ලොව ප්‍රථම අධීවේගී මාර්ගය ඉදිවී ඇත්තේ ඉතාලියේයි..
ඒ 1922 දි යි.
ඉන් පසුව විවිධ රටවල අධීවේගී මාර්ග ඉදිවු අතර පසුගිය
නොවැම්බර් 27 දින ලංකාවේ ද ප්‍රථම අධිවේගී මාර්ගය කොට්ටාව සිට ගාල්ල පින්නදූව දක්වා කොටස විවෘත විය..
ඒ දක්ෂිණ අධීවේගී මාර්ගයයි.
කොළඹ සිට මාතර දක්වා දිවෙන මෙම අධිවේගී මාර්ගය මංතීරු 4කින් සමන්විත වන අතර කි.මී. 126 ක දිගකින් යුතුයි.
මේ තියෙන්නේ එහි ආරාධනා පත්‍රයයි...
ඒ වගේ ම මේ ජනවාරි මාසයේ 03 දා ඉදලා බස් ගමනා ගමනයත් ඇරඹුන හින්දා අධිවේගිය ගැන ආපහු කතා කරන්න පටන් අරන්..
මේ තියෙන්නේ ඒ බස් එක මුල්ම දිනයේ දෙවනි වතාවට ගාල්ලට පැමිනුන වේලාවේ ගාල්ල බස් නැවතුම්පොලේදී ....
ඒ හින්දම ලොව තියෙන විවිධ වගේම ගිනස් වාර්තාවන්ට හිමිකම් කියන අධිවේගී මාර්ග කිහිපයක් ගැන ඉසව්ව බලන අය දැනුවත් කරන්න තමා මේ සුදානම..
ලංකාවේ එක ගැන දන්න හින්දම මේ ගැන කියවලා හොයලා බලන එකත් වැදගත් වේවි..
තොරතුරු ගත්තේ අන්තර්ජාලයෙන්, පින්තුරත් එහේමම තමා!!
අදහසක් එහේම දාලාම යන්න...
1.ලොව දිගම ජාත්‍යන්තර අධීවේගී මාර්ගය
පෑන් ඇමරිකන් (Pan-American Highway) අධීවේගී මාර්ගය ලොව දිගම අධිවේගීයට අයත් ගිනස් වාර්තාවට හිමිකම් කියයි..
එම මාර්ගයේ සම්පුර්ණ දුර කි.මී.47,958 ක් වේ..
එනම් සැතපුම් 29,800 කි.
උතුරු ඇමරිකාවේ සිට දකුණු ඇමරිකාව දක්වා
විහිදෙන්නේ
කැනඩාව,ඇමරිකාව,මෙක්සිකෝව, ගෝතමාලාව,එල් සැල්වදෝරය,හොන්ඩුරාස්,නිකරගුවා ,කොස්ටරිකා,පැනමා, කොලොම්බියා , ඉක්වදෝරය, පීරූ, චිලි, ආජන්ටිනාව වැනි රටවල් 14 ක් හරහා ගමන් කරන්නකි.
2.ලොව දිගම දේශීය අධිවේගී මාර්ගය
රටක් තුල පිහිටි දිගම අධිවේගී මාර්ගය ලෙස ඕස්ට්‍රේලියාවේ පිහිටි අධිවේගී 01 Express 01 නම් වු කි.මී.14,500 යුතු මුළු ඕස්ට්‍රේලියානු මහද්වීපය වටාම ගමන් කරනු ලබයි.
දිනකට බොහෝ විටම මිලියනයකට වැඩි පිරිසක් මෙහි ගමන් කරන බව පැවසේ..
3.ලොව කාර්ය බහුලම අධිවේගී මාර්ගය
කිංග්ස් අධිවේගී මාර්ග 401 නම් වු කැනඩාවේ ඔන්ටාරියෝ හි පිහිටි Macsonald – Cartier Free way නම් වු අධිවේගී මාර්ගය ලොව කාර්ය බහුලම අධිවේගී මාර්ගයයි.
එහි මුළු දුර කි.මි 816.6 කි. දිනකට වාහන පන්ලක්ෂයකට වඩා මෙහි ගමන් කරයි.
උපරිම වේගය 100 ට සීමා කර ඇති මෙහි සෑම කි.මී.80 වර්ක්ම සේවා මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
4.ලොව භයානකම අධීවේගී මාර්ගය
වසරකට මිනිසුන් 200-300 ට ආසන්න ප්‍රමාණයක් මරණයට පත්වන බොලීවියාවේ ඇන්ඩිස් කන්දේ පිහිටි යුන්ගාස් මාර්ගය
(yungas highway in bolivia )ලොව භයානකම අධීවේගී මාර්ගයයි.
මරණයේ මාවත ලෙසද නම් ලැබු මෙය ලාපාස්වල සිට කොරොයිකෝ දක්වා වැටී ඇත.
5.ලොව උසම අධීවේගී මාර්ගය
මීටර 4693 ක් උසින් පිහිටා ඇති පාකිස්ථානය හා චීනය යා වෙන කරකොරාම් කදුවැටිය හරහා වැටී ඇති කරකොරාම් අධීවේගී මාර්ගයයි.(Karakoram Highway) ලොව පුදුමයක් ලෙසද මෙම මාවත හදුන්වන අතර චිනයේ මිත්‍රත්ව මාර්ගය ලෙසද හදුන්වයි.
1986 සිට මහජනතාවට විවෘතව පවතී.එය ඉස්ලාමාබාද් නුවර සිට චිනය දක්වා කි.මී.700 දුරින් යුතුවේ.
6.ලොව පලල්ම අධිවේගී මාර්ගය
කැටී ෆී වේ (Katy Freeway) හදුන්වන ඇමරිකාව තුල ගමන් කරන්නා වු අධීවේගී මාර්ගයේ මංතීරු 26 කින් සමන්විත වේ.
එය ලොව පලල්ම අධිවේගී මාර්ගය වේ.
ලොව විශාලතම දේශීය අධිවේගී මාර්ග පද්ධතිය හිමිවන්නේ ඇමරිකාවටයි.එය කි.මී.6,430,366 කි.
චිනයට දෙවන තැන හිමිවන්නේ 2007 වෙද්දී කි.මි. 3,583,715 ක් වු මාර්ග පද්ධතියක් හිමි වීමෙනි.
පහසුවෙන් හා වේගයෙන් රථ ධාවනය කිරීමට හැකිවීම නිසා ධාවන කාලය අඩු වීමෙන් වාසි රැසක් ගෙන දෙන නිසා අධිවේගී මාර්ග ලොව සංවර්ධනය වු රටවල් ඉදිකර ඇත.
එවැනි මාර්ගයක් සංවර්ධනය වෙමින් පවතින අප රටේ ද පැවතීම අපට ලැබු භාග්‍යක් වගේ ම අලුත් අත්දැකීමක්....