Pages

Saturday, July 9, 2011

Galle Lace හෙවත් ගාල්ලේ බීරළු රේන්ද කර්මාන්තය ගැනයි මේ.. Sri Lanka Galle Lace.

සමහරු නම් දන්නවාත් ඇති සමහර අය දන්නේ නැතිවත් ඇති!
ඒත් ගැහැණු ළමයි නම් දන්නවා!

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වෙරලාසන්න ප්‍රදේශවල දකින්නට ලැබෙන අත්කම් කර්මාන්තයකි.
ගම ගාල්ලේ හින්දා ගාල්ල ගැන මුකුත් දැම්මේ නැති හින්දාමත් ගාල්ලට බොහෝවිට විශේෂයක් ගෙන දෙන අපේ රේන්ද කර්මාන්තය ගැන පොඩි විස්තරයක් දාන්න!

අදහස් දාලාම යන්න හරිද!!!!




ගාළු ලේස්, බීරළු ලේස්, පෘතුගීසි ලේස් යන නම් වලින් ද ලොව ප්‍රසිද්ධ එම නිමැවුම ඈත ඉතිහාසයකට උරුමකම් කියයි.
එය පෘතුගීසීන් විසින් මීට වසර 600 කට ගාල්ල අවට ප්‍රදේශයේ හදුන්වා දුන් බවත් ගාළු වරාය මූලික කරගෙන ලොව නන් දෙසට බීරළු රේන්ද සැපයූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත් කර ඇත.
දැන් නම් ඉතින් සංචාරක කර්මාන්තය තමා මේ කර්මාන්තය තියෙන්නේ!


බීරළු ගෙතීම පාරම්පාරික කර්මාන්තයක් ලෙස පැවතුනත් දැන් නම්
එය නැතිවි යන තත්වයටම පත්ව ඇත.
බිර‍ළු රේන්ද කලාව උසස් නිර්මාණ ක්‍රම යොදාගන්නා කලාවකි.

මේ සදහා ලී යෙන් සැදු රෙදි ‍පුරවා සකස් කර ගත් ‍
”රේන්ද කොට්ටය” නම් වු රේන්ද නිර්මාණය
කරන කොට්‍ටය යොදා ගනී..
එහි සිලින්ඩර හැඩය‍ට ලියෙන් සැදුව(කොයිරුව නමින් හදුන්වයි)
ඇති අතර එයටද රෙදි අල්ලා පුරවා ඇත...



රේන්ද මොස්තරය ප්‍රස්ථාර කොලයක පැන්සලකින් අදින අතර
එය ය‍ටින් කාඩ්බෝඩ් ප‍ටියක විදිය යුතු තැන් ඇල්පෙනෙත්තකින් සිදුරු කරමින් සකසා
එය පෙර සදහන් කල සිලින්ඩරය
මත ඇල්පෙනේත්ති මගින් අමුණනු ලබයි!
ඉහත සැකසු කාඩ්බෝඩය එස්බිසලය (අච්චුව හෙවත් ස්ටෙන්සිලය) ලෙස හදුන්වයි...

එහි ඇල්පෙනෙත්ති නියමිත තැන් වල සවි කරඑම ඇල්පෙනෙත්ති ව‍ටා බිරළු වටා එතු නුල දමා එම බිරළු එහා මෙහාට එම ගොතන කොට්ටය මත
විසිකරමින් මනා වු නිර්මාණයක් සිදුකරයි...

අවංකයෙන්ම එය අතිවිශිෂ්ඨයි!

බලන්න...



මේවායෙන් තවමත් ගොතනු ලබන්නේ පෘතුගිසීන් හදුන්වා දුන් එස්බිසලය
(අච්චුව හෙවත් ස්ටෙන්සිලය) ම පමණක් වීම ඉතා දුකින් වුවද කිව යුතුය!
මේ අච්චු සදහා ගාල්ලේ නැතිනම් මාගාල්ලේ( ගාල්ල වරාය පිහිටා ඇති ගම කි.මි.02 ගාල්ල නගරයේ සිට මාතර දිසාවට) විවිධ නම් භාවිතා කරයි.
ඒ සදහා යොදා ගන්නා බිරළු ප්‍රමාණයන්ද වෙනස් වේ...

එයින් කිහිපයක් පහත දැක්වේ....
මේවා එස්බිසලය නැත්නම් කොයිරු මෝස්තර ලෙසද කියයි!

සැලැක්කය - බිරළු කුට්ටම් 08
නුල් පෙත්ත - බිරළු කුට්ටම් 15
කොරදම බීක්කුව - බිරළු කුට්ටම් 12
ආදි වශයෙන් ආසන්නව 25-30 පමණ ඇත.

මේ එස්බිසලයේ ඇල්පෙනෙත්තිය සවිවන ස්ථානය ගැන මනා වු මතකයද අත්‍යවශය යයි මට හිතෙන්නේ ඇල්පෙනෙත්තක් වැරදුන හොත් මුළු රේන්දය වරදින නිසාය!

එහෙත් වර්තමානයේ නම් මාගාල්ලේ( ගාල්ල වරාය පිහිටා ඇති ගම කි.මි.02 ගාල්ල නගරයේ සිට මාතර දිසාවට) දැන් නම් මේ රේන්ද කළාව අභාවයට යමින් පවති..
පරම්පරාවෙන් මේ දේ රැගෙන යන්නේ ඇත්තටම පවුල් 03 හෝ 04 පමණකි..
ඒ මේ නිර්මාණවලට යහපත් වෙලඳ පොළක් නැති හේතු නිසාවෙනි...
ඔවුන් වෙනත් රැකියා කරා‍ යොමු විමත් තවත් හේතුවක් වී ඇත.
සමහර රටවල මේ බීරළු හා ලේස්වලට තවමත් හොද ඉල්ලුමක් ඇත..

එහේත් මීට වඩා පෞද්ගලික අංශයෙත්..
රාජ්‍යය අනුග්‍රහයත් නොමදව ලැබුනොත් එයින් දිවි රැක ගන්නා දකුනේ පවුල් සම්භාරයකට හොඳ අනාගතයක් ඇති කිරීමට අනිවාර්යෙන් ම හැකි වේවි!


දැන් නම් මේ රේන්ද යොදා ගෙන කරන්නේ නව නිර්මාණ ඒ කියන්නේ
පුටු කවර, මේස රෙදි , සාරි, ලේන්සු, ජනෙල් රෙදි වල වා‍ටි, කාන්තා ඇදුම්වල වා‍ටි සදහා යොදා ගනු ලබයි.



නව තාක්ෂණය, නව අදහස්, කාලීන නිර්මාණ හා වෙළඳපොලේ අවශ්‍යතාවන් ආදිය සැලකිල්ලට ගෙන මෙ වටිනා කලාව වැඩි දියුණු කරන්නේ නම් මීට වඩා ආර්ථික ලාභ ගෙනෙන, යොවුන් උදවිය ඇද බැද තබාගැනීමට සමත් හස්ත කර්මාන්තයක් වෙන බව නම් අනිවාර්යයි..


ටිවි එකේ ගියපු වගේම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හැම නව කථාවකම හා දැනට සිනමාවට නැඟී ඇති ගම්පෙරලිය, විරාගය හා කළුවර ගෙදර නිර්මානයන්හී පවා
මේ බීරළු ගෙතීමට මුල් තැනක් දී තිබුනා...


මතකද කියාලා පොඩ්ඩක් හිතලා බලන්න

Saturday, July 2, 2011

ඔබ “හැකින්“ ගැන දන්නවාද? Do you know "Hacking" ? ඇවිත් බලන්න..



HACKING කිව්වාම ඉතින් මේ දවස් වල අපි ඕනම කෙනෙක් ඉතාම ඕනකමින් උනන්දුවෙන් කරන බලන අත්හදා බලන
දෙයක් තමයි නේද?
විකිලීක්ස් ගැනත් එක පාරම මතක්වෙනවා..

මාතෘකාව වෙබ් අඩවියක් හැක් කරමු කියලා තිබුනට ලියන්නේ නම් හැක් කරන්නේ කොහොමද කියලා පාඩමක් නෙවි...
ඒ වුනාට මේක අපිත් එහේට මෙහේට කරන්න උත්සහ කරන පරිගණක වැඩ වලට වගේම ජිවිතයට පාඩමක් වේවි කියලා හිතනවා...
බොහෝ දෙනෙක්ට මතක ඇති පසුගිය සති කිහිපයකදි පුවතක් තිබුනා CIA හෙවත් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ වෙබ් අඩවිය හැක් කරලා දැන් පැය කිහිපයකට ඒක වහලා දාලා කියලා...

අප්පා ඒකත් හැක් කරලා...
නියමායි නියම වැඩ කාරයෝ තමා ඉන්නනේ..පිස්සු හැදෙයි කියලා බොහෝ දෙනා කියන්න ඇති..මාත් එහේමම හිතුවා..

ඔන්න දැන් ඒ හැක් කරපු කෙනා එංගලන්තයෙන් අත්අඩංගුවට අරගෙන...

ඒ එංගලන්තයේ එසෙක්ස් හි පදිංචි රයන් ක්ලියරි නම් වු 19 හැවිරිදි තරුණ ළමයෙක්...


පසුගිය සදුදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය විසින් ඔවුන්ගේ වගේම ඇමරිකානු FBI හා CIA ආයතන වලින් ලබාදුන් සාක්ෂිත් සමගය.
ඔහු තම මව සමග...

මේ ඔහුගේ නිවස හා කාමරයයි.





එංගලන්ත පරිගණක අපරාධ පනතට අනුව බොහෝ විට ඔහුට දඩුවම් හිමිවන අතර ඇමරිකානු නඩු විභාග සඳහා ඉන්පසු ඇමරිකාවටද පිටුවහල් කරනු ඇති අතර ඔහුට අවුරුදු 60 වැඩි සිරදඩුවමක් ලැබෙනු ඇතැයි බොහෝ විට පැවසෙනවා...
ආරක්ෂක අංශ සදහන් කරන ලෙස ඔහු ලල්ස්සෙක්(Lulzsec) නැමති පරිගණක හැකින් සමාජයක සමාජිකයකු ලෙස සිට ඇති බවයි.



ලල්ස්සෙක් යනු අවුරුදු 16-34 අතර හැකර්ස්ලාගෙන් සමන්විත වු හැකින් සමාජයකි.ලොව හැම රටකම වාගේ ඔවුන්ගේ සමාජිකයින් සිටී.
ඔවුන්ගේ හැකින් ක්‍රියාමාර්ග කරනු ලබන්නේ බොහෝම විට ප්‍රසිද්ධ සමාගම් හා රජයේ ආයතනවලට වන අතර ඒ මුදල් වලට නොවේ..ඔවුන්ගේ අදහස එවැනි ආයතනයේ දත්ත සොරා ගෙන නොමිලයේ ප්‍රසිද්ධ කොට එම ආයතන ලැජ්ජාවට පත්කිරීම හා තම සමාජයේ නම ප්‍රසිද්ධ කර ගැනීමයි..
සෑම හැකින් ක්‍රියාමාර්ගයකට පසුව ඔවුන් එය ටිවිටර් මගින් ප්‍රසිද්ධ කරනු ලබයි.
ලල්ස්සෙක් සමාජය මේ දක්වා සිදුකරන
ලද හැක් කිරීම්



ඔවුන්ගේ ටිවිටර් වෙබ් පිටුව


රයන් විසින් ඇමරිකානු CIA ආයතනය, ඇමරිකානු සෙනෙට් මණ්ඩලය, Fox Tv ආයතනයේ දත්ත වගේම Sony සමාගමේද තොරතුරු සොරා ගෙන ඇත.ඔහු විසින් Sony සමාගමේ තොරතුරු සොරකම් කර ඇත්තේ එම සමාගම නිපදවනන්ට සැරසුනු මිල අධික විඩියෝ ක්‍රිඩවක් ගෙන එහි ක්‍රිඩා කරන්නටයි..

CIA ආයතනය හැක් කිරිමෙන් පසුව එය පලකල අයුරු

2001-2002 ඇමරිකානු පෙන්ටගනය හා නාසා ආයතනයේ පරිගණක දත්ත සොරාගත් එංගලන්ත ජාතික හැරි මැකිනොන් ඇමරිකාවට පිටුවහල් කල අතර ඔහුට අවුරුදු 60 සිරදඩුවමක් ලබා දී තිබුනි.


රයන් අත්අඩංගුවට පත්වු පසුව ලල්ස්සෙක් සමාජය පවසා තිබුනේ ඔහු ඔවුන්ගේ කෙනෙකු නොවන බවත් ඔහුගේ සර්වරය පමණක් භාවිතා කල බවත් ඉදිරියටත් ඔවුන්ගේ කටයුතු කරගෙන යන බවත්ය.

‘Ryan Cleary is not part of LulzSec. We house one of our many legitimate chatrooms on his server, but that’s it.’

මේ හැකින් නිසා තරුණ රයන්ටද අනිවාර්යයෙන්ම අවුරුදු ගනනාවක් සිර දඩුවමක් විදින්නට සිදුවනු ඇත.
කවුරු කොහෝම කිව්වත් සයිබර් ලෝකයේදි අපි කරන කියන දේවල් කිසිවිටක ආරක්ෂා සහිත බව නම් කොහොමටත් සිතන්න හොද නෑ...
අපි කරන දේ ඉතාම භයානක වෙන්නත් ඉඩ තියෙනවා..

ඔබගේ දැනුවත් වීම උදෙසා ඉදිරිපත් කරන ලදි..
අදහසක් දාලාම යන්න!

උපුටාගත්තේ මෙන්න මෙතනින්....වැඩිවිස්තර සදහාත් බලන්න.

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??