Pages

Wednesday, August 29, 2012

රටවල් දෙකක් අතර වු අභ්‍යාවකාශ සීතල යුද්ධය අවසන් කරමින් “හඳට ගිය මුල්ම මිනිසාගේ කතාව” හා තවත් දෑ ගැන ටිකක් වැඩිපුර..! Neil Armstrong- Story of The First man Who Walked on the moon!

1957 ඔක්තෝම්බර් 04 සෝවියට් රුසියාව අභ්‍යාවකාශය ජයගනිමින් Sputnik 1යානය ගුවන් ගත කිරීමත් සමඟ ඇමරිකාව හා සෝවියට් රුසියාව අතර වු අභ්‍යාවකාශ සීතල යුද්ධය ඇරඹුනු අතර ඉන් මසකට පසුව රුසියාව නැවතත් Sputnik 2 යානය ගුවන් ගත කලේ “ලයිකා“ නැමැති බැල්ලිය සමගමයි.


අනතුරුව ඇමරිකාව එක්සත් ජනපදය “හැම්“ නම් වු චිම්පන්සියකු සමඟ 1961 ජනවාරි MR-2 යානය අභ්‍යාවකාශ ගත කල අතර රුසියාව තම අභ්‍යාවකාශ තරඟයේ ජයක් ලබමින් “යුරී ගඟාරින්“ 1961 අප්‍රේල් මස 12 වැනිදා Vostok 1 යානයෙන් ගුවන් ගත කලා.
එලෙස සිදුවු කටයුතුත් එක්කම එවකට ජනපති වු ජෝන් එෆ් කෙනඩි මහතා ප්‍රසිද්ධ දේශණයක් තබමින් ඇමරිකාව සිදුකල තම අභ්‍යාවකාශ ගමන් පිළිබඳ වු ව්‍යාපෘති පුලුල් කිරීමටත් කටයුතු කලා...

එහි අවසානය වුයේ පසුගියදා මිය ගිය නීල් ආම්ස්ටෝන් හා පිරිස 1969 ජුලි 20 ලොව අලුත් පිටුවක් පෙරලමින් සඳ තරණය කිරීමයි.
ඉතින් ඉසව්වේ මේ උත්සහය ඔහු නැතිනම් “හඳට ගිය මුල්ම මිනිසා”

නීල් ආම්ස්ටෝන් ගැනත් ඔහු හා සම්බන්ධ ඔබ දන්නා නොදන්න තොරතුරු කීහිපයක් ඉදිරිපත් කරන්නටයි.

වෙනදා වගේම තොරතුරු අන්තර්ජාලයෙන්ම තමා පින්තූරත් එසේමයි. කියවලා බලලා අදහසක් ඉදිරිපත් කරන්න කියලාත් ඉල්ලනවා...

1930 ‍අගෝස්තු 05 වැනිදා ඇමරිකාවේ ඔහියෝ හි Wapakoneta හි උපත ලද නීල් ආම්ස්ටෝන් ප්‍රථම වරට ගුවන් යානයක් පදවා තිබුනේ වයස අවු.06 දීයි.

අනතුරුව ෆාමිසියක රැකියාව කරන අතරතුර ගුවන් යානා පැදවීම පිළිබඳව උගත් ඔහු වයස අවුරුදු 16 දී ඒ සඳහා ගුවන් යානා පැදවීමේ බලපත්‍රය ලබා ගන්නා ලදි.
ඉන් අනතුරුව Purdue විශ්වවිද්‍යාලයට ඇතුලත්ව, එහි ඔහුගේ පිලිරුවක් හා ශාලාවක් නම් කොට ඇති අතර
ගුවන් යානා ඉංජිනේරු පාඨමාලාව හදාරන අතරදී 1949 දි ඇමරිකානු නාවික හමුදාවේ ප්‍රහාරක ගුවන් නියමවකු ලෙස කොරියානු යුද්ධය වෙනුවෙන් සේවයට එක්වෙනවා..

එහිදී ඔහු ඇමරිකානු නාවික හමුදාව වෙනුවෙන් ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙස මෙහෙයුම් 78 සහභාගී වී ඇත.

යුද්ධයෙන් පසුව නැවත Purdue විශ්වවිද්‍යාලයට ඇතුලත්ව තම උපාධිය සම්පුර්ණ කරන ඔහු ප්‍රශ්චාත් උපාධිය Southern California විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නවා..

ඉන් අනතුරුව පරීක්ෂක ගුවන් නියමුවකු ලෙස නාසා ආයතනයට සම්බන්ධවන ඔහු එහිදී විවිධ වර්ගයේ අභ්‍යාවකාශ හා ගුවන් යානා 200 වැඩි ප්‍රමාණයක් අත්හදා බලා ඇත.

1962 දී නාසා ආයතනයේ ගඟනගාමී ලැයිස්තුවට ඔහු ඇතුලත් විය.

ඇපලෝ 8 යානය 1968 දී සඳවටේ වට 10 ගිය යා‍නයේ අතිරේක අණදෙන නිලධාරීයා වශයෙන් කටයුතු කරන්නට වුනා.


නීල් ආම්ස්ටෝන් මහතා ඇතුලු ඇපලෝ 11 යානයේ නායකත්වය දැරු ඔහු 1969 ජුලි 20 දින සඳ මතට ගොඩබසිමින් එහි ඔහුගේ වම් පාදය සද මත තබමින් එඩ්වින් බස් ඕල්ඩ්‍රින්ස් හා පැය තුනකට ආසන්න කාලයක් සඳ මත සිටියා.....

සැතපුමක් ඉහලින් යානය පදවමින් ගුවනේ සිටයේ මයිකල් කොලින්ස් විසිනි.


Lunar යානයේ සදහන් කොට තිබු එවකට ජනපති රිචඩ් නික්සන් මහතාගේ පණිවිඩයද ඔවුන් විසින් කියවන ලදි. ඒ පණිවිඩය මෙසේයි.

“Here men from the planet earth first set foot upon the moon july 1969 and we came in peace for all man kind”
සඳ මත තම වම්පාදය තබා


නීල් ආම්ස්ටෝන් විසින්

“That’s one small step for man, One Giant leap for mankind” යනුවෙන් පවසා ඇත.
සඳ ගමනට පසුව දින 45 ක් පුරා විවිධ ජාතීන් 22 ක් හමුවෙමින් ලොව වටා ගිය සංචාරයේ දී ඔහුට දෙවන එළිසබෙත් රැජිණ මුණ ගැසීමට හැකියාව ලැබුනි.

සඳ ගමනේ 40 සංවත්සරයේ දී නීල් ආම්ස්ටෝන් හට ඇමරිකානු වත්මන් ජනපති බැරක් ඔබාමා වද හමුවීමේ අවස්ථාවද ලැබී තිබුනා.



දන්නවද??

ඇපලෝ 11 යානයට අමතරව පසුව සඳ මතට නාසා “ඇපලෝ” වැඩසටහනේ යානා 6 ක් ගමන් කර ඇති අතර,ගඟනගාමීන් දොලොස් දෙනෙකු සඳ මත ඇවිද ඇතැයි පැවසුවහොත් සමහර විට ඔබ පුදුම වේවි...

එයින් අට දෙනෙකු තවමත් ජීවත් වෙනවා...
මොකද බොහෝ විටම අපි අසන්නේ හා ප්‍රසිද්ධ ඇපලෝ 11 යානය ගැන හා එහි ගමන් කල නීල් ආම්ස්ටෝන් හා ඔහුගේ කණ්ඩායම ගැනය..
එය ඒ තරමටම ප්‍රසිද්ධ ඔහු සඳ මත පා තැබු ප්‍රථම පෘතුවි වාසියා නිසායි.
මේ තියෙන්නේ ඒ ගඟනගාමීන් ගැන වු කෙටි විස්තර ටිකක් ඔබේ දැනුමට...

ඇපලෝ 11 යානයෙන් 1969 ජුලි මස 21 දින බස් ඇල්ඩ්‍රින් සද මත පා තැබු අතර ඔහුගේ 82 උපන්දිනය නීල් ආම්ස්ටෝන් සමඟම පසුගිය ජනවාරී මාසයේදී සමරා තිබුනා.
ඇපලෝ 12 යානයෙන් 1969 නොවැම්බරයේදී සඳ මත පා තැබීමට දැන් වයස 80ක් වන Alen bean ට හැකියාව ලැබුනු අතර ඔහුගේ සඟයා වු Pete Conard වයස අවුරුදු 69 ක් ‍වී 1999 දි මිය ගියා.
Edgar Mitchell 1971 පෙබරවාරී මාසයේ සඳ මත පා තැබු අතර මේ වන විට වයස අවු.82 කි.
ඇපලෝ 15 යානයෙන් සඳ මතට ගිය David Scott ජුනි මසදී ඔහුගේ 80 වැනි උපන්දිනය සමරා තිබුනා.

1972 දී ඇපලෝ 16 යානයෙන් සඳ මත පා තැබු John W.Young ට දැන් අවුරුදු 81 වන අතර ඔහුගේ සඟයා වු හා වයස අඩුවෙන්ම සඳ මත පා තැබු පුද්ගලයා ලෙස හදුන්වන Charles Duke ට දැන් වයස 76 ක් වන අතර ඔහු සඳ මත පා තබද්දී වයස අවුරුදු 36 ක් වුනා.
ඇපලෝ 17 නාසා ඇපලෝ ව්‍යාපෘතියේ අවසාන යානය වු අතර එය 1972 දෙසැම්බර් මාසයේ 14 වැනිදා සඳ මතට ළගාවු අතර එහි ගමන් කළ Eugene Cernan ට දැන් අවුරුදු 78 වන අතරම ඔහුගේ සඟයා වු Harrison Schmitt ට වයස අවුරුදු 77 කි. ‍ඔවුන් දෙපලම තවමත් ජීවත් වේ.


එලෙසම පසුගිය සඳ මත පා තැබීමේ 43 වැනි සංවත්සරය වෙනුවෙන් නාසා ආයතනය Lunar reconnaissance Orbiter Camera
( LROC) කැමරාවෙන් ගනු ලැබු ජයාරෑපයන් හි අවුරුදු 40 ක් ගත වුවත් තම ජාතිය අභිමානය වෙනුවෙන් ඇපලෝ සඳ ගමන් 06කදී සදෙහි පිහිටවු කොඩි


තවමත් එහි තිබෙන බව ලුනාර් චන්ද්‍රිකා වැඩසටහනේ ප්‍රධානී Mark Robinsion පවසා සිටියා.

ඇපලෝ 16 හා 17 යානා වලින් සිටවු කොඩි පිළිබඳ දක්වන ජායාරූපයන්...


සඳ ගමනේ විත්ති එහේම වෙද්දී එකල ශ්‍රී ලංකාවේ පුවත්පත් මගින්ද සඳ ගමන පිළිබඳව විශාල ප්‍රචාරයක් ලබා දුන්නා..
මේ තියෙන්නේ අන්තර්ජාලයෙන්ම හොයා ගත්ත “දිනමිණ” පුවත්පතේ සිරස්තල කිහිපයක්..

බලන්න!


මේ සඳ ගමන ලොව පුරා බිලියන භාගයකට අධික පිරිසක් කලු සුදු රෑපවාහිනියෙන් නරඹා තියෙනවා..
විශ්වයේ අවසාන සිංහල වචනය “ආයුබෝවන්“ වේවිද?? ඒ ගැන බලන්න මෙතනින් පුළුවන්.....




සඳ ගමන 20 සැමරුම් අවුරුද්ද වෙනුවෙන් වු සිහිවටන මුද්දර 04ක් ද ශ්‍රී ලංකාවෙන් නිකුත් කර තිබෙනවා...

මේ තියෙන්නේ චාමිකයාගේ මුද්දර එකතුවෙ ති‍යෙන මුද්දර දෙකක්...


දැන් නම් ඉතින් සද ගමන් ගැන නම් කතා කරන්නේ නෑ...

මොකද කට්ටියම අඟහරු ගැන නේ කතා කරන්නේ!! ‍
කෝම වුනත් මේ කරුණු කාරනා කියෙව්වම ආම්ස්ටොන් මහත්තයාගේ පවුලේ කට්ටිය කිව්වා වගේම අපිටත්
“ඊළඟ පාර හඳ දැක්කම නිල් ආම්සටෝන්ව මතක් වෙයි නේද?
“Next time you see the moon,think of neil

and give him a wink” 


6 comments:

  1. ඉතාම මහන්සි වී සකස්කළ ලිපියක්.. බොහොම ස්තුතියි!

    මට නම් හිතෙන්නෙ ඔය සඳ ගමන බොරුවක් කියලා.. මම හිතාන හිටියා නීල් ආම්ස්ට්‍රොං මැරෙන්න කලින්වත් ඒ ගැන කියයි කියලා.. :)

    මම මේ බ්ලොගේ හැම ලිපියක්ම වාගේ කියෝනවා.. ලිපි ඉතාමත් අගය කරනවා.. හැබැයි අර මැද දාන ඇඩ් වලට නම් ඒ හැටි මනාපයක් නෑ.. ඒවා කියවෙද්දි කතාවෙ රහ මැකෙනවා..

    ReplyDelete
  2. මේක සිරා ලිපියකි...
    ඇත්තටම ඉස්සරහදි හඳ දැක්කම අපිට නීල් මතක් වෙයි නේ??????

    ReplyDelete
  3. හොඳ තොරතුරු එකතුවක්. පාසල් ශිෂ්‍යයකු ලෙස මම ඇපලෝ යානා බොහොමයක විස්තර එකතු කළා. ඇපලෝ 8, 9, සහ 10 ගැනත් ලියන්න. ඒ යානා වලින් තමයි මේ ගමනට අඩිතාලම දැම්මේ. ඇපලෝ 10 යානය මගින් ඇපලෝ 11 න් කරන කාර්යයට ආසන්න ක්‍රියාවක් අත්හදා බැලුවා. මිනිසා හඳට ගොඩ බැසීම බලන්න ඒ කාලේ ලංකාවේ රූපවාහිනී සේවයක් තිබුනේ නැහැනේ. මට මතකයි කෑගල්ල නගරයේ ශබ්ද විකාශන යන්ත්‍ර කුලියට දෙන වෙළඳ සලක ලවුඩ්ස්පීකර් වලට ගුවන්විදුලි යන්ත්‍රය සම්බන්ධ කරලා සජීවී ප්‍රචාරය මහජනතාවට අහන්න සලස්වපු හැටි. ඉතා විශාල සෙනගක් එහි රැස්ව එය අසාසිටියා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  4. vedagath karunu tikak.thank u so much

    ReplyDelete
  5. ඔබගේ මහන්සිය ඉතා අගය කරමි. මේ සමග මොවුන් සඳ මත පා නොතැබූ බවට ඇති කතාන්දරය පිළිබඳවත් අපට සිංහලෙන් සරලව දැනගන්න අවස්තාව ලබා දෙතැයි කියා සිතමි.

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??