Pages

Sunday, November 13, 2011

ලොව කළඹන සයිබර් හැකින් ප්‍රහාර - “ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ“ අලුත්ම මෙහෙයුම් - Are U know about the newest Anonymous hackers Operations Oct – Nov 2011

1.Operation Dark Net....
2.An open letter from Anonymous to the
Government of Israel ....
3.Operation Brotherhood Shutdown ...

මොනවද මේ???
මේ හමුදාවක මෙහෙයුම් වල නම් නෙවේ...
මේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ හා මේ නොවැම්බර් මස මුල කාලයේ ඇනෝනිමස් ලෙස හදුන්වන හැකර් කණ්ඩායම තම හැකින් ප්‍රහාර විවිධ ඉසව් විවිධ කාරණා සඳහා ඔවුන්ගේ අලුත් සයිබර් මෙහෙයුම් සදහා යොදා ගන්නා නම් තමා..



මේ හැකින් හා හැකින් ප්‍රහාර මාතෘකාවට බොහෝ දෙනා දැඩි උනන්දුවක් දක්වනවා..
ඒ හින්දම මේ මාස 02 තුල එල්ලවු සැලකිය හැකි හැකින් ප්‍රහාර ගැන කෙටි විස්තරයක් තමා මේ තියෙන්නේ...
කරුණු ,විඩියෝ හා ජයාරූප සියල්ලම අන්තර්ජාලයෙන් උපුටගත් අතර දැනුවත් වීම සඳහා පමණක් ඉදිරිපත් කරමි. ඔබේ අදහසත් දාලම යන්න අමතක කරන්න එපා...

2011/10/07 හා 10 අතර Sony ආයතනය තෙවන වරටත්
ප්‍රහාරයකට ලක්වේ...

ඔක්තෝම්බර් මස 07 හා 10 දින අතරදි තුන්වන අවස්ථාවට සෝනි සමාගම හැකින් ප්‍රහාරයට ලක්වුනු අතර මීට පෙර මෙම වසරේම අප්‍රේල් හා මැයි මාස වලදීද හැකර් කණ්ඩායමක ප්‍රහාරයට ලක්විය.දෙවන වර එල්ල වු ප්‍රහාරයේදී මිලියන 246 කට වඩා වු පරිගණක ක්‍රීඩා පාවිච්චි කරන්නන්ගේ තොරතුරු සොරකම් කර තිබු අතර මිලියන 100 කට ආසන්න පිරිසකගේ පුද්ගලික හා ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සොරකම් කර තිබුණි.

පසුගියදා ප්‍රහාරවලින් සෝනි සමාගමේ
Play station network (PSN) , Sony Entertainment (SEN)හා
Sony Online Entertainment (SOE) යන තුනටම හානි සිදුකර ඇති අතර ගිණුම් 93000 ට ආසන්න වු ප්‍රමාණයක රහස් පද සොරකම් කර ඇත.ඒවා අක්‍රිය කොට අදාල පුද්ගලයන් දැනුවත් කිරීමට ඊ- මේල් පණීවුඩ යවා ඇති බව පවසන සෝනි ආයතනය තවදුරටත් පවසන්නේ තම අඩවි හැකින් ප්‍රහාර වලට ලක්ව නැතත් තුන්වන පාර්ශවයක් තම දත්ත සොරා ගෙන ඇති බවත් ඒවා අක්‍රිය කොට ඇති බැවින් බිය විමට කරුනු නැති බවත්ය.
අප්‍රේල් හා මැයි මාස වලදීද හැකර් ප්‍රහාරයන්හි වගකීම Lulzsec නම් හැකර් කණ්ඩායම භාර ගෙන තිබුනි.මේ ප්‍රහාරය කිසිවකු කරන ලදැයි තවමත් නොදනී.

එහිදි අත්අඩංගුවට පත් බ්‍රිතාන්‍ය ජාතික තරුණයා මතකද? මෙතනින් බලන්න..

2011/10/14 - Operation Dark Net හෙවත් ළමා ලිංගික දර්ශණ අතුලත් වෙබ් අඩවි අක්‍රිය කර දැමිමේ ඇනෝනිමස් කණ්ඩායමේ අලුත්ම සයිබර් මෙහෙයුම..

2011/10/14 දින ආරම්භ කල Operation Dark Net නම් වු ළමා ලිංගික දර්ශණ ඇතුලත් අසභ්‍ය ලාභ ලබන වෙබ් අඩවි බිඳ දැමීමේ මෙහෙයුමෙන්, මෙතෙක් රාජ්‍ය ආයතන,ලොව ප්‍රසිද්ධ වෙළඳ ආයතන හා Visa, Master Card , Pay pal ආදියට ප්‍රහාර එල්ල කරමින් ආරම්භ වු හැකින් ප්‍රහාර වෙනම මඟකට යොමු වී ඇත.

එහි ප්‍රථම ප්‍රහාරය පසුගිය 27 වනදා දිනකට පවුම් 600 උපයන බ්‍රිතාන්‍ය පුද්ගලයකු සතු අඩවියකට එල්ල කොට ඇත. මෙහෙයුමට පෙර යු ටියුබ් අඩවිය හරහා නිකුත් කරන ලද විඩීයෝ පටයෙන් මෙවැනි ළමයින් ඉලක්ක කොට ඇති ළමුන් ඇතුලත් වන අසභ්‍ය වෙබ් අඩවි වසා දමන ලෙස කියා සිටි අතර ටිවිටර් වෙබ් අඩවිය හරහාද
එම ප්‍රකාශයම සිදු කර ඇත.
යු ටියුබ් අඩවිය හරහා නිකුත් කරන ලද විඩීයෝ පටය


හැකර් කණ්ඩායම වෙබ් අඩවි සබැදුම් සියල්ලම මුලින් ඉවත් කර අතර විනාඩි 05 තුල නැවත ඒවා ක්‍රියාත්මක කිරීමට අයිතිකරුවන් ක්‍රියා කිරීම නිසා ඒවායේ හොස්ටින් නැතිනම් බෙදාහැරීම සිදුකරන සමාගම සොයා (Freedom Hosting) එහි සර්වර් සියල්ල අක්‍රිය කොට දැමුවත් ඔවුන් සතු BackUp මගින් නැවත දත්ත ලබා දීමත් සමග නැවත ක්‍රියාත්මක වු හැකර්කරුවන් එහි වු 100 GB ලට වඩා දත්ත මකා දමමින් 40 වැඩි වු වෙබ් අඩවි ප්‍රමාණයක් අක්‍රිය කොට ඇත.

95% වඩා මේ අඩවි වලට හොස්ටින් ලබා දී තිබුනේ ඉහත ආයතනයයි.නොවැම්බර් මස 03 වැනිදා මෙම අඩවි වල ගිණුම් පවත්වා ගෙන යන 190 ක් වු පිරිසකගේ IP ලිපින, පෞද්ගලික තොරතුරු හා ජයාරෑප ඇනෝනිමස් කණ්ඩායම අන්තර්ජාලය ඔස්සෙ ප්‍රසිද්ධ කර තිබුනේ
පේස්ට් බින් නැමති වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කල නම් මෙතනින් බලන්න..
මෙවැනි අඩවි සඳහා ඉදිරියටත් ප්‍රහාරයන් එල්ල කිරීමට තමන් මැලි නොවන බව පවසමිනි.
ඒ සඳහා ලොව වටා සිටින තම සමාජිකයන්ගේ සහය ලැබෙන
බවත් ඔවුන් තව දුරටත් ප්‍රකාශ කර තිබුනි.

2011/11/01 - ඇනෝනිමස් කණ්ඩායම මෙක්සිකානු මත්ද්‍රව්‍ය විකුණන කල්ලියකට අභියෝග කරයි.
පසුගිය නොවැම්බර් මස 01 වැනිදා යු ටියුබ් හරහා මෙතෙක් දැක නොමැති ආකාරයට ඇනෝනිමස් සමාජිකයකු අංග චලන කරමින් නිකුත්කල විඩියෝවෙන්



ඇනෝනිමස් කණ්ඩායම Zeta නම් වු මෙක්සිකානු කල්ලියකට අභියෝග කලේ ඔවුන්ගේ අත්අඩංගුවට පත් ඇනෝනිමස් සමාජිකයා නිදහස් කරන ලෙසත් එසේ නොවුන හොත් කල්ලියේ සමාජිකයන්ගේ නම්,ලිපින ආදි පෞද්ගලික තොරතුරු හෙලිකිරිමටත් එමගින් එරට පොලිසියට හෝ වෙනත් කණ්ඩායම් වල ප්‍රහාරයන්ටත් ලක් කරන බවත්ය.

ඔවුන් තවදුරටත් කියා තිබුනේ ආයුධ වලින් තමන්ට ආරක්ෂා නොහැකි වුවත් , කල්ලියේ සියලු කටයුතු කරන කියන දෑ දන්නා නිසා තම සමාජිකයා නිදහස් කරන ලෙසත් එසේ නොවුනහොත් මේ සඳහා සම්බන්ධ පොලිසිය ටැක්සි රියදුරන් හා සියල්ලන්ගේ ජයාරූප හා විස්තර හෙලි කරන බවත්ය.

කෙසේ වුවත් පසුගියදා අන්තර්ජාල ප්‍රවෘත්ති අඩවි වල සඳහන් වුයේ එම මෙහෙයුම නවතා දැමු බවයි.


2011/11/07 දින -
An open letter from Anonymous to the Government of Israel


ඇනෝනිමස් හැකර් කණ්ඩායම යු ටියුබ් අඩවිය මගින් ඊශ්‍රායල් රජය සඳහා ලිපියක් යනුවෙන් සඳහන් වුනු විඩියෝවකින් ප්‍රකාශයක් නොවැ 04 වැනිදා නිකුත් කල අතර එයට දින 02 පසුව ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියත්, Shin-bet නම් වු අභ්‍යන්තර බුද්ධි ඒජන්සියත්, Mossad Spy Agencyනම් වු ආයතන වල වෙබ් අඩවි සියල්ලත් ක්‍රියා විරහිත විය. Shin-bet ආයතනයේ ප්‍රකාශකයකු පවසා තිබු ආකාරයට මෙම වෙබ් අඩවි හැකර් ප්‍රහාරයකට ලක්ව නැති බවත් පැය කීපයකට ක්‍රියාවිරහිත වු බවත් ඒ ගැන පරීක්ෂන පවත්වන බවත්ය.කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ සම්බන්ධයක් ඇතැයි සැක මතුව තිබේ..
යු ටියුබයට නිකුත් කල විඩියෝව



නොවැ 04 වැනිදා ඊශායලයට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී බෝට්ටු දෙකකින් ගමන් කල මාධ්‍ය වේදීන් හා සමාන්‍ය පුද්ගලයන් 27 සමන්විත පිරිසක් ඊශායල වෙරළ ආරක්ෂකයන්ගේ අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් මුලික කොට ගෙන මෙම ඊශ්‍රායල් රජය සඳහා ලිපියක් යනුවෙන් සඳහන් වුනු විඩියෝව අන්තර්ජාලයට මුදා හරින ලදි.
එයට සම්බන්ධ ජයාරූප කිහිපයක්...





2011/11/11 - Operation Brotherhood Shutdown
මෙය ඔවුන්ගේ අලුත්ම මෙහෙයුම වන අතර එහි පණිවිඩය සදහන් විඩියෝවක් පසුගිය 11 වන සිකුරාදා යු ටියුබය හරහා අන්තර්ජාලයට එකතු කල අතර ඒ ගැන පසුව විස්තර සදහන් කරන්න තමා ඉන්නේ.. මේ ඒ ගැන වු යු ටියුබ් වීඩියෝව...



හැකර් කරුවන්ටත් වරදී...
ජර්මනියේ කොටස් වෙළඳ පොල හා සම්බන්ධව ක්‍රියාකරන බව සලකමින් Allezdax.com වෙබ් අඩවිය සති දෙකකට හැකර් ප්‍රහාරයකින් අක්‍රීය කොට තැබුවත් එය ප්‍රංශ රගර් ක්‍රීඩාව හා සම්බන්ධ නු රසික වෙබ් අඩවියක් වු අතර එය හදුන්වන කෙටි නම DAX නිසා මෙම වැරදීම බොහෝ විටම සිදුවී ඇති බව සිතා ගත හැකි අතර දැන් එම අඩවිය යථා තත්වයට පත්ව ඇත..
====================================================================
ලොව වටා එල්ලවන හැකින් ප්‍රහාර දින දින වැඩි වන අතරම දැන් ඔවුන් විවිධ පැති ඔස්සේ හා විවිධ හේතු සඳහා හැකින් ප්‍රහාර එල්ල කරනු ලබයි..

පරිගණක හා අන්තර්ජාලය භාවිතා කරන අයගේ දැනුවත් භාවය හා කුතුහලය නිසාත්, මමත් දක්වන උනන්දුව නිසා මේ තොරතුරු “ඉසව්වෙන් “ බෙදා ගන්න හිතුවේ...
ලිපිය දිග වැඩි වුනත් අහසක් දාලාම යන්න හොදද!!


We are Anonymous.
We are Legion.
We do not Forgive.
We do not Forget.
Expect Us.

ඒ ඇනෝනිමස් කණ්ඩායමේ ශිර්ෂ පාඨයයි.

14 comments:

  1. patta machoooo thnxxxxxxxxxxxxxxxxxxxx

    ReplyDelete
  2. දැනුවත් කිරීම් වලට ස්තූති ........
    …නියමෙටම ලියලා තියෙනවා මරු .දිගම ලියන්න ....:D

    ReplyDelete
  3. අනෙ මටත් ඇනො කෙනෙක් වෙන්න හිතෙනවා ....

    ReplyDelete
  4. 2011/10/14 - Operation Dark Net

    මේකනම් නියමයි

    ReplyDelete
  5. ලෝකයට යහපතක් වෙන දෙයක් සදහා ක්‍රියාත්මක වනවා නම් ඔවුන්ගේ ක්‍රියාව අගය කලයුතුයි !

    ReplyDelete
  6. මාර වැඩකාරයො ටිකක්නෙ. තොරතුරු හොයලා දුන්නට තුති.

    ReplyDelete
  7. මේවා දකිද්දී මටත් මෙහෙම කෙනෙක් වෙන්න හිතෙනවා. නියමයිනේ. මාර දක්ෂයෝ ටිකක්

    ReplyDelete
  8. හ්ම්ම් ලස්සනයි/

    ReplyDelete
  9. this is awesome manz..go ahead..

    ReplyDelete
  10. ලිපිය දිග උනාට කියවන්න ආසයි.. මරු!

    ReplyDelete
  11. සුභ පතනවා.නියමයි.දිගටම ලියන්න

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??