Pages

Saturday, December 10, 2011

අප සමරන පසළොස්වක පෝය 12 හා බැදුනු සිද්ධි ගැන දැනගනිමු.. Brief description of the 12 Poyas in the Buddhist calendar and their significance.

සිංහල ලිතට අනුව අපේ මාස 12 හදුන්වන්නේ

දුරුතු (ජනවාරී) , නවම් (පෙබරවාරි) , මැදින් (මාර්තු), බක් (අප්‍රේල්) , වෙසක් (මැයි) , පොසොන් (ජුනි), ඇසළ (ජුලී) , නිකිණි (අගෝස්තු) , බිනර(සැප්තැම්බර්) , වප් (ඔක්තෝම්බර් ) ඉල්(නොවැම්බර්) උදුවප් (දෙසැම්බර් ) යන නම් වලින්..

ඒ වගේම මේ මාසයකට පෝය දින 04 ක් තියෙනවා..


චන්ද්‍ර මාසයකපෝයනමින් අප හදුන්වන දින 4ක් ඇත.

මාසයේ 08 වන දිනය පුර අටවක පෝය
මාසයේ 15 වන දිනය පසළොස්වක පෝය හෙවත් දෙපෝය
මාසයේ 23 වන දිනය අව අටවක පෝය
මාසයේ 30 වන දිනය අමාවක පෝය


බොහෝ දෙනා මේ ගැන දැන සිටියත් තවත් බොහෝ අයට මේ නම් අමතක වෙලා තියෙන්නත් ඇති...
මොකද අපි මාස වල නම් භාවිතා කරන්නේ ඉංග්‍රීසි විදිහටනේ...

බෞද්ධයන් විදියට අපි මේ හැම මාසයකම පසළොස්වකපෝය දිනය ඒ මාසයට අදාල සිංහල ලිතේ නමින් සමරනවා.ඒ පින්දහම් කටයුතු හා ආගමික කටයුතු ඉටුකරමින්..
පෝය කියලා කිව්වම නිවාඩුවක් කියලා වගේම පන්සල් ගිහින් පින්දහම් කලත් , එක් පුජනීය ස්ථාන වැද බලා ගත්තත්,එක් එක් පොහෝය දිනය අප බුදුන්වහන්සේ ගේ චරිතය හා බැදුනු සිද්ධි පිළිබඳ සොයා බලන්නේ,දන්නේ බොහෝමත්ම ටික දෙනයි...

අන්න ඒ නිසා අපි සමරන පෝය 12 හා බැදුනු සිද්ධි ගැන කෙටි විස්තරයක් තමා මේ “ඉසව්ව “ පැත්තට එක්වෙන්නේ....

තොරතුරු පොත පතෙන් වගේම අන්තර්ජාලයේ වු දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියේ දළදා වරුණ නම් සඟරාවෙනුත් එක්කර ගත්තා..
දළදා මාලිගාව වෙතින් නොමිලයේ බෙදා දෙන වැදගත් පොතක්..
මෙතනින් යන්න..
ඉතින් කියවලා බලලා අදහසක් දාලා යන්න අමතක කරන්න එපා...

වෙසක් පුර පසළොස්වක පෝය
ලෝකවාසී සියලු බෞද්ධයිනට අති ශ්‍රේෂ්ඨ දිනය වෙසක් පෝය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල මෙම පෝය දිනයේදී සිදුවිය.



ඊට අමතරව වෙසක් පෝය දින සිදු වූ වැදගත් සිදුවීම් ලෙස,කිඹුල්වත් නුවර දී සුදොවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේ යමාමහ පෙළහර පෑම,බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී තුන්වන වරට බුදුරජාණන් වහන්සේ ලක්දිව කැළණියට වැඩම කිරීම, සුමන සමන් දෙවියන්‍ ගේ ආරාධනයෙන් සමනල කන්ද මුදුනේ ශ්‍රී පාදය පිහිට විම,විජය ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට ගොඩබැසීම,රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතු නැකතට ආරම්භ කිරීම ආදිය වෙනවා... සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පෝයත් වෙසක් පෝය දිනයයි. කැලණියට හා අනුරාධපුරයට වන්දනාවේ යාමත් මෙදිනට සිදු කරනවා.

පොසොන් පුර පසළොස්වක පෝය
වෙසක් පෝ දිනය මෙන්ම, ශ‍්‍රී ලාංකික අපට වැදගත්ම පෝය දිනයකි.


මිහිඳු හිමියන් ප‍්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම දඹදිව සිට මිහින්තලයට වැඩම කොට දෙවන පෑතිස් රජු ඇතුළු පිරිසට “චුල්ල හත්ථි පදෝපම” සූත‍්‍රයෙන් දහම් දෙසා ලක්දිව බුදු සසුන ස්ථාපිත කළේ පොසොන් පෝය දිනයේදීය.භණ්ඩුක කුමරු පවිදිවීම හා උපසම්පදාව ලැබීම ද මෙදින සිදු විය.පොසොන් පෝය දිනයේ වැඩිවශයෙන්ම අනුරාධපුරය හා මිහින්තලය වන්දනාමාන කරනු ලබයි.

ඇසළ පුර පසළොස්වක පෝය
බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම,මහාභිනිෂ්ක‍්‍රමණය ප‍්‍රථම ධර්ම දේශනාව වූ
“ධම්ම චක්ක පවත්තන සූත‍්‍රය” පස්වග තවුසන් උදෙසා දේශනා කිරීම යන වැදගත් කරුණු සිදු වූයේ ඇසළ පෝය දිනයි. මීට අමතරව,රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගණ්ධබ්බ රුක් මූලයෙ දී මහා පෙළහර පෑම,කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කල සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත.
අපේ විහාරස්ථානවල වැඩ වෙසෙන
භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි.
එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් වැනි වූ මහනුවර දළදා පෙරහැරත්, කතරගම , රත්නපුර, ඇම්බැක්කේ, දෙවිනුවර , අලුත් නුවර පෙරහැරත් ඇසළ මාසය තුළ දී ආරම්භ කරනු ලබයි.


මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට දෙව්ලොවට වැඩමවා ගැඹුරු වු අභිධර්මය දේශණා කොට ඇත්තේද,බුදු පරිණිර්වාරනයෙන් පසු මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ ධර්ම සංගායනාවක් කළ යුතු යැයි තීරණය කිරිමද මෙම පෝය දිනයේදි සිදුව ඇත.

නිකිණි පුර පසළොස්වක පෝය
ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම,අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම,බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම,පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් වේ.නිකිණි පෝය දා සේරුවිල වන්දනාවේ යාම ද සිදු කෙරේ.

බිනර පෝය
මෙහෙණි සසුන ආරම්භවූ පෝය දිනය ලෙස ‍බිනර පෝය දිනය සඳහන් වේ. බුදුන් වහන්සේගේ සුළු මව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුරදුන්ගෙන් පැවිදි බව තෙවරක් ඉල්ලාද එය ලබාදීමට එකඟ නොවූ හෙයින්, බුදු සසුනේ පැවිදිවූ ආර්ය කුමාරවරු 500කගේ බිරින්දෑවරු සමඟ හිස මුඩු කර කසාවතින් සැරසී බුදුරජාණන් වස්කාලයේ වැඩසිටි කූඨාගාර ශාලාවවෙත පැමිණියෝය.
අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ට මෙම පිරිස තම ඉල්ලීම පවසා සිටි අතර, ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැයි අයැද සිටියහ.
එම ඉල්ලීමද තෙවරක් ප්‍රතික්ෂේප කර නැවත බලවත් පෙරැත්තය නිසා මහා ප්‍රජාපතී ගෞතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. මෙහිදී පෙර සිටි බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් පිළිපැදූ අෂ්ට ගරු ධර්ම මොවුන්ටද අදාල බවට මෙහිදී තීරණයවිය.
ධූතාංග සමාදානය සිදු කිරීම,සේරුවිල වාර්ෂික පිංකම් පැවත්වීම,බිනර පෝය දින වන්දනාකරුවන් විශේෂයෙන්ම වැඳ පුදා ගැනීමට යන්නේ මහියංගණයටයි.

වප් පුර පසළොස්වක පෝය
බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම,මහා පවාරණය සිදු කිරීම,ශ‍්‍රී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්ව යාම,අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීම වැනි කරුණු වප් පුර පසළොස්වක පෝය දින සිදු විය.අපේ බොහෝ විහාරස්ථානවල වස් අවසානයේ දී කඨින චීවර පූජා කිරීම ආරම්භ වන්නේත් මෙම පෝය දිනයේදීයි.

ඉල් පුර පසළොස්වක පෝය
ලෝකවාසීන්ට සෙත සලසනු වස් ප‍්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත සේවය සඳහා පිටත්ව යාම,අග‍්‍ර ශ‍්‍රාවක සැරියුත් තෙරණුවන් පිරිනිවන් පෑම ඉල් පෝය දින සිදු විය.එමෙන්ම කඨින චීවර පූජා කළ හැකි අවසාන පෝයත් ඉල් පෝයයි.

උඳුවප් පුර පසළොස්වක පෝය
සංඝමිත්තා මහ රහත් මෙහෙණිය ශ‍්‍රී මහා බෝධි දකුණු ශාකාව ද රැගෙන ලංකාවට වැඩම කරවීම,ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි. ශ්‍රිපාදය වන්දනා මාන කිරිමේ සමය ඇ‍රඹෙන්නේද උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙනි.

දුරුතු පුර පසළොස්වක පෝය
බුදුන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට උරුවෙල් කාශ්‍යාප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම,බුද්ධත්වයෙන් නව වැනි මස බුදුරජාණන්වහන්සේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ මහියංගණයට වැඩම කිරීම,සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට අනුව කේශ ධාතු ප‍්‍රදානය කිරීම,කැලණි විහාරයේ වාර්ෂික පෙරහැර ආරම්භවීම සිදුවන අතර වන්දනාවේ යන සැදැහැවතුන් බොහෝ විට යන්නේ කැලණි විහාරයටයි.

නවම් පුර පසළොස්වක පෝය
බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් අග‍්‍ර ශ‍්‍රාවකයන් වහන්සේලා පත්කර ගැනීම,බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට සංඝයා වහන්සේ රැස් කරවා සංඝ සම්මේලනයක් පැවැත්වීම,භික්ෂූන් වහන්සේට ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම නවම් පෝය දා සිදු වූ වැදගත් කරුණුයි.

මැදින් පුර පසළොස්වක පෝය
බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ පළමුවරට ස්වකීය නෑයන් බැලීමට කිඹුල්වතට පැමිණීමට ගමන් ආරම්භ කිරීම මැදින් පෝය දින සිදු විය.

බක් පුර පසළොස්වක පෝය
බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනයි. මැණික් පුටුවට යුද්ධයකට එළඹුනු චූලෝදර මහෝදර නා රජුන් සමගි කරවීම ද එදින සිදුවිය.


Sunday, December 4, 2011

විශ්මයජනක වු මායාකාර හැරී පෝටර්ගේ නොපෙනී යන කබාය විද්‍යාඥයින් සොයා ගනී.- Harry Potter Invisibility cloak becomes reality in Texas..

විශ්මයජනක වු මායාකාර චිත්‍රපටියක මනංකල්පිත වු යමක් විද්‍යාවේ දියුණුවත් සමඟ සැබෑවක් බවට පත්වීමත් ඇත්තටම “මාරයි“ නේද?

මොකද නොපෙනී යන්න කවුද අකමැති..
හැරී පෝටර් පළමු චිත්‍රපටියේ විනිවිද පෙනෙන නොපෙනී යන කබායක් ඇද ගෙන යන හැරි පෝටර්ව කාටත් මතක ඇති..

මතක නැති අය මේ පින්තුරේ දැක්කාම මතක් වෙයි..


කොහෝම වුනත් මෙවැනි අදහසක් මුලින්ම ඇවිල්ලා තියෙන්නේ 1993 දි තිරගත වුන Invisible man නම් වුනු චිත්‍රපටියකින් ලු...


අද "ඉසව්ව" පැත්තට දාන්න කියලා යන්නෙත් ඒ වගේ දෙයක් කියාලා මාතෘකාව දැක්කාම හැමෝම දන්නවනේ...

ආ.. ඒක ඇති දැන් 2011 ට එමු...

පහුගිය ඔක්තෝම්බර් මාසේ අන්තර්ජාලයේ පුවතක කියවුනේ හැරී පෝටර්ගේ නොපෙනී යන කබාය විද්‍යඥයින් සොයා ගනී.. එය දැනටමත් වතුර යට වැඩ කරනවා කියලයි. ඉතින් ඒ ගැන හා ඊට සම්බන්ධ විස්තර ටිකක් තමා මේ...
පින්තුර විස්තර විඩියෝ සියල්ලම අන්තර්ජාලයෙන්...

කියවලා බලලා මේ ගැන අදහසක් එකතු කරන්න කියලත් ඉල්ලනවා...

ගිය ඔක්තෝම්බර් මාසේ ඇමරිකානු ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විනිවිද පෙනෙන කාබන් පරමාණු ඉතා කුඩා කරමින් ඒවා මිලියන ගනනින් එකතු කොට මිනිසා විසින්ම සැදු කාබන් නැනෝටියුබ් නැමැති කඩදාසි භාවිත කරමින් සිදුකල පර්යේෂණයකට පසු මෙවැනි කබා නිපද වීමට එමගින් හැකිවේයයි පවසනවා...

මතුපිටක සිට පරාවර්තනය වී පැමිණෙන ආලෝකය ඇසට ලගා වීමට පෙර විහිදවා දැමීමේ ක්‍රමවේදයක් මේ සඳහා ඔවුන් භාවිතා කරන අතර එය දැනටමත් ජලය තුලදි සාර්ථකව සිදුවෙනවා...
මේ තියෙන්නේ එහි අවස්ථා දෙක...
බලන්න
පලවෙනි රූපයේ Invisibility cloak වචනය
දෙවනි එකේදී නැතිවෙලා ගිහිල්ලා...


එය හරියට අපි දකින මිරිඟුව වගේලු..
විඩියෝ යට තියෙනවා..

ප්‍රධාන පර්යේෂක Ali Aliev මහතා එම පර්යේෂණය සිදුකරන අයුරු
යු ටියුබයට එකතු කර අතර එය සැබැවින්ම සිදුවන බව දැකිමෙන් ඔහු සතුටු වන බවත් මෙය විද්‍යාවේ නව මාවතක් බවත් ප්‍රකාශ කරයි..

Ali Aliev මහතා


මේ තියෙන්නේ ඒ විඩියෝව...


ස්විඩනයේ පර්යේෂකයින් පිරිසක් මේ පිළබඳව වැඩි දුරටත් පර්යේෂණ සිදුකරනුයේ යුධ ටැංකි සඳහා මෙය යොදා ගෙන උෂ්ණත්වය සොයා ගෙන එන මිසයිල වලින් ආරක්ෂා විම ඉටු කර ගැනීමටයි...

දැක්කා නේ???
මේ අවුරුද්දේ එහේම වෙද්දි 2010 දි එනම් ගිය අවුරුද්දේ ස්කොට්ලන්තයේ ඇන්ඩෘ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩෘ ඩි පැල්කෝ සමග එකතු වෙච්ච පර්යේෂකයන්

මෙටෆෙලෙක්ස් (Metaflex)

නම් වු මුලද්‍රව්‍යක් යොදා ගෙන ආලෝකයේ දිර්ඝ තරංග ආයාම ලෙස වස්තුවට වැලැක්වීම වලක්වා එම වස්තුව ඇසට පෙනීම වැලැක්වීම සඳහා පරීක්ෂා කටයුතු කල අතර එම මුලද්‍රවයේ අනු තවත් කුඩා කරමින් එයින් මෙටාමැටීරියල්(Metamaterials) නැමති ද්‍රව්‍යක් නිපද වු අතර ඝන ද්‍රව්‍යක් වු එහි අංශු තව තවත් කුඩා කරමින් එමගින් නැමෙන සුළු වු "මෙටාමෙම්බුෆ්ස්" නැමැති ද්‍රව්‍යක් සාදා


එයින් කිහිපයක් එකතු කරමින් නැමෙන සුළු රෙදි වර්ගයක් නිපදවා ඇත. එමගින් මෙම විශ්මය ජනක වු මායාකාර කබාය නිපද විය හැකි බවයි ඔවුන් ප්‍රකාශ කර තිබුනේ...

අනික මෙම මෙටාමෙම්බුෆ්ස් මගින් සාමාන්‍ය කාච වලට වඩා බලයෙන් වැඩි කාච නිපද වන්නට පුළුවන් හැකියාවත් ලැබිලා...

2009 දි ඇමරිකානු ඩියුක් සරසවියේ පර්යේෂකයන්
'broadband ground-plane cloak'
ලෙස හැදින්වු ආලෝකය හරවා යවන තාක්ෂණයක්
සොයා ගත්තත් එය එතරම් සාර්ථක වී නැත.
ක්‍රෝනෙල් සරසවියේ ද පර්යේෂකයින් මේ කබාය නිර්මාණය කිරිමේ කටයුතු ගැන පර්යේෂණ කලත් මෙවැනි සාර්ථක ක්‍රම ලැබි නැත..


කොහෝම වුනත් මේ යන විදිහට නම් ඉක්මනටම නොපෙනී යන කබායක් ගන්න නම් බැරිවෙන එකක් නෑ..
හැබැයි මේක හොදට වඩා නරක දේවල් වලටත් යොදා ගන්න ඉඩකඩ වැඩියි නේද?
මොකද ඉතින් නොපෙනී ඉදගෙන කියක් දේවල් අපිට කරගන්න පුළුවන්ද නේද?
මේ දැනුත් මැවි මැවි පේනවා...

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??