Pages

Monday, December 10, 2012

රටක් දෙකඩ කර “රටක් වුන ඊශ්‍රායලය“ හා උන් හිටි තැන අනුන්ට දී අද සැනසෙන “පලස්තීන වැසියන්ගේ“ අතීත කතාවයි මේ! Israel vs. Palestine - History about Gaza Strip conflict


කි.මි.41 දිග කි.මි.6 ක් හා කි.මි.12 පලළ වන ගාසා තීරය වර්ග කි.ලෝ.365 කට ආසන්න ප්‍රදේශයකි.මධ්‍යධරණීය මුහුද,ඊජිප්තුව හා ඊශ්‍රායලයට මායිම්ව පිහිටි මිලියන 1.7 කට ආසන්න ජනපිරිසක් ජීවත් වන අතර බොහෝමයක් සරණාගත පලස්තීනුවන් වන අතර
සුළුතරයක් ඊශ්‍රායල යුදෙව් ජනතාව වෙනවා..

වාර්ෂිකව 3.2 ජනග්‍රහණ වර්ධනයක් ඇති මෙය ලොව 7 වෙනියට වැඩිම ජනග්‍රහණ වර්ධනයක් ඇති  ප්‍රදේශය ලෙස සටහන් වෙනවා.

හැමදාම උදේට ප්‍රවෘත්ති වලටයි හවස ප්‍රවෘත්ති වලටයි ඔය උඩ කියපු ගාසා තීරයේ ගැටුම් ගැන අහන්න ලැබෙනවා..
ඒත් සිද්ධිය මොකක්ද..
මොනවට යුධ කරනවද කියලා කවදාවත් හොයන්න වුමනා වුනේ නෑ...
අවුරුදු 65 අධික කාලයක් තිස්සේ ඇතිවන මේ කෙටි යුද්ධ පසුගිය දිනවලදීත් ඇතිවුනා..
අහන්න ඇති දකින්න ඇති... එහේම නේද??

කෙටියෙන් අවශ්‍ය තොරතුරු එකතු කරමින් ලීව්ව මේ සටහනට අන්තර්ජාලයෙන් තොරතුරු ජයාරූප එකතු කරගත්තා..
හුදෙක්ම ඒ ගැන නොදන්නා පිරිසගේ දැනුම උදෙසා තමා ලිව්වේ.. 
 කියවලා බලන්න අදහසක් එහෙම තියෙනවනම් ලියලම යන්න!

1948 පෙර ගාසා තීරයේ සිට බටහිර ඉවුර දක්වාම ඇති ප්‍රදේශය පලස්තීනය නම් වු අතර එය පළමුවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතුණි.
වර්තමානයේ එහි බොහෝ කොටසක් ඊශ්‍රායලය නම් වන අතර පලස්තීනය වෙනුවට ඇත්තේ ගාසා තීරය හා බටහිර ඉවුර නැමැති ප්‍රදේශයන් පමණි.
පලස්තීනයට කුමක් වීද??

20 ශතවර්ෂයේ මුල සිටම යුරෝපීය යුදෙව් ජාතිකයන් පලස්තීනයට සරණාගතයින් ලෙස පැමිණි අතර එහි අලුත් ජනාවාස බිහිකරන්නට වුනා.
1917 දි බ්‍රිතාන්‍ය විදේශ ඇමති තම රට යුදෙව් ජාතිකයන්ගේ මාතෘ භූමිය ලෙස පලස්තීනය ලෙස පිලිගන්නා බව ප්‍රකාශ කර සිටි අතර එයට සහය දක්වන බවද පැවසුවා.
එය ඊට කලින් දී තිබු පොරොන්දුව වු නිදහස් අරාබි රාජ්‍ය පිහිට වීම අදහසට විරුද්ධ වීමක් නිසා රටවැසියන් වු පලස්තීනුවන් හා සරණාගතයින් වු යුදෙව්වන් අතර නිතර සටන් ඇවිලෙන්නට වුනා.
ඒ අතරම එරට පැමිණෙන යුදෙව් සරණාගතයින්ද වැඩි වන්නට වුනා.ඒ සදහා බ්‍රිතාන්‍ය ආධාර ලැබෙන්නටද වුනා.

දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බ්‍රිතාන්‍ය මේ ගැටලුව එක්සත් ජාතින්ගේ සංවිධානයට භාර දුන්නා.
1947 දි එක්සත් ජාතීන්ගේ මහා සභාවේදී  ලැබුනු ජන්දය අනුව පලස්තීනය කොටස් දෙකකට බෙදීමට තීරණය වුනා.
ඒ අනුව 1948 මැයි මාසයේදී 14 වැනිදා එක කොටසක්  යුදෙව් ජනතාවටත් අනික් කොටස අරාබි ජනතාවට ලෙසත්ය.

1948-49 කාලයේ මාස 10 පුරාවට ඒ වෙනුවෙන් ඇතිවු යුද්ධයෙන් එක කොටසක් නිදහස් ඊශ්‍රායලය ලෙසත්, ඊජිප්තුව යටතේ පාලනය වන ලෙස වෙරලක් සහිත ගාසා තීරයත්, ජෝදානය යටතේ බටහිර ඉවුර ලෙසත් කොටස් තුනකට කැඩෙන්නට වු අතර පලස්තීනය නමින් කිසිවක් ඉතිරි වුයේ නෑ...
 
ඒත් ඒ යුද්ධයෙන්  අරාබින් 15,000 ආසන්නවත් ඊශ්‍රාලයෙන් 6400 කට අධික පිරිසක් මිය ගියා.

1956 දිද යම් අරගලයක් ඇති කල අතර නැවත ඊජිප්තුව විසින් ඊශ්‍රායලය සතුව තිබු ප්‍රධාන වරාය අක්වාබා අවහිර කිරමින් 1967 ජුනි මාසයේදී නැවතත් අරාබි ජාතීන් ඊශ්‍රායලයට එරෙහිව යුධ වැදුනු අතර එය “දින 6 යුද්ධය“ නමින් ප්‍රසිද්ධීයට පත්වුනා..

ලොව කැළඹු ඉරානයෙන් එල්ල වු RQ 170 සයිබර් ප්‍රහාරය හා ගුගල් සිතියමෙන් හෙලිවන ඇමරිකානු යුධ රහස්  මෙතනින් දැනගන්න

එහිදි ඇමරිකාව හා බ්‍රිතාන්‍ය සහය ලැබු ඊශ්‍රායලය විසින් ඔවුන් ආක්‍රමණයට පැමිණි සෝවියට් රුසියාවේ සහය ලැබු ආක්‍රමණීක අරාබි ජාතීන් සතුව තිබු බටහිර ඉවුරත්, ඊජිප්තුව සතුවු ගාසා තීරයත් සිනායි අර්ධද්වීපයත් වගේම සිරියාව සතුව තිබු ගෝලාන් උස් බිම් ප්‍රදේශයත් අල්ලා ගනු ලැබුවා.
එලෙසම ගාසා හා බටහිර ඉවුරේ ජීවත් වු පලස්තීන වැසියන්ගේ පාලනය උදෙසා හමුදා පාලනයක්ද ඇති කරනු ලැබුවා.

1973 ඔක්තෝම්බර් මාසයේදීද සිරියාව හා ඊජිප්තුව එක්ව එකවර පහරදීමක්ද සිදුකල අතර එයටත් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම නිසා සටන නැවති ගියා.
අනතුරුව එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් හා එකල ඇමරිකානු ජනපති ජිමී කාටර් හා ඊජිප්තු ජනපති අන්වර් සදාත් හා ඊශ්‍රායල අගමැති වු මෙහෙයම් බෙගින් සමග සාම ගිවිසුමක් අත්සන් කොට
අල්ලා ගත් ප්‍රශ නැවත භාර දෙනු ලැබුවා.


1993 ඇති වු ඔස්ලෝ ගිවිසුම වෙනුවෙන් පලස්තීන නිදහස් සංවිධානය හා ඊශ්‍රායලය අතර ඇතිවු අවුරුදු පහක් ඇතුලත ඊශ්‍රායලය ගාසා තීරයෙන් ඉවත් වුනා.

එහි පලස්තීන අධීකාරියක් ඇති කරගැනීමට අවසර ලබාදුන් අතර 1996 පැවති ජන්දයෙන් යසර් අර්ෆත් එහි සභාපති බවට පත්වුනා.
 ඊට පසුවත් විටින් විට ඇතිවන ගැටුම් අතරේ මේ ප්‍රශ්ණය ඇදී යනවා..

විටෙක ෂෙල් වෙඩි වගේම බර අවි ප්‍රහාරත් දෙපැත්තටම එල්ල වෙනවා..

Palestinian Martyr (2000) තම මොහොමඩ් නම් වු පුතා ඊශ්‍රායල හමුදාවේ වෙඩි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උත්සහයක යෙදෙන පලස්තීන ජාතිකයකු වන Jamil ad-Durra නම් පියා උත්සහ කරන අයුරු දැක්වෙන ජායරූපය 


තවත් වෙනත් දැකලා පුරුදු ජායාරූප ගැන ොදන්න දැනගන්න මෙතනින් යන්න

වර්තමානයේ ගාසා තීරය හමාස් සංවිධානය පාලනය කරන අතර එහි අගමැති කෙනෙකු ඇතුලත් කැබිනට් මණ්ඩලයකින් සැදි පාර්ලිමේන්තුවක්ද වනවා එහි වත්මන් අගමැති මොහොමඩ් අබ්බාස් වේ. එහෙත් වැඩි බලතල හා පාලනය සිදුවන්නේ පලස්තීන විමුක්ති සංවිධානය මගින් වේ.

විටින් විට ඇතිවන මේ යුද්ධ අතරේ පසුගිය සතියේ පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යම් පිලිගැනීමක් ඇති වුනා.
ඒ “සමාජික නොවන නිරීක්ෂණ මට්ටමේ රාජ්‍යයක් ලෙසයි“.
එලෙස සිටින අනෙක් රාජ්‍ය වන්නේ “වතිකානුවයි“

යසර් අරෆත්ගේ සිහිනයක් වු මෙය වර්තමාන පලස්තීන අගමැති මොහොමඩ් අබ්බාස් විසින් කලක් තිස්සේ කල සටනක ජයක් ලෙස දක්වන්නට පුළුවන්...

සමාජික රටවල් 193 ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂණ මට්ටමේ රාජ්‍යයක් ලෙස පලස්තීනය පත්කල යුතුය යන යෝජනාවට  ඡන්ද 138 ක් ලැබී තිබුනි.


සති දෙක තුනකට කලිනුත් ඇතිවුන යුද තත්වය හන්දා “චාමිකයට හිතුනා මේ ගැන  ොයන්න... පොර හොයාගත්ත දේ ඉසව්ව පැත්තට දාන්න“පුළුවන් වුේ අද!! 
වැඩ පොඩ්ඩක් වැඩි හින්දා වැඩේ පරක්කු වුනා හැබැයි ආපහු එහේම ඔය සිද්ධි ගැන අහන්න ලැබුනොත් තොරතුරු දන්නවා...

කවුරු හරි ඇහුවත් එකෙන්ම කියන්න පුළුවන්....
ඒ හින්දා බයක් නෑ!

5 comments:

  1. ඔළුවේ තියෙච්ච ගැටළු ගානක් විසඳුනා

    ReplyDelete
  2. මේ මහ කෙළිකාරයෝ කරන්නෙම අනුන්ට අයත් රටවල් දෙකඩ කරන්න උත්තේජ දෙන එකනේ. මුන් අපට කරන්න හැදුවෙක් මේකමනේ.ඒක තේරෙනවානේ

    ReplyDelete
  3. පට්ට ලිපියක් මචං

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??