Pages

Monday, August 15, 2011

“ වැඩ බැරි වුනත් ගම ගාල්ලේ ” කියලා කියන...ගාල්ලේ කොටුව ගැන දන්නේ මොනවද? Visit To Galle Fort !!

අහල තියෙනවා නේදවැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියලා...
එහේමත් එක පාර කියන්න මතක් වුනේ පරිගණක වැඩ ගැනම බ්ලොග් එකේ දාපු මට හිතුනා අද දාන්න ඕන කියලා ගාල්ල කොටුව ගැන....
මොකද ගාල්ලේ ඉපදුනත් ඇත්තටම මේ දේවල් ගැන විස්තරයක් දාන්න පරක්කු වුනා කියලයි මට හිතෙන්නේ.......
දකුණ පැත්තට ට්‍රිප් එකක් යනවනම් ගාල්ලේ කොටුව බලන්න යන්න....
ඒකට මේ විස්තරයත්උදවුවක් වේවි කියලා හිතනවා!........දිග වැඩිද මන්දා....
ඒ වුනත් කමක් නෑ.......
ගාල්ලේ කට්ටියයි බලන හැමෝමයි තමන්ගේ අදහසකුත් එකතු කරලාම යන්න..
ඉස්සරහටත් ගාල්ලේ දේවල් ගැන විස්තර දාන්න තමා හිතන් ඉන්නේ!
එහේම නම් විස්තරය බලමු.
ගාල්ල කිවුවොත් ඉතින් කොහොමත් මතක් වෙන්නේ ගාලු කොටුව තමා‍....
එය දකුණේ උරුමයකි,ගාල්ලට ආඩම්බරයකි, ආභරණයකි....

ගාලු කොටු දොරකඩින් කොටුව තුලට ඇතුළුවන්නෙකුට ඉතිහාස‍ය පොතක දැක්වෙන පැරණි යුරෝපීය බලකොටු නගරයක සිරිය දැසින් දැක ගත හැකිවේ..
ගාල්ල කොටුව පැරණි සිතුවමක.....
ගාල්ල කොටුව ගුවනේ සිට....

ගාලු කොටුව ‍මුලින්ම ‍ගොඩනගන ලද්දේ පෘතුගීසින් විසිනි.ඒ ආරම්භය වන්නේ සුළි කුණාටුවකට අසුව 1505 දීඅහම්බයෙන් ගාල්ල‍ට පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා සමගිනි. ක්‍රි.ව.1857 දීසිංහල රජුගෙන් ගාලු වරාය අල්ලා ගත් ඔවුන් එහි ආරක්ෂාවට මුර‍කුටි තුනකින් යුක්ත වු කුඩා බලකොටුවක් සාදන ලදි. එය කළු කොටුව ලෙස දැන් හදුන්වයි.පෘතුගීසින් මෙහි වෙසෙමින් කන්ද උඩරට සමගවෙළඳ කටයුතු වලද නිරතවෙමින් සිටියේය...

පෘතුගීසින්ගේ පාලන සමයේ 16 වන සියවසේ අග සමයේ ගාලු කොටුවේ සිතියමක්....
Link

පසුව ගාල්ල කොටුව 1640 දිවිල්හෙම් ජාකොබ්ස් කෝස්ටර් ගේ මුලිකත්වයෙන් සෙබළුන් 2000කින් යුතු නැව් 12 යොදවමින් දින 04 ක දරුණු සටනකින් පෘතුගීසින් පරදා පලවා හැර ලන්දේසීන් 1640 මාර්තු 03 ගාලු කොටුව අත්පත්කර ගෙන අංග සම්පුර්ණ බලකොටුවක් බව‍ට පත්කලේය.
දිවයිනේ ඇති වෙනත් කොටු සියල්ලටම වඩා ගාලු කොටුව ප්‍රමාණයෙන් විශාල වේ.
මෙය අක්කර
96 කි.
කොටු බැම්ම බැඳ ඇත්තේ විශාල කළු ගල් කුට්‍ටි යොදාගනිමිනි.එහි උස අඩි 50 සිට 70 දක්වා වන අතර බැම්මේ පළල අඩි 05 කි. බැම්මේසම්පුර්ණ දිග සැතපුම් දෙකකි.ප්‍රධාන දොරටුව නැගෙනහිරටත් (දැන් ගාලු නගරයදෙසට) අනෙක් දොරටුව උතුරු දෙසටත් විවෘත ව ඇත.. ගාලු නගරය දෙසට ප්‍රධානදොරටුව විවෘත වුවත් අනෙක් දොරටුව හා වටේටම ඇත්තේ ඉන්දියන් සාගරය හා වෙරළයි.

1646 බරත්තෝ රෙසන්දෙගේ ගාලු සිතියම....

ගාල්ල කොටුව සවිස්තරව දැක්වු ලන්දේසී සිතියමක්...

1974දී පුරා විද්‍යාදෙපාර්තමේන්තුව විසින් සකසන ලද මැනුමකට අනුව නගරය දෙපස වන්නට වගුරු බිමක්තිබෙන්නට ඇත.
බොහො විට ඒ දැන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය
පිහිටා ඇත්තේ එහි විය හැකිය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ගාලු කොටු පවුර උඩ සිට හා ගුවනට පෙනෙන අයුරු.....


එකල ඉංග්‍රිසීන් එය අශ්ව රේස් සඳහා ද භාවිතා කර තිබුනි.

කොටුව මත කාලතුවක්කු සවිකරව ලද මුර කුටි, අට්‍ටාල හෙවත් බැස්ටියන් 16 ක් වේ.
ඒවායින් කිහිපයක් මෙහි දැක්වේ..
SWART BASTION
/ UTRECT BASTION / TRITON BASTION/ NEPTUNE BASTION / CLIPPEN BERG BASTION /AEOLUS BASTION / STAR BASTION / SUN BASTION / MOON BASTION / AURORA BASTION / FLAG ROCK BASTION මේවා සතුරුප්‍රහාර වලක්වාලීමට, කොටුවට පැමිනෙණ සතුරු නැව් හා මිත්‍ර නැව් හදුනාගැනීමට මේවායේ දිවා රාත්‍රි සේවයට මුර සෙබළුන් රදවා තබන්නට ඇත.
කොටුවේ පළමු පාලකයා වන්නේ ද මේ කොටුව අත්පත් කර ගත්
අද්මිරාල් විල්හෙම් ජාකොබ්ස්
කෝස්ටර්ය...
ලංකාවේ ප්‍රථම ප්‍රදීපාගාරයද නිර්මාණය කර ඇත්තේ ගාලු කොටුව තුළ FLAG ROCK BASTIONයන ස්ථානය තුලය.ඒ 1886 දි ඉංග්‍රීසින් විසිනි.ලෝහයෙන් තනා තිබු එය 1936 දිගින්නකින් විනාශයට පත් වී ඇති අතර දැනට
ගාලු කොටුව තුළ ඇති ප්‍රදිපාගාරය
1937 දී ඉදිකරන ලද්දකි.
1886 දි ඉංග්‍රීසින් විසිනි ලෝහයෙන් තනා තිබු ප්‍රදිපාගාරය
1937 දී ඉදිකරන ලද ප්‍රදිපාගාරය

MOON BASTIONනම් මුර කුටියේ පසු කලෙක දැන් කාටත් උසට පේන
ඔරලෝසු කනුව සාදා ඇත.

ඔරලෝසු කනුව.....
මේ ගාලු කොටුව ගැන ලීව්ව‍ට මේ ගැන යම් අදහසක් ගන්න ජාතික කෞතුකාගාරය - ගාල්ල කොටුව තුලම පිහිටා ඇති අතර පරිමානුකූලව සැකසු ගාලු කොටුවේ ආකෘතිය ඔබට වැදගත් වේවි.
ගාල්ලට ආවොත් ඒකත් බලන්න මතක තියාගන්න.
ජාතික කෞතුකාගාරය - ගාල්ල....

ගාලු කොටුවේඇති විශාලම ගොඩනැගිල්ල ලන්දේසී බඩු ගබඩාවයි. මහල් දෙකකින් යුතු මෙහි උඩකොටසේ ලන්දේසි සමයේ කන්‍යාරාමයක් තිබි ඇත.
එහි ඉදිරිපස
1701 දි සාදන ලද ඝණ්ඨා කුළුණක් ඇත.
දන්නවාද....?
මේ බඩු ගබඩාව දැන් සාගර කෞතුකාගාරයක් විදිහට විවෘත වුයේ 2010 මාර්තු මස4වන දින අතිගරු ජනාධිපතිතුමා අතිනි... ම්ම්.....
එකත් බලන්න ව‍ටින තැනක්....
සමුද්‍ර කෞතුකාගාරය..

ලන්දේසි බඩු ගබඩාවේ පැරණි සැලසුමක්....
ලන්දේසි බඩු ගබඩාව දැන්....
ගාලු කොටුවේ ඇති උසමගොඩනැගිල්ල වන්නේ අමාන් ගාල්ලනම් ‍තරු 05 ක හෝටලයයි. එම ගොඩනැගිල්ල 1884 දී දැවමය මහල් 12 කින් යුතුව ඉදිකර තිබී ඇත.දැනට ගරා වැටෙමින් තිබෙනඕලන්ද පරිපාලන ගොඩනැගිල්ලත් (ගාල්ල කොටුව පැරණි තැපැල් කන්තෝරුව ) ඒ අසල ඇති ආසියාවේ පැරණිතම පුස්තකාලය වන
ගාලු කොටුව පුස්තකාලය ද සුවිශේෂි තැනක් ගනී.
ආසියාවේ පැරණිතම පුස්තකාලය ඉදිරිපස...
1752 දී ගැස්පරස් ඩී ජොන්ග් නැමති ලන්දේසී අණදෙන නිලධාරියා විසින් ඉදිකල ඕලන්ද පල්ලියත්,1871 දීබ්‍රිතාන්‍යයන් සාදන ලද ඇංගිලිකන් දේවස්ථානය,මුස්ලිම් පල්ලියක් හා බෞද්ධවිහාරස්ථානයක් ද කොටුව තුල පිහිටා ඇත.
1752 ඉදිකල ඕලන්ද පල්ලිය........
පැරණි ඕලන්ද රෝහල පිහිටි තැන අද මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාලය හා ගාලු උරුමය පවත්වා ගෙන යයි.එය මගින් ගාලු කොටුවේ නඩත්තු කටයුතු කරගෙන යයි.
1683 දි ඉදිකල ක්වීන්ස් හවුස්නැමති ගොඩනැගිල්ල ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආණ්‍ඩුකාරවරුන්ගේ නිල නිවස ලෙස යොදා ගෙන ඇත.

ක්වීන්ස් හවුස්නැමති ගොඩනැගිල්ල ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආණ්‍ඩුකාරවරුන්ගේ නිල නිවස.......

ගාලු කොටුවේ ඇති පාරවල් කොටුරූල් කොලයකට සමානය. ලන්දේසීන් ඉදිකල ප්‍රධාන පාරවල් ලෙසLEYN BANN STREET (ලේන් බාන් වීදීය)LIGHT HOUSE STREET
(ප්‍රදීපාගාර වීදීය) PEDLER STREET (පෙඩ්රල් වීදීය) ප්‍රධාන වේ. සියළු ගොඩනැගිලි මේ පාරවල් දෙපස ගොඩනගා ඇත
කොටුරූල් කොලයකට සමාන පාරවල් ඇති අයුරු පහත පින්තූරයෙන් බලන්න.....

පැරණි සිතියමක..

LEYN BANN STREET(ලේන් බාන් වීදීය).........

වීදී දෙපසනිවාස 473 ක් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ කියයි. ‍එමගොඩනැගිලි වලින් 50% ක් ම ලන්දේසී සමයේ ඉදිකර ඇත. මේ නිවාස දෙපස කාණුදක්නට නොමැත.ඒ සඳහා ඇත්තේ නිවාස වල අපද්‍රව්‍ය හා වැසි ජලය පාර මැද ඇති කුහරයකින් පාර මැද පොලොව මැදින් ගලා යන කානු පද්ධතියට එකතු වේ.එය මුහුද දක්වා ඇදී යයි.
එයින් සිදු කොට ඇත්තේ මුහුදු රල කානුව තුලට පැමිනීමත්,ආපසු ඇදී යද්දී එහි ඇති අපද්‍රව්‍ය රැගෙන යාමත්ය.
දිවයිනේ ධනවත් නිවාස වල පවතිනමැද මිදුල් ක්‍රමය ගාලු කොටුවේ නිවෙස් තුල දැකිය හැක.

කො‍ටුවේ නිවාසක මැද මිදුලක්.

කො‍ටුවේ නිවාස වල දර්ශණ


බ්‍රිතාන්‍යයන් 1795 දී ගිවිසුමක් මගින් මෙම කොටුව අත්පත් කරගෙන ඇත.
ඔවුන් කොටුව තුල තිබු ලන්දේසී ගොඩනැගිලි මනාව ප්‍රයෝජනයට ගෙන ඇත.


ඊසාන දෙසින් ඇති කොටු දොරටුවේ ඇතුල් වන විට උඩ ඇත්තේ ඉංග්‍රීසී ලාංජනයයි.

එම දොරටුවේම ඇතුල් පැත්තේ(කොටුව ඇතුලට ගොස්) උඩ බිත්තියේ ඇත්තේ ලන්දේසී VOC (VEREENIGTE OOSTINDISCHE COMPAGNIE ) ලාංජනයයි.

ලන්දේසී VOC (VEREENIGTE OOSTINDISCHE COMPAGNIE )ලාංජනය සියවස් දෙකක ජායාරූප ශීල්පීන් දු‍ටු අයුරු.
Link
මෙම ඉංග්‍රීසී හා ලන්දේසී ලාංජන එකම ස්ථානයක දැකිය හැකි ස්ථානය ගාලු කොටු පවුර පමණි.
ලන්දේසීලාංජනය මුලින්ම තිබෙන්නට ඇත්තේ දැන් ඉංග්‍රිසී ලාංජනය තිබෙන තැන වියයුතුය...සමහර වි‍ට ඉංග්‍රිසීන් එය ගලවා පිටුපස සවිකරන්නට ඇති අතර ඔවුන්ගේලාංජනය ඉදිරිපස නිර්මාණය කරන්නට ඇත.
ඒ මොකද මේච්චර ලොකු කොටුවක් හදලා ඔවුන්ගේ ලකුණ පිටුපස හදන එකක් නැතිවෙයි නේද?
2004 සුනාමියටවත් ‍මේ කොටුව හොලවන්න බැරි වුනා...ගාල්ලට වෙන විනාශය බොහෝ දුරට අඩුවුනෙත් මේ කොටුව නිසා!

සුනාමි දවසේ ගාල්ල ජාත්‍යන්තර ‍ක්‍රිඩාංගණය හා ගාලු කොටුව!
දන්නවාද?

1972 යුනෙස්කෝ සංවිධානය ස්ථීර තර ගත් පරිදි ලෝක උරුම සුරැකීමේ සම්මුතියේ ලේඛණගතරටවල් 80 ක ස්ථාන 380 න් එකක් මේ ගාල්ල කොටුවයි.එය යුනෙස්කෝව 1988 දීප්‍රකාශය‍ට පත් කරන ලදි.එය ලංකා‍වේ ලෝක උරුම අතර 03 වැනි තැන ගනී.

ගාල්ල යුග 04 ක එකතුවක් වුවත් අද ලෝක උරුමයකි.

ගාල්ලේ කොටුවේ කට්ටියක් එක්කම බලන්න යනවනම් මේ විදිහට තැන් බලා ගෙන යන්න පුළුවන්..
හිතුවා අවසන් කරන්න ගාල්ල ගැන කවියකින් .... මම නෙවි ‍ලිවුවේ ඒත් උපුටා ගත්තේ.....
පරෙවි සංදේශය ( 1430 – 1440 )තොටගමුවේ ශ්‍රී රාහුල හිමි.

සරා සොදින් මහසයුරකැ මුළුල්ලේ
පෙරා රැගෙන රන් මිණිමුතු සියල්ලේ
සරා තිබු මෙන් සල්පිල් උදුල්ලේ
පුරාමැසිරි දැක යා ගන් ගාල්ලේ
දැන් නම් .. ගාල්ලේ අයට ..

24 comments:

  1. අපේ ඉස්කෝලෙ නෑ මේකෙ.

    ReplyDelete
  2. Hima hansi SOUTHLANDS neda?eekane cmt eka.hikz.
    kohoma unath watina lipiyak bro.galle inna apatath godak watinawa...
    thanks and thanks again.iskola gana liyanawanam ithin ingrisi galle wala athi karapu iskola ganath liyanna.
    :D

    ReplyDelete
  3. ගොඩක් වටින ලිපියක් මචං.මමත් ගාල්ලේ තමා ඒත් මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නෑ. :D

    ReplyDelete
  4. ෂා නියමට ලියලා අයියේ ගම ගැන ආඩම්බරයි.දිගටම ලියන්න ජය වේවා..!

    ReplyDelete
  5. වටින ලිපියක් සහෝ නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා..

    ReplyDelete
  6. ගාල්ලේ ගිහින් තිබුනට ගොඩක් තැන් වලට නම් ගිහින් නෑ.
    යන්න වටිනවා.

    ReplyDelete
  7. ගොඩක් වටිනා ලිපියක්... ගොඩාක් ස්තුතියි සහෝ දැනුවත් කලාට !!! මේ වගේ ලිපි තමයි ගොඩක් වටින්නේ.

    ReplyDelete
  8. @ හිම හංසි: ඇත්ත නේන්නම් වසර 125 ක් වෙන සවුත්ලන්ඩ් විද්‍යාලය ගැන දාන්න අමතක වෙලා!

    @ ඩිලංක : ස්තුතියි යාලුවා!අනිවා ඊලග පාර ලියමු!

    @Blog බඩී : ගාල්ලේ ද?? දැන ගැනීමත් සතුටක්!

    @මධුරංග : වේලාවක එන්න ගාල්ලේ...එක්කගෙන යන්නම් ගාල්ලේ තියෙන තැන් බලන්න‍

    @ආඩම්බරකාරී ,චතුර.... ,චතුරංග පෙරේරා | chathuranga Perera යාලුවනේ ගොඩාක් ස්තුතියි අදහස් දැක්වුවාට!

    ඉදිරියටත් හොද දේවල් දාන්න බලාපොරොත්තු වෙනවා!
    ඉඩ තියෙන වෙලාවට ඇවිත් බලලා යන්න!!
    හැමෝටම ස්තුතියි!

    ReplyDelete
  9. නියමයි,, අපේ ගමත් ගාල්ලේ, වැඩත් ඇහැකි..
    මම මේ රූප ටික බාගත්තට කමක් නැද්ද, බුකියේ ඇල්බම් එකක් විදියට දාන්න.. ඔයාගේ copyrights එක්ක දාන්නම්.. :)

    ReplyDelete
  10. වැඩත් ඇහැකි - ගමත් ගාල්ලේ........
    Nice work.........

    ReplyDelete
  11. mama nam kotuwata kiyanne "geri hame bima"kiyala..landeesi karayo geri hamak theeru walata kapala kotuwe pramaneta maayma hadagaththu hati dannawa needa?godak thorathuru thiyenawa..thawa enna ona ewath thiyenawa..nice work..

    ReplyDelete
  12. මරු පෝස්ට් එක...ප්‍රවුඩ් ටු බී අ ගාල්ලේ එකෙක්

    ReplyDelete
  13. good one machan. ade, Galle gana api nodanna ewath hungaaak thiyenawa ne.. keep it up machan. very proud of you.

    ReplyDelete
  14. apith Galle thama honde... maru maru...

    ReplyDelete
  15. "වැඩ බැරි වුනත් ගම ගාල්ලෙ" කියල කතාවක් හුඟ දෙනෙක් කියන්නෙ ඒ කතාවෙ තේරුම නොදැන. මේකෙන් කියන්නෙ ගාල්ලෙ මිනිස්සුන්ට වැඩ බැරිය කියන එකයි කියලයි බොහෝ දෙනා හිතන් ඉන්නෙ.
    දකුණෙ මිනිස්සු වැඩට දස්සයි කියලත් කතාවක් තියෙනවා. දකුණෙ අය උජාරුවට එහෙම කියන කොට අනෙක් ප්‍රදේශ වල අයට රුස්සන්නෙ නෑ. හැබැයි මේ කොයි කතාවත් නිකම්ම හැදිච්ච කතා නොවෙයි.
    යටත් විජිත පාලන කාලයෙහි කර්මාන්තයෙහි දක්ෂයින් බොහොමයක් දකුණෙන් බිහිවූ අය. එකල දකුණෙ අයෙකුට රස්සාවක් දෙන්න කර්මාන්ත හිමියෝ වඩාත් කැමති වුනා.පිළිගැනීමක් තිබුනා දකුණෙ අය ශිල්පීය දැනුමෙන් ඉහළයි කියල.
    එතකොට "වැඩ බැරි වුනත් ගම ගාල්ලෙ" කියන්නෙ මොකද්ද?
    කර්මාන්ත හිමිකරු ගාල්ලෙ අයට රස්සාව දෙනවා අදාල ක්ෂේත්‍රයේ නිපුණතාවක් ලැබ නොසිටියත්. කර්මාන්ත හිමියා දන්නවා පිළිගන්නවා
    ගාල්ලෙ මනුස්සයා වැඩේ අල්ලාගන්නා බව. තමාට ඔහුව අන් ප්‍රදේශයක අයකුට වඩා හරියන බව. අද කාලෙ වචනයෙන් කිවවොත් fit වෙන බව. ගම ගාල්ලෙ නම් වැඩ බැරිවුනත් තැන තිබ්බා.
    දැන් තෙරුම් ගන්න "වැඩ බැරි වුනත් ගම ගාල්ලෙ" කියන්නෙ යමෙක් හැදුනෙ වැඩුනෙ ගාල්ලෙ නම් ඔහු කර්මාන්තයෙහි, ශිල්පීය දැනුමෙහි, අන් පළාත් වල වැඩ දන්නා අය අභිබවා වඩා ඉදිරියෙන් සිටී කියන එකයි.
    රුක්මන්

    ReplyDelete
  16. ගාලු කොටුව ගැන විස්තර ගොඩක් දැනගත්තා. ආයි යන දවසක ඒ ගැන අවබෝධයෙන් යන්න පුලුවන්. ස්තුතියි :)

    ReplyDelete
  17. යකෝ දන්නෙ නෑනෙ මෙච්චර සෙල්ලං.... :O

    ReplyDelete
  18. can u translate this article 2 english please?

    ReplyDelete
  19. මමත් ගාල්ලෙ.එත් මාත් ගාල්ල ගැන ඔච්චර විස්තර දැනන් හිටියෙ නෑ.ගොඩක් වටින විස්තර ටිකක් ඒ වගේම ගොඩක් හොද වැඩක්

    ReplyDelete
  20. වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියන්නේ වැඩ බැරි ඇයො . . . ගම හිතා ගත ඇහැකි මේ වැඩ දැක්කම එල අයියා

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??