Pages

Friday, June 29, 2012

“රූමස්සල “නම් වු දකුණේ ඔසු උයන ගැන ටිකක් වැඩිපුර දැනගන්න එන්න.. .. - Rumassala - A Mountain, Ramayana, BuonaVista , medicinal plants.

ගාල්ල ‍මාතර ප්‍රධාන මාර්ගයේ ගාල්ල පසුකර මාතර දෙසට කිලෝමීටර 02 ක් යද්දී ගාල්ල අධිවේගී පිවිසුම පසුකරන කොටම රූමස්සලට යා යුතු මාර්ගය වම්පසින් හමුවේ. ඒ ඉදිරිපිට තියෙන්නේ ගාල්ල හොල්සිම් සිමෙන්ති කම්හල.


ටිකක් බර සාර විදියට පාරක් ගැන එහේම කියලා පටන් ගත්තට මේ කියන්න යන්නේ ගාල්ල අවට බොහෝ දෙනා දන්න තැනක් වෙච්ච රූමස්සල ගැන !
මම හිතුවා රූමස්සල ගැන ‍හැමෝටම දැනගන්නත් එක්කම තොරතුරු ටිකක් දාන්න...
නිවාඩු පා‍ඩුවේ මුහුදේ එහේම නාලා ‍ටිකක් ඇවිදලා දවසක් ගත කරන්න රූමස්සල හොද ස්ථානයක්...
2003 දී රජය විසින් අභය භූමියක් ලෙස නම් කරන ලද මී‍ටර 120 ක් උස කන්දක් වු හෙක්ටයාර 170 රූමස්සල සතුව හෙක්ටයාර 20 ක රක්ෂිත වනාන්තරයකින් සමන්විතයි.

ඇතුල්වන විට‍ දැකිය හැකි නාම පුවරුව හා ඒ ඉදිරිපිට ඇති හොල්සිම් සිමෙන්ති කම්හල


ගාල්ල උනවටුනේ පිහිටි මේ රූමස්සල කඳු වැටියලොව කිසිදු පරිසර පද්ධතියක් හා සම කල නොහැකි පරිසර සම්පතක් බවත් මෙයට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුනු උල්කාපාතයක් ලෙසත් ලොව ප්‍රකටවිද්වතෙකු වන ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා මෙම කඳු වැටිය හඳුන්වා ඇත.ලොවවැඩිම ගුරුත්වාකර්ශන බලයක් ඇති ප්‍රදේශය ලෙස විද්‍යාඥයන් හඳුන්වන්නේ ද රූමස්සලයි.
ඔහු 1956 දී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඔහුගේ ප්‍රථම නිවස ඉදිකොට ගෙන ඇත්තේද උණවටුන ප්‍රදේශයේයි.



එහෙත් මේ කන්දේ ආරම්භය ගැන නම් ජනප්‍රවාදයේ නම් කතා ‍බොහෝම වෙනස්ය.

එහි ප්‍රසිද්ධම කතාව වන්නේ වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ සඳහන් පරිදි රාම ගේසොහොයුරු ලක්‍ෂමනයන් රාම ගේ හී පහරකින් විපතට පත්වු අවස්ථාවේ ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා එවකට සිට සෘෂිවරයෙක් හිමාල අඩවියෙන් ඖෂධ කිහිපයක් ගෙන එන්නට හනුමන්ට නියම කර තිබු අතර සටන ගැන සිතමින් හිමාලය බලාගිය හනුමන්ට ගෙන ඒමට කියු ඖෂධවල නම්, අතර මගදී අමතක වී තිබිණ. මේනිසා හිමාලයෙන් කොටසක්ම උස්සා ගෙන ආ හනුමන්තාගේ ඇගිලි දෙකක් අතරින් ඒ ගෙනා ආ හිමාල කොටසින් වැටුනු කොටස රූමස්සල බව පැවසේ.
එයින් වැටුනු අනිත්‍ කොටස
“උනා වැටුණු ස්ථානය” දැන් උණවටුන බව වේ.

එම කතාව සිහියට නගන්නටම ඉදි කරන ලද විශාල හනුමා ප්‍රතිමාවක් රූමස්සල කන්දේ ඇති ජපන් බෞද්ධ විහාරයේ දක්නට ලැබේ. එහි දක්නට ඇත්තේ හනුමා නැමැති වානරයා එක් අතකින් යගදාවක් ද අනෙක් අතින් කඳුවැටිය ද ගෙන සිටින අයුරු යි.


අනෙක් කතාව වන්නේ ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ රාවණා රජු, ඇය රූමස්සල කන්දේ පිහිටි ගල් ලෙනක සිර කර තබා ඇති අතර ඇය සොයමින් පැමිණි රාම රජු රාවණා රජු සමඟ යුධ කොට ඇයව බේරා‍ ගෙන ඇත්තේ, රූමස්සලකන්දේ සීතා කුමරිය සිර කර තබා තිබූ ගල්ලෙන් දොරටුවෙහි වූ දැවැන්ත ගල්කුලක්ඔසවා විසිකර දැමීමෙනි. ඒ අනුව 'රාම ඉස්සූ ගල' යන අරුතෙන් 'රාමස්සූගල', 'රූමස්ගල' වී පසුව එය 'රූමස්සල' යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බව තවත් කතාවකි.

අතීතයේ මෙහි යෝගී සෘෂිවරුන් වාසය කළ බවටද මතයක් පවතී.
එහි තිබෙන ජපන් සාම චෛත්‍ය විහාරයත් කාගේත් සිත් ඇද ගන්නා සුළු ස්ථානයක්.. එහි චෛතය මලුව වෙත නැගී බැලු වි‍ට පෙනෙන දර්ශණය ඉතාම සිත් ගන්නා සුළුයි.


සවස 06 ට එහි බුදු මැදුරේ ජපන් සංස්කෘතිය අනුව බුදුන් වැදීම සිදුකරන අතර ඉන් පසුව විශාල බෙරයක්ද වාදනය කරනු ලබයි.එය ඇත්තටම සිත නිවන තැනක් !


හිමාලයේ දකින්නට ලැබෙන බෙහෙත්පැළැටි බොහොමයක් අදටත් රූමස්සල කඳු වැටියේ දකින්නට ලැබීම මෙම කඳුවැටියේ ඇති විශේෂත්වයයි.

කලාපයට, වියලි කලාපයට මෙන්ම ශුෂ්කකලාපයට ද අයත් ශාක ප්‍රජාවන්ගේ නිවහනකි අතීතයේ රුහුණු ඔසු උයන ලෙසින්ප්‍රකටව පැවති මෙහි 1991 වනවිට බෙහෙත් පැළැටි 150 ක් පමණ තිබී ඇත. එයින්බෙහෙත් පැළැටි 141 ක්ම රූමස්සලට ආවේනිකව එහි ස්වාභාවිකවම වැඩී තිබුනු ඒවාය. බක් මී, මිල්ල, අරළු, බුළු, වෙනිවැල්, කෝන්තාලම් ආදිය මෙහිඇති දුර්ලභ බෙහෙත් පැළැටි කිහිපයකි.

ලෙඩ රෝග 108 කට ප්‍රත්‍යක්ෂ ගුණ ලබාදෙන ගොපලු ගුලිය නැමැති වටිනා ඖෂධයේ ප්‍රධාන ලෙස යොදාගන්නේකෝන්තාලම් ගසේ ගෙඩියයි. කෝන්තාලම් ගස් දෙකක් අදටත් උණවටුන වැල්ලේ දේවාලභූමියේ දැකිය හැකිය. මෙහි තිබුනු බෙහෙත් පැළැටි බොහොමයක් වඳවී ඇති අතර. සුඳු හඳුන්, යක් කපු, ගම්මාලු, ඇත්දෙමට, බුලු, හල්, දුම්මැල්ල, කලු බෝවිටියා එවැනි වදවී ගිය බෙහෙත් පැළෑටි සමහරකි.

මෙම කඳුවැටියේ පක්ෂි විශේෂ 72 ක් වාසය කරන ලද බව සොයා ගෙනතිබේ. එලෙසම මෙහි ජීවත් වෙනවායි සලකන සමනල වර්ග ගණන 84 කි.

රූමස්සල කඳුවැටිය පාමුල කිලෝමීටරයක් තරම් දුරට විහිදෙන බොනවිස්ටා කොරල් පරය දැක ගත හැකිය. 1796 දී පෘතුගීසී ජාතික විලියම් කාර්මයිකල් ගිබ්සන් විසින් පෘතුගිසි බසින් බොනවිස්ටාව ලෙස නම් කල මෙහි සිංහල තේරුම “ සොදුරු දසුන” යන්නයි.

මෙය ලංකාවේ ඇති විශිෂ්ටතම ගණයේ කොරල් පරයක් ලෙස සමුද්‍රජීවී විද්‍යාඥයින් හඳුනාගෙන ඇත. 71% ක් සජීවී කොරල් පරයක් වන මෙහි ඝන අඩි 30කට වැඩි කොරල් පර35 ක් ඇති බව සොයාගෙන ඇත. හික්කඩුව කොරල් පරයේ සජීවි බව 39% කි. මෙයින් මසුන් 491 ක් සොයා ගෙන ඇති අතර දුර්ලභ ගණයේ මත්ස්‍යයෝ 320 ක් වෙන බව සඳහන් වේ. එලෙසම ලොව වඳවී යාමට මුහුණ පා ඇති මත්ස්‍ය වර්ග 72 කින් 36 ක්ම මෙහිදී සොයාගත හැකිය.
මෙවැනි කොරල් පර දැකිය හැකි වන්නේ නිරක්ෂයේ සිට අංශක 30 බැගින් උතුරු හා දකුණු දිශාවන්ට ඇති සීමිත ප්‍රදේශයක් තුළ පමණක් මීටර 50 දක්වා ගැඹුරු ඇති හිරු එළිය වැටෙන ප්‍රදේශවල පමණක් බව පැවසේ. වෙරළ කලාපයේ උෂ්ණත්වය ද මීට රුකුලක් බව පැවසේ.

රූමස්සල ප්‍රධාන පාර දිගේ බොහෝ දුරක් ඇවිද යන අතරේ දකුණු පැත්තේ ඇති අතුරු පාරකින් කැලය මැදින් මේ සුන්දර වෙරළ තීරයට ‍යන්නට පුළුවන්...
සුදු වැල්ල කියලා තමා එතන හදුන්වන්නේ!

පසුගිය දවසක බ්ලොග් ලියන අපි හැමෝගෙම සුහද හමුවක් පැවත්වුනු මේ රූමස්සල ගැනත් මා සඳහන් කල වෙරළතීරය ගැනත් මේ ලිපිය කියවන ලියන හැමෝම වගේම ඊට සහභාගී වුන හැමෝටමත් මතක ඇති. “චාමිකයත් එතනට සෙට් වුනානේ!”

පෘතුගීසී ජාතික විලියම් කාර්මයිකල් ගිබ්සන් ගේ බිරිඳ විසින් රූමස්වල පාඨශාලාවක් ඉදිකල අතර වර්තමානයේ එය බොනවිස්ටා පාසල ලෙස හදුන්වන අතර ‍අප ‍රටේ බිහිවු මාර්ටින් වික්‍රමසිංහයන්, මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මුලීක අධ්‍යාපනය ලබා තිබුනේ එතැනිනි.
ඇය විසින්ම මුලින්ම ඉදිකරන ලද ‍ගොඩනැගිල්ල අද පාසලේ විදුහලපති තුමාගේ කාර්යාලය බවට පත්ව ඇත. ඊට අමතරව බොනවිස්ටා කනිෂ්ඨ පාසලක්ද දැන් පිහිටවා ඇත.


ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදා විසින් සතුරු නැව් ගල්පරවලහප්පා විනාශ කිරීමට ව්‍යාජ පහන් කණුවක්ද රූමස්සල පිහිටුවා ඇත.
වසර 1875 දීලන්දේසින් ඉදිකල මෙය බර්ටන් කණුව ලෙස නම් කර ඇත.ඒ එය ඉදිකල ඩබ්.බර්ටන් නම් පුද්ගලයා වෙනුවෙන් විය හැකිය.

පසුව බ්‍රිතාන්‍ය ජාතිකයෝ එය තවත් වැඩිදියුනු කළහ. මෙම ව්‍යාජ පහන්කණුවෙන් නිකුත් කල ආලෝක ධාරා ඔස්සේ පැමිණෙන සතුරු නාවික යාත්‍රා බොහොමයක් ඒඅවට මුහුදේ ඇති ගල්පර වල හැපී මුහුදුබත් කිරීමට මෙය නිර්මාණය කරන්නට ඇති බව සඳහන් වේ.
එහි දැන් පහනක් නොදැල්වුවත් එම කණුව මුහුදට හොදින් පෙනෙන බව මුහුදු යන ධීවරයන් පවසයි. සාම චෛතය වෙත එන අතරමගින් හැරි ගිය කිලෝමීටරයකට වැඩි දුරක් ගිය විට මේ පැරණි පහන් කනුව දකින්නට පුළුවන්!
තවත් නරඹන්නට තියෙන තැනක් තමා මේ!!
ප‍්‍රදීපා ධර්මදාස ගායන ශිල්පිනිය ගේ ‘සත්‍යංගනා’ සංයුක්ත තැටියේ ඇතුළත්කන්දක් රුවැති ළඳක ලෙස රූපයකට නඟා පමිත ආර්. ලියනගේ ලියුමේ රූමස්සල කදුවැටිය ගැනයි. ගීතයේ පද නම් මෙතන තියෙනවා!! අහන්න ඕන කියලා හිතෙනවනම්
“ගිරා නිලට පෙම් බඳිනා
සිහිලැල් පණනල වඩනා
අමයුරු සුව ඔසු රකිනා
රූමස්සල රුවැත්තියේ
ගාලු කොටු පවුර නැඟ එන
ලවණ පිරි කඳුළු සුළඟට
හැමදාමත් ළෙන්ගතු වන
රූමස්සල රුවැත්තියේ
ගිං ගඟටත් කිරි එරවන
සිංහරාජ මෑණියන්ට
කවදාවත් වින නො කටින
රූමස්සල රුවැත්තියේ

නිස්කලංක පරිසරයක් තිබෙනරූමස්සල පරිසර පද්ධතිය මෙතෙක් තිබූසුන්දරත්වය දැන් කෙමෙන් කෙමෙන් විනාශයට යන්නේ එහි සිදුකරන ඉදිකිරීම් නිසාත් වන විනාශයත් නිසායි.

සමහරක් ජයාරෑප “චාමිකයා” ගත්තේ ජංගම දුරකතන කැමරාවකින්.. අනික ගොඩාක් හවස් වෙලා... ඒවායේ යම් යම් ඇපැහැදිලි තැන් තියෙන්න පුළුවන්... ‍තොරතුරු පොත පතින් වගේම අන්තර්ජාලයෙනුත් උපුටා ගත්තා!

පින්තූර ගන්න සහාය වෙච්ච “චාමිකයගේ” මිතුරු අරුණ අයියාටත් විශේෂ ස්තුතියක් පුද කරනවා!!
කියවපු ඔයාලගේ අදහසත් ඉදිරිපත් කරන්න කියලත් ඉල්ලා හිටිනවා...

ආ.. අනික ඉතින් ඔබත් ගාල්ල පැත්තට එහේම ඇවිත් යනවනම් රූමස්සල බලන්නත් අමතක කරන්න එපා හරිය!....

Wednesday, June 20, 2012

දන්න වාහනයේ "නොදන්න අංක තහඩුව" ගැන ඔබේ දැනුමට.. -RMV -Vehicle Number Plate system in Sri Lanka

වාහනයක්.... ම්....... හැමෝගෙම සිහිනයක්...
පහුගිය දවස් වල නම් වාහන මිල ඉහල යාම ගැන රට පුරාම කතා වුනා... මතකයිනේ!!

වාහනයක් ගත්ත මුල් දවස් වල එහේ මෙහේ දුවන ‍කොට තව දෙයක් මතක් වෙනවා..!
මොකක්ද ඒ?
ඒ අංක තහඩුව ගන්න...

වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.
සමහර ඒවාඅංක,සමහර ඒවා ඩෑෂ්,සමහර ඒවා ශ්‍රී.
සමහර ඒවා ඉංග්‍රීසි අකුරු.
මොනවාද මේඅකුරු?
වාහන වල අංක දෙන්නේ කොහොමද?
නිකම්වත් හිතලා බැලුවද??
චාමිකයගේ බ්ලොග් ඉසව්වේමේ උත්සහය අන්න ඒ ගැන ඔයාලව දැනුවත් කිරීමක් කරන්නයි.
කරුණු සියල්ල‍‍ සොයා දීමටත් ඒ ගැන දැනුවත් කරීමටත් ක්‍රියා කල ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක මුතුකුමාරණ මහතාට විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා!
ජයාරෑප සමහරක් අන්තර්ජාලය තුලින් උපුටා ගන්නා ලදි.
RMV නැතිනම් මෝටර් රථ දෙපාර්තමේන්තුවට යන්න බො‍හෝමත්ම දෙනා පෙළඹවෙන අවස්ථාවක් තමයි තමන්ගේ වාහනය ලියා පදිංචි කරගැනීම !
ඒ ගැන වැඩි දුර තොරතුරු ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන්.. මෙතනින් බලන්න පුළුවන්!

ලංකාවට වාහන ගෙන්වූ මුල්ම කාලය වුයේ 1902 වසර.

අන්න ඒ වාහන වලට නිකුත් කරපු අංක තහඩු
වල අංක නිකුත් වෙලා තියෙන්නේ “A“ – “Z “දක්වා අකුරු වලින්.

ඒ 1940 දක්වා වෙනකන්.
මේ වාහන දැනට නම් භාවිතයේ නෑ.
කෞතුක වස්තු විදියටප්‍රදර්ශන වලදී නම් කලාතුරකින් දැක බලා ගන්නට පුලුවන්.


Vintage Car Club of Ceylon (VCOC) ලෙස හැදින්වෙන ලංකාවේ පැරණි වාහන හිමිකරැවන්ගේ සමාජයක් ද පිහිටුවා ඇත.
1928 වසරේ මෝටර් රථප්‍රවාහන කාර්යාලය රජයේ දෙපාර්තමේන්තුවක් විදියට ස්ථාපිත වෙනවා.

1940 වසරෙන් පස්සේ වාහන ලියාපදිංචියට CEYLON යන වචනයේ අකුරු පිළිවෙලට "O" අක්ෂරය හැර CE CY CL CN හා නැවතත්
E අකුරෙන් පටන් ගෙන EY EL EN ලෙස 1956 වසර වෙනකන් වාහන ලියාපදිංචිය සිදු කෙරුනා.

ඊට අමතරව වාහන වර්ගය අනුව වෙන වෙනම අකුරු ලබා දීමක්ද සිදුකෙරුනා..
ඒ ගැන පහතින් දැක ගත හැකියි.


ඔබෙත් 23+ වැඩි නම්
 පරිස්සම් වෙන්න කරුණු ගැන දැනගන්න මෙතනින් යන්න


මේ වාහනත් දැනට භාවිතයේ නෑ. ක්ලැසික් වාහන කියලා වර්තමානයේ හඳුන්වන්නේ මේවා තමයි. වාහන ප්‍රදර්ශණ වලදී නම් දකින්නට පුළුවන්

1956 වසරේ "ශ්‍රී" අකුර වාහන වලට හඳුන්වා දුන්නා.
ඊට පස්සේ 1,2,3 විදියට වාහන පන්ති ලියා පදිංචි කිරීමත් ආරම්භ කලා.



ඒ ගැන බලන් යන කොට වාහන අංක ගැන යම් මතකයක් දැනෙනවා නේද??

මේ ක්‍රමය 1990 වසරේ වෙනස් කිරීමකට ලක්වන්නේ "ශ්‍රී" අක්ෂරය වෙනුවට කෙටි ඉර ("-" ඩෑෂ්) භාවිතයට හදුන්වා දීමත් එක්කමයි.
කියවන බොහෝ දෙනෙකුට නම් ("-" ඩෑෂ්) සහිත වාහන ගැන මතකය අනිවාර්යයෙන්ම ඇති නේද?

ස්ටිකර් කපන කඩයකින් තමන්ට ඕන විදිහට මේ අංක තහඩුසකස් කරගන්නට හැකියාව තිබුනා.

පහත දැක්වෙන්නේ එසේ නිකුත් අංක හා ඒවාට අයිතිවන වාහන වර්ගයයි.


DPL- රාජ්‍ය තාන්ත්‍රික වාහන සදහා වෙනස් වු අංක තහඩුවක්

මෙය නැවත වරක් සංශෝධනයකට ලක් වෙන්නේ 2000 වසරේදීයි.
ඒ ඉංග්‍රීසි අක්ෂර ක්‍රමය භාවිතයට එනවා.
ඒ පහත පෙන්වා ඇති ආකාරයටයි.එහිදි වාහන වර්ග තේරීමකින් තොරව අංක ලබා දීම සිදුකරනවා...

මේ විදියට "I" අකුර ඇරෙන්නට JA-JZ දක්වා රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින්ක්‍රෝමියම් ආලේප කරපු විශේෂ තහඩුවක වාහන අංක නිකුත් කරලා තියෙනවා. අනිත් විශේෂත්වය වුයේ ‍මේ අංක තහඩුනිකුත් කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පමණයි.

මේ අංක තහඩු සමගවිශේෂ ස්ටිකරයක්ද නිකුත් කෙරෙනවා.
එම ස්ටිකරයේ වාහනය ලියාපදිංචි කල වර්ෂය, ඉන්ධන වර්ගය, වාහන පන්තිය ආදී විස්තර ඇතුලත් කර තිබුනා.

මේ ක්‍රමය 2005 වසරේ ජූනි මාසයේ නැවතත් වෙනසකට ලක් වෙනවා. වාහන පන්ති අනුව වෙනස් ආකාරයේ අකුරු පිළිවෙලක් නැවතත් භාවිතා වීම ආරම්භ වෙනවා. හැබැයි ඒ වාහනය අයිති පළාතත් එම අංක තහඩුවෙම සඳහන් කරමින්.
මේ ආකාරයට තමයි වර්තමානයේ වාහන සඳහා අක්ෂර භාවිතා වෙන්නේ.


රතු පැහැති P අකුරක් යෙදී ඇත්නම් එහි සඳහන් වන්නේ එම රථය තීරුබදු රහිතව බලපත්‍රයක් යටතේ (Permit) ආනයනය කරන ලද්දක් බවයි.

ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් වගේ ඉක්මනින් විකිනෙන වාහන වල අංක මේ පටන් ගැන්මේ ඉදලා දැන්බොහෝ දුරට ගොස් තියනවාකියලා ඔයාලාට තේරෙනවා ඇති.

මේ දවස් වල තම දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි කර ගත හැකි මෝටර් සයිකල් සඳහා මේ දිනවලදී ගාල්ල ප්‍රදේශයේ නිකුත් කරනුයේ XY අංකයන් වේ.

රතු පැහැති අංක තහඩුවක් හදිසියේ හෝ ඔබ දැක ඇති..



ඒවා හදුන්වන්නේ ගරාජ් අංක විදිහටයි. යම් රථයක් ආනයනය කල පසු වරායේ සිට ආදාල අලෙවි කරන ස්ථානයට ගෙනයාමට පමණක් එම රතු පැහැ ගරාජ් අංක තහඩුව භාවිතා කිරීම සිදුකල හැකි බව පැවසේ. 2012 ජනවාරි මස සිට එවැනි ගරාජ් අංක මගින් මාර්ගයේ අනවසරයෙන් ධාවනයකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ලබයි.


දන්න වාහනයේ නොදන්න අංක තහඩුව ගැන ඔබේ දැනුමට යමක් එකතු වුනා කියලා හිතෙනවනම් අදහසක් දාලා යන්න අමතක කරන්න එපා හොදද!!


පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??