Pages

Monday, August 15, 2011

“ වැඩ බැරි වුනත් ගම ගාල්ලේ ” කියලා කියන...ගාල්ලේ කොටුව ගැන දන්නේ මොනවද? Visit To Galle Fort !!

අහල තියෙනවා නේද“ වැඩ බැරි වුනත් ගම ගාල්ලේ ”කියලා...
එහේමත් එක පාර කියන්න මතක් වුනේ පරිගණක වැඩ ගැනම බ්ලොග් එකේ දාපු මට හිතුනා අද දාන්න ඕන කියලා ගාල්ල කොටුව ගැන....
මොකද ගාල්ලේ ඉපදුනත් ඇත්තටම මේ දේවල් ගැන විස්තරයක් දාන්න පරක්කු වුනා කියලයි මට හිතෙන්නේ.......
දකුණ පැත්තට ට්‍රිප් එකක් යනවනම් ගාල්ලේ කොටුව බලන්න යන්න....
ඒකට මේ විස්තරයත්උදවුවක් වේවි කියලා හිතනවා!........දිග වැඩිද මන්දා....
ඒ වුනත් කමක් නෑ.......
ගාල්ලේ කට්ටියයි බලන හැමෝමයි තමන්ගේ අදහසකුත් එකතු කරලාම යන්න..
ඉස්සරහටත් ගාල්ලේ දේවල් ගැන විස්තර දාන්න තමා හිතන් ඉන්නේ!
එහේම නම් විස්තරය බලමු.
ගාල්ල කිවුවොත් ඉතින් කොහොමත් මතක් වෙන්නේ ගාලු කොටුව තමා‍....
එය දකුණේ උරුමයකි,ගාල්ලට ආඩම්බරයකි, ආභරණයකි....

ගාලු කොටු දොරකඩින් කොටුව තුලට ඇතුළුවන්නෙකුට ඉතිහාස‍ය පොතක දැක්වෙන පැරණි යුරෝපීය බලකොටු නගරයක සිරිය දැසින් දැක ගත හැකිවේ..
ගාල්ල කොටුව පැරණි සිතුවමක.....
ගාල්ල කොටුව ගුවනේ සිට....

ගාලු කොටුව ‍මුලින්ම ‍ගොඩනගන ලද්දේ පෘතුගීසින් විසිනි.ඒ ආරම්භය වන්නේ සුළි කුණාටුවකට අසුව 1505 දීඅහම්බයෙන් ගාල්ල‍ට පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා සමගිනි. ක්‍රි.ව.1857 දීසිංහල රජුගෙන් ගාලු වරාය අල්ලා ගත් ඔවුන් එහි ආරක්ෂාවට මුර‍කුටි තුනකින් යුක්ත වු කුඩා බලකොටුවක් සාදන ලදි. එය කළු කොටුව ලෙස දැන් හදුන්වයි.පෘතුගීසින් මෙහි වෙසෙමින් කන්ද උඩරට සමගවෙළඳ කටයුතු වලද නිරතවෙමින් සිටියේය...

පෘතුගීසින්ගේ පාලන සමයේ 16 වන සියවසේ අග සමයේ ගාලු කොටුවේ සිතියමක්....
Link

පසුව ගාල්ල කොටුව 1640 දිවිල්හෙම් ජාකොබ්ස් කෝස්ටර් ගේ මුලිකත්වයෙන් සෙබළුන් 2000කින් යුතු නැව් 12 යොදවමින් දින 04 ක දරුණු සටනකින් පෘතුගීසින් පරදා පලවා හැර ලන්දේසීන් 1640 මාර්තු 03 ගාලු කොටුව අත්පත්කර ගෙන අංග සම්පුර්ණ බලකොටුවක් බව‍ට පත්කලේය.
දිවයිනේ ඇති වෙනත් කොටු සියල්ලටම වඩා ගාලු කොටුව ප්‍රමාණයෙන් විශාල වේ.
මෙය අක්කර
96 කි.
කොටු බැම්ම බැඳ ඇත්තේ විශාල කළු ගල් කුට්‍ටි යොදාගනිමිනි.එහි උස අඩි 50 සිට 70 දක්වා වන අතර බැම්මේ පළල අඩි 05 කි. බැම්මේසම්පුර්ණ දිග සැතපුම් දෙකකි.ප්‍රධාන දොරටුව නැගෙනහිරටත් (දැන් ගාලු නගරයදෙසට) අනෙක් දොරටුව උතුරු දෙසටත් විවෘත ව ඇත.. ගාලු නගරය දෙසට ප්‍රධානදොරටුව විවෘත වුවත් අනෙක් දොරටුව හා වටේටම ඇත්තේ ඉන්දියන් සාගරය හා වෙරළයි.

1646 බරත්තෝ රෙසන්දෙගේ ගාලු සිතියම....

ගාල්ල කොටුව සවිස්තරව දැක්වු ලන්දේසී සිතියමක්...

1974දී පුරා විද්‍යාදෙපාර්තමේන්තුව විසින් සකසන ලද මැනුමකට අනුව නගරය දෙපස වන්නට වගුරු බිමක්තිබෙන්නට ඇත.
බොහො විට ඒ දැන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය
පිහිටා ඇත්තේ එහි විය හැකිය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ගාලු කොටු පවුර උඩ සිට හා ගුවනට පෙනෙන අයුරු.....


එකල ඉංග්‍රිසීන් එය අශ්ව රේස් සඳහා ද භාවිතා කර තිබුනි.

කොටුව මත කාලතුවක්කු සවිකරව ලද මුර කුටි, අට්‍ටාල හෙවත් බැස්ටියන් 16 ක් වේ.
ඒවායින් කිහිපයක් මෙහි දැක්වේ..
SWART BASTION
/ UTRECT BASTION / TRITON BASTION/ NEPTUNE BASTION / CLIPPEN BERG BASTION /AEOLUS BASTION / STAR BASTION / SUN BASTION / MOON BASTION / AURORA BASTION / FLAG ROCK BASTION මේවා සතුරුප්‍රහාර වලක්වාලීමට, කොටුවට පැමිනෙණ සතුරු නැව් හා මිත්‍ර නැව් හදුනාගැනීමට මේවායේ දිවා රාත්‍රි සේවයට මුර සෙබළුන් රදවා තබන්නට ඇත.
කොටුවේ පළමු පාලකයා වන්නේ ද මේ කොටුව අත්පත් කර ගත්
අද්මිරාල් විල්හෙම් ජාකොබ්ස්
කෝස්ටර්ය...
ලංකාවේ ප්‍රථම ප්‍රදීපාගාරයද නිර්මාණය කර ඇත්තේ ගාලු කොටුව තුළ FLAG ROCK BASTIONයන ස්ථානය තුලය.ඒ 1886 දි ඉංග්‍රීසින් විසිනි.ලෝහයෙන් තනා තිබු එය 1936 දිගින්නකින් විනාශයට පත් වී ඇති අතර දැනට
ගාලු කොටුව තුළ ඇති ප්‍රදිපාගාරය
1937 දී ඉදිකරන ලද්දකි.
1886 දි ඉංග්‍රීසින් විසිනි ලෝහයෙන් තනා තිබු ප්‍රදිපාගාරය
1937 දී ඉදිකරන ලද ප්‍රදිපාගාරය

MOON BASTIONනම් මුර කුටියේ පසු කලෙක දැන් කාටත් උසට පේන
ඔරලෝසු කනුව සාදා ඇත.

ඔරලෝසු කනුව.....
මේ ගාලු කොටුව ගැන ලීව්ව‍ට මේ ගැන යම් අදහසක් ගන්න ජාතික කෞතුකාගාරය - ගාල්ල කොටුව තුලම පිහිටා ඇති අතර පරිමානුකූලව සැකසු ගාලු කොටුවේ ආකෘතිය ඔබට වැදගත් වේවි.
ගාල්ලට ආවොත් ඒකත් බලන්න මතක තියාගන්න.
ජාතික කෞතුකාගාරය - ගාල්ල....

ගාලු කොටුවේඇති විශාලම ගොඩනැගිල්ල ලන්දේසී බඩු ගබඩාවයි. මහල් දෙකකින් යුතු මෙහි උඩකොටසේ ලන්දේසි සමයේ කන්‍යාරාමයක් තිබි ඇත.
එහි ඉදිරිපස
1701 දි සාදන ලද ඝණ්ඨා කුළුණක් ඇත.
දන්නවාද....?
මේ බඩු ගබඩාව දැන් සාගර කෞතුකාගාරයක් විදිහට විවෘත වුයේ 2010 මාර්තු මස4වන දින අතිගරු ජනාධිපතිතුමා අතිනි... ම්ම්.....
එකත් බලන්න ව‍ටින තැනක්....
සමුද්‍ර කෞතුකාගාරය..

ලන්දේසි බඩු ගබඩාවේ පැරණි සැලසුමක්....
ලන්දේසි බඩු ගබඩාව දැන්....
ගාලු කොටුවේ ඇති උසමගොඩනැගිල්ල වන්නේ “අමාන් ගාල්ල” නම් ‍තරු 05 ක හෝටලයයි. එම ගොඩනැගිල්ල 1884 දී දැවමය මහල් 12 කින් යුතුව ඉදිකර තිබී ඇත.දැනට ගරා වැටෙමින් තිබෙනඕලන්ද පරිපාලන ගොඩනැගිල්ලත් (ගාල්ල කොටුව පැරණි තැපැල් කන්තෝරුව ) ඒ අසල ඇති ආසියාවේ පැරණිතම පුස්තකාලය වන
ගාලු කොටුව පුස්තකාලය ද සුවිශේෂි තැනක් ගනී.
ආසියාවේ පැරණිතම පුස්තකාලය ඉදිරිපස...
1752 දී ගැස්පරස් ඩී ජොන්ග් නැමති ලන්දේසී අණදෙන නිලධාරියා විසින් ඉදිකල ඕලන්ද පල්ලියත්,1871 දීබ්‍රිතාන්‍යයන් සාදන ලද ඇංගිලිකන් දේවස්ථානය,මුස්ලිම් පල්ලියක් හා බෞද්ධවිහාරස්ථානයක් ද කොටුව තුල පිහිටා ඇත.
1752 ඉදිකල ඕලන්ද පල්ලිය........
පැරණි ඕලන්ද රෝහල පිහිටි තැන අද මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාලය හා ගාලු උරුමය පවත්වා ගෙන යයි.එය මගින් ගාලු කොටුවේ නඩත්තු කටයුතු කරගෙන යයි.
1683 දි ඉදිකල “ක්වීන්ස් හවුස්” නැමති ගොඩනැගිල්ල ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආණ්‍ඩුකාරවරුන්ගේ නිල නිවස ලෙස යොදා ගෙන ඇත.

“ක්වීන්ස් හවුස්” නැමති ගොඩනැගිල්ල ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආණ්‍ඩුකාරවරුන්ගේ නිල නිවස.......

ගාලු කොටුවේ ඇති පාරවල් කොටුරූල් කොලයකට සමානය. ලන්දේසීන් ඉදිකල ප්‍රධාන පාරවල් ලෙසLEYN BANN STREET (ලේන් බාන් වීදීය)LIGHT HOUSE STREET
(ප්‍රදීපාගාර වීදීය) PEDLER STREET (පෙඩ්රල් වීදීය) ප්‍රධාන වේ. සියළු ගොඩනැගිලි මේ පාරවල් දෙපස ගොඩනගා ඇත
කොටුරූල් කොලයකට සමාන පාරවල් ඇති අයුරු පහත පින්තූරයෙන් බලන්න.....

පැරණි සිතියමක..

LEYN BANN STREET(ලේන් බාන් වීදීය).........

වීදී දෙපසනිවාස 473 ක් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ කියයි. ‍එමගොඩනැගිලි වලින් 50% ක් ම ලන්දේසී සමයේ ඉදිකර ඇත. මේ නිවාස දෙපස කාණුදක්නට නොමැත.ඒ සඳහා ඇත්තේ නිවාස වල අපද්‍රව්‍ය හා වැසි ජලය පාර මැද ඇති කුහරයකින් පාර මැද පොලොව මැදින් ගලා යන කානු පද්ධතියට එකතු වේ.එය මුහුද දක්වා ඇදී යයි.
එයින් සිදු කොට ඇත්තේ මුහුදු රල කානුව තුලට පැමිනීමත්,ආපසු ඇදී යද්දී එහි ඇති අපද්‍රව්‍ය රැගෙන යාමත්ය.
දිවයිනේ ධනවත් නිවාස වල පවතිනමැද මිදුල් ක්‍රමය ගාලු කොටුවේ නිවෙස් තුල දැකිය හැක.

කො‍ටුවේ නිවාසක මැද මිදුලක්.

කො‍ටුවේ නිවාස වල දර්ශණ


බ්‍රිතාන්‍යයන් 1795 දී ගිවිසුමක් මගින් මෙම කොටුව අත්පත් කරගෙන ඇත.
ඔවුන් කොටුව තුල තිබු ලන්දේසී ගොඩනැගිලි මනාව ප්‍රයෝජනයට ගෙන ඇත.


ඊසාන දෙසින් ඇති කොටු දොරටුවේ ඇතුල් වන විට උඩ ඇත්තේ ඉංග්‍රීසී ලාංජනයයි.

එම දොරටුවේම ඇතුල් පැත්තේ(කොටුව ඇතුලට ගොස්) උඩ බිත්තියේ ඇත්තේ ලන්දේසී VOC (VEREENIGTE OOSTINDISCHE COMPAGNIE ) ලාංජනයයි.

ලන්දේසී VOC (VEREENIGTE OOSTINDISCHE COMPAGNIE )ලාංජනය සියවස් දෙකක ජායාරූප ශීල්පීන් දු‍ටු අයුරු.
Link
මෙම ඉංග්‍රීසී හා ලන්දේසී ලාංජන එකම ස්ථානයක දැකිය හැකි ස්ථානය ගාලු කොටු පවුර පමණි.
ලන්දේසීලාංජනය මුලින්ම තිබෙන්නට ඇත්තේ දැන් ඉංග්‍රිසී ලාංජනය තිබෙන තැන වියයුතුය...සමහර වි‍ට ඉංග්‍රිසීන් එය ගලවා පිටුපස සවිකරන්නට ඇති අතර ඔවුන්ගේලාංජනය ඉදිරිපස නිර්මාණය කරන්නට ඇත.
ඒ මොකද මේච්චර ලොකු කොටුවක් හදලා ඔවුන්ගේ ලකුණ පිටුපස හදන එකක් නැතිවෙයි නේද?
2004 සුනාමියටවත් ‍මේ කොටුව හොලවන්න බැරි වුනා...ගාල්ලට වෙන විනාශය බොහෝ දුරට අඩුවුනෙත් මේ කොටුව නිසා!

සුනාමි දවසේ ගාල්ල ජාත්‍යන්තර ‍ක්‍රිඩාංගණය හා ගාලු කොටුව!
දන්නවාද?

1972 යුනෙස්කෝ සංවිධානය ස්ථීර තර ගත් පරිදි ලෝක උරුම සුරැකීමේ සම්මුතියේ ලේඛණගතරටවල් 80 ක ස්ථාන 380 න් එකක් මේ ගාල්ල කොටුවයි.එය යුනෙස්කෝව 1988 දීප්‍රකාශය‍ට පත් කරන ලදි.එය ලංකා‍වේ ලෝක උරුම අතර 03 වැනි තැන ගනී.

ගාල්ල යුග 04 ක එකතුවක් වුවත් අද ලෝක උරුමයකි.

ගාල්ලේ කොටුවේ කට්ටියක් එක්කම බලන්න යනවනම් මේ විදිහට තැන් බලා ගෙන යන්න පුළුවන්..
හිතුවා අවසන් කරන්න ගාල්ල ගැන කවියකින් .... මම නෙවි ‍ලිවුවේ ඒත් උපුටා ගත්තේ.....
පරෙවි සංදේශය ( 1430 – 1440 )තොටගමුවේ ශ්‍රී රාහුල හිමි.

සරා සොදින් මහසයුරකැ මුළුල්ලේ
පෙරා රැගෙන රන් මිණිමුතු සියල්ලේ
සරා තිබු මෙන් සල්පිල් උදුල්ලේ
පුරාමැසිරි දැක යා ගන් ගාල්ලේ
දැන් නම් .. ගාල්ලේ අයට ..

Thursday, August 11, 2011

“Operation Face book” – Anonymous නම් වු හැකර් කණ්ඩායමේ face book අඩාල කිරිමේ අලුත්ම සයිබර් මෙහෙයුම.


“Operation Face book” – Anonymous නම් වු හැකර් කණ්ඩායමේ face book අඩාල කිරිමේ අලුත්ම සයිබර් මෙහෙයුම...

නම දැක්කමනම් හිතෙන්නේ ටිකක් පුදුම හිතෙනවා..
මොකද ඉතින් මේකත් යුධ මෙහෙයුමක් වගේ නමක්නේ තියෙන්නේ!!
එත් ඉතින් අනිත් කෑල්ල නම් හොදට දැකලා පුරුදුයි හැමදාම අපි යන එන තැනක් හින්දා...

ඇනිනෝමස් නමින් හදුන්වාගත්ත අපි ටිකක් අහලා පුරුදු මේ හැකර් කරුවන් කණ්ඩායම අලුත් වැඩකට අතගහලා..



ඒ වර්ෂ 1605 ජිවත් වු guy fawkes - ගයි ෆොක්ස් නැමති පුද්ගලයා හා Gun Powder plot නම් සිද්ධිය සිහිකර බ්රිසතාන්යර වැසියන් ගිණිකෙලි සැරසිලි,සංදර්ශණ සමරන නොවැම්බර් 05 දින
Face book සමාජජාල වෙබ් අඩවිය හැක් කර එය බිද දැමීමට කටයුතු කිරීමටයි...


ගයි ෆොක්ස්


Face book හැක් කර බිද වැට්ටවිය යුතු බව ඔවුන් පවසන්නේ Face book මගින් එහි ලියාපදිංචි වු සමාජිකයින්ගේ තොරතුරු රජයේ ආයතන වලට හා රහස් සංවිධාන වලට ලබාදෙන බවත් එමගින් එම සමාජිකයින්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිනෙණ බවත් එම නිසා එය විනාශය කිරීමට එක්වන ලෙසයි. ඒ සඳහා වු විඩියෝ පටයක් You Tube අඩවියටද, ටිවිටර් හි වෙනම වෙබ් පිටුවක් ද මොවුන් විසින් අන්තර්ජාලයට එක්කොට ඇත.

“Operation Face book” නමින් මේ මෙහෙයුම හදුන්වන Anonymous හැකර් කණ්ඩායම 2003 දි ආරම්භ වී ඇතැයි සැලකෙන අතර 2006 ඔවුන්ගේ සයිබර් ප්‍රහාර ගැන ප්‍රථම වරට ලෝකයා දැන ගෙන ඇත.
දැන් ඔවුන් AnonPlus ලෙස ඔවුන්ගේම සමාජ ජාල වෙබ් අඩවියක් අරඹා ඇති අතර
පහත දැක්වෙන්නේ එහි මුල්පිටුවයි.



“Operation Face book” සඳහා Anonymous නම් වු හැකර් කණ්ඩායම විසින් අන්තර්ජාලයට මුදා හැරි විඩියෝව හා එහි සඳහන් සමහර කරණු කිහිපයක්...





2010 දි “Operation Avenge Assange” නම් වු මෙවැනිම මෙහෙයුමකින්
Paypal ,Visa, Master Card හා විකිලික්ස් හි ගිණුම් සඳහා
හැකින් ප්‍රහාර දියත් කොට ඇත.


ඒ වාගේම ඇමරිකානු පෙන්ටගනය, බැංකු හා News Corp. නැමති ආයතන වලටද මොවුන්ගේ සයිබර් ප්‍රහාර එල්ල වි ඇත.
පසුගිය මාසයේදි ඇමරිකාව,එංගලන්තය හා නෙදර්ලන්තයේ දි මෙම කණ්ඩායමට හවුල් යයි සැක මත පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

V for Vendettha නැමති 2006 දි තිරගත වු චිත්‍රපටයේ යොදා ගනු ලැබු
guy fawkes ගේ මුහුණ




මොවුන් යොදා ගන්නා අතර එය පැලද එක වරක ලොස් ඇන්ජලිස් නුවර ඔවුන් පෙනි සිටි අයුරු පහතින් දැක ගත හැකිවේ..


ඇමරිකාවේ කැලිෆෝනියාව මුලික කරගෙන 2004 වර්ෂයේ ආරම්භ කල Face book අඩවිය මේ වන විට ලොව පුරා මිලියන 750 ක් දෙනා එකතු වී සිටින විශාලම සමාජ ජාලයක් වන අතර එහි හිමිකරුගේ වත්කම පෝබ්ස් සඟරාවට හා විකිපිඩියාවට අනුව ඇමරිකන් ඩොලර් බිලියන 13.5 වේ.
කොහෝම වුනත් කැස්පස්කි සමාගමේ අයිතිකරු වන Eugene Kaspersky ටිවිටර් පිටුවට අදහස් දක්වමින් කියන්නේ එය කිසිවිටකත් සිදුවිය නොහැකි බොරුවක් බවයි..


එහෙත් විඩියෝවේ කතාව අවසානයේ මෙහේමත් කියනවා!
'We are anonymous. We are legion. We do not forgive.
We do not forget. Expect us.'



අපි නම් ඉතින් හැකින් ගැන අහලා තිබුනට නම් දන්නේ නම් නෑ.....
දැන්නම් ඉතින් ඉස්සරාහට මොනවා වෙයිද කියලා බලන් ඉන්න තමා තියෙන්නේ....
බලමු ඉදිරියට මොන වගේ දේවල් මේ ගැන කියාවිද කියලා!

2011/08/09 හා 10 දින වල අන්තර්ජාලයේ පලවු පුවත් මගින් කරුනු උපුටා දැනුවත් වීම සඳහා ඉදිරිපත් කරන ලදි.
ඔබගේ අදහස් ඔබ දන්නා දේ මෙහි කියලා ලියලාම යන්න හරිද!!

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??