Pages

Friday, June 17, 2016

ලොව වැඩිම පිරිසක් හැමදාම ගයන, ටීචර් උදේට ළමයින්ට උගන්නපු සරල සිංදුව - From 19th Century Classroom Tune to World’s most popular song "Happy Birthday to You "


උපන් දිනය බොහෝම දෙනා දන්න සමරන දෙයක්.... ඒක  සාමාන්‍යයි.. ඒ එක්කම යන ගීතය ලොකේ ඕනෑම ජාතියක මිනිස්සුන්ටත්  සාමාන්‍යයි... ඒ පොඩි දරුවගේ ඉදලා වැඩිහිටියා දක්වාම...


කියන්න යන්නේ "Happy Birthday to You " ගීතය ගැනයි. හැමෝම කියන නිසා මාත් දන්නවා ඔයාලත් දන්නවා අනිවාර්යයෙන්ම..

Saturday, February 13, 2016

ගහන අඩියක් දැනගෙන ගහන්න,ඉගෙන ගන්න..වැඩකට (නැති / ඇති) මාතෘකාව - අරක්කු - Exclusive: Difference between Brandy, Whiskey, Rum, Vodka, Scotch, Champagne, tequila and Gin


"
මචන් ඊයේ ගැහුවා පට්ට අඩියක් , අපේ කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා සෙට් වුනා "රට බ්‍රෑන්ඩි එකක් සුපිරියි..., ඔහොම කියන කතා අනිවාර්යයෙන් ඔබ අහල ඇති නේද ???
රට බ්‍රැන්ඩ් එකක් හෙවත් විස්කියක් බ්‍රැන්ඩ්‍රියක් වොඩ්කා එකක් කියලා ජාති වෙනස් වෙද්දි විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා,ජින් රම් කියලා එක එක පාට එක හැඩ බෝතල් වල එන වැඩකට නැති මාතෘකාවක් ගැන පොඩ්ඩක් හොයලා බලන්නයි මේ සුදානම...


අපේ භාෂාවේ අඩි හෙවත් පොදු වචනය අරක්කු නැත්නම් මත්පැන් වර්තමානය වෙද්දි සමාජය පුරා විහිදි විසිරී පැතිරි ඇති ද්‍ර‍වයකි. කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්ත මතක් වුන චාමිකයට හිතුනා මේ අරක්කු ගැන ආර්ටිකල් එකක් දාන්න
වියදම් කරගෙන බොන අරක්කු හදන්නේ කෝමද එක එක ජාති වෙනස් වෙන්නේ කෝමද?‍

Friday, March 6, 2015

ජනපති ඔබාමා එක්ක එහේට මෙහේට යන ඔබාමාගේ තිරිසනා....It's called "The Beast",The President Barack Obama's'Cadillac' !


ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්...‍
ලොව ප්‍රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්‍ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට් ( Chevrolet ) හා කෝඩියැක් ( Kodiak ) යන මොටර් රථ නිපදවන සමාගම් වල තාක්ෂණය එකතු කර ගෙන මෙය නිර්මණය කිරීමත් සමග එය 'Cadillac' නමින් හදුන්වන්නට වුනා.



අඩි 18 දිග අඩි 5 අගල් 10 උස,බර 6800 Kg වනමෙය නිලවශයෙන් හදුන්වන්නේ 'Cadillac 1' ලෙසයි.එය “ද බීස්ට්“ නැතිනම් “තිරිසනා“ යන අනුවර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි. වෙනත් ලිමොසීනයන්ට වඩා ප්‍රමාණයෙන් වෙනස්වන අයුරින් නිපදවා ඇත.

Monday, February 9, 2015

වසර 100 ක් වෙද්දී ලො භයානක මත්ද්‍රව්‍යකට පෙරලුනු “කැස්සට හදපු බෙහෙත “හෙරොයින්“ හෙවත් අපේ භාෂාවේ “කුඩු”!! - “Heroin” – From Cough medicine how become underworld Narcotic within 100 + years!!


1898 දී ජර්මන් බෙහෙත් නිපදවන සමාගමක් තම අලුත්ම බෙහෙත කැස්ස, ක්ෂය රෝගය නිවාරණය වෙනුවෙන් හදුන්වා දෙන ලදි. විශේෂත්වය වන්නේ අවුරුදු 100 කට වැඩි කාලයක් ගත වෙද්දී එය ලොව භයානකම මත්ද්‍රව්‍යයක් බවට පත්වීමයි. මොකක් ද මේ?? හෙරොයින් නැතිනම් සාමාන්‍ය භාෂාවෙන් නම් “ කුඩු “ ඉතා තදින් ඇබ්බැහි වන්නා වු ඇබ්බැහි වු පුද්ගලයා කුඩේ කුඩු වන මත්ද්‍රව්‍යයකි. දැක්වෙන පරිදි ලොව පුරා මිලියන 13.5 මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එයින් 9.2 ක් හෙරොයින් භාවිතා කරන බව සඳහන් වේ.


හැමදාම ලංකාවේ කුඩු ගැන ඇහුවට වර්තමානයේ විශේයෙන්ම කුඩු ගැන නිතර නිතර සඳහන් වෙන හින්දම මොනාද මේ “කුඩු“ කියලා නැත්නම් “හෙරොයින්“ කියලා හොයලා බලන්න හිතුනා.. මෙන්න චාමිකයට හොයාගත්ත විස්තර, පින්තූර... වෙනදා වගේම සියල්ලම අන්තර්ජාලයෙන් තමා! බලන්න..
දැනුවත් වෙන්න.. අන් අයත් දැනුවත් කරන්න..

Thursday, January 15, 2015

අවුරුද්දේ නිකන්ම යන දින ටික පුරවන “විශේෂ දින” ගැන ඔබ දන්න දේට වැඩිපුර දෙයක්...International Days of the year that you must know!

අවුරුද්දට දින 365 ක් තියෙනවා.. ඒක අපි දන්නවා!
ඒ මදිවට එක එක දින එක එක නම් වලින් නම් කරලා තියෙනවා... ඔය ගොල්ලොත් අහලා ඇති
ලෝක ඒඩ්ස් දිනය” “ලෝක ළමා දිනය
මෙන්න චාමිකයගේ ඉසව්වෙන් කාලෙකට පස්සේ අවුරුද්දේ විශේෂ වුන දින ගැන සටහනක් කරනවා.. තරඟ විභාග ලියන අයට වගේම සාමාන්‍ය දැනුමටත් මේවනම් වැදගත්...


බලන්න.. අදහසක් වගේම තවත් එකතු කරන්න දේ තියෙනවනම් කියන්න.





පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??