Pages

Saturday, August 27, 2011

ලොව ප්‍රථම ලැප් ටොප් (Laptop ) පරිගණකය ගැන ඔබ දැන සිටියාද?? Do you ever think what the first Laptop computer is?



ලොව ප්‍රථම ලැප් ටොප් (Laptop ) පරිගණකය ගැන ඔබ දැන සිටියාද??



ලැප්ටොප් , නෝට් බුක්,නෙට් බුක් වගේම ස්මාට් ෆෝන්ස්, ටැබ්ලට්ස් ලෙස වු විවිධාකාර නම් වලින් හදුන්වන පරිගණක හා ෆෝන් වර්ගයන් ඇති බව අපි දැකලා අහලා තියෙනවා!

එලෙස අතෙහි රැගෙන යා හැකි පරිගණකයන් හි ඇරඹුම කොතනද කියලා
නිකමටවත් ඔබ දන්නවාද?


Osborne 01 පරිගණකය පිලිබඳ එකල පළවු දැන්වීමක්...


ම්....බොහෝ දෙනා දන්නවා ඇති අතරම නොදන්නා අයද බොහෝ විටම ඇති...

එහි ඇරඹුම වුයේ බ්‍රිතාන්‍ය ජාතික පොත් ලියන්නකු හා මෘදුකාංග ඉංජිනේරුවකු වු 1939 දි තායිලන්තයේදි ඉපදුනු Adam Osborne ගේ ලොව ප්‍රථම අතෙහි රැගෙන
යා හැකි ලෙස නිර්මාණය කල වු
Osborne 01 පරිගණකය සමඟයි.

Adam Osborne මහතා..

අන්තර්ජාලය තුලින් කරුණු හා ජයාරූප උපුටාගත්
අතර කියවලා බලලා ඔයාලගේ අදහස් එකතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා!


මිට අවුරුදු 30 පෙර එනම් 1981 අප්‍රේල් මස 03 දින ඇමරිකාවේ සැන්ෆැන්සිස්කෝ හි පැවති West Cost Computer Faire හිදි ප්‍රථම වරට අතෙහි රැගෙන යා හැකි Osborne 01 පරිගණකය
හදුන්වා දෙන ලදි.

Osborne 01 පරිගණකය


මෘදුකාංග කිහිපයක් සමඟ ප්‍රථම වරට ලබා දුන් ප්‍රථම පරිගණකය වු මෙහි Basic, Word star, හා Super Calc මෘදුකාංග
ඇතුලත් කොට තිබුනි.

4MHz Zilog Z 80 නම් වු CPU එකක්ද, Floppy Drive දෙකක්ද, 64Kවු රැම් එකක්ද, අඟල් 05 ක CRT මොනිටරයක් ඇතුලත් ව තිබුනු අතර මෙහි බර රාත්තල් 24 ක් විය...

හැඩලයක් සහිත රැගෙන යා හැකි පරිදි ප්ලාස්ටික් සුට්කේසයක් තුල මෙය ඇතුලත් කොට තිබු අතර වොට් 110 ක් වු බැටරියන් ඇතුලත් කොට තිබු බැවින් පිටින් විදුලිය සැපයිය යුතු නොවිය.

ප්ලාස්ටික් ආවරණය තුල දමා වැසු පරිගණකය..


ආවරණය ඉවත් කල පරිගණකය දිස්වන අයුරු...

අගල් 05 වු තිරය මත පේලියකට අකුරු 52 ක් දිගට ලිවිය හැකි වු අතර Arrow Key භාවිතා කොට එය අකුරු 128 දක්වා දිගට ලිවිය හැකි හා බැලීමට හැකි ආකාරයට මෙය සකසා තිබුනි. මෘදුකාංග සහිතව එහි විකුණුම් මිල වුයේ ඇමරිකානු ඩොලර් 1795 කි.



1981 දි Adam Osborne හා Lee Felsenstein හා එක්ව
OsborneComputer Corp. ලෙස පරිගණක සමාගමක්



ආරම්භ කල අතර එයින් එකල මසකට Osborne 01 පරිගණක 10,000 වඩා විකිණීමට හැකිව තිබුනි.එතරම් ඒ සඳහා ඉල්ලුම තිබුනි.

එකල පරිගණක සමාගම් වු IBM හා Compaq සමාගම් ද Dos මගින් ක්‍රියාකරන පරිගණකයන් වෙලඳ පොළට හදුන්වා දුන් අතර එමගින් Osborne 01 සඳහා වු ඉල්ලුම අඩුව යමින් තිබෙද්දි,

1983 දි OsborneComputer Corp සමාගම OsborneExecutive නම් අගල් 07 ක තිරයක් සහිත පරිගණකය හදුන්වා දෙන ලදි.

1983 සැප්තැම්බර් 13 වන දිනයේදි OsborneComputer Corp සමාගම වසාදමන ලදි.
ඒ දුර්වල ආර්ථික කළමණාකරණය නිසා බැංකු කිහිපයකටම ණය වීම හේතුවෙනි.

පරිගණකය ක්‍රියා කරන අයුරු දැක්වෙන විඩියෝවක්!


මේසය මත තබන පරිගණකයට වෙනසක් ඇති කර ලොව තාක්ෂණ පෙරලියකට ගෙන යාමේ මුලාරම්භය ලෙස Adam Osborne මහතාගේ Osborne 01 අතෙහි ගෙන යා හැකි ප්‍රථම ලැප්ටොප් පරිගණකය හදුන්වා දිම වරදක් නොවනු ඇත..

2003 මාර්තු 18 දින ඉන්දියාවේ තමිල්නාඩුවේදී එතුමා මිය යන විට වයස අවුරුදු 73 ක් තිබුනි.

මේ ඒ ගැන ඔබ දැන සිටියාද??
අදසක් එකතු කරලාම යන්න...

Friday, August 19, 2011

පරිගණක භාෂාවේ එන “debug” යන වචනයේ උපත ගැන දන්නවද? The story Of the first Computer“Bug”& word “debug”!

පරිගණක භාෂාවේ එන “debug” යන වචනයේ උපත ගැන දන්නවද?

“debug” යනු මෘදුකාංග වල හා ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ වල වැඩ කරද්දි එන දෝෂ හදුනා ගෙන එයට පිලියම් කරන්නේ කෙසේද යන්න හදුන්වන පරිගණක භාෂාවේ වචනයයි.

පරිගණක පාවිච්චි කරන බොහෝම දෙනා මේ වචනය අහලා දැකලා ඇති..


මේ වචනයේ උපත ගැන දන්නවද?

මාත් දැන ගත්තේ අහම්බයෙන්...

මම හිතන්නේ දන්න අයත් නොදන්න අයත් බොහෝ ඇති.. ඒ නිසා මේ ඒ ගැන වු කතාව හා එය පරිගණක භාෂාවට හදුන්වා දුන් අය ගැන කතාවයි.

1906 දෙසැම්බර් මස ඇමරිකාවේ නිව්යෝක් හි උපත ලැබු ග්‍රේස් මුවර් හොපර් Vassar පාසලෙන් තම උපාධිය ලබා 1928 දි ඇමරිකානු යාලේ සරසවියෙන් ගණිතය පිළිබඳ පශ්චාත් උපාධියද ලබා ගන්නා ලදි.

ග්‍රේස් මුවර් හොපර් මහත්මිය..


1931 සිට 1943 වෙනතුරුම එහි රැදී සිටි ඇය 1944 දි බලලත් ලුතිනන් වරියක ලෙස ඇමරිකානු නාවික හමුදාවට එක්වු අතර එකල පරිගණකයේ මුල් අවධියේ එය දියුණු කරමින් සිටින හොවාඩ් අයිකන් සමඟ වු කණ්ඩායමක සමාජිකාවක විය.

ඇමරිකානු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ තිබු

Mark II Aiken Relay Calculator

නම් වු ප්‍රාථමික පරිගණකයක කටයුතු හා පද්ධති සොයා බලමින්

පරිගණක භාෂාව දියුණු කරමින් රාජකාරි කලේය.

Mark II Aiken Relay Calculator පරිගණකය


ඇමරිකානු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ එය පිහිටා තිබු ගොඩනැගිල්ල.


දිනක් එනම් 1947 සැප්තැම්බර් 09 දින ඔවුන් වැඩ කටයුතු කල පරිගණකය ක්‍රියාවිරහිත වු අතර එහි වු ආබාධය සොයා බැලීමේ දි සිදුව තිබුනේ F නම් වු පැනලයේ Relay #70 කොටසේ සලඹයකු

(කෘමියකු Bug ) ඇතුල් වි එහි සිරවීම නිසා මෙහි ක්‍රියාවිරහිත වීම සිදුව ඇති බවයි.


මේ ගැන ඔවුන් ලොග් පොතේහි

“ First actual case of bug being found”

යනුවෙන් සඳහන් කරමින් එම සලඹයා ද එහි අලවා තැබීය. ඉන් පසු එම කාමරයේ තිබු ජනේල වසා දැමීම මගින් එලෙස තව දුරටත් එසේ සිදුවීම වලක්වා ගැනීම සිදුකර ගන්නා ලදි.

එලෙස වු bug හෙවත් කෘමියකු ඇතුල්ව ක්‍රියාවිරහිත වු පරිගණකය එය ඉවත් කිරිමෙන් ක්‍රියාකිරිම නිසා කෘමියා අයින් කිරීම හෙවත් Debug යන වචනය පරිගණක භාෂාවට එකතු විය.

එලෙස එකතු වු එම Debug වචනය VB හෙවත් විෂුවල් බේසික් මෘදුකාංගයේදී බොහෝ විටම භාවිතා වේ..


එලෙස ඉවත් කල සලඹයා සහිත ලොග් පොතෙහි පිටුව අදත් ඇමරිකානු වර්ජිනියා ජනපදයේ එල්ග්‍රේන් හි නාවික පෙරමුණු පරිගණක කෞතුකාගාරයේදී දැක ගත හැකිවේ..

සලඹයා සහිත ලොග් පොතෙහි පිටුව


1992 ජනවාරි මස 01 දින ග්‍රේස් මුවර් හොපර් මහත්මිය මිය යනවිට ඇය ඇමරිකානු නාවික හමුදාවේ රියර් අද්මිරාල් වරියක ලෙස කටයුතු කල අතර ඇය කල සේවය උදෙසා ඇය වෙනුවෙන් ඇමරිකානු නාවික හමුදා නෞකාවක් ද නම් කර ඇත.

එය USS Hopper (DDG-70) නමින් අදත් දක්නට පුළුවන් වේ..


USS Hopper (DDG-70) යුධ නෞකාව හා රියර් අද්මිරාල් වරියක වු

ග්‍රේස් මුවර් හොපර් මහත්මිය නිලඇදුමින් සැරසී...


අද වන විට නම් මේ bugs, worms, viruses ආදිය බොහෝමයක් වන අතර පරිගණක විද්‍යාඥයින් කියන පරිදි දිනකට malware වැඩසටහන් 55.000 වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයට එකතු වෙනවලු.ඒ හින්දම ජනෙල් වහලා නම් අපේ පරිගණකය බේර ගන්න අමාරුයි.

හොද වයිරස් ගාඩ් එකක් දාන එකම තමා හොද!

අහම්බයෙන් සිදුවු සිදුවීමක් නිසා එකතු වු වචනයකටත් අද තියෙන තැන කොහොමද නේද?

තොරතුරු හා ජයාරෑප අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ...

සිද්ධීය රසවත් කියලා හිතනවා.. මේ ගැන ඔබේ අදහසත් එකතු කරලාම යන්න හොදද!!

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??