Pages

Friday, April 15, 2011

කෝටිපතියෙක්‌ වු චාලි චැප්ලින්ගේ 122 උපන්දිනය...



රූපය දැක්ක ගමන්ම කවුද කියලා අනිවාර්යෙන්ම මතකයි නේද??
1889 වසරේ ලන්ඩන් නුවරදී උපන්චාලි චැප්ලින්!

වයස අවුරුදු පහේදී අතේ සතයක්‌වත් නැතිව වීදිගානේ රඟපාමින් මුදල් ඉපැයූ චැප්ලින්
වයස
අවුරුදු 28 වන විට

ඇමෙරිකාවේ කෝටිපතිනළුවන්ගෙන් කෙනෙක්‌ බවට පත්විය.

අද ඔහුගේ උපන් දිනයයි...(2011/04/15)
ඒ ගැන දැන ගත්තේ පහත දාලා තියෙන පින්තූරය දැක්ක හින්දා!



ඒ ගුගල් මුල් පිටුවෙයි....

කියවලා බලලා අදහසක් දාන්න කියලත් ඉල්ලා සිටිනවා!


1900 වසර මුල නිහඬ චිත්‍රපට නළුවෙක්‌, කතා රචකයෙක්‌ අධ්‍යක්‍ෂවරයෙක්‌ සහ නිෂ්පාදකවරයෙක්‌ ලෙස සිටි ඔහු
ජනප්‍රියත්වයට පත් වූයේ ද ලිට්‌ල් ට්‍රෑම්ප් නම් චරිතය රඟපෑමෙන් පසුවය.
ද ලිට්‌ල් ට්‍රෑම්ප් ඔහුගේ චිත්‍රපට නිර්මාණකරණයේ ආරම්භය වු අතර අවුරුදු 52 සිනමා ජීවිතයේ ආශ්චර්යය ලෙසද සැලකේ.
ට්‍රෑම්ප් බිහිවූයේ චැප්ලින් ඇමරිකාවට සංක්‍රමණය වීමට සිව් වසරකට පෙර එනම් 1914 වසරේදීය.
" ට්‍රෑම්ප්" ප්‍රදර්ශනය කරන ලද්දේ 1915 වසරේදීය.
ද ලිට්‌ල් ට්‍රෑම්ප්


එය චැප්ලින්ගේ පළමු පෙළේ සම්භාව්‍ය චිත්‍රපටය ලෙස සලකන ලදී.
හාස්‍යජනක චිත්‍රපටයක්‌ වුවත් එහි අවසානය දුක්ඛ දායක එකකි.
වයස අවුරුදු 88 දී ඔහු මිය යන විට ඩොලර් මිලියන විස්‌සක්‌ පමණ වන වත්කමක්‌ ඔහු සතුව තිබිණි.

චාල්ස්‌ ස්‌පෙන්සර් චැප්ලින්ගේ රංගනයන් ලොවේ සෑම කෙනකුගේම ඇගයීමට භාජන විය.
ඔහු නිපදවන ලද චිත්‍රපට සංඛ්‍යාව 80 ක්‌ පමණ වේ.

1952 පසු ඔහු මිය යනතුරුම ජීවත්වූයේ ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා වැව අසබඩ අක්‌කර 37 ක ඉඩමක පිහිටි නිවසකය.
ඔහු එහි ජීවත්වූයේ ඔහුගේ සිව්වැනි බිරිඳ වූ ඕනා ඔනිල් සමගය.
54 හැවිරිදි ඔහු 18 හැවිරිදි ඇය සමග විවාහ වූයේ 1943 දීය.ඒ විවාහයෙන් ඔහුට දරුවන් අටදෙනෙක්‌ ලැබුණි

අවසාන අවුරුදු කිහිපයේදී ගෞරව සම්මාන ලැබීමට තරම් වාසනාවන්තයෙක්‌ විය.
1975 දී දෙවැනි එළිසබෙත් රැජිණ ඔහුට නයිට්‌ පදවියක්‌ පිරිනැමූ අතර
1972 වසරේ විශේෂ ඔස්‌කාර් සම්මානයක්‌ ප්‍රදානය කිරීම සඳහා ඔහුට හොලිවුඩ් නගරයට
පැමිණෙන ලෙස ආරාධනයක්‌ ලැබිණි.

චාලි ඔහුගේ රසිකයන්ටත් වඩා අන්ත දුප්පත් පවුලකින් පැවත,
ජීවිතයේ දුක ජයගෙන ආදර්ශවත් ජීවිතයක්‌ ගතකර කෝටිපතියෙක්‌ වු චාලි චැප්ලින්
ලෝකයේ සියලු පුද්ගලයන්
අභිබවමින් ජනප්‍රියත්වයේ මුලින්ම සිටී.

2 comments:

  1. thanks a lot for ur comments!
    ස්තුතියි...
    ඔබට යමක් ලැබුනා නම් එය වටිනවා!!
    තවත් හොද දේ දාන්න බලාපොරොත්තු වෙනවා!
    ඉඩ තියෙන වෙලාවට ඇවිත් යන්න..

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??