Pages

Monday, March 5, 2012

දත්ත ඇතුලත් ලැප්ටොප් පරිගණකයක් නැති වු “නාසා“ ආයතනය හා සයිබර් හොරුන්ගේ රට ගැනයි මේ... Stolen"NASA" laptop contained space station control codes.!

ලැප්ටොප් එකක් නැති වෙනවා කියන එක නම් ඉතින් සාමාන්‍ය දෙයක්..........

ඒත් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය
International Space Station (ISS)
පාලනයට යොදා ගන්න රහස් දත්ත ඇතුලත් වුන ලැප්ටොප් එකක් නැති වුනොත්...

මේ කියන්න හදන්නේ ඒ වගේ ලැප්ටොප් 12 ආසන්න ගණනක් ඇමරිකානු “ නාසා “ ආයතනය තුලදි නැතිවී, නැත්නම් දත්ත සමගම හොරකම් කරලලු..


මේ ගැන පහුගිය දවසක එනම් 2012 පෙබරවාරි 29, නාසා හි ගැටලු පිලිබඳ ඇමරිකානු කොංග්‍රසයට ප්‍රකාශ කරලා තිබුනේ එහි නාසා පරීක්ෂන ජෙනරාල් තනතුර (NASA Inspector General) දරන පෝල්.කේ.මාර්ටින් (Paul K. Martin) මහතායි..


එහිදි ඉදිරිපත් කල වාර්තාව ( PDF) written testimony

2011 මාර්තු මාසයේ නැතිවුන නෝට් බුක් පරිගණකයක ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පාලනයට යොදා ගන්න රහස් දත්ත සටහන් ඇතුලත් ව තිබී ඇත‍.

2009 අප්‍රේල් මස සිට 2011 අප්‍රේල් වන විට ආයතනය සතුවු මෙවැනි ද්‍රව්‍ය 48 ක් නැති වි තිබේ...
එලෙසම 2011 වසරේදී සයිබර් හැකින් ප්‍රහාර 47 ක් එල්ල වෙලා තියෙනවලු..
එයින් ආයතන පරිගණක වලට හානි පැමිණවු ප්‍රහාර 13 සාර්ථක වී තියෙනවා....

ඒ එක් ප්‍රහාරයකින් ආයතනයේ සේවකයන් 150 වැඩි පිරිසකට ආයතනයට පැමිනෙන පිටවෙන පරිගණක පද්ධතියත් පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා....

NASA's Jet Propulsion Laboratory (JPL) නැමති කැලිෆොනියාවේ පිහිටා ඇති පර්යේෂණාගාරයකට එක ප්‍රහාරයක් එල්ල කර තිබුනේ චිනයේ හැකර්කරුවන් පිරිසක් විසිනි.

නාසා ආයතනය පවසන ආකාරයට ඩොලර් බිලියන 1.5 මුදලක් තොරතුරු තාක්ෂණික කටයුතු සඳහා යොදන්නේ එයින්
ඩොලර් මිලියන 58 විශේෂ ආරක්ෂක උපක්‍රම සඳහාද යොදා ගනිමිනි.

හෙට අනිද්දා වෙනකොට හැකර් කරුවෝ පිටසක්වලත් හැක් කරයිද දන්නේ නෑ...


මේ අතරම ඒ ගැන පරීක්ෂණ කරගෙන ගියපු FBI ආයතනයට රොමේනියානු බලධාරීන් විසින් Razvan Manole Cernaianu නැමති තොරතුරු තාක්ෂණය හදාරන අවුරුදු 20 ක තරුණයෙකු අත්අඩංගුවට අරගෙන භාර දීලා තියෙනවා...



ඔහු අන්තර්ජාලයේ දි තමන්ව හදුන්වා ගෙන තියෙන්නේ "TinKode," නැමැති නමින්...
ඔහුව සැකකරුවෙක් වෙලා ඉන්නේ නාසා ආයතනය හා පෙන්ටගනයේ පරිගණක ජාල වලට ඇතුල් වෙලා කියලා..

ඒ විතරක් නොවේ නාසා ආයතනය භාවිතා කරනු ලබන මෘදුකාංග වැඩසටහන සොරා ගෙන තම බ්ලොග් අඩවිය මගින් මුදලට විකුණලා..
ඒ මෘදුකාංගය පාවිච්චි කරලා එම සර්වර්ස් වලට ඇතුලත් වන විඩියෝ පවා ඔහු ඒකේ ඇතුලත් කරලා....

මීට පෙර CIA වෙබ් අඩවිය හැක් කල අවුරුදු 19 තරුණයා මතකද? මෙතනින් යන්න..

රොමේනියාව ගැනත් යමක් කියන්න ඕන කියලා හිතුවා....

සයිබර් ලෝකේ ඉන්න ලොකුම සයිබර් හොරු, නැත්නම් හැකර් කරුවෝ ඉන්නේ මේ රොමේනියාවේ කියලා තමා කියන්නේ...

මේ තොරතුරු හොයද්දී වචනයක් හම්බවුනා...

Hacker Ville මතකද? අහලා පුරුදුද??

පරිගණක, අන්තර්ජාලය නැත්නම් ඇනෝනිමස් හැකර් තොරතුරු අතර මේ වචනය අනිවාර්යයෙන්ම ඔබ දැකලා ඇති...

මේ ඒ වචනයේ උපතත් තියෙන්නේ මේ රොමේනියාවෙන්...

බටහිරින් හංගේරියාවටත්,සර්බියාවටත්, නැගෙනහිරින් යුක්රේනයටත් දකුනෙන් බල්ගේරියාවටත් මායිම් වන රොමේනියාව යුරෝපයට අයත් 9 වෙනියට ලොකුම රටයි... මිලියන 21.5 ජනග්‍රහනයක් වෙසෙයි...

එහි අංක 07 අධිවේගී මාර්ගයේ පැය තුනක ගමනකට පස්සේ රැම්නකු වැල්සීයා (Râmnicu Vâlcea) නම් වු සංචාරක නගරයක් හම්බවෙනවා...


අන්න ඒ නගරයේ තමා ලොකේ ලොකුම අන්තර්ජාල වංචාකාරයෝ ඉන්නවා කියන්නේ... ඒ හින්දම එය ප්‍රසිද්ධ Hacker Ville ලෙසයි..

ගුගල් සිතියමෙන් නගරය බලමුද?? මෙතනින් යන්න

ebay, Auto trader වැනි දැවැන්ත වෙබ් අඩවි වල බොරු දැන්වීම් පළකර අන්තර්ජාල ගැනුම්කරුවන් රැවටීම මගින් සුක්ෂම ආකාරයෙන් මුදල් රැස්කිරීම ක්‍රියාත්මක කිරීම මෙහි සිටින තරුණ තරුණියන්ගේ ප්‍රධානම රැකියාවයි...


මෙසේ රැවටීමට ලක්වු බොහෝ අය ඇමරිකානුවන් වේ...

අවුරුදු ගණනාවක සිට කර තිබු මෙම වංචාව පිළිබඳ ප්‍රථම වරට පැමිනිලි ලැබි ඇත්තේ 2002 අවුරුද්දේ වීමත් විශේෂත්වයකි.

2002 දි පැමිණිලි 75,000 ට වැඩි ගණනක් FBI ආයතනයට ලැබී තිබු අතර 2009 වෙද්දී එය පැමිණිලි 333,000 දක්වා වැඩිවී ඇත.

සඳහන් වන ආකාරයට 2005 දි පමණක් ලොව වටා ගැනුම්කරුවන් ඩොලර් මිලියන 10 වැඩි මුදලක් දන් දී ඇත.

මෙම නගරයේ ලොකුම සයිබර් හොරා ලෙස සඳහන් වනුයේ “ චීටා “ (Chita)ලෙස හැදින්වෙන පුද්ගලයායි..

ඔහු විසින් ඇමරිකානු ආදායම් බදු දෙපාර්තමේන්තුව ලෙස වෙබ් අඩවියකින් පෙනී සිටිමින් එරට බැංකු හා සමාගම් සතු ගිණුම් අංක , ශේෂයන් සියල්ල හොරෙන් ලබා ගත් අතරම වෙනත් සමාගම් අරඹා එම මුදල් ඒවාට ගලා යාමට සකසා ඇත..

ඔවුන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක නොවන්නේ හරියාකාරව ජාල ගතවී ක්‍රියාකිරීම නිසාත්, ඔප්පු කිරිමට සාක්ෂි නොමැති නිසාත්ය...

තව දේවල් ඒ ගවේෂනාත්මක ලිපියේ තියෙනවා....බලන්න.
මේ තොරතුරු ටික ගත්තේ මෙන්න මෙතනින්

මොකද කියන්නේ කට්ටියම යමුද රොමේනියාවට?

7 comments:

  1. ආ මල්ලි ලා රොමේනියාවට යන්ඩ Student Visa ඕනේ නං කියන්ඩ විශ්වාසවන්ත විදිහට කොරලා දෙන්ඩ පුලුවන්

    ReplyDelete
  2. මටත් හිතෙනවා මේ වගේ කුපාඩි වැඩක් කොරන්න

    ReplyDelete
  3. ගොඩක්ම වටින ලිපියක්...
    ස්තුතී දැනුවත් කරාට...

    ReplyDelete
    Replies
    1. කමෙන්ටු දාන්න අමාරුයි මේ සයිට් එකේ :(

      Delete
    2. දැන් හරි ඇති මං හිතන්නේ...
      :)

      Delete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??