Pages

Friday, March 16, 2012

හැකින් මෘදුකාංගත් සමගම නොමිලයේම ලබා දෙන අලුත්ම මෙහෙයුම් පද්ධතිය -“ Anonymous OS Live“ -Guys "Anonymous Live OS " Free download from Here but ....!!

වින්ඩෝස් 8 වලට පස්සෙත් අලුත් OS එකක් නැත්නම් අලුත්ම මෙහෙයුම් පද්ධතියක් ඇවිල්ලා... දන්නවද?
නෑ නේද.. !!

හැබැයි මේක නොමිලේ තමා දෙන්නේ...
අපි හොදට දන්න සෙට් එකක් තමා හදලත් තියෙන්නේ..
වෙලාවකට මේක එයාලාගේ කියනවා හැබැයි වෙලාවකට එයාලගේ නෙවේ කියනවා...
කවුද මේ??



කවුරුවත් නෙවේ..
සයිබර් ලෝකය හොල්ලන ඇනෝනිමස් කණ්ඩායම (Anonymous ) විසින් තමා මේ මෙහෙයුම් පද්ධතිය අපි හැමෝටම නොමිලයේම ලබාදෙන්නේ...



ඒ පද්ධතියත් එක්කම වෙනත් වෙබ් අඩවි වල ආරක්ෂාවට අභියෝග කල හැකි මෘදුකාංගද ඔවුන් ලබාදෙන බව දැක්වේ...
ඒ “අධ්‍යාපන කටයුතු වලට යොදා ගන්න“ බවයි වැඩි දුරටත් කියන්නේ... අදට මේ පද්ධතිය නිකුත් කරලා දින 02 යි...

මෙහෙයුම් පද්ධතියේ තිරය දිස්වන ආකාරය..



මෙහෙයුම් පද්ධතිය සමග නොමිලයේ ලැබෙන
හැකින් මෘදුකාංග වල නම් මෙතනින් බලන්න...


""Anonymous OS Live"" ලෙස නම් වු මෙම මෙහෙයුම් පද්ධතිය නොමිලයේම බෙදා හරින අතරම එහි නිර්මාණය සඳහා යොදා ගෙන ඇත්තේ විවෘත මෘදුකාංග
නැත්නම් (Open Source) ලිනක්ස් හි උබුන්තු අලුත්ම සංස්කරණයයි...


එය නොමිලයේම බාගත කර ගැනීම සඳහා ඔවුන් එය මුලින්ම
Source forge නම් වු වෙබ් අඩවියට ඇතුලත් කොට තිබු අතරම මෙහෙයුම් පද්ධතියේ සියලු තොරතුරු ලබා දිම සඳහා වෙනම වෙබ් අඩවියක්ද නිර්මාණය කර තිබේ...

ඔවුන්ගේ එම වෙබ් අඩවියට මෙතනින් යන්න..



Source forge මේ වන විට නම් එය තම වෙබ් අඩවියෙන් ඉවත් කොට ඇත.
එහෙත් මෙම මෘදුකාංගය පිළිබඳව AnonOps ටිවිටර් පිටුවේ ඊයේ සහ අද දැක්වෙනුයේ එය බොරුවක් බවත් , වෛරස් රැසකින් සමන්විත වු මෘදුකාංගයක් බවත්ය...





එහෙත් මෘදුකාංගය ගැන තොරතුරු දක්වන වෙබ් අඩවිය එහි කෝඩ් සියල්ල බලා ගැනීමටද ඉඩ සලසා ඇත්තේ එහි එවැනි වෛරස් අඩංගු නැති බව පවසමිනි.

කෝඩ් ටික බලා ගන්න මෙතනින් යන්න..


මීට පෙර එල්ල වු ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ අලුත්ම සයිබර් ප්‍රහාර ක්‍රමවේදය "වහා දැනුවත් වෙන්න" ඔබට මතකද?



ඇත්ත නැත්ත කොහෝම වුනත් එය ඊයේ දිනයේ පමණක් 4600 දෙනා එම මෘදුකාංගය බාගත කර ගෙන ඇති අතරම අද වන විට එය 21000 දක්වා වැඩි වී තිබේ.

එම නිසා මෙහි පිටුපස සිටින කණ්ඩායම ගැන කිසිවෙකුටත් හරිහැටි ප්‍රකාශ කර නොහැකි බවත් තව දුරටත් පැවසේ...
මෙම මෘදුකාංගය පිළීබඳව 36 දෙනෙකු ප්‍රසාදය පලකලත් 22 කු එය අනුමත කර නැත.

ඔවුන්ගේ වෙබ් අඩවියේ තව දුරටත් පැවසෙන පරිදි වෙබ් අඩවි විනාශ කිරිම වැනි කාරණා සඳහා මෙම මෙහෙයුම් පද්ධතිය සතු වැඩසටහන් යොදා ගන්නේ නම් එය භාවිතා කරන්නා ඒ සඳහා වන නිතිමය කරුණු වලට සිදුවන අපහසුතා ගැන වගකිව යුතු බවයි.


SOPA පනතට එරෙහිව ඔවුන් එල්ලකල ඇනෝනිමස් හැකින් ප්‍රහාර මතකද? මෙතනින් යන්න..



නිකන් දෙනවනම් ඕන OS එකක් නේද??
මේකත් නිකමට හරි දා ගෙන බලමුද??

Download කරනවනම් මෙතනින් යන්න...

හැබැයි පරිස්සමෙන්!!

තොරතුරු හා පින්තූර සියල්ල අන්තර්ජාලයෙනි...
අදහසක් දාලම යන්න හොදද!!


The Story of the Hacktivists



12 comments:

  1. අරගෙනම බලන්න ඕනේ ස්තුතිය.

    ReplyDelete
  2. මමනම් දන්නේ එක දෙයක් විතරයි. ඕක අපි බලෙන් අපේ PC එක hack කරගන්ඩ හදන වැඩක් කියල විතරයි

    ReplyDelete
  3. Yaluwa me anonymous team eka gena twa wisthara nedda ? Blog eka nm maru.... All da bst

    ReplyDelete
  4. වැඩේ ඉන්ටරෙස්ටින් වගේ...

    ReplyDelete
  5. maath kamathei meyala gane thava visthara danaganna sinhalen.thanks dr.blog eka maru aaa.all da best

    ReplyDelete
  6. blog 1n godak dewal kiyala dena 1ta sthuthi karanna one.meka download kara ganna ayawa anonymous lage wadawalta pavichchi karanna puluwanda?

    ReplyDelete
  7. wade hodai wage habai machanla meka daanawanam mulin virtual pc ekakata daala balanna mata nam sakayak wage ekakut awa bots gana.......maarama watina news ekak ayye elakiri mama digatama enna one me patte

    ReplyDelete
  8. download dan na banz

    ReplyDelete
  9. download karapu aya paadamak igena ganna athi, nikan denawanam horith ganna ayata hoda paadama.

    ReplyDelete
  10. හැකින් වලට කැමති අයටමයි

    https://www.facebook.com/groups/hackersrilanka/

    ReplyDelete
  11. ඕක වැඩක් නැ බං ,ඕකෙ තියන සොෆ්ට් වෙයාස් හුගක් ඒවා trial version .ඕට වඩා backtrack ,kali හොදයි

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??