Pages

Friday, August 5, 2011

Hacker කෙනෙක් නම් මෙන්න හොදම අවස්ථාව...මේ සොයන්නේ ඔබයි!Microsoft $250,000 reward for anyone who can protect Windows from cyber-attacks

ඔබ හැකින් දන්න Hacker කෙනෙක් නම් මෙන්න හොද අවස්ථාවක්...


මයිකෝසොෆ්ට් සමාගම ඔන්න හැකින් දන්න වැඩකාරයන්ට නියම චාන්ස් එකක් දිලා...
දන්නවාද මොකක්ද කියලා?

ඒ තමයි මයිකෝසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති හා ඔවුන්ගේ වැඩසටහන් සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා කරගන්න පුළුවන් වැඩකාරයෝ තුන්දෙනෙකුට ඩොලර් 250.000 මුදල් ත්‍යාගයක් දෙන්න...

ඔන්න නියමම චාන්ස් එක!


වැඩි විස්තර කියවලා බලලා ඉල්ලුම් පත්‍රයක් දාන්න ලංකාවේ කෙනෙක් තේරුනාම කාටද ආඩම්බර...

අන්තර්ජාලයෙන් සොයාගත්ත විස්තර ටිකක් තමා මේ ..තරගයත් පටන් අරගෙන තියෙන්නේ!
ඉතින් කියවලා අදහසක් දාලාම යන්න හොදද!


ගිය බදාදා ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වුන බ්ලැක් හැට් සමුළුවේදි මයිකෝසොෆ්ට් සමාගම මේ ගැන ලොවට කිව්වා!



ඒ Blue Hat Prize නමින් හදුන්වන මෙම තරඟය ලෝව පුරා සිටින ඕනෑම පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන්ට විවෘත අතර මෙය ජයග්‍රහකයා හෙවත් මයිකෝසොෆ්ට් සමාගම සතු වැඩසටහන් සියිබර් ප්‍රහාරයන්ගෙන් වලක්වන්නට වැඩසටහනක් නිර්මාණය කරන්නා වු තරගකරුට ඩොලර් 200,000 මුදලක් ප්‍රදානයටද, දෙවන ස්ථානයට ඩොලර් 50,000 ක්ද 03 තරග කරුට තමන් නිර්මාණය කල වැඩසටහන සදහා ඩොලර් 10,000 වටිනා MSDN Universal subscription හෙවත් ඔවුන්ට තම වැඩසටහන් තවදුරටත් දියුණු කිරිමට අවස්ථාවක් ද ලබා දෙන බව දක්වයි.
තම සමාගම වෙනුවෙන් රාජකාරි කිරිමට ද මේ මගින් අවස්ථාවක් ලබාදෙන බවයි.

තරගය ගැන විස්තර නිතිරිතී හා ඇතුලත් විමට දැන් වෙබ් අඩවියක් තියෙනවා!



මෙන්න විස්තර බලන්න මෙතනින් යන්න

මයිකෝසොෆ්ට් ආයතනයේ ආරක්ෂාව පිලිබද මධ්‍යස්ථානයේ ඡ්‍යෙෂ්ඨ ආරක්ෂක කැටි මවුසුරියස් පවසන්නේ මෙය මයිකෝසොෆ්ට් සමාගම මෙතරම් මුදලක් තැගි කන මුල්ම හා බොහෝ විට මෙම ආයතන අතර එකම ආයතනය වනු ඇති බවයි!

මේකෙන් බොහෝ විට සිද්ධවෙන්නේ අපරාධකරුවෙකුට හොද ජිවිතයක් දෙන්න වගේම ඔහුගේ අපරාධයට හොද මුදලක් ලබාදිමයි. කොහෝම වුනත් විනෝදයට වගේම රැකියාවට මේ දේවල් කරන අයට මේ කේෂ්ත්‍රයට එන්න හොද අවස්ථාවක් වේවි කියලාත් එයින් ලොව පරිගණක තාක්ෂණයේ දියුණුවත් හොද ආරක්ෂණ ක්‍රම ඇතිකර ගැනීමට හොද අය එකතු කර ගන්නට හොදම අවස්ථාව ලෙස තමා මයිකෝසොෆ්ට් සමාගම මේ තරගය හදුන්වන්නේ!

මේ සදහා සහභාගි වෙන අයට 2012 අප්‍රෙල් මස 01 වෙනකන් අවස්ථාව ලබාදි අතර විනිශ්චය
මයික්‍රසොෆ්ට් ආයතනයේ ආරක්ෂාව පිළිබඳ ඉංජිනේරුවන් විසින් සිදුකිරිමට නියමිතයි

මයිකෝසොෆ්ට් ප්‍රධානින් ගොඩාක් වෙලාවට මේකෙන් අදහස් කරලා තියෙන්නේ අරහේ මෙහේ වෙන වෙන දේවල් කරලා එක එක්කෙනා අතර වැඩකාරයො වෙච්ච හැකස්ලාට හොද අභියෝගයක් දෙන්න තමා ..



ඉස්සරහට අපිටත් බලන්න පුළුවන් වේවි විවිධ නම් වලින් ලෝකයේ විවිධ රටවල ඉන්න හැකස්ලා...
පරිගණක ඉංජිනේරුවන්ගේ වැඩ...
කොහෝම වුනත් මේක නම් වටින වැඩක් කියලා තමා මට නම් හිතෙන්නේ!

Monday, August 1, 2011

ඉක්මනට වැඩ ටික කර ගන්න K Computer එකක් ගමුද? Let’s get a K computer… which is as quick as one MILLION desktop PCs!!


ඉක්මනට වැඩ ටික කර ගන්නK Computer එකක් ගමුද?

K Computer එකක් කිව්වට මේක අලුත් පරිගණක ජාතියක් නම් නෙවේ..
මේ කියන්න හදන්නේ දැන් ලොව තියෙන සුපිරි පරිගණකය වෙන
K
Super Computer එක ගැන තමා..

අනික ඉතින් මේ වගේ එකක් ගන්නව නම් විදුලි බලාගාරයකුයි, බිල්ඩිමක් එක්කම
තමා ගන්න වෙන්නේ...


මේ ගැන තොරතුරු ,පින්තුර ඉතින් අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ!
සමහර අය දන්නවත් ඇති නොදන්න අයත් ඇති දෙගොල්ලොම කියවලා බලලා අදහසක් දාලාම යන්න හරිද?


පසුගිය අවුරුද්දේ නොවැම්බර් සිට චීනය සතුව තිබු ලොව වේගවත්ම සුපිරි පරිගණකය අභිමානය අහිමි කරමින් ජපානය විසින් එය හිමිකරගනු ලැබුවා. ඒ K යන සුරතල් නමින් හදුන්වන Kei - ලෙස ජපන් නමින් හදුන්වන සුපිරි පරිගණකයත් සමගයි.



පසුගිය ජුනි මස ජර්මනියේ හැම්බර්ග් හි සුපිරි පරිගණක පිලිබඳ සමුළුවේදි මේ පිළිබඳ ලොවට දැනුම් දුන්නා.
සුපිරි පරිගණකයන් හි අගය මනින්නේ එහි pet flops අගය ගණනය කිරීමෙනි.



Kei -යන්නේ අදහස 10 Quadrillion යන්නයි.එනම් තත්පරයකට සිදුකල හැකි කාර්යය ප්‍රමාණය යන්නයි (පරිගණකයේ වේගය) එහි අගය මෙලෙස දැක්වේ - 10,000,000,000,000,000 වේ. (10 petaflop නැතිනම් 10^16)

පුජිට්සු සමාගමේ නිර්මාණයක් වන මෙය සඳහා ජපාන ආණ්ඩුව විසින් ප්‍රතිපාදන සලසා දී ඇත.K සුපිරි පරිගණකයේ වේගය 8.16petaflop/s එහෙමත් නැතිනම් 8.16 Quadrillion වේ.එය ගිය වසරේ මෙම ස්ථානය හිමිකරගත් චීනයේ Tianhe – 1Aනැමති චීන ජාතික ආරක්ෂාව හා තාක්ෂණය පිළිබඳ විශ්ව විද්‍යාලය නිපද වු පරිගණකය මෙන් 03 ගුණයකි. Tianhe – 1A වේගය වුයේ 2.507 petaflop/s ය.

දැන් මේක ජපානයේ කොබේ නුවර පෝට්සිටි හි රයිකෙන් උසස් පරිගණක විද්‍යාව පිළබඳ ආයතනයේ පිහිටා කාලගුණ හා පරිසර තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස සැකසු ශාලාවක මෙය නිර්මාණය කරලා තියෙනවා. මිලියන එකක් වන Desktop පරිගණක එකතුවක වේගයට සමාන වේගයක් ඇති බව කියන මෙහි ඇතුලත CPU – 68544 ක් ද, ප්‍රොසේසර - 70,000 ක්ද යොදා ඇති අතර රාක්ක 672 තුල ගබඩා කොට ඇති මේ සඳහා ඇමරිකන් ඩො.බි. 1.2 මුදලක් වියදම් කොට ඇත.

භුකම්පා වගේම කාලගුණ වෙනස්වීම්, බෙහෙත් වර්ග නිපද වන දේ හා බලශක්තිය නිෂ්පාදන ක්‍රියා වලට තමා මේ පරිගණකය යොදා ගන්න හදන්නේ..


2011 මාර්තු මාසයේදී සිදුවු භු කම්පනයෙන්ද මෙයට හානි සිදුවු අතර මෙය හදුන්වා දීමද එමගින් ප්‍රමාද වී තිබුණී.

මේ තියෙන්නේ ඒ ගැන යු ටියුබ් විඩියෝ එකක්!



මේ සඳහා මෙගා වොට් 9.9 ක විදුලි බලයක් යොදන අතර එය කොපමණද කියනවනම් අවුරුද්දකට ගෙවල් 10000 විදුලිය ලබා දෙන්න පුළුවන් කම තියෙනවාලු...
ඒ වගේම මේකට අවුරුද්දකට ඩොලර් මිලියන 10 ක විදුලි බිලක් ගෙවන්න වෙනවා.

කොහොම වුනත් ඇමරිකානු තාක්ෂනික ආයතනය හා IBM ආයතනය මේ වන විටත් ඉල්නොයිස් සරසවිය තුල 10 Quadrillion වඩා වේගයෙන් තත්පරයට වැඩකල හැකි පරිගණකයක් නිර්මාණය කරමින් ඉන්නවලු.

දැනට ලොව සුපිරි පරිගණක 10 තුලට

ඇමරිකානු සුපිරි පරිගණක 05,

චීනය සතු සුපිරි පරිගණක 02,

ජපානය සතු සුපිරි පරිගණක 02 ක්
හා ප්‍රංශය සතු සුපිරි පරිගණකයක්
ඇතුලත් වෙනවා.‍


මේ තියෙන්නේ ඒ පරිගණක ලැයිස්තුව එහි කෙටි විස්තරයක්!



මෙන්න මේ අඩවියෙන් සුපිරි පරිගණක ගැන ඔයාලටත් විස්තර දැන ගන්න පුළුවන් වේවි...
ගිහිල්ලා බලන්න.

Click Here

දැන් ඉතින් ජපානය සතුව තමා ලෝකයේ වේගවත්ම පරිගණකය තියෙන්නේ...
කොහෝම වුනත් විවිධ රටවල් තමන්ගේ තාක්ෂණය දියුනු කරමින් විවිධ නිර්මාන කරන නිසා අනාගතයේදි සමහර විට ජපානය පරදවා තව රටක් මේ අභිමානය ලබා ගනීවි..

ගමුද K Computer එකක්...!

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??