Pages

Monday, February 9, 2015

වසර 100 ක් වෙද්දී ලො භයානක මත්ද්‍රව්‍යකට පෙරලුනු “කැස්සට හදපු බෙහෙත “හෙරොයින්“ හෙවත් අපේ භාෂාවේ “කුඩු”!! - “Heroin” – From Cough medicine how become underworld Narcotic within 100 + years!!



1898 දී ජර්මන් බෙහෙත් නිපදවන සමාගමක් තම අලුත්ම බෙහෙත කැස්ස, ක්ෂය රෝගය නිවාරණය වෙනුවෙන් හදුන්වා දෙන ලදි. විශේෂත්වය වන්නේ අවුරුදු 100 කට වැඩි කාලයක් ගත වෙද්දී එය ලොව භයානකම මත්ද්‍රව්‍යයක් බවට පත්වීමයි. මොකක් ද මේ?? හෙරොයින් නැතිනම් සාමාන්‍ය භාෂාවෙන් නම් “ කුඩු “ ඉතා තදින් ඇබ්බැහි වන්නා වු ඇබ්බැහි වු පුද්ගලයා කුඩේ කුඩු වන මත්ද්‍රව්‍යයකි. දැක්වෙන පරිදි ලොව පුරා මිලියන 13.5 මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එයින් 9.2 ක් හෙරොයින් භාවිතා කරන බව සඳහන් වේ.


හැමදාම ලංකාවේ කුඩු ගැන ඇහුවට වර්තමානයේ විශේයෙන්ම කුඩු ගැන නිතර නිතර සඳහන් වෙන හින්දම මොනාද මේ “කුඩු“ කියලා නැත්නම් “හෙරොයින්“ කියලා හොයලා බලන්න හිතුනා.. මෙන්න චාමිකයට හොයාගත්ත විස්තර, පින්තූර... වෙනදා වගේම සියල්ලම අන්තර්ජාලයෙන් තමා! බලන්න..
දැනුවත් වෙන්න.. අන් අයත් දැනුවත් කරන්න..

Thursday, January 15, 2015

අවුරුද්දේ නිකන්ම යන දින ටික පුරවන “විශේෂ දින” ගැන ඔබ දන්න දේට වැඩිපුර දෙයක්...International Days of the year that you must know!

අවුරුද්දට දින 365 ක් තියෙනවා.. ඒක අපි දන්නවා!
ඒ මදිවට එක එක දින එක එක නම් වලින් නම් කරලා තියෙනවා... ඔය ගොල්ලොත් අහලා ඇති
“ලෝක ඒඩ්ස් දිනය” “ලෝක ළමා දිනය”
මෙන්න චාමිකයගේ ඉසව්වෙන් කාලෙකට පස්සේ අවුරුද්දේ විශේෂ වුන දින ගැන සටහනක් කරනවා.. තරඟ විභාග ලියන අයට වගේම සාමාන්‍ය දැනුමටත් මේවනම් වැදගත්...


බලන්න.. අදහසක් වගේම තවත් එකතු කරන්න දේ තියෙනවනම් කියන්න.





Saturday, October 4, 2014

දහඅට වසරකට පෙර ඇරඹුනු අන්තර්ජාලය විකුණන තැන දැන සිටියේ නැද්ද? Café Cyberia: World's first Internet café

වර්තමානයේ තම අත ඇති දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇති ලෝකයේ මීට විසි වසරකට පෙර ඒ සඳහා කොහේටද යන්න ඇත්තේ?? 
කොහේවත් නෙවි අන්තර්ජාලය විකුණන තැනකට...

මේ වෙලාවේ මේ ලිපිය කියවන බොහෝමත්ම දෙනා එක වරක් හරි මේ වගේ අන්තර්ජාලය විකුණන නැත්නම් ලස්සනට කියනවනම්
Internet Café තැනකට අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඇති..


කවුද මේ සිද්ධිය ලොවට හදුන්වා දුන්නේ?? 
ඒක තමා මේ කියන්න යන්නේ
ලොව ප්‍රථම අන්තර්ජාලසේවා සපයන ස්ථානය..

Saturday, July 5, 2014

ඌරාගේ මුත්‍ර බොක්ක පුම්බා අතීතයේ නිමැවු “ෆුට් බෝලයේ‘ (පාපන්දුවේ) විකාශණයේ වර්තමාන අසිරිය..How the Football has developed through the years!!

පාපන්දු.... නැත්නම් දන්න භාෂාවෙන් ෆුට්බෝල් ලොව ජනප්‍රියතම ක්‍රීඩාව.... මේ දවස් වල හෝ ගාලා ලංකාවෙත් ෆුට්බෝල් උණුසුම... හේතුව ඉතින් රුසියාවේ පැවැත්වුන ලෝක කුසලාන තරඟාවලිය...






මටත් හිතුනා පයින්ම ගහන මේ බොලේ නැතිනම් පාපන්දුවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. මේ පහල තියෙන්නේ හොයා ගත්ත තොරතුරු ටික! වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා තොරතුරු පින්තූර සියල්ලම..

1836 චාල්ස් ගුඩ්ඉයර් පදම්කරන ලද රබර් වලින් තැනු පාපන්දුවකට මුලින්ම පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා..


ඊට පෙර පාපන්දුව නිපද වීමට යොදා ගෙන තිබුනේ ඌරාගේ මුත්‍රා බොක්කයි..එබැවින් එකල පන්දුවේ හැඩය හා ප්‍රමාණයන් ඌරු මුත්‍ර බොක්ක අනුව වෙනස් වුනා.


Saturday, June 14, 2014

ජාත්‍යන්තර පොලීසියෙන් “චාමිකයාගේ බ්ලොග් ඉසව්වට“ රතු නිවේදනයක්. - තව කියවන්න මෙතනින්...Interpol Issue Red Notice for Chamikawp – More info click here….

ඉඳලා හිටලා හරි ප්‍රවෘත්ති බැලුවොත්, ඇහුනොත් අපරාධ ගැන එහේම අහලා දැකලා ඇති.... අපරාධකාරයා විදේශ රටකට පැන ගියොත් අල්ලන්නේ කවුද??

ජාත්‍යන්තර පොලීසිය




ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන ගැනත් ඇහිලා ඇති...

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??