මොකක්ද මේ?? 
මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ?

ආහ්...
ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන යන්නට තියෙන කේබලයට අලුත්ම සහ නවීනතම තාක්ෂණයෙන් යුතු කේබලයක් අලුතින් සවිකරන කට්ටිය..

අපි මේ අන්තර්ජාලය නිතර පාවිච්චි කලාට ඉතින් ඕවා කවුද දෙන්නේ කොහොමද එන්නේ කියාලා හොයනවා අඩුයි නේ...

බොහෝමත් දෙනා හිතාගෙන ඉන්නේ අන්තර්ජාලය අපිට ලැබෙන්නේ ලොව වටා තියෙන චන්ද්‍රිකා මාර්ගයෙන් කියලා..
සමහර අය හිතන්නේ ශ්‍රී ලංකා ටෙලිකෝම් ආයතනයෙන් නේද කියලා...

ඇත්ත කතාව නම් මේ අන්තර්ජාලය 90% ටත් වඩා අපට ලැබෙන්නේ ලොව වටා විහිදුනු විශාල කේබල ජාලයකින්..

ඒක කටයුතු කරගෙන යන්නේ අන්තර්ජාතික දුරකතන සමාගම හෙවත් International Telecom සමාගමයි..

ඔවුන්ගේ නිල වෙබ් අඩවිය මෙතනින් වැඩි විස්තර ඔබට බලාගන්න පුළුවන්..
ඉතින් මේ හදන්නේ මේ සබ්මැරීන කේබල් මාර්ගය ගැනයි..

මේවා ආරක්ෂා කරගන්නේ කෝහොමද කොච්චර දේවල් මේ තුල වෙනවද කියලා පොඩි විස්තරයක් ගේන්න තමා...
තොරතුරු හා පින්තුර හා සැබැදි සියල්ල සොයාගත්තේ අන්තර්ජාලයෙන්මයි..
කියවලා බලලා අදහසක් දාලාම යන්න කියලා ඉල්ලා සිටිනවා..

ලොව කාර්ය බහුලම අන්තර්ජාල කේබල් මාර්ගය වන්නේ
ලන්ඩනය හා ඇමරිකාවේ නිව්යෝර්ක් අතරයි.
එයට කේබල 09 සවිවී සෑදි ඇති අතර ඉහත ජායාරෑපයෙන් දැක්වෙනුයේ එය ඉවත් කරමින් එම කේබල් 09 වෙනුවට අලුතින්ම වේගවත්ව දත්ත ගෙන යාමට Apollo නැමති සමාගම
විසින් හදුන්වා දුන්

OLAC-4 SPDA නැමති නවතම කේබලයයි.

කේබලයේ වටිනාකම දක්වා ඇත්තේ පවුම් මිලියන 250 ක් වශයෙනි.එය බ්‍රිතාන්‍ය කෝර්නිෂ් වෙරලේ සිට සැතපුම් 3800ක් දුරින් වු නිව්යෝර්ක් නුවර දක්වා මුහුද යටින් දිවෙයි.

මෙහි වෙරලේ ඇති මධ්‍යස්ථානය ඉතා රහසිගතව පිහිටුවා ඇත්තේ ත්රස්ත්රවාදි ප්‍රහාර ආදිය වැලක්වීම සඳහායි.
ලොව අන්තර්ජාල කේබල් ජාලයේ වැදගත්ම ස්ථානයක්
( Hub ) එකක් ලෙස මෙය හදුන්වයි.
මේ තියෙන්නේ ලෝකයේ අන්තර්ජාලය ගෙන යන කේබල පද්ධතිය විහිද ඇති ආකාරයයි.

දන්නවාද ශ්‍රී ලංකාව සම්බන්ධ වෙලා තියෙන කේබලයේ නම ??
මෙන්න නම ටිකක් දිගයි..
SEA-ME-WE- 4 හෙවත්
South East Asia - Middle East-West Europe 4 යන්නයි.

මෙතනින් ගියොත් එහි නිල වෙබ් අඩවිය හා තවත් විස්තර බලන්න පුළුවන්..

ශ්‍රී ලංකා ටෙලිකෝම් සමාගමේ ලාංජනයත් තියෙනවා..
මෙන්න මෙතනින් ගියොත් රට රටවලට යන මේ කේබල හදුන්වන සංකේත නාම ඔක්කෝම බලාගන්න පුළුවන්..
Apollo සමාගම හදුන්වා දුන් මේ නවීන කේබලය නිවසේ පාවිච්චි කරන හෝස් එකක් තරමේ වුවත් ඒ තුල බණ්ඩල 08 ක් තුල වු කෙස් ගසක් පමන ප්‍රමාණයේ කේබල 192 ක් ඇත.

කුඩා වුවත් එහි එකවර මිලියන 20 භාවිත කිරිමේ හැකියාව ඇති දත්ත ප්‍රමාණයක් ගමන් කරයි. ලේසර් කිරණ මගින් මේ හරහා දත්ත ගමන් කිරීම සිදුවන අතර තත්පරයට මෙහි 3.2 Tbps ගමන් කරන අතර නැවත පැමිනි දුරත් සමඟ සැතපුම් 7600 ක් වු සැතපුම් ගණන සම්පුර්ණ කිරීමට
ගතවන්නේ තත්පර 0.00072 පමණි.

මේ මධ්‍යස්ථානයට මාසික විදුලි බිල පවුම් 25,000 පමණ වේ.

සැතපුම් 30 කට එකක් වන ලෙස ගෙන යන දත්ත ප්‍රමාණයේ
ශක්තිය වැඩි කර පවත්වා ගෙන යාමට විද්‍යුත් රිපිටර්
(Electrical Repeaters) යොදා ඇති අතර එකක සාමාන්‍ය
මිල ඩො.මි.01 වන බව පැවසේ..
මේවා ක්‍රියාකිරිමට 10000 වෝල්ටීයතාවයෙන් යුතු විදුලි බලයක්
මේ කේබලය තුලින්ම ගමන් කරනු ලැබේ.
විද්‍යුත් රිපිටරයේ තවත් වාසියක් වන්නේ පැය 24 පුරා මේ කේබලයේ ආරක්ෂාව හා අලුත්වැඩියා කටයුතු කරන්නා වු ඉංජිනේරුවන් හට කේබලයේ අනතුර වුයේ කොතන ද යන්න
හදුනා ගත හැකි වන බැවිනි.
10000 වෝල්ටීයතාවයෙන් වගේම ලේසර් ගමන් කරන නිසා ක්ෂණීකව ශරීරයට හානි සිදුවන බැවින් මේවායේ අලුත්වැඩියාවන් කිරීමේදි ඉතාමත් පරිස්සම් විය යුතු බව ඔවුන්ගේ අදහසයි.

19 සියවසේ සිටම බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අතර මෙවැනි සරල කේබල ක්‍රමයක් පැවත ඇති අතර 1956 වන තුරු ඒවායේ භාවිත වී ඇත්තේ මෝස් කෝඩ් (Morse code )වලිනි.

එකල එමගින් එකවර දුරකතන ඇමතුම් 36 ක් ගත හැකිව තිබු අතර 1988 දි ඒ සඳහා පයිබර් කවරයක් සහිත කේබල පද්ධතියක් සවිකරන ලද අතර එමගින් එකවර ඇමතුම් 2500 ලබාගත හැකිව ඇත.
පසුව එය දියුණු කරමින් මිලියන 60 දක්වාද අලුතින් හදුන්වා දෙන මේ Apollo සමාගමේ කේබලය මගින් එකවර දුරකතන ඇමතුම් මිලියන 200 දක්වා වැඩිකර තිබේ.

මෙහි දියුණුව කොතෙකුත්ද යත් අවුරුදු 20 ක් වු කාලය තුල එක කේබලයකින් රැගෙන යන ප්‍රමාණය 80000 ගුණයකින් වැඩිවී ඇත.

මෙම වැඩසටහනේ දැනට ගෙන යන දත්ත ප්‍රමාණය 39Tbps දක්වා 2014 වන විට වැඩි කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව අදහස් කර සිටියි.
2013 වන විට බ්‍රිතාන්‍ය යේ තවත් ඉලක්කයක් වන්නේ 10Mbps වු බෝඩ්බ්‍රෑන්ඩ් අන්තර්ජාලයක් රට තුල ලබාදීමයි.
එහේම තිබුනොත් නම් තත්පර 30-40 යනකොට සාමාන්‍ය පිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වේවි..

මේ විදිහට අන්තර්ජාලය තුල , කේබල තුල වෙනස් කරමින් දියුණු කරාට හදිස්සියෙන් හරි මේ කේබලයක් කැඩිලා ගියාම
මේ ඔක්කෝම ඉවරයි..

2008 වසරේ සැතපුම් 24500 ක් දිග වු මෙවැනි අන්තර්ජාලය ගෙන යන කේබලයක් නැවක නැංගුරමක පැටලී කැපී යාම නිසා ඉන්දියාව හා ආසියාවේ බොහෝ රටවල මිලියන ගණනාවක් භාවිතා කරන අන්තර්ජාලය ඇනහිටියා...

බෝට්ටු හා නෞකා වල නැංගුරම් , දැල් නිසා වගේම භු කම්පන හා දිය යට ගිනි කදු නිසා මෙවැනි කේබල වලට හානි සිදුවෙනවා...
මෙන්න මේ ප්‍රශ්ණය නවත්වන්න Telegeography නැමති සමාගම නෞකා සඳහා කේබල පද්ධතිය දැක්වෙන සිතියමක් ලබා දීලා තියෙනවා..

පැහැදිලිව බලන්න මෙතනින් යන්න...
මෙය වලක්වා ගැනීමට Wave Senihel නම් ටොන් 12 බර වු නෞකාව
වගේම තවත් නෞකා රාශියක් පැය 24 පුරාම වර්ග සැතපුම් මිලියන 40 ක් වු අත්ලාන්තික් සාගරයේ රැදී සිටිනවා..
මේ මතුපිට ටොන් 09 පමණ බර කේබල රදවා තැබිය හැකිය.
මේ සබ්මැරීන කේබලයන් හි දෝෂ හදුනා ගැනීම හා හැකි ඉක්මනින් ඒවායේ අලුත්වැඩියාවන් කිරීම මොවුන්ගේ රාජකාරියයි.
බලන්න
මේ තියෙන්නේ ඒ ආකාරයේ කේබල කැපි යාමක් හා එය අලුත් වැඩියා කරන
ආකාරය දැක්වෙන ත්‍රිමාණ යු ටියුබ් විඩියොවක්... .
සාමාන්‍ය යෙන් මෙවැනි අලුත්වැඩියාවක් සඳහා
පවුම් 500,000 ක් පමණ

වියදම් වන අතර Wave Senihel නෞකාවේ
කපිතාන් රිචර්ඩ් කර්න්ස් මහතා
කියන විදියට අන්තර්ජාලය පවතින විට විනාඩි කිහිපයක් තුල උපදන ආදායම අනුව එය ඉතා කුඩා මුදලක් බවයි.
එම නෞකාව ගිය වසර තුල අලුත්වැඩියා
කටයුතු 30 පමණ සිදුකර ඇත.

ගැඹුරු මුහුදේ සිදුකරන්නා වු මේ අලුත් වැඩියා කටයුතු සඳහා ROV
(Remote Operated Vehicle ) භාවිතා කරන අතර ඒවා විදුලි බල්බ,කැමරා හා රේඩාර් යන්ත්‍ර වලින් සමන්විත වේ..

රිපිටර් වල සංඥා හා මෘදුකාංගයක් මගින් දෝෂය පවතින ප්‍රදේශය හදුනා ගන්නා අතර පවුම් මිලියන 4.5 මිල වන මෙම ROV යන්ත්‍ර යොදා ගනිමින් කේබලය නැව තට්ටුව මතට ගෙන අලුත්වැඩියා කටයුතු සිදුකර නැවතත් ROV යන්ත්‍රය
මගින්ම මුහුද යට ස්ථාන ගත කරනු ලබයි.

මුහුදේ සැතපුම් 04 යටට මෙම යන්ත්‍රය මගින් කටයුතු සිදුකල
හැකි අතර නැවේ සිට ROV යන්ත්‍රය හැසිරවීම සිදුකරනු ලැබේ.
ROV යන්ත්‍රය මගින් කේබල අලුත්වැඩියා අයුරු හා එහි ක්‍රියාකාරිත්වය...
ඊටත් වඩා ගැඹුරේ ඇති කේබල අලුත් වැඩියාවන්
සඳහා Grapnel යන්ත්‍ර යොදා ගනු ලබයි.

එයත් ඉහත ආකාරයටම පාලනය කරනු ලැබේ.
අන්තර්ජාලය ගෙදරට ගෙනත් දෙන එකත්
සෙල්ලම් වැඩක් නෙවේ නේද??
අපිට නම් ඉතින් මොන දේ වුනත් අවුලක් නෑ ඉන්ටර් නෙට් එක
හරියට වැඩකරනවා නම්...
එහේම නේද??
කොහෝම වුනත් මේ වෙලාවෙත් කපිතාන් රිචර්ඩ් කර්න්ස් මහත්තයා
නැවේ කට්ටියත් එක්ක මුහුදේ ඉදන් කේබල් වල දෝෂ හොයනවා ඇති..

සිරා ලිපියක් යාලුවා..අපිව දැනුවත් කරාට ඔයාට ස්තූතියි
ReplyDeleteදන්නවාද? ලංකාවට ඔය කේබල් එක එන්නේ ගල්කිස්ස හරියෙන්
ReplyDeleteela ela chamika aiyya
ReplyDeleteලංකාවෙත් දැන් අවුරුදු 3,4කට කලින් නෙට් නැවතිලා තිබ්බ දවස් දෙකක්ද කොහෙද නැවකින් කේබල්වලට හානි වෙලා කියල..කස්ටියට මතකද දන්නෙ නෑ!
ReplyDeleteනියම ලිපියක්
ReplyDeleteThannnnnkkuuu... maxxaaa...
ReplyDeleteNiyama Wedak Chamika
ReplyDeleteවටිනා ලිපියක්... :)
ReplyDeleteහි හි.... බොහොම ස්තුතියි අපිව දැනුවත් කලාට...
ReplyDeleteමම දිය රකුස්ගෙ ගෝලයෙක් වෙලත් ඔය ටික දැනගෙන හිටියෙ නැහැ නොවැ....
එළ සටහනක් නේ
ReplyDeleteSupiri! Thanks a lot
ReplyDeleteස්තූතියි෴ දැනුවත් කරාට.
ReplyDeleteගොඩක් ස්තුතියි යාලුවා,හරිම වැදගත් ....
ReplyDeleteඑල .......
ReplyDeletefatta fata fata
ReplyDeleteitz very important
කේබල් එක ගැන දැනගෙන හිටියට මෙච්චර නම් දැනගෙන හිටියෙ නෑ! නියමයි
ReplyDeleteනියම ලිපියක් සහෝ..ජය වේවා ..ඔබට මෙවැනි අලුත් දේවල් තව තවත් ..ඉදිරියට ඔබෙන් අපට ලැබේවා ...
ReplyDeletemaru lipiyak sakoooo...godak hoayi
ReplyDeletehei bro thz z a grt massege KEEP IT WELL
ReplyDeleteමරැ ලිපිය මචං ලොකු දැනුමක් ලබා ගත්තා ..ගොඩක් පිං
ReplyDeletewww.batmark.tk
ෆට්ට ලිපිය බන් ...මාර වටිනවා සැහෙන්න දේවල් දැනගත්තා...දැකගත්තා...ජය වේවා...!!!
ReplyDeleteනියමයි මචෝ නියම ලිපිය
ReplyDeleteexcellent article................
ReplyDeleteනියම බ්ලොගක්.. මට මිස් වෙලා වගේ... උපරිමයි කියන්න දෙයක් නැහැ මචෝ...
ReplyDeleteමගේ බ්ලොග් රෝලට දාගන්නම් ඔක්කොම අප්ඩේට් වෙන්න.. ජය ශ්‍රී !
niyamai
ReplyDeleteniyamai machoooo thank u..
ReplyDeletesite 1 superb,,,,keep it
ReplyDeletehoda lipiyak
ReplyDeleteඑල නියම තොරතුරැ ටික..
ReplyDeleteMaxxa info...! Love your blog..!
ReplyDeletepatta machan............all da bst!!!
ReplyDeleteGodak dewal danagaththa godak pin
ReplyDeleteබොහොම ස්තිතියි අපිව දැනුවත් කරනවට
ReplyDeleteනියමයි සහෝ......සෑහෙන්න වටිනවා......
ReplyDeletepatta ptatap ptatata
ReplyDeleteniyamay ayye oyata ohoma thanks apita mewa kiyala denawata ..
ReplyDeleteඅඩේ මට බලන්න බැරි වෙලානේ..... පිස්සු හැදෙනවා. ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් බෙදා හැඩ ගත්තට.
ReplyDeleteexcellent article
ReplyDeleteහොඳ ලිපියක් ඒ වගේම සාරවත් බ්ලොග් එකක්. බොහොම ස්තුතියි ඔබට මේ ගැන ලියන්න කාලය යෙදෙව්වට.
ReplyDeleteTKS , DEAR
ReplyDelete