පසුගිය
සති දෙක තුන තුල ලංකාවේ ද පිටසක්වල යානා නැතිනම් හදුනා නොගත් පියාඹන යානා
ගැන හදුනානොගත් ආලෝකයන් ගැන කතාබහ ජයාරූප වගේම විඩියෝ දර්ශණත් දකින්න
ලැබුනා.. 

බොහෝ අය දකින්න, කියවන්න ඇති...

එලෙසම පසුගිය සතියේ ඇමරිකානු CIA ආයතනයේ විශ්‍රාමික ඒජන්තවරයකුගේ ප්‍රකාශයකින් පිටසක්වල යනා හා ජීවින් ගැන කතාබහ ලොව පුරා නැවතත් ඇතිවී ඇත. 


ඒ 1947 ජුලි මස 08 වැනිදා සිදුවුවා යැයි සැලකෙන ලොව ප්‍රසිද්ධ “ රෝස්වෙල් හි සිද්ධිය“ ට
පසුගියදා අවුරුදු 65 ක් පිරීමත් සමගිනි. 

හදුනා
නොගත් පියාඹන යානා හා පිටසක්වල ජීවින් ගැන සොයබැලීමටත් කරුණු දැන ගැනීමටත්
බොහෝ දෙනා බොහෝම කැමත්තක් දක්වන හින්දම “ඉසව්ව“ පැත්තට
“ රෝස්වෙල් හි සිද්ධිය“ ගැන තොරතුරු ටිකක් එකතු කරන්න හිතුවා..

“ රෝස්වෙල් හි සිද්ධිය“ ගැන තොරතුරු ටිකක් එකතු කරන්න හිතුවා..


“
රෝස්වෙල් හි සිද්ධිය“යනු ඇමරිකාවේ නව මෙක්සිකෝ කාන්තාරයට කඩා වැටුනු හදුනා
නොගත් යානයක් නැතිනම් පියාඹන පිරීසියක් ගැන වු සිද්ධියයි. එය ලොව පිටසක්වල
සිද්ධීන් අතරින් වඩාත් සොයා බැලුනු හා ප්‍රසිද්ධම සිද්ධියකි. 




එදින
සවස එය හදුනා නොගත් යානයක් ලෙස ඒ අසල පිහිටි ඇමරිකානු ගුවන් හමුදා කදවුරේ
ප්‍රධානින් මාධ්‍යයට ප්‍රකාශ කලත් ඊළඟ දින උදෑසනම නැවත ප්‍රකාශ කරන්නේ එය
කාලගුණ තොරතුරු දැනගැනීම සඳහා යොදාගන්නා ලද බැලුමක් බවයි. 


කෙසේ වුවත් දැනටත් අභරහසක්ව පවතින මේ සිද්ධිය ගැන බොහෝමත් දෙනා පවසන්නේ 1950 මාර්තු 02 දින වොෂින්ටනයේ FBI ආයතනයේ රාජකාරී කල Guy Hottel නම් ඒජන්තවරයකු ලිපියක් මගින් ඔහුගේ ප්‍රධානියාට දක්වා තිබුනේ එයින් අඩි 03 ක් උස වු පිටසක්වල ජිවින් තිදෙනෙක්ද සොයා ගෙන ඇති බවයි. 





එම යානය කඩා වැටුනායයි සැලකෙන භූමියේ මෑතකදි ගත් ජායාරූපයක්.. 


තවත් ජයාරෑප රැසක් මෙතනින් බලන්න පුළුවන්...
පසුව මේ පරික්ෂන කටයුතු බොහෝ විට කෙරෙනවායි විශ්වාස කරන්නේ ඇමරිකානු නෙවාඩාහිArea 51 නැතිනම් “ 51 කලාපය“ ලෙස හදුන්වන භූමියේයි. 

Area 51 නැතිනම් “51 කලාපය“ ගැන බොහෝ දේ දැනගන්න මෙතනින් පුළුවන්... 

රටවල් 70 වැඩි ප්‍රමාණයක අවුරුදු 35 ක කාලයක් ඇමරිකානු CIA ආයතනයේ රාජකාරී කටයුතු කල Chase Brandon නැමැති මේ විශ්‍රාමික ඒජන්තවරයා

පසුගියදා ප්‍රකාශ කරන්නේ 1990 මැද භාගයේ ඇමරිකානු ලැංග්ලිහී පිහිටි CIA මුලස්ථානයේ අධිආරක්ෂිත රහසිගත කාමරයක

ලිපි
ගොනු අතර මේ සම්බන්ධව ඇති ලිපි ගොනු තමා පෙරලා බැලු බවත්, මුල පිටුවේ
“රෝස්වෙල්“ ලෙස ලියා තිබු ගොනුවේ එහි ලිපි ලේඛණ හා එයට සම්බන්ධ ජයාරෑපද
තිබු බවත් එයින් තමා “එය සිදුවුවායැයි“ තමාටම කියාගත් අතරම නැවතත් එය එතනම
තබා පැමිණි බවයි. 

1994 දි හා 1997 දි ඇමරිකානු ගුවන් හමුදාව පිටු 231 යුතු වාර්තාවකින් කියා සිටියේ 1947 දි එවැන්නක් සිදු නොවු බවයි.. 

ඒ සඳහා සාක්ෂි ද ඔවුන් ඉදිරිපත් කොට තිබුනා.. 


ඒ ගැන වාර්තාව ගැන විස්තරයක් මෙතනින් බලන්න...
ඒ රෝස් වෙල් සිද්ධියට අවුරුදු 50 ක් පිරෙද්දීයි. 

රට රටවල බුද්ධි අංශ ගැන තොරතුරු ඔබ දන්නවාද?? ඒ ගැන බලන්න මෙතනින් පුළුවන්... 

කියවපු තොරතුරු හා ජායාරෑප සියල්ලම අන්තර්ජාලයෙන් තමයි උපුටා ගත්තේ.. 

වැදගත් කියන ටික තමයි මේ ලියන්න හිතුවේ .. අන්තර්ජාලය පුරාම මේ සිද්ධිය ගැන බොහෝ තොරතුරු තියෙනවා.. 

වේලාවක් තියෙනවනම් ටිකක් හොයලා බලන්න.. මේ තියෙන්නේ ඊට සම්බන්ධ විකිපීඩියා තොරතුරු
කෙසේ වුවත් දැනටත් මේ සිද්ධිය ලොවට රහසක් ලෙසම පවතී.
ඇත්තට පිටසක්වල ජීවින් කියා කට්ටියක් ඉන්නවද? නැද්ද? 

මොකද හිතෙන්නේ....... 

වැදගත් පොස්ටුවක්.. දෙයක් එකතු කරගත්තා..ස්තුතියි! :)
ReplyDeleteඇත්තටම පිටසක්වල ජීවින් ඉන්නවද චමියෝ.මේ හොයාගත්තොත් කියන්න හරිය..any way වැදගත් පෝස්ට්ටුවක්
ReplyDeleteහිතා ගන්ට බෑ අප්පා..!!!!
ReplyDeleteඅලුත් දෙයක්.... (මට නම්)...බොහෝම ස්තුතියි..
ReplyDeleteමේ විෂය ගැන ලිපියක් දැක්කොත් මම අනිව කියවනව. මම නම් හිතන්නේ පිටසක්වල ජීවීන් ඉන්න ඕන. මොකද මේ විශ්වයේ අපි විතරක් තනි වෙන්න හේතුවක් නෑනේ; තව ලක්ෂ ගානක් ග්‍රහලෝක තියද්දි. (ඔයාගෙ තීම් එක වෙනස් කලොත් නරකද ? කලු පසුබිමේ සුදු අකුරු බ්‍රයිට් වැඩි වගේ. කියවන්න ටිකක් අමාරුයි. අදහසක් විතරයි.)
ReplyDeleteඉන්නවා!!
ReplyDeletemaru hode......
ReplyDeleteඅනික් ඒවා වගේම මේකෙත් අන්තිමට ප්‍රශ්නයක් තියල ඉවර කරලා :[
ReplyDeleteඉතාමත් වැදගත්....... තවත් විස්තර එකතු කරන්න ජය වේවා ...
ReplyDeleteniyamai kollo
ReplyDelete☻◈☻◈☻◈☻◈☻◈☻◈
ReplyDelete░█░░░█░█░▄▀░█▀▀ ░
░█░░░█░█▀░░░█▀░ ░
░█▄▄░█░█░▀▄░█▄▄ ░
☻◈☻◈☻◈☻◈☻◈☻◈