366 ක් ගනන් කිරීම සිදු කල යුතු
බවයි.
අතීතය එසේ වෙද්දී මේ දිනය හා බැදිච්ච එක එක සිද්ධිත්
තියෙනවා...
සමහර රටවල් පෙබරවාරි 29 වැනිදා කාන්තාවන් විසින් තමන් කැමති පුර්ෂයන්ට තම ආදරය ප්‍රකාශ කරන්නට හැකි දිනය ලෙස සලකනවා..
සමහර රටවල් පෙබරවාරි 29 වැනිදා කාන්තාවන් විසින් තමන් කැමති පුර්ෂයන්ට තම ආදරය ප්‍රකාශ කරන්නට හැකි දිනය ලෙස සලකනවා..
එහි ඇරඹුම වී ඇත්තේ 5 වැනි සියවසේදී අයර්ලන්ත
කතාවකට අනුව ශාන්ත පැට්රික් වෙත ශාන්ත බ්‍රිජට් යන අය විසින් කරන ලද පැමිණිල්ලකට
විසදුමක් ලෙස ඔහු විසින් පෙබරවාරි 29 දින පවරා දුන් බවයි.
ඩෙන්මාර්කයේ එම දිනය
පෙබරවාරි 29 වෙනුවට 24 යොදා ගනී.
ස්කොට්ලන්තයේ පෙබරවාරි 29 උපත් අවසානාවන්ත බව
සලකන අතරම ග්‍රීසියේ අධීක අවුරුද්දක විවාහ වීම එම දෙපලට අවාසනාව ගෙනෙන බව සලකයි.
St Oswald’s Day ලෙසත් පෙබරවාරි 29 වැනිදා හදුන්වන්නේ යෝක් හි
ශාන්ත Oswald බිෂොප්වරයා මියගියේ 992 පෙබරවාරි 29 වැනිදා වීම
හේතුවෙනි. ඔහුව එම මස 28 වැනිදා මෙන්ම 29 වැනිදාත් සමරනු ලබයි.
පෙබරවාරි 29 දින උපත ලද දරුවන්ව Leapers නැතිනම් leaplings ලෙස හදුන්වන අතර එවැනි දරු උපතක් වීමේ සමභාවිතාවය
පෙබරවාරි 29 දින උපත ලද දරුවන්ව Leapers නැතිනම් leaplings ලෙස හදුන්වන අතර එවැනි දරු උපතක් වීමේ සමභාවිතාවය
1461 කට එකකි. (1/1461)
දින 30 31 තියෙන මාස තියෙද්දී පෙබරවාරියට විතරක්
දින 28 ක් වෙන්නත් හේතුවක් තියෙනවා..
ඒ ජුලියස් සීසර් විසින් තම නම වෙනුවෙන් ඇති
ජුලි මාසයට දින 31 කර ගෙන තිබීම නිසා ඉන්පසු පාලනයට පැමිනි ඔගස්ටස් සීසර් තමන්ගේ
නම වෙනුවෙන් ඇති අගෝස්තු මාසයේ දින 29 ගණනත් ඊට සමාන කර ගැනීමට පෙබරවාරියෙන් දින
දෙකක් අඩු කර අගෝස්තු මාසයට එකතු කර ගන්නා ලදි.
ජුලියස් සීසර්ගේ කාලයේ දින 30 ක්
පෙබරවාරියට අයත්ව තිබුනි.
සෑම අවුරුදු 4 වරක්ම අධීක අවුරුද්දක්
පැමිණෙන්නෙත් නැත.
මක් නිසාද අවුරුදු 4 වරක් යෙදෙන අවුරුද්ද 400 න් කිසිවක් ඉතිරි
නොවන පරිදි බෙදෙනවානම් පමණක් එම අවුරුද්ද අධීක අවුරුද්දක් වේ. එය ජෝර්ජියානු දින දර්ශණයේ නිතියක් ලෙස ක්‍රියාත්මක වේ. එම නිසාම වසර
1700, 1800,1900 අධික අවුරුද්දක් නොවුන අතර 2100 ත් අධික අවුරුද්දක් නොවනු ඇත.
ඒ
වුනත් වසර 1600 හා වසර 2000 නම් අධීක අවුරුදු විය.
අද පෙබරවාරි 28 නේ....
මේ අවුරුද්දෙ නැති ආපහු 2016 එන පෙබරවාරී 29 ගැන උදේම මතක් වුන හින්දා හිතුවා මොකක්ද ඒ සිද්ධිය ඇයි එහේම වුනේ කියලා ගුගල් දෙයියගෙන් හොයලා බලන්න..
මේ අවුරුද්දෙ නැති ආපහු 2016 එන පෙබරවාරී 29 ගැන උදේම මතක් වුන හින්දා හිතුවා මොකක්ද ඒ සිද්ධිය ඇයි එහේම වුනේ කියලා ගුගල් දෙයියගෙන් හොයලා බලන්න..
උඩ තිබුනේ හොයා ගත්ත ටික.කියවලා බැලුවනම් අදහසක් දාලම
යමුද?
වැදගත් දෙයල් ටිකක් ලියල තියෙනවා.
ReplyDelete29 ඉපදිච්ච උංට බර්ත් ඩේ එක අවුරුදු 4කට සැරයක් සමරන්න වෙන නිසා පාඩුයි නේ...
ReplyDeleteහිකිස්...
Ape mahinda mamatath hitheida danne aurudden masayak eyage namata wenkaraganna.
ReplyDelete