Pages

Saturday, August 25, 2012

නාසා ආයතනය කියුරියෝසිටි යානයේ රහස් එලිකරයි..ඒ ගැන හෙව්වොත් නරකද?? - Nasa reveals the hidden secrets on the Curiosity rover O.o

කියුරියෝසිටි රෝවරය



කියුරියෝසිටි රෝවරය අඟහරු ග්‍රහයා මත ගොඩ බැස්සවීමෙන් පසුව යානය විසින් ගන්නා ලද ජායාරෑපයන් නිකුත් කිරීමත් සමඟම ජායාරූපයක වු පැල්ලමක් පිළිබඳව වඩ වඩාත් කතා බහ ඇති වු අතර බොහෝමත්ම දෙනා විශ්වාස කලේ එය පිටසක්වල යානයක්දෝ කියායි.

මතකයි නේ....

මී‍ට පෙර අන්තර්ජාලය තුල අවධානයට පත්වු ජායාරෑප පෙළ
එහෙත් එය ක්ෂිතිජයේ ඇතිවු යම් දෙයක් පමණක් බව පසුව ප්‍රකාශ වුනා.

එහෙත් පසුගිය දින කිහිපයේ නාසා ආයතනය නිකුත් කල ජායාරෑප වල නැවතත් අඟහරු අහසේ දර්ශණය වන පැල්ලම් කිහිපයක් නිසා නැවතත් පෙර කතාවම නැවත මතුවී තිබෙනවා...
ඇත්තටම ඒ හදුනා නොගත් පියාඹන වස්තුන්ද??

නැතිනම් කැමරාවේ ආබාධයක් ද??


Alien Disclosure UK නැමැති කණ්ඩායමේ StaphenHannard ADGUK විසින් නාසා ආයතනය නිකුත් කළ එම ජායාරෑප විවිධ ෆිල්ටර භාවිතා කරමින් එම වස්තුන් පිළිබඳ සොයා බැලීමට උත්සහ කර ඇත.


එම විඩියෝව ඔහු යුටියුබ් වෙබ් අඩවියට එකතු කොට ඇත.
ඔහුගේ ප්‍රශ්ණය මේවා පිටසක්වල යානාද, දුවිලි වලාවන්ද?
නැතිනම් මොනවාද යන්නයි...

එහේත් විශේෂඥයින් පවසන්නේ ඒවා හුදෙක් ජායාරෑපයේ පික්සල් බිදී යාමෙන් හට ගත් පැල්ලම් කිහිපයක් බවයි.‍

රෝද 06 කින් යුතු කාරයක ප්‍රමාණයකින් යුතු ටොන් එකක් බර කියුරියෝසිටි රෝවරය මාස 08ක් තිස්සේ සැතපුම් මිලියන 354ක දුර ගෙවමින් අගෝස්තු 5 වැනිදා අඟහරු මතට ගොඩ බසින ලදි.
ඒ අගහරු මතට පෘතුවියෙන් ආ හතරවැනි යානය ලෙසයි.

එය සතුව කැමරා, විදිනයක් (ඩ්‍රිල්), වගේම පස් හා ගල් ආදිය කුඩු කර ගැනීමට අවශ්‍ය යාන්ත්‍රික දේවල් හා අධි ප්‍රභල ලේසර් කිරණ විදිනයක් හා අඩි 07ක් දිග (2.1m) දිග රොබෝ අතකින්ද සමන්විතයි.


පසුගියදා ප්‍රථම වරට කියුරියෝසිටි රෝවරය අගෝස්තු 22 වැනිදා
අඩි 15 ඉදිරියටත් අංශක 120 කින් කැරකී අඩි 08ක් පිටුපසට ගමන් කිරීම අරඹා ප්‍රථම වරට යානයේ ටයර් සලකුණු අඟහරු ග්‍රහයා මත ඇති කරනු ලැබුවා..


විශ්වයේ අවසාන සිංහල වචනය “ආයුබෝවන්“ වේවිද?? ඒ ගැන බලන්න මෙතනින් පුළුවන්.....


නාසා ආයතනය එම ජායාරූප නිකුත් කල අතර ඔවුන් පවසන්නේ “එය විශිෂ්ඨ මොහොතක, විශිෂ්ඨම මොහොතක්” බවයි.
යානය ගොඩ බැස්ස තැන සිට එය මේවන විට අඩි 20ක් ගමන් කර තිබෙනවා..

රෝවරය පදවන Matt Heverly පවසන්නේ ප්‍රථම ගමනට විනාඩි 16 ක් ගත වු බවයි. එතරම් වේලාවක් ගත වුයේ ජයාරූපයන්ද ගැනීම‍ට කාලය වැයකල නිසා බවයි.

අවුරුදු 65 කට පෙර පිටසක්වල යානයක් අනතුරට පත් වු “ රෝස්වෙල් හි සිද්ධිය“ ඇත්තක්ලු..! ඒ ගැන දන්නවද? ඒ ගැන බලන්න මෙතනින් පුළුවන්......

එලෙසම රෝවරය මත වු රහස් කිහිපයක්ම මේ වන විට හෙලිකර ඇත.. ඒ ගැන ඔබ දැන සිටියාද මන්දා.......

රෝවරයේ ටයරයේ “මෝස් කෝඩ්“ අධාරයෙන් එය එකලස් කල Jet Propulsion Lab හි නම JPL ලෙස දක්වා ඇත.

අගෝස්තු 22 රෝවරයේ ප්‍රථම ගමන සමග එය අගහරු පොළවේ ලියවී ඇත.
ටයරේ කට්ටයේ හැඩය — dot-dash-dash-dash, dot-dash-dash-dot, dot-dash-dot-dot ('.--- .--. .-..')

එය මෝස්කෝඩ් ලෙස පරිවර්තනයේදී කියවනු ලබන්නේ J P L ලෙසයි. ඊට අමතරව එහි සිග්සැග් (zigzag) හැඩය ඇතුලත්ව ඇත.


එහි ඇති දුරකතන ඇප්ලිකේෂනයක කෝඩ් සටහනක් ඇතුලත් කර තියෙනවා..

ඒ ගැන කිසිවක් සඳහන් කරලා නම් නෑ...
සමහරක් විට අනාගතයේදී එය භාවිතා කිරීමේ හැකියාවක් අභ්‍යාවකාශ තොරතුරු රැස්කරන්නන්ට ලබා දේවි...


යානය මතුපිට ලියු ඇතුලත භාෂා 16 සමන්විත පණිවිඩය ඔබ දැක්කාද??
'To Mars, To Explore,'



නාසා, JPL හා කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයන් හි වෙබ් අඩවි හරහා එකතු වුනු මිලියන 1.24 රසික පිරිසකගේ නම් ඇතුලත් කොට ඇති සිලිකන් චීපයක්ද රෝවරයේ රඳවා ඇත.

එය නාසා සමාගම හදුන්වා දුන්නේ
'පෘතුවි වැසියන්ගේ බලාපොරොත්තුව හා උනන්දුව අගහරු වෙත' ලෙසයි.

කියුරියෝසිටි යානය තුල මුදල් තැම්පත් කර ඇතැයි කිවහොත් ඔබ පුදුම වේවි...
ඔව්! එහි 1909 දි නිකුත් කරන ලද ඒබ්‍රහම් ලින්කන් ජනපතිගේ රුව ඇති කාසියක් ඇතුලත් කොට ඇත.

රෝවරය අගහරු ග්‍රහයා මතට ගොඩ බස්සන අවසාන විනාඩි 7 තමන්ට මුහුණ දීමට සිදුවන අභියෝගය ගැන විස්තර සහිත විඩියෝවක් ඉදිරිපත් කර තිබෙනවා...බලන්න පහලින්..
එයට යොදා ගත් තාක්ෂණය හා ඔවුන්ගේ මහන්සිය,කැපවීම ඉතාමත් සිත් ගන්නා සුළුයි.

 

දැන් කියුරියෝසිටි රෝවරය තිබෙන ස්ථානය 92 වයසැති විද්‍යා ප්‍රබන්ධ කතුවරයකු වු “The martian Chronicles” නැමැති පොත ලියු “Ray Bradbury” වෙනුවෙන් නම් කර තිබෙනවා..



2016 දිත් අඟහරු ගවේශෂණයට තවත් රෝවරය යැවීමට සුදානම් බව ඇමරිකානු නාසා ආයතනය කියනවා..

එය නම් කර ඇත්තේ “Insight” ලෙසයි. එමගින් අඟහරුගේ පොලොව අඩි 16 ක් හාරා බැලීමටද නියමිතයි...

කියුරියෝසිටි යානයේ අලුත්ම තොරතුරු ඔවුන්ගේ ටිවිටර් පිටුවෙන්
මේ යන විදිහට නම් ළඟදීම අඟහරු පැත්තෙත් යන්න බැරි වෙන එකක් නෑ..!
යමු නේද වීසා අරගෙනම ගිහිල්ලා එන්න..

AREA 51 නැතිනම් 51 වැනි කලාපය කිව් සැනින් නොදන්න කෙනෙක් නැති තරම්..
ඒ ගැන වැඩියෙන් බලන්න මෙතනින් පුළුවන්....

තොරතුරු,පින්තූර ටික නම් වෙනදා වගේම අන්තර්ජාලය තුලින් තමා!! අදහසක් ලියලා යන්න අමතක කරන්න එපා හොදද!!

14 comments:

  1. ස්තුතියි.....වැදහත් ලිපියක්

    ReplyDelete
  2. රසවත් වගේම කුතුහලය දනවන තොරතුරු ...ස්තුතියි මෙවන් සරු දෑ අප වෙත එක් කරනවාට

    ReplyDelete
  3. නියමයි තවත් දීරිය ලෑබේවා

    ReplyDelete
  4. nice post keep update thanks bro

    ReplyDelete
  5. එලම තමා...
    පට්ට!!!!!!!!

    ReplyDelete
  6. නොදන්නා කරුණු සරලව සංපූර්ණ තොරතුරුත් සමග අපව දැනුවත් කිරීම ගැන Thanks a Lot. ගොඩක් වටිනා දේවල් ඔයාගේ බොලොග් එකෙ තියෙනවා. මට හිතෙනවා මේ සියල්ල අපිට ඩවුන්ලෝඩ් කරන්න පහසු PDF ක්‍රමයටත් දැම්ම නම් අපිට පුළුවන් ප්‍රින්ට් කරලා එකතු කරන්න. අපේ දරුවගේ ඉගෙනීමටත්

    ReplyDelete
  7. ස්තුතියි චාමිකයෝ... කොහේදෝ යන එන ගමන් වැරදිලා වගේ ගොඩවුනේ... ආවට පස්සේ හිතුනේ හැමදාම එන්න වටින තැනක් කියලා.. ඉස්සරහටත් බලමු.. හොද හොද පොස්ට් තියේවි නේද?

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??