Pages

Wednesday, June 20, 2012

දන්න වාහනයේ "නොදන්න අංක තහඩුව" ගැන ඔබේ දැනුමට.. -RMV -Vehicle Number Plate system in Sri Lanka

වාහනයක්.... ම්....... හැමෝගෙම සිහිනයක්...
පහුගිය දවස් වල නම් වාහන මිල ඉහල යාම ගැන රට පුරාම කතා වුනා... මතකයිනේ!!

වාහනයක් ගත්ත මුල් දවස් වල එහේ මෙහේ දුවන ‍කොට තව දෙයක් මතක් වෙනවා..!
මොකක්ද ඒ?
ඒ අංක තහඩුව ගන්න...

වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.
සමහර ඒවාඅංක,සමහර ඒවා ඩෑෂ්,සමහර ඒවා ශ්‍රී.
සමහර ඒවා ඉංග්‍රීසි අකුරු.
මොනවාද මේඅකුරු?
වාහන වල අංක දෙන්නේ කොහොමද?
නිකම්වත් හිතලා බැලුවද??
චාමිකයගේ බ්ලොග් ඉසව්වේමේ උත්සහය අන්න ඒ ගැන ඔයාලව දැනුවත් කිරීමක් කරන්නයි.
කරුණු සියල්ල‍‍ සොයා දීමටත් ඒ ගැන දැනුවත් කරීමටත් ක්‍රියා කල ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක මුතුකුමාරණ මහතාට විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා!
ජයාරෑප සමහරක් අන්තර්ජාලය තුලින් උපුටා ගන්නා ලදි.
RMV නැතිනම් මෝටර් රථ දෙපාර්තමේන්තුවට යන්න බො‍හෝමත්ම දෙනා පෙළඹවෙන අවස්ථාවක් තමයි තමන්ගේ වාහනය ලියා පදිංචි කරගැනීම !
ඒ ගැන වැඩි දුර තොරතුරු ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන්.. මෙතනින් බලන්න පුළුවන්!

ලංකාවට වාහන ගෙන්වූ මුල්ම කාලය වුයේ 1902 වසර.

අන්න ඒ වාහන වලට නිකුත් කරපු අංක තහඩු
වල අංක නිකුත් වෙලා තියෙන්නේ “A“ – “Z “දක්වා අකුරු වලින්.

ඒ 1940 දක්වා වෙනකන්.
මේ වාහන දැනට නම් භාවිතයේ නෑ.
කෞතුක වස්තු විදියටප්‍රදර්ශන වලදී නම් කලාතුරකින් දැක බලා ගන්නට පුලුවන්.


Vintage Car Club of Ceylon (VCOC) ලෙස හැදින්වෙන ලංකාවේ පැරණි වාහන හිමිකරැවන්ගේ සමාජයක් ද පිහිටුවා ඇත.
1928 වසරේ මෝටර් රථප්‍රවාහන කාර්යාලය රජයේ දෙපාර්තමේන්තුවක් විදියට ස්ථාපිත වෙනවා.

1940 වසරෙන් පස්සේ වාහන ලියාපදිංචියට CEYLON යන වචනයේ අකුරු පිළිවෙලට "O" අක්ෂරය හැර CE CY CL CN හා නැවතත්
E අකුරෙන් පටන් ගෙන EY EL EN ලෙස 1956 වසර වෙනකන් වාහන ලියාපදිංචිය සිදු කෙරුනා.

ඊට අමතරව වාහන වර්ගය අනුව වෙන වෙනම අකුරු ලබා දීමක්ද සිදුකෙරුනා..
ඒ ගැන පහතින් දැක ගත හැකියි.


ඔබෙත් 23+ වැඩි නම්
 පරිස්සම් වෙන්න කරුණු ගැන දැනගන්න මෙතනින් යන්න


මේ වාහනත් දැනට භාවිතයේ නෑ. ක්ලැසික් වාහන කියලා වර්තමානයේ හඳුන්වන්නේ මේවා තමයි. වාහන ප්‍රදර්ශණ වලදී නම් දකින්නට පුළුවන්

1956 වසරේ "ශ්‍රී" අකුර වාහන වලට හඳුන්වා දුන්නා.
ඊට පස්සේ 1,2,3 විදියට වාහන පන්ති ලියා පදිංචි කිරීමත් ආරම්භ කලා.



ඒ ගැන බලන් යන කොට වාහන අංක ගැන යම් මතකයක් දැනෙනවා නේද??

මේ ක්‍රමය 1990 වසරේ වෙනස් කිරීමකට ලක්වන්නේ "ශ්‍රී" අක්ෂරය වෙනුවට කෙටි ඉර ("-" ඩෑෂ්) භාවිතයට හදුන්වා දීමත් එක්කමයි.
කියවන බොහෝ දෙනෙකුට නම් ("-" ඩෑෂ්) සහිත වාහන ගැන මතකය අනිවාර්යයෙන්ම ඇති නේද?

ස්ටිකර් කපන කඩයකින් තමන්ට ඕන විදිහට මේ අංක තහඩුසකස් කරගන්නට හැකියාව තිබුනා.

පහත දැක්වෙන්නේ එසේ නිකුත් අංක හා ඒවාට අයිතිවන වාහන වර්ගයයි.


DPL- රාජ්‍ය තාන්ත්‍රික වාහන සදහා වෙනස් වු අංක තහඩුවක්

මෙය නැවත වරක් සංශෝධනයකට ලක් වෙන්නේ 2000 වසරේදීයි.
ඒ ඉංග්‍රීසි අක්ෂර ක්‍රමය භාවිතයට එනවා.
ඒ පහත පෙන්වා ඇති ආකාරයටයි.එහිදි වාහන වර්ග තේරීමකින් තොරව අංක ලබා දීම සිදුකරනවා...

මේ විදියට "I" අකුර ඇරෙන්නට JA-JZ දක්වා රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින්ක්‍රෝමියම් ආලේප කරපු විශේෂ තහඩුවක වාහන අංක නිකුත් කරලා තියෙනවා. අනිත් විශේෂත්වය වුයේ ‍මේ අංක තහඩුනිකුත් කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පමණයි.

මේ අංක තහඩු සමගවිශේෂ ස්ටිකරයක්ද නිකුත් කෙරෙනවා.
එම ස්ටිකරයේ වාහනය ලියාපදිංචි කල වර්ෂය, ඉන්ධන වර්ගය, වාහන පන්තිය ආදී විස්තර ඇතුලත් කර තිබුනා.

මේ ක්‍රමය 2005 වසරේ ජූනි මාසයේ නැවතත් වෙනසකට ලක් වෙනවා. වාහන පන්ති අනුව වෙනස් ආකාරයේ අකුරු පිළිවෙලක් නැවතත් භාවිතා වීම ආරම්භ වෙනවා. හැබැයි ඒ වාහනය අයිති පළාතත් එම අංක තහඩුවෙම සඳහන් කරමින්.
මේ ආකාරයට තමයි වර්තමානයේ වාහන සඳහා අක්ෂර භාවිතා වෙන්නේ.


රතු පැහැති P අකුරක් යෙදී ඇත්නම් එහි සඳහන් වන්නේ එම රථය තීරුබදු රහිතව බලපත්‍රයක් යටතේ (Permit) ආනයනය කරන ලද්දක් බවයි.

ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් වගේ ඉක්මනින් විකිනෙන වාහන වල අංක මේ පටන් ගැන්මේ ඉදලා දැන්බොහෝ දුරට ගොස් තියනවාකියලා ඔයාලාට තේරෙනවා ඇති.

මේ දවස් වල තම දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි කර ගත හැකි මෝටර් සයිකල් සඳහා මේ දිනවලදී ගාල්ල ප්‍රදේශයේ නිකුත් කරනුයේ XY අංකයන් වේ.

රතු පැහැති අංක තහඩුවක් හදිසියේ හෝ ඔබ දැක ඇති..



ඒවා හදුන්වන්නේ ගරාජ් අංක විදිහටයි. යම් රථයක් ආනයනය කල පසු වරායේ සිට ආදාල අලෙවි කරන ස්ථානයට ගෙනයාමට පමණක් එම රතු පැහැ ගරාජ් අංක තහඩුව භාවිතා කිරීම සිදුකල හැකි බව පැවසේ. 2012 ජනවාරි මස සිට එවැනි ගරාජ් අංක මගින් මාර්ගයේ අනවසරයෙන් ධාවනයකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ලබයි. 



You Tube එකෙන්ද මෙතනින් බලන්න


 වාහනයේ නොදන්න අංක තහඩුව ගැන ඔබේ දැනුමට යමක් එකතු වුනා කියලා හිතෙනවනම් අදහසක් දාලා යන්න අමතක කරන්න එපා හොදද!!


31 comments:

  1. අයි අකුර නැහැ කීවට ...දැන් අයි අකුර භාවිත වෙනව නේ ද VI වගේ....

    ReplyDelete
    Replies
    1. මම www.ceylonlanka.info දැනගෙන හිටපු දෙයක්, ඒ වුනාට මතකය අලුත් කරගත්තා... දන්නා නොදන්නා හැමෝමත් එක්ක බෙදාගත්තට ස්තුතියි

      Delete
    2. “ I “ අකුර හා “ O” අකුර යොදා ගනිමින් අංක තහඩු ආරම්භය සිදු නොකරන අතරම වෙනත් අකුරක් සමඟ අගට “ I “අකුර හා “ O” අකුර යොදා ගනු ලබයි.

      Delete
  2. 1990 - 2000 කාලයට 325 අංක ශ්‍රේණිය ඇතුලත් විය යුතුයි නේද (ඩීසල්)

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. 325 අංක සහිත වාහනයන් හි ඉන්ධන පරිවර්තනය සිදුකල කාලය අනුව එම වෙනස්වීම සිදුවේ.

      Delete
  3. mahansi wela liwwa post 1k..danuma aluth una..sthuthi yaluu..

    ReplyDelete
  4. අළුත් නොම්මර ක්‍රමය ලංකාවට මුලින්ම යෝජනා කලේ 1990 වේ මැද භාගයේ ජර්මන් සංවිධානයක හිටපු ලංකාවේ නියෝජිතයා. මේ ක්‍රමය ජර්මනියේ භාවිතා වන ක්‍රමයට බොහෝ සමානයි. ඔහු සකස් කළ ව්‍යාපෘති වාර්තාවට යම් යම් දත්ත සැපයීමෙන් මටත් දායක වෙන්න අවස්ථාව ලැබුනා

    ReplyDelete
    Replies
    1. ස්තුතීයි ඒ ගැන දැනුවත් කලාට!! දැනටමත් මේ අංක තහඩු නිපදවන්න ටෙන්ඩරය ගෙන ඒවා නිපදවන්නේ ජර්මන් සමාගමකින්ලු.

      Delete
  5. එතකොට දැන් ඔය 'FZ 'numbers දෙන්නෙ කලින් '325' දුන්නු ඒවට විකල්පයක් විදිහටද..? එහෙම නැතිනම් තානාපති වාහන මහජනතාවට විකුනන කොට දෙන අලුත් number එකක් විදිහටද...?

    ReplyDelete
    Replies
    1. FZ අංක නැතිනම් ආපසු අංක ( මොකද මේ අංක ක්රදමය “G” අකුරෙන් ඇරඹුන නිසා) ලබාදෙන්නේ අවසාන කාලයේ ආපු 303 අංක සඳහන් පැට්රදල් වාහන සඳහා හා රාජ්යහ ත්රායන්තික වාහන සමාන්ය ජනතාවට විකුණු පසු ඒවා ඔවුන් නමට ලියාපදිංචි කරගන්නා විට ඔබ කිව්වා වගේම දෙන අලුත් අංකය විදිහටයි.

      Delete
  6. දැනුවත් කිරිමට ස්තුතී නමුත් ඔය නව අංකතහඩු ක්‍රමයෙත් දොශ තියෙනව නේද..එක්කො හරියට නිති ක්‍රියාත්මක වෙන්ඩ ඔන හිතන්න යාපනේ ලියාපදිංචි කාර් එකක් කොළඹ ඉන්න පුද්ගලයෙක් මිලදි ගන්නව අර අංක තහඩුවමයි පාවිච්චි කරන්නේ එතකොට බැලු බැල්මට හිතෙන්නේ ඒ වාහනේ යාපනේ එකක් කියල ඇයි එකේ තියෙන අකුරු දෙක යාපනේ පලාතනේ නියොජනය වෙන්නේ ඒ වහේම කාර් වලට කේ අකුර යෙදුවට ඒව ජිප්වලත් තියෙනවනේ

    ReplyDelete
    Replies
    1. රියදුරු සහිතව 08 දෙනෙකු යා හැකි හා ගෙවිය යුතු වාහන බදු පන්තිය අනුව බොහෝ කැබ් වාහන කාර් පන්තියට එක් වෙනවා! අන්න ඒ නිසයි රාජ් අයියා සමහර ප්‍රාඩෝ ආදියට K අකුර ලැබී තියෙන්නේ! Four Weel ඇති වාහාන පමණක් මෝටර් රථ නිතියේදී ජීප් වාහන ගණයට අයිති වෙනවා!

      Delete
    2. ඔව්! යාපනයේ වාහනය ඔහු තවමත් ඔහුගේ නමට හා තමන් පදිංචි ස්ථානය වන කොළඹ ප්‍රදේශයේ විස්තර සඳහා ලියාපදිංචිය කරගෙන නැති නිසා එම අංකම භාවිතා වෙනවා! ඒත් ඔහු එය ඔහු නමටම ලියාපදිංචි කරගත් විට එයට නව අංක තහඩුව ලෙස එකම අංකය WP ලෙස වෙනස් වෙමින් ලැබෙනවා!

      Delete
  7. "රතු පැහැති P අකුරක් යෙදී ඇත්නම් එහි සඳහන් වන්නේ එම රථය තීරුබදු රහිතව බලපත්‍රයක් යටතේ (Permit) ආනයනය කරන ලද්දක් බවයි."

    …මම දන්න විදිහට බලපත්‍ර යටතේ ගෙන්වපු වාහනවල මුලින් අකුරු සියල්ලම රතු පැහැයෙන් යෙදුමා පස්සේ තමා පෙට්‍රල් හෝ ඩීසල් කියලා දක්වන අකුරු විතරක් රතු පැහැති වුනේ. ඒත් අලුත් නීති අනුව බලපත්‍ර යටතේ ගෙන්වන වාහනවල කිසිම අකුරක් රතු පැහැයෙන් නැහැ. ඒවාත් සාමාන්‍ය අංක තහඩු ආකාරයමයි

    ReplyDelete
    Replies
    1. ඔව්! ඔබ හරි හසිත .. වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි එම ක්‍රමය ඉවත් කර දැන් එම වාහන වලටත් සාමන්යද විදියේ අංක තහඩුවම ලබාදෙනවා..

      Delete
  8. ඔය වගේ වාහන Register & Transfer ගැනත් දැම්මොත් හොද නැද්ද????
    ජය වේවා!!!!

    ReplyDelete
  9. ස්තුතියි චාමික, මේ අවුල් ජාලයක් වූ අංක ක්‍රමයෙන් පෙනෙන්නෙ අපේ අයට දුර දක්නා ඥානයක්, අනාගතය ගැන සිතා සැලසුම් කිරීමක් නොතිබුන බව නේද? දැන් වුනත් අවම වශයෙන් ඉදිරි අවුරුදු පනහ ගැන හිතලද මේ සැලසුම් කරලා තියෙන්නෙ? මේ තත්වය වාහන අංක විතරක් නෙවෙයි, නගර සැලසුම් වල පවා දකින්න පුලුවන්.

    හොඳම උදාහරනය දැනට හයිබ්‍රිඩ් වාහන වලට සහ විදුලියෙන් ක්‍රියාකරන වාහන වලට අංක නිකුත් කිරීමේ වෙනම සැලසුමක් තියෙනවද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දැනට නම් හයිබ්රිසඩ් වාහන වලටත් නිකුත් කරන්නේ K අකුරමයි. බොහෝ විටම ඉදිරියේදී ඉංග්රීයසි අකුරු 03 කින් යුතු අංක තහඩු නිකුත් කිරීමට සැරසෙන බව කියනවා!

      Delete
  10. දැනුවත් කරුනු වලට නොදැනුවත් සෑහෙන්න එකතු උනා ස්තුතියි.
    …<<<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>>>>>>>>>>>>
    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  11. දැනුවත් කිරිම ගැන අතිෂයින්ම සතූටුවෙමි...මම ලෙබනන් සිට.

    ReplyDelete
  12. නියමයි චාමික මලයා..දැනුවත් කිරීම ඉතාම වටිනවා..
    ඔබතුමාගේ බ්ලොග් එකට පිවිසිලා කරුණු හොයනකොට මටනම් කලු පසුබිමේ සුදු අකුරු ටිකක් වැඩිපුර කරදරයක්..
    අනිත් අයගෙනුත් අදහස් විමසලා වෙනසක් කළොත්???

    ReplyDelete
  13. මට මේ ලිපිය ඊයක් විදිහට ආවා.. ඔන්න සර්ච් කරලා බ්ලොග හොයාගෙනම තමයි කමෙන්ට් එක දාන්නෙ..

    නියම ලිපියක්... නොදත් කරුණු ගොඩක් දැනගත්තා.. ගරාජ් අංක ගහගෙන ඇමතිලා යනවනම් මම දැකලා තියෙනවා..

    ReplyDelete
  14. bike walata zz-xxxx walin passe monawa eida danne naaa..

    ReplyDelete
  15. නොදන්නා කරුණු ගොඩක් දැනගන්න ලැබුණ. ගොඩක් වටිනා දේවල් ඔයාගේ බොලොග් එකෙ තියෙනවා. මට හිතෙනවා මේ සියල්ල අපිට ඩවුන්ලෝඩ් කරන්න පහසු PDF ක්‍රමයටත් දැම්ම නම් අපිට පුළුවන් ප්‍රින්ට් කරලා එකතු කරන්න.

    ReplyDelete
  16. දැන් අකුරු තුනෙනුත් එනවද නෙව. AAA වගේ...

    WP AAA

    ReplyDelete
  17. G akuru walath disthreekaya handunwala thibuna.. ita amatharama rathu pata P ho d akuru therubadu rahitha wahana walata dan yodanne na,, nawathath dan nomber kramaya wenas wela thiyanwa

    ReplyDelete
  18. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  19. අලුත් ක්‍රමය වඩාත් සාර්ථකයි

    ReplyDelete
  20. නැතිවු අංකයක් නැවත ලබා ගන්නේ කෙසේද

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??