ඉස්සර Phone එකක් ගත්තාම අහන්නේ මොකක්ද වර්ගය, මොඩල් නම්බර් එක..

දැන් අහන්නේ ඇන්ඩ්‍රොයිඩ්
ද?? 

මොකක්ද දුවන වර්ෂන් එක? 

මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ්??? 

කියන්න නම් දෙයක් නෑ...!!
හැමෝම දන්නවා.. බොහෝ දෙනා ළඟ තියෙනවා.. 


ඒත් කමක් නෑ ඒ ගැන
චාමිකයත් කියනවා.. “ඉසව්ව” බලන ඒ ගැන දන්න නොදන්න හැමෝටම බලා කියා ගන්න එක්ක.. 

ඇන්ඩ්‍රොයිඩ් ගැන ගොඩක්
අය දන්න කියනවා වුනාට පහල තියෙන ඇන්ඩ්‍රොයිඩ් හදුන්වන සලකුණ ගැන වැඩි දෙයක් දන්නේ
නම් නෑ! මුලින්ම ඒ ගැන කියලා ඉන්නම්... 


ඔය උඩ තියෙන සලකුණ නිර්මාණය
කලේ ගෑණු කෙනෙක්.. 

ඔව්! එයාගේ නම Irina Blok. ඇය එකල Google හි වෙළඳ
සන්නිවේදන අංශයේ සේවය කරනු ලැබුවා.. 

මේ පොඩි කොල පාට රොබෝ මුලින්ම හදුන්වලා
තිබුනේ “Bugdroid” කියලා.. 


පස්සේ
ලේහෙසියට පහසුවට එය Android කියලා හදුන්වන්න
වුනා. 

ඇය ඒක ඉදිරිපත් කලේ 2007 නොවැ 05 වැනිදා එනම් ගුගල් ආයතනය තම ප්‍රථම Android SDK නිකුත් කිරීමට දින 05 කට කලිනුයි. 

කතාව එහේම වුනත් බොහෝ
දෙනා කිව්වේ මේක ගුගල් ආයතනය 90 දශකයේ ජනප්‍රිය වුන Atari ආයතනයේ
Gountlet:The Third
encounter හි එක් චරිතයක් වුන එලෙසම Android නමින්ම හැදින්වු සලකුණම උපුටා ගෙන ඇති
බවයි. 


එලෙසම තවත් සමහරු කීවේ Star Wars චිත්‍රපටියේ රෝබෝ වරයකුගේ චරිතය උපුටා ගෙන ඇති බවයි. 

කොහෝම වුනත් Irina
Blok නෝනා තවත් ඒ සදහා ඉදිරිපත් වු
නිර්මාණකරුවන් දෙදෙනනෙකු පරදවා විනාඩි 05 ක් ඇතුලත ඇන්ද තමන්ගේ ප්‍රථම චිත්‍ර
නිර්මාණය වුන මේ සලකුණ නොසිතු ලෙස අද ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.

එය දුටු
සැනින් එය Android සම්බන්ධ බව නොදන්න
කෙනෙකු සීමීතයි.

“නොකියා ටෝන් එකේ “ සත්‍ය කතාව - The History Of the "Nokia Tune" 
සලකුණ ගැන කිව්වා !
දැන් පටන් ගන්නවා Android ගැන කතාව.... 

2003 ඔක්තෝම්බර්
මාසයේ ඇමරිකාවේ කැලිෆෝනියාහි පාලෝ ඇල්ටෝහි
ප්‍රථම වරට පිහිටුවුයේ Android Incorporation ලෙසයි. ඒ එකල පරිගණක මෘදුකාංග, දුරකතන සම්බන්ධ නිපදවීම් සම්බන්ධ
සමාගමක් වු Danger සමාගමේ සම
නිර්මාතෘවරයකු වු Andy Rubin විසිනි. 


ඔහු සමඟ Rich Miner (කලක් ඔහු T-Mobile සමාගමේ සභාපති ලෙස කටයුතු කර තිබුනා)
එලෙසම Nick Sears, Chris White එහි රාජකාරි කරනු
ලැබුවා.. 

පසුව සමාගම තුල ඇතිවු මුදල් ප්‍රශ්ණ එක්කම එතරම් ජනප්‍රිය තත්වයේ නොතිබුනු
මෙම සමාගම 2005 අගෝස්තු මාසයේදී Google විසින් සම්පුර්ණයෙන්ම මිලදී ගත් අතර එහි රාජකාරී සදහා ගුගල් ආයතනය යටතේ
ඔවුන්ගේම සේවය ලබා ගෙන ඇත. 

අන්තර්ජාලයට අධිපති “Google” දෙවියන්ගේ දේවාල ඇතුලට රවුමක් යමු ද? 
2007 නොවැ 05
වැනිදා ගුගල් සමාගමේ ප්‍රධානත්වයෙන් පරිගණක,දුරකතන හා ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන
පිලිබඳ ලොව පිලිගත් ආයතන 86 කට ආසන්න ගණනක් එකතු වී ජංගම දුරකතන සඳහා එකම මෙහෙයුම්
පද්ධතියක් යොදා ගැනීම පිළිබඳ සාකච්ජා කල අතර ඒ සඳහා එම මෘදුකාංගයේ දියුණු කිරීමේ
පාදම ලෙස Linux Kernel 2.6 යොදා ගැනීමට එකග
විය.
එම රැස්වු කණ්ඩායම OHA හෙවත් Open
Handset Alliance නම් වුනා.. 


එහි රාජකාරී සමගින්
2007 නොවැම්බර් මස 12 වැනිදා Android Beta SDK හෙවත් Software Development Kit ලෙස විවෘත හා නිදහස් මෘදුකාංගයක් ලෙස මෘදුකාංගයේ
දියුණු කිරීමේ පාදම ලෙස Linux Kernel 2.6 එහි කේත අන්තර්ජාලයට එකතු කලේ Apache බලපත්‍රය මතයි.

එමගින් තම අභිමතය කැමැත්ත
පරිදි ඇප්ලිකේෂන්, ක්‍රීඩාවන් ඇතුලු ඕනෑම දෙයක් ඒ මත නිපදවිය හැකි ආකාරයටයි. ඒ
සඳහා මුලීකව Java හා C++ යන පරිගණක භාෂා යොදා ගනු ලබයි. 


2008 සැප්තැම්බර්
23 පලමු ඇනඩ්‍රොයිඩ් සංස්කරණ 1.0 ඇතුලත් කරමින් පළමු ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය ලෙස HTC
Dream G1 දුරකතනය හදුන්වා
දෙන ලදි. 


එතැන් පටන් විවිධ
සංස්කරණ ඇන්ඩ්‍රොයිඩ් සමාගම එළිදැක්වු අතර ඒවා සියල්ලටම වාගේ යොදා ගෙන ඇත්තේ ඉංග්‍රීසී
C අකුරෙන් අරඹා එම
අක්ෂර පිළිවෙල අනුව අතුරුපස වල නම් යොදමින් නම් කොට ඇති අතර මේ ඒ ප්‍රධාන මෙහෙයුම්
පද්ධති ගැන හා එහි වැරදි අවම කරමින් සිදුකල සමහර සංස්කරණයන් හා එහි ඇතුලත් පහසුකම්
පිලීබඳ කෙටි විස්තරයකි.
2009 පෙබරවාරි 09 HTC
Dream G1 දුරකතනය සඳහා පමණක්
වන සංස්කරණයක් හදුන්වා දෙන ලදි. 



2009 අප්‍රේල් 30
තම පළමු අතුරුපස මෙහෙයුම් පද්ධතිය
“C” අකුරින් 1.5 - Cup Cake හදුන්වා දෙන ලදි.


ඒ සඳහා Linux Kernel 2.6.27 යොදා ගන්නා ලදි. 

එය ස්පර්ශක දුරකතනයක්
වු HTC Magic තුල අන්තර්ගත කරන
ලදි.

2009 සැප්තැම්බර්
15 වෙනිදා Linux Kernel 2.6.29යොදා ගනිමින් “D”
අකුරින් 1.6 – Donut හදුන්වා දෙන ලදි. 


2009 ඔක්තෝම්බර් 26
වෙනිදා Linux Kernel 2.6.29යොදා ගනිමින්ම “E”
අකුරින් 2.0 – Éclair හදුන්වා දෙන ලදි.

එය Nexus දුරකතනයකට ඇතුලත් කරන ලදි. 

2009 දෙසැම්බර් 03 Éclair2.0.1. ලෙස අලුත් සංස්කරණයක් හදුන්වා දෙන
ලදි. 

නැවතත් 2010 ජනවාරි
12 වැනිදා 2.1 ලෙස සංස්කරණයක් නිකුත් කරන ලදි. 

2010 මැයි 20
වෙනිදා Linux Kernel 2.6.32යොදා ගනිමින්ම
“F”
අකුරින් 2.2 – Froyo හදුන්වා දෙන ලදි.

එය මුලින්ම ඇතුලත්
කරන ලද්දේ Nexus 1 දුරකතන මාදිලියටයි. 


2010 දෙසැම්බර් 06 වෙනිදා
Linux Kernel 2.6.32යොදා ගනිමින්ම “G”
අකුරින් 2.3 – Gingerbread හදුන්වා දෙන ලදි. 


වඩාත් ජනප්‍රියම හා වර්තමානයේත් බොහෝ දෙනා භාවිතා කරනු
ලබන මේ මෙහෙයුම් පද්ධතිය මුලින්ම හදුන්වා දුන්නේ
Samsung S වර්ගයේ දුරකතනයකටයි. 

Linux Kernel 2.6.35 ලෙස වෙනස් කරමින්
2.3.3 ලෙස සංස්කරණයක් 2011 පෙබරවාරි 12 වැනිදා නිකුත් කරන ලද අතර නැවතත් එදිනම Linux
Kernel 2.6.36 ලෙස හා 3.0 ලෙස
සංස්කරණයක් Honey Comb ලෙස නිකුත් කරන
ලදි. 

2011 මැයි 10
වෙනිදා Linux Kernel 2.6.36යොදා ගනිමින්ම
“H”
අකුරින් 3.1 – Honey Comb හදුන්වා දෙන ලදි.
එය ටැබ්ලට් හා විශාල තිර
සහිත දුරකතන වලට විශේෂයෙන් සකසා ඇත.

එදිනම Google සමාගම තම අලුත් සංස්කරණය වන
4.0 Ice Cream
Sandwich ප්‍රකාශයට පත්කරන
ලදි. 

2011 ජුලි 18 නැවත
සංස්කරණයක් එලි දක්වන ලදි.
2011 ඔක්තෝම්බර් 19
වැනිදා “I” අකුරින් 4.0 – Ice Cream Sandwich හදුන්වා දෙන ලදි.

එය මුලින්ම ඇතුලත් කරන ලද්දේ Motorola
Droid RAZR දුරකතනයටයි. 


වර්තමානයේ භාවිතා
වන 4.1 –Jelly Bean මෙහෙයුම් පද්ධතිය
“J”
අකුර මුලීක කර ගනිමින් 2012 ජුලි 09
හදුන්වා දෙන ලදි.

එය Samsung Galaxy Nexus සදහා මුලින්ම ඇතුලත් කරන ලදි. 


ඉන්පසුව තවමත්
නිකුත් කිරීමට නියමිත අලුත් මෙහෙයුම් පද්ධතිය ගැන කිසිදු ආරංචියක් නැතත් එය “Key
Lime Pie” ලෙස හදුන්වනු ඇතැයි ප්‍රකාශ වේ. 

Smart දුරකතන ලොව
ඉදිරියෙන් සිටි Apple සමාගම හා දුරකතන
ලොව හෙල්ලු Nokia සමාගමටද Android
මෙහෙයුම් පද්ධතිය දැඩි තරඟයක් වු අතර වර්තමානය
ඇමරිකාවේ වැඩියෙන්ම භාවිතා වන දුරකතන මෙහෙයුම් පද්ධතිය වෙද්දී මිලියන 400 වැඩි ප්‍රමාණයක්
ලොව පුරා විහිද ඇති බව සදහන් වේ. 

ඊට අමතරව දිනකට 8,50,000 කට අධික පිරිසක් අලුතින් එක්වන
බවත් දැක්වේ. 

මුදලට මෙන්ම නොමිලේ
තම අවශ්‍යතාවය අනුව ලබා ගත හැකි විවිධ වර්ගයේ “ඇප්ලිකේෂන” ලබා ගැනීමට Google
සමාගම සෑම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක්
එක්කම Play Store නැමති මෘදුකාංගය

එක්කොට ඇති අතර ඊට අමතරව තුන්වන පාර්ශව හරහාද තමන් කැමති දෑ එක්කර ගැනීමට අවස්ථාව
ලබාදී ඇත. 

2012 පෙබරවාරි වන විට එහි 450,000 කට වැඩි ගණනක් ඇති බව ප්‍රකාශ වේ.

පසුගිය අවුරුදු 05
පුරාවට ඇන්ඩ්‍රොයිඩ් වලින්, මුලින් දුරඇමතුමකට පමණක් සීමාවු ජංගම දුරකතනය ගෙන ගොස්
ඇත්තේ එහි සැතපුම් ගණනක් අනාගතයටයි.


මේ යන විදිහට පහු
පහු වෙන කොට මොනවා ඒවිද මන්දා තව ඉංග්‍රීසි අකුරු තියෙනවානේ හෝඩියේ... 

යාන්තම් මම
නම් 2.3 – Gingerbread එකක් අරගෙන තියෙනවා...
තව කාලයක් ඉදලා
වෙන අකුරක “චීස් බටර්” කෑල්ලක් ගන්නවා...


patta Chamika aiye
ReplyDeleteබොහොම ස්තූතියි අපිව මේ ගැන දැනුවත් කරාට......
ReplyDeleteඑල එල චාමික අයියා
ReplyDeleteවිස්තර කිරීම නම් සුපිරියි...
වැදගත් ලිපියකට වැදගත් කියන්න වෙනවා. එකත් අද අභියෝගයට ලක් කරලා ඇතමෙක්.
ReplyDeleteමනසින් දිවියට
ටොපයි හොඳේ....
ReplyDeleteබොහොම ස්තූතියි... මහන්සිය අගය කරනවා...
ReplyDeleteනියම ලිපියක් ....
ReplyDeleteගොඩක් මහන්සි වෙලා තියෙනවා වගේ...
ජයම වේවා !!!
නියමයි යාලු...වටිනා කියන බ්ලොගයක්...සතුටු වෙනවා හමු වීම ගැන]
ReplyDeleteHugak de Dena gaththa
ReplyDeletepadiri . ela
ReplyDeletesupiri mcho... ela
ReplyDeletebest of luck..
ගොඩක්ම නියමයි අැ
ReplyDelete