Pages

Saturday, June 2, 2012

වසර 60 ක රජකම සමරන රැජිණගේ මොකක්ද මේ “දියමන්ති ජුබිලිය“ ?- Queen’s Diamond Jubilee - 60 Glorious years on the Throne (Queen Elizabeth II )

බ්‍රිතාන්‍ය මහරැජින වන දෙවන එළිසබෙත් මහ රැජිණ තම රජකමට
වසර 60 ක් සපිරීම නිමිත්තෙන් දියමන්ති ජුබිලිය මේ සතිය පුරාම පැවැත්වීමට මේ වන විට කටයුතු සියල්ල සුදානම් කොට අවසන්..



ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍ය තුල අතිරේක බැංකු නිවාඩුවක්ද ලබා දී ඇත.
රජකම් කිරීමත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ..

නොසිතු ලෙස ලැබුනු රජකම ඉතාම හොදින් ඇය ඉටුකරමින් ඇත.
ඇය බ්‍රිතාන්‍ය පාලනය නොකලත්, ඇය එහි නායිකාවයි..

"ඉසව්වේ " මේ සුදානම අපි නොදන්න මේ ජුබිලි කතාවත්, හැටවන දියමන්ති ජුබිලිය සමරන මහරැජිණ ගැන කරුණු කාරනා ටිකක් ඔබට ගෙන එන්නයි. තොරතුරු, පින්තූර සියල්ලම ඉතින් අන්තර්ජාලයෙන්ම තමා.. කියවලා බලන්න වැදගත් වුනානම් අදහසක් දක්වන්නත් අමතක කරන්න එපා...
අප වසරක් ලෙස හදුන්වන කාලය පහසුවෙන් හදුන්වන්නට ඒ කාලය ඉලක්කමෙන් දක්වනවාට වඩා වෙනත් ලෙස යොදා ගැනීමට මෙම සංවත්සර සදහා විවිධ නම් යොදා ගෙන ඇත. උපන්දින, විවහා, මරණ ආදි සිදුවීම් වලටත්, තමන්ගේ සේවා කාලය ඇගයීම ලෙසත් මේ සංවත්සර නාම බොහෝ විට යොදා ගන්නවා..

සමහර ඒවා අහලා තිබුනට බොහෝමයක් දේ නම් දැනගෙන හිටියේ නැතුවත් ඇති..
පහත දැක්වෙන්නේ වසර ගණන හා
ඒ ප්‍රමාණය හැදින්වීමට යොදා ඇති නම් වේ.

කෝහෝම වුනත් සමහර අවුරුදු සංවත්සර නම් ගැන නම් පිස්සු හැදෙනවා නේද?

සාමාන්‍ය යෙන් වසර 75 ක් දියමන්ති ජුබිලිය ලෙස සලකා තිබුනත් බ්‍රිතාන්‍ය රැජිණක වු වික්ටෝරියා රැජිණ විසින් එය වසර 60 දක්වා අඩුකර ගනිමින් තම දියමන්ති ජුබිලිය සැමරු අතර එතැන් සිට
වසර 60 ක්
දියමන්ති ජුබිලිය ලෙස
හදුන්වන්නට යෙදුන බව සඳහන් වේ.
1917 ට පෙර
සැක්ස් කෝබර්ග් ඇන්ඩ් ගොතා Saxe-Coburg and Gotha යන
නමින් හැදින්වුන බ්‍රිතාන්‍ය පාලනය කරන රජ පවුල 1917 ට පසු
පස්වැනි ජෝර්ජ් රජු විසින්
හවුස් ඔෆ් වින්ඩ්සර් යන නමින් නම් කරන ලදි.


1714 දි බ්‍රිතාන්‍ය රජ පවුල ඇරඹී ඇත්තේ පළමුවන ජෝර්ජ් රජුගෙනි. එලෙස පැවත ආ රජ පවුලේ රජකල කාලය අනුව ඇය දෙවනි වන්නේ 1897 ජුනි මස දි තම දියමන්ති ජුබිලිය සැමරු 1838 ජුනි 28 දින වයස 19 වෙද්දී රජකිරුළු පැලදී වික්ටෝරියා රැජිණට පමණි.
වික්ටෝරියා රැජිණ

1926 අප්‍රේල් මස 21 වැනිදා එළිසබෙත් කුමරිය උපත ලබන්නේ ලන්ඩනයේ බෘටන් විදීයේ අංක 17 දරන ස්ථානයේදීයි. දෙවන එළිසබෙත් මහ රැජිණ කුඩා කල හැදින්වු සුරතල් නාමය
ලිලිබට් (Lilibet) ලෙසයි.


1934 දි වයස අවු 07
ක් වු ඇය විසින් තම ආච්චි වු මේරි රැජින වෙත ලියන ලද ලිපියක්.. එහි තම ඉදිරි දතක් හැලිම පිලිබදවද සදහන් කර ඇත.



මෙවැනි ලිපි කිහිපයක්ම මේ දිනවල අන්තර්ජාලයේ පලවී තිබුනි.

රජ පවුලේ වු නිතීරිති අනුව රජකම ලැබීමට කිසිදු සුදුසුකමක් නොතිබු ඇය හදිසියේ සිදුවු රජ පවුලේ වු නිතීරිති අනුව රජකම ලැබීමට කිසිදු සුදුසුකමක් නොතිබු ඇය හදිස්සියේ සිදුවු සිදුවීම් පෙළක අරුමයෙන් බ්‍රිතාන්‍ය මහ රැජිණ ලෙස අභිෂේක ලැබුවේය.

එනම් පස්වන ජෝර්ජ් රජුගෙන් පසුව 1936 ජනවාරි 05 වැනිදා ඇයගේ ලොකුතාත්තා වු එඩිවඩ් කුමරු අටවැනි එඩ්වඩ් ලෙස රජකමට පත්වු අතර අසම්මත ප්‍රේම සම්බන්ධයක් නිසා දින 326 ක රජකම් කාලයකින් පසුව තම ප්‍රේමය නිසා රජකම හැරයාමට තීරණය කරන ලදි. ඉන් පසු ඔහුගේ සොහොයුරු එනම් එලිසබෙත් කුමරියගේ පියා ඇල්බර්ට් (බර්ටි) කුමරුට රජකම භාර ගැනීමට සිදුවු අතර ගොත ගැසීම නිසා ඔහු එය භාර ගැනීමට අකමැති වුවත් 1937 මැයි 12 දින ඔහු හයවැනි ජෝර්ජ් ලෙස අභිෂේක ලැබීය.

තදින් දුම්බීමට ඇබ්බැහි වු ඔහු
1952
දි මියගොස් තිබුනේ තම නිදි යහනදීමයි.


2010 දී තිරගත වු The King's Speech නැමති චිත්‍රපටිය නිපදවා තිබුනේ ඇල්බර්ට් (බර්ටි) කුමරු විසින් තම ගොත ගැසීම වලක්වා ගනිමින් ක්‍රියාකරන අයුරු හා බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙනි.

ඉන් පසුව රජකම භාර ගනිමින් 1952 ජුනි 02 දින ඇය වෙස්මිනිස්ටර් දෙව්මැදුරේදී බ්‍රිතාන්‍ය මහ රැජිණ ලෙස අභිෂේක ලැබුවාය.


බ්‍රිතාන්‍ය මහ රැජිණ ලෙස අභිෂේක ලැබු පසුව රජ පවුලේ සමාජිකයන් සමඟ


ග්‍රීසීයේ රජ පවුලෙන් පැවත එන ෆිලිප් කුමරු හා ප්‍රේම සම්බන්ධයකට පසු 1947 දී විවාහ වු ඇය එවිට ඇය දෙදරු මවක වී සිටියාය.
එම විවාහයට මේ වන විට වසර 64
ක් වන අතරම මෙම රාජකීය යුවල හැමදෙනාටම ආදර්ශයක් ලෙස දැක්විය හැකිය.



රටවල් වැඩි ප්‍රමාණයකට සංචාරය කර ඇති අධිරාජිණියක ලෙස සැලකෙන දෙවන එළිසබෙත් මහ රැජිණ මේ වන විට සංචාරය කර ඇති රටවල් ගණන129 බව සඳහන් වන අතරම රාජ්‍ය නිල සංචාර 261කි. ඉන් 96 ක්ම නිල රාජ්‍ය තාන්ත්‍රික උත්සව බව පැවසේ.
ඇය කැනඩාවට 22 වරක්ද, ඕස්ට්‍රේලියාවට 18 වරක්ද,නවසීලන්තයට 10 ක් හා ජැමෙයිකාවට 06 වරක්ද සංචාරය කොට ඇත.


විදේශ ගමන් බිමන් යාමට ඇයට විදේශ ගමන් බලපත්‍රයක් අවශ්‍ය නොවන අතරම එතුමියට විරුද්ධව නඩු පැවරීමටත් නොහැකිය.

1954 දී හා 1981 ඔක්තෝම්බර් 21 යන දින වල ශ්‍රි ලංකාවේ සංචාරය කොට ඇත.


1981 ඇය සර්ව ජන ඡන්ද බලය ලැබී අඩ සියවසක් වීම හේතුවෙන් පැවති උත්සවය සඳහා පැමිණියේය.
එවකට ජනාධිපති වුයේ ජේ.ආර්.ජයවර්ධන මහතායි.



මේ 60 වසරක කාලය තුලදී ඇය විසින් බකිංහැම් මාළිගය තුල පැවැත්වු සාදයන් සඳහා ද මිලියන 1.5 ජනතාවක් සහභාගී වී ඇත. ලොව මෙන්ම එංගලන්තය තුලද වඩා ජනප්‍රිය චරිතයක් වන දෙවන එළිසබෙත් මහ රැජිණට ජනතාවගෙන් දිනපතා ලිපි ලැබෙන අතරම මේ හැට වසරට ඇයට ලිපි මිලියන 03 වඩා ලැබී ඇත.මේවන විට උඩුකය ජායාරූපයන් 140 ට මුහුණ දී ඇති අතර මේ 60 වසරක පාලන කාලය තුලදී ඇයට බ්‍රිතාන්‍ය අගමැතිවරුන් ගණන 12 කි. ඇමරිකානු ජනපතිවරුන් 11 ද, ප්‍රංශයේ නායකයින් 30 දෙනෙකුද, පාප් වහන්සේලා 06 දෙනෙකුද මුණ ගැසී ඇත.


බක් හවුස් නමින් හදුන්වන බකිංහැම් මාලිගය පිලිබඳ තොරතුරු බලන්න මෙතනින් පුළුවන්.. එකත් ගොඩාක් රසවත් වේවි.

සමාජ සත්කාර වෙනුවෙන් නිතර පෙනී සිටින ඇය පුන්‍යයාතන 620 ක ප්‍රධාන අනුශාසිකාව ලෙස කටයුතු කරන අතරම ඇය ලබා ඇති සම්මාන හා ගෞරව ගණන 3,87,700 කි.

සෑම වර්ෂයකදීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විවෘත කරන්නේ ඇය විසිනි.1959 හා 1963 දි පමණක් එය කිරීමට නොහැකිව තිබුනේ ඇය ගැබ් ගෙන තිබුනු නිසායි.

සතුන් සඳහා විශේෂ ආදරයක් දක්වන ඇය 1944 දි තම 18 උපන්දිනය වෙනුවෙන් තෑගී ලද කෝර්ගී වර්ගයේ “සුසාන්“ ලෙස නම් කල සුනඛයාට පසු මේ දක්වා එම වර්ගයේ තිස් පහකට වැඩි සුනඛයන් ප්‍රමාණයක්ද, 25 වැඩි රේස් අශ්වයන් ගණනක්ද ඇය සතුව සිට ඇත.ඇය තුරඟ තරග සඳහා දක්වන්නේ වැඩි කැමත්තකි.

2012 මාර්තු මස සිටම ඇරඹුනු මෙම දියමන්ති ජුබිලියේ වැදගත්ම කටයුතු මේ සතිය තුලදී සිදුවනු ඇත.

සදුදා රාත්‍රියේ 12000 ක් වු ලොව පුරා ආරාධිතයන් කැටුව විශාල ප්‍රමාණයේ සංගීත උළෙලක්ද පැවැත්වීමට නියමිත අතර එහි විස්තර පහත දැක්වේ.


දියමන්ති ජුබිලිය වෙනුවෙන් ගැයෙන නිල ගීතය දැක්කද??


එදා සිට අද දක්වා ඇය අවුරුදු 60 තවමත් රජකම් කරමින් සිටී. 
ඇය රැජිණක ලෙස වැඩිම කලක් රජකම් කල රැජිණ වනු ඇත.
විශ්‍රාම යන ළගාවී ඇතත් තවමත් ඇය රජකම අත්හැර නොමැත.
දැන් ඇයගේ වයස අවු 85
කි.
එලිසබෙත් රැජිණ ගෙන් පසුව බ්‍රිතාන්‍ය කිරීටය චාල්ස් කුමාරයාට හෝ ඔහුගේ පුත් විලියම් කුමාරයාට හිමි වනු ඇත.


විලියම් කුමාරයාගේ වතගොත ගැන වැඩිපුර දැනගන්න මෙතනින් යන්න...

ශ්‍රි ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මේ සතියේ එංගලන්තයේ පවත්වන මේ දියමන්ති ජුබිලිය සඳහා වන ඇරයුම පිළිගනිමින් එයට සහභාගී වනවා ඇත.


7 comments:

  1. එල මචං.. මම චාර්ල්ස් මහත්තයාව ජීවමානව දැකල තියෙනවා. මුහුනට මුහුන. කැළණි පන්සලේදි. අපි දහම් පාසල් යන කාලේ.

    ‍පොටෝ දානකොට බර අඩු ඒවා දමන්ට ලෝඩ් වීම ප්‍රමාදය. බ්ලොගේ ගැජට් වැඩි නිසාද නොදනිමි..

    ජය !

    ReplyDelete
  2. සංවත්සරය මොන වගේ උනත් ඕවට වියදම් වෙන්නේ එංගලන්ත රජයේ සල්ලි.. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සල්ලී..

    ReplyDelete
  3. බ්‍රිතාන්‍ය මහ රැජිණ තම මරණ වරෙන්තුවටද වුවද අත්සන් තබයි... රැජිණ වරද නොකරයි වගේ කතා දෙකක් උසස් පෙළ දේශපාලන විද්‍යාව කරන කාලේ ඉගැන්වුවා වගේ මතකයි.... විස්තරය නම් සුපිරි

    ReplyDelete
  4. පොඩි වැරැද්දක් තියෙනවා ෆොටෝ එකේ තියන කුමරුගෙ නම ...................

    ReplyDelete
  5. වැදගත් ලිපියක් ..

    ReplyDelete
  6. අගෙයි..

    ReplyDelete
  7. ඉතාමත් අගෙයි.....පුංචි වරදක් තියෙනවා.මහා රැජිනගේ සැමියා ඇල්බට් නෙවේ පිලිප් කුමාරයා. නැත්නම් එඩින්බරෝ ආදිපාදතුමා කියලත් කියනවා.එතකොට නියම දියමන්ති ජුබිලි ගීතය මෙහි දක්වා ඇති එක නෙවේ.
    මෙන්න ඒකට ලින්ක් එක http://www.youtube.com/watch?v=0ah_Yf7ey1Q
    කොහොම වුනත් හොද ලිපියක්. ලියුවට ස්තුතියි....!

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??