Pages

Sunday, November 6, 2011

පා පහරින් හිස වෙන්වු රිටිගල ජයසේන හෙවත් අපි දන්න මහසෝනා.. - Mahasona...

හම්බවුනා පරණ කතාවක්......

ලැබුනේ පත්තර කෑල්ලක තිබිලා..

ඒ හින්දම හිතුවා දාන්න ඉසව්ව පැත්තට කාටත් දැනගන්න එක්ක

සමහර විට දන්නවාත් ඇති ඒත් කමක් නැ!

මොකක්ද දන්නවාද ඒ?

මහසෝන් යක්ෂයා එහෙමත් නැතිනම් අපි දන්න මහසෝනා බිහිවුනේ කෝහෝමද කියාලයි

නම ඇහුවත් බයයි වගේ!

ඇත්ත නැත්ත කෙසේ වුනත් කතාව නම් නියමයි!

කියවලා බලන්න ....

අදහස් අඩුපාඩු තියෙනවනම් එකතු කරන්න හොඳද!

මෙහේම තමා කතාව පටන් ගන්නේ!

ගැමුණු රජ්ජුරුවෝ එලාර රජුව පරදලා ජයගත්තට පස්සේ ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනා ගෙට ගෙවදීම නිමිත්තෙන් ඉතා විශාල උත්සව‍යක් සංවිධානය කරලා ගොඩාක් අයට මේ උත්සවයට ආරාධනා කලා..

සාදයේ මුලදීම ගෝඨයිම්බර මත්පැන් නිසා මත් වීම නිසා ඔහුගේ බිරිද සෝනා කුමරිය පැමිණි අය පිලිගන්න රාජකාරිය කලේ..

ඒ අසලින් එදා ගමන් කරපු ආරාධනයකින් තොරව එකවිටම මැදිවිය ඉක්මවු කලු ඇගපත මනාව වැඩුනු පුද්ගලයකු සාදය‍ට පැමිණි අතර කුමරිය මේ හැඩරුව පවසමින් ඒ බව ගෝඨයිම්බරයා පැවසු අතර කියු හැඩරුව අනුව එකවිටම ඔහු හදුනා ගත් ගෝඨයිම්බරයා ඔහුව පිලිගෙන සංග්‍රහ කරන ලෙස සෝනා කුමරියට අණ කලා.

ඒ වෙන කිසිවකු ‍නොව නම ඇසු පමණින් බොහෝ දෙනා බිය සලිත වන රිටිගල ජයසේනය.රිටිගල ජයසේන යනු ගැමුණු කුමරුන්ට ජය පතා යක්ෂ සේනාව මෙහෙය වු ඇතුන් 10 ශක්තිය ඇති සේනාධිපති තුමායි.‍‍.

ගෝඨයිම්බර ‍සෙනවිත් මේ ජයසේනට සාදයේ හොද හැටි කෑම බීම දී සැලකු අතර මධුවිතෙහි ප්‍රමාණය වැඩි වු විටම සියල්ල අමතක වු ජයසේන එකවිටම සිතට

ආ අදහසකට සෝනා කුමරිය වැලද ගත්තේය.

එකවරම මෙය දුටු ‍ගෝඨයිම්බර සෙනවියාට

තරු විසිවුනු අතර ජයසේනට අසැබි වචනයෙන් බැන වදිමින්

තම නිවසින් යන ලෙස තර්ජනය කරන ලදි.

රිටිගල ජයසේන ඉතා ලැජ්ජාවට පත් වුනු අතර තරහත් සමඟම ගෝඨයිම්බරයා තමාට කිසිම අභියෝගයක් නැති බවත් සතියකින් තම්මැන්නා සුසාන භුමියේ දී හැකි නම් ද්වන්ධ සටනකට එන ලෙසත් උත්සව සභාවේදීම ඉතා සැරවැරයෙන් කියා සිටි අතර ‍ ගෝඨයිම්බර ‍සෙනවිත් බිමතින්ම ජයසේන තමාට කිසිදු අභියෝගයක් නොමැති බවත් කඩුවකින් නොව තමාගේ වම් පයේ සුලැගිල්ලෙන් ජයසේනගේ හිස ගසා දමන බවත් මහ හඩින් උත්සව සභාව මධ්‍යයේ බහින් බස් විය.

මේ ආරංචිය දැනගත් ගැමුණු රජු වහාම මේ සටන නවත්වා දමන ලෙස අණ කලත් තම අභිමානය තමන්ට සිදුවු ලජ්ජාව මකා ගැනීමට අනිවාර්යයෙන් මේ සටන පැවතිය යුතු බව දෙදෙනාම පවසා ඇත.


සටනට දිනය පැමිණි අතර සටනට පෙර දා හොදින් මත්පැන් බී සටන දාත් දවල් වන තුරු නිදමින් සිටි ගෝඨයිම්බරයාට එකපාරම තම අභියෝග කල සටන මතක් වු අතර කෑම බීමද අමතකව ඇද සිටි සළුව තදින් ගැ‍ට ගසා උතුරු සළුව හිසේ ජටාවක් ලෙස බැදගෙන

සොහෝන් බිමට දිව යන්නට විය.


ඒ වන විටත් රිටිගල ජයසේන ලෝහ සන්නායකයක් පැලද සිටිමින් මනාව සටනට සුදානම් වී සිට අතර ඔහු හතර රියන් උස පුද්ගලයකු වු අතර ගෝඨායිම්බරයා ඉන් හරියටම අඩක් උස විය.

ගෝඨයිම්බරයාගේ සහායට සටන නැරඹීමට පැමිණි අය මෙය දුටු සැනින් ම බෝහෝම දුකට පත්වුයේ ගෝඨයිම්බරයා පරාද වේවි යන හැගීම බොහෝම දෙනාගේ සිතට ආ නිසාය.

තම මිතුරාට ආචාර කල ගෝඨයිම්බර සටනට පිවිසිය.

ආචාර කිරීමත් සමඟම හිස ඔසවා සතුරා හෙවත් ජයසේනයාගේ මුහුණ බැලු ගෝඨයිම්බර ඇසිපිය ගහන සැනින් අහසට පැන ජයසේනගේ නිකටට තම වම් ප‍යෙන් දැඩි පහරක් එල්ල කලේය.

එක විටම අන්ද මන්ද වු ජයසේනට තමා නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කදින් වෙන්වී රිටිගල පැත්තේ කරඔ ගසක රැදී ඇත.

(අද එම ස්ථානය ඔළුකරදන නම් වේ)

මෙය එක විටම දුටු, දැනුන සෙනසුරු දෙවියන් කලබල විම නිසා කල් යල් බලා මනාව වැඩකරන සිරිතද අමතකව ගොස් වහා පැමිණ එවේලෙහි සොයා ගත් වලසකුගේ හිසක් ගෙනවිත් ජයසේනයාගේ හිස නැති සිරුරට දිවි බේරා ගැනීම සඳහා සවි කරන ලදි.

(එම වලසා සොයා ගත්තායයි පැවසෙන්නේ ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය

අසල පිහිටි සෙනසුරු කෝවිල් භුමියෙන් ලු..)

හැම විටම සිතා මතා වැඩකරන සෙනසුරු දෙවියන්ට කලබලයට ජයසේනයාට

වලස් හිස සවිකර ඇත්තේ මුහුණ පිටුපසට සිටින ලෙසය.

(පහතරට මහසෝන් නැටුමේදී ද හිස පලදිනු ලබන්නේ පිටුපසටය)


එලෙස නැවත පන ලැබු ජයසේන එදා සිට


රියන් 81 ක් උස ඇස් 03 හා අත් 04 ඇති රතු ඇදුමින් ද කළු පාට ශරිරයෙන් යුතුව යෝධ ඌර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත්විය.
මොහුට අවතාර 05 ක් ඇති බවද සදහන් වේ.

එනම්,

එළුවකු වාහනයක් කරගත් "ලේ සොහෝන් යක්ෂයා"
මුවකු වාහනයක් කරගත් "අමු සොහොන් යක්ෂයා"
අශ්වයා වාහනය කරගත් "ජය සොහොන් යක්ෂයා"
බැටළු වාහනය සහිත "මරු සොහොන් යක්ෂයාද ",
අලියකු පිට යන "ගොළු සොහොන් යක්ෂයාද"

මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.

වෙසමුණි රජු මහ සොහෝන් යක්ෂයාට දෙගාත ( මිනිස් හා කුකුළු )

බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත.සුසාන භූමි කදු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත්

බුදු අණටද යටත් නොවේ යයි පවසන මහ සෝහෝන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ....

(ඒ ගැන නම් විශ්වාස කරන්න අමාරුයි නේද?.. මොකද බුදු අණට සියල්ලන්ම යටත් වන බැවින් කියලා මට හිතෙනවා!)

රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි අංගම් ශාස්ත්‍රය

නැත්නම් අපි අහලා පුරුදු

සුදලිය අංගම් පොර පරම්පරාවේ ද උරුමක්කාරයා

එය රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ රිටිගල ජයසේන සේනාධිපතියායි...

එය අදටත් එම ප්‍රදේශයේ උගන්වනු ලබයි..

මතතද අකාල සන්ධ්‍යා කියලා ටිවි එකේ ගිය නාට්‍යයෙත් ‍මේ රිටිගල ජයසේන හිටියා.... !


11 comments:

  1. මම මේ කතාව දැනන් හිටියේ නැ... ස්තුතියි

    ReplyDelete
  2. සිරා කථාව මචං..ස්තුතියි බෙදාගත්තට

    ReplyDelete
  3. මේ කතාවේ සමහර තැන් මාත් අහලා තියෙනවා...

    ReplyDelete
  4. මමත් මේ කථාව අහල තියෙනවා..

    ReplyDelete
  5. අඩේ අප්පා.. මේං මං ගැන ලියාල මේ කොලුව..! හොදා හොදා...!

    ReplyDelete
  6. අකාල සන්ධ්‍යා නාට්‍යයේත් රිටිගල ජයසේන යක්ෂයෙක් විදිහටම නේද හිටියේ ???

    ReplyDelete
  7. ඔක්කොම විස්තරේ කියෙවුවෙ අද ....

    ReplyDelete
  8. සිරාම කථාව මචන් ඒක.....
    කොහෙන්ද හොයා ගත්තේ?

    ReplyDelete
  9. පුංචි කාලේ අහලා තිබුණු කතාවක් වුණාට මේ වෙද්දී අමතක වෙලා තිබ්බේ..... විස්තර ඇතුව ලස්සනට ලියලා තියෙන කතාවෙන් තමා ආයෙමත් ඒක මතක් වුණේ......... ස්තුතියි....! ඒ වගේම තව තවත් ලියන්නට ජය පතනවා........!!!!!!!!

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??