Pages

Saturday, July 5, 2014

ඌරාගේ මුත්‍ර බොක්ක පුම්බා අතීතයේ නිමැවු “ෆුට් බෝලයේ‘ (පාපන්දුවේ) විකාශණයේ වර්තමාන අසිරිය..How the Football has developed through the years!!

පාපන්දු.... නැත්නම් දන්න භාෂාවෙන් ෆුට්බෝල් ලොව ජනප්‍රියතම ක්‍රීඩාව.... මේ දවස් වල හෝ ගාලා ලංකාවෙත් ෆුට්බෝල් උණුසුම... හේතුව ඉතින් රුසියාවේ පැවැත්වුන ලෝක කුසලාන තරඟාවලිය...






මටත් හිතුනා පයින්ම ගහන මේ බොලේ නැතිනම් පාපන්දුවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. මේ පහල තියෙන්නේ හොයා ගත්ත තොරතුරු ටික! වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා තොරතුරු පින්තූර සියල්ලම..

1836 චාල්ස් ගුඩ්ඉයර් පදම්කරන ලද රබර් වලින් තැනු පාපන්දුවකට මුලින්ම පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා..


ඊට පෙර පාපන්දුව නිපද වීමට යොදා ගෙන තිබුනේ ඌරාගේ මුත්‍රා බොක්කයි..එබැවින් එකල පන්දුවේ හැඩය හා ප්‍රමාණයන් ඌරු මුත්‍ර බොක්ක අනුව වෙනස් වුනා.


Saturday, June 14, 2014

ජාත්‍යන්තර පොලීසියෙන් “චාමිකයාගේ බ්ලොග් ඉසව්වට“ රතු නිවේදනයක්. - තව කියවන්න මෙතනින්...Interpol Issue Red Notice for Chamikawp – More info click here….

ඉඳලා හිටලා හරි ප්‍රවෘත්ති බැලුවොත්, ඇහුනොත් අපරාධ ගැන එහේම අහලා දැකලා ඇති.... අපරාධකාරයා විදේශ රටකට පැන ගියොත් අල්ලන්නේ කවුද??

ජාත්‍යන්තර පොලීසිය




ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන ගැනත් ඇහිලා ඇති...

Monday, March 3, 2014

“ඇකඩමි සම්මානය“ කොහේවත් නැති “ඔස්කාර් සම්මානය“ ලෙස ‍වෙනස් වුන රසවත් කතාව හා තොරතුරු රැසක්..The Academy Award of Merit: A History of the Oscar and How it Got its Name!


MGM ස්ටුඩියෝ හි ප්‍රධානියා වුන Louis B. Mayer මහත්තයාහා ඔහුගේ අමුත්තන් තිදෙනා වු චිත්‍රපට නළු Conrad Nagel, අධ්‍යක්ෂ Fred Niblo හා නිෂ්පාදක වු Fred Beetson  සිව්දෙනාගේ රාත්‍රි ආහාරය අතරතුර මාතෘකාව වී තිබුනේ හොලිවුඩ් සිනමාව ඉදිරියට ගෙන යාමට යම් කිසි සංවිධානාත්මක කණ්ඩායමක් හා අගය කිරීමක් කල යුතු බවයි.ඒ 1927මුල භාගයේදීයි.

ඊළග සතියේ ඔවුන් රාත්‍රී ආහාරයක් පිළියෙල කලේ එකල සිනමා කර්මාන්තයේ වැදගත් සියල්ලන්ටම ආරාධනය කරමිනි.

Saturday, February 1, 2014

ගිවිසුමට ඉල්ලා ගත් “Nikon ලෙන්සයෙන්” ගොඩ ගිය “Canon කැමරාවේ” විශ්මිත වු කතාව.... - The Canon camera - All world leaders! - History of cannon cameras…!

ජපානයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබා උපාධිධාරියකුට එකල ජපානයේ වැදගත්ම රැකියාවක් වු බැංකුවක වැඩ කල විට මාසයකට උපයා ගත හැකි වු වැඩිම වැටුප වුයේ ‍ජපන් යෙන් 70 කි. එකලම ජපානයේ අලෙවි වු Leica Model II කැමරාවක් යෙන් 420 ක් තරම් වුයේ සාමාන්‍ය පුද්ගලයකුට ඒ ගැන සිතන්නට බැරි තරමිනි.


එකල තිබු විශිෂ්ඨ ගණයේ කැමරාවන් වුයේ Leica හා Contax නම් වු වර්ග දෙකයි. 1932 දී  "Leica Model II," කැමරාව හදුන්වා දුන් අතර එය අනුගමනය කරමින් 1933 දී "Contax Model I" කැමරාව වෙළඳ පොලට පැමිණි අතර මේ නිෂ්පාදනයන් දෙකෙහිම සාඩම්බර නිපැයුම් අයිති වුයේ එකල කැමරා සඳහා අධි‍රාජ්‍ය වු ජර්මනියටයි.

Thursday, December 19, 2013

ශ්‍රී ලංකා තැපෑලේ සංකේතය“මුද්දරය”ගැන චාමිකයගේ මුද්දර එකතුවෙන්ම, විස්තර සහිතව ඇවිත් බලන්න .... Brief History about Sri Lankan Stamp from chamikaya’’..

අණබෙර ගැසීම, ඝණ්‌ඨාර නාදකිරීම්, කඳුමුදුන් හි ගිනි දැල්වීම, කොඩි එසවීම, දූතයන් යෑවීම, ගලේ කෙටීම සීපද ගායනාකිරිම, හූ කීම වැනි විවිධාකාර වු ‍ තොරතුරු හුවමාරු ක්‍රම තිබු අප සන්නිවේදන ඉතිහාසය වර්තමානය වෙද්දී තෑපෑල, දුරකතන, ඊමේල් ආදියෙන් දියුණුව දක්වා පැතිර ඇති අතර තැපෑල් සේවය එහි පරණම මාධ්‍යයයි.

තැපැල් සේවය අපට ලබා දීමට ගාස්තුවක් අය කරයි. එය අයකරන්නේ  මුද්දරය යන කුඩා කොල කැබැල්ලෙනි. එය විවිධ ස්වරූපයෙන්, වටිනාකමින් හා රටට ජාතියට අභිමානයක් ගෙන දෙන සිද්ධි,ස්ථාන වැදගත් දිනයන්,පුද්ගලයන් රටකටආවේණික ජන නායකයන්, සංස්‌කෘතිමය උත්සව, සැමරුම්, චිත්‍ර, මූර්ති කලා, සත්ත්ව වර්ග ආදියෙන් ඉදිරිපත් කරනු ලබයි.

එලෙස නිකුත් කරනු ලබන මුද්දර එකතු කිරීම ලොව ජනප්‍රියම විනෝදාංශයකි. එය දැනුම පුළුල් කර ගැනීමේ එක්තරා මාර්ගයක් මෙන්ම සිත් ඇද ගන්නා සුලු විනෝදාංශයකි.


(“ මේ කරුණු වලට අමතරව ශ්‍රී ලංකාවේ තවත් මුද්දර බලන්න 
චාමිකයගේ මුද්දර පොත PDF විදිහට Download කරගන්න මෙතනින්... “ )

ලොව පළමු මුද්දරය බ්‍රිතාන්‍ය ජාතික සර්රෝලන්ඩ් හිල් නමැත්තා 1840 මැයි 01 දින හඳුන්වා මහා බ්‍රිතානයේ වික්ටෝරියා රැජිණගේ උඩුකය මුද්‍රණය කර ඇති එම මුද්දරයේ වටිනාකම පැන්ස එකකි. 1840 මැයි 06 සිට භාවිතයට ගත් එය හදුන්වන්නේපෙනී බ්ලැක්ලෙසයි.

නිකුත් කළ රටේ නම (එංගලන්තය)සඳහන්ව නොතිබු අතර වර්තමානයේදීද එංගලන්තයෙන් නිකුත් කරන මුද්දරවල එරටේ නම සඳහන් කරන්නේ නැත. ඒ අනුව නිකුත් කරන රටේ නම සඳහන් නොකර මුද්දර නිකුත් කරන එකම රට එංගලන්තය යි.

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??