Pages

Sunday, January 8, 2012

ඉක්මන් ගමනට හැදු ලොව වාර්තා ගත අධීවේගී මාර්ග ගැනයි මේ.. - World record highways...


ලොව ප්‍රථම අධීවේගී මාර්ගය ඉදිවී ඇත්තේ ඉතාලියේයි..
ඒ 1922 දි යි.
ඉන් පසුව විවිධ රටවල අධීවේගී මාර්ග ඉදිවු අතර පසුගිය
නොවැම්බර් 27 දින ලංකාවේ ද ප්‍රථම අධිවේගී මාර්ගය කොට්ටාව සිට ගාල්ල පින්නදූව දක්වා කොටස විවෘත විය..



ඒ දක්ෂිණ අධීවේගී මාර්ගයයි.
කොළඹ සිට මාතර දක්වා දිවෙන මෙම අධිවේගී මාර්ගය මංතීරු 4කින් සමන්විත වන අතර කි.මී. 126 ක දිගකින් යුතුයි.

මේ තියෙන්නේ එහි ආරාධනා පත්‍රයයි...



ඒ වගේ ම මේ ජනවාරි මාසයේ 03 දා ඉදලා බස් ගමනා ගමනයත් ඇරඹුන හින්දා අධිවේගිය ගැන ආපහු කතා කරන්න පටන් අරන්..

මේ තියෙන්නේ ඒ බස් එක මුල්ම දිනයේ දෙවනි වතාවට ගාල්ලට පැමිනුන වේලාවේ ගාල්ල බස් නැවතුම්පොලේදී ....



ඒ හින්දම ලොව තියෙන විවිධ වගේම ගිනස් වාර්තාවන්ට හිමිකම් කියන අධිවේගී මාර්ග කිහිපයක් ගැන ඉසව්ව බලන අය දැනුවත් කරන්න තමා මේ සුදානම..
ලංකාවේ එක ගැන දන්න හින්දම මේ ගැන කියවලා හොයලා බලන එකත් වැදගත් වේවි..
තොරතුරු ගත්තේ අන්තර්ජාලයෙන්, පින්තුරත් එහේමම තමා!!
අදහසක් එහේම දාලාම යන්න...


1.ලොව දිගම ජාත්‍යන්තර අධීවේගී මාර්ගය


පෑන් ඇමරිකන් (Pan-American Highway) අධීවේගී මාර්ගය ලොව දිගම අධිවේගීයට අයත් ගිනස් වාර්තාවට හිමිකම් කියයි..
එම මාර්ගයේ සම්පුර්ණ දුර කි.මී.47,958 ක් වේ..
එනම් සැතපුම් 29,800 කි.



උතුරු ඇමරිකාවේ සිට දකුණු ඇමරිකාව දක්වා
විහිදෙන්නේ


කැනඩාව,ඇමරිකාව,මෙක්සිකෝව, ගෝතමාලාව,එල් සැල්වදෝරය,හොන්ඩුරාස්,නිකරගුවා ,කොස්ටරිකා,පැනමා, කොලොම්බියා , ඉක්වදෝරය, පීරූ, චිලි, ආජන්ටිනාව වැනි රටවල් 14 ක් හරහා ගමන් කරන්නකි.


2.ලොව දිගම දේශීය අධිවේගී මාර්ගය


රටක් තුල පිහිටි දිගම අධිවේගී මාර්ගය ලෙස ඕස්ට්‍රේලියාවේ පිහිටි අධිවේගී 01 Express 01 නම් වු කි.මී.14,500 යුතු මුළු ඕස්ට්‍රේලියානු මහද්වීපය වටාම ගමන් කරනු ලබයි.

දිනකට බොහෝ විටම මිලියනයකට වැඩි පිරිසක් මෙහි ගමන් කරන බව පැවසේ..


3.ලොව කාර්ය බහුලම අධිවේගී මාර්ගය


කිංග්ස් අධිවේගී මාර්ග 401 නම් වු කැනඩාවේ ඔන්ටාරියෝ හි පිහිටි Macsonald – Cartier Free way නම් වු අධිවේගී මාර්ගය ලොව කාර්ය බහුලම අධිවේගී මාර්ගයයි.

එහි මුළු දුර කි.මි 816.6 කි. දිනකට වාහන පන්ලක්ෂයකට වඩා මෙහි ගමන් කරයි.
උපරිම වේගය 100 ට සීමා කර ඇති මෙහි සෑම කි.මී.80 වර්ක්ම සේවා මධ්‍යස්ථාන පිහිටුවා ඇත.


4.ලොව භයානකම අධීවේගී මාර්ගය


වසරකට මිනිසුන් 200-300 ට ආසන්න ප්‍රමාණයක් මරණයට පත්වන බොලීවියාවේ ඇන්ඩිස් කන්දේ පිහිටි යුන්ගාස් මාර්ගය
(
yungas highway in bolivia )ලොව භයානකම අධීවේගී මාර්ගයයි.
මරණයේ මාවත ලෙසද නම් ලැබු මෙය ලාපාස්වල සිට කොරොයිකෝ දක්වා වැටී ඇත.


5.ලොව උසම අධීවේගී මාර්ගය

මීටර 4693 ක් උසින් පිහිටා ඇති පාකිස්ථානය හා චීනය යා වෙන කරකොරාම් කදුවැටිය හරහා වැටී ඇති කරකොරාම් අධීවේගී මාර්ගයයි.(Karakoram Highway) ලොව පුදුමයක් ලෙසද මෙම මාවත හදුන්වන අතර චිනයේ මිත්‍රත්ව මාර්ගය ලෙසද හදුන්වයි.

1986 සිට මහජනතාවට විවෘතව පවතී.එය ඉස්ලාමාබාද් නුවර සිට චිනය දක්වා කි.මී.700 දුරින් යුතුවේ.


6.ලොව පලල්ම අධිවේගී මාර්ගය

කැටී ෆී වේ (Katy Freeway) හදුන්වන ඇමරිකාව තුල ගමන් කරන්නා වු අධීවේගී මාර්ගයේ මංතීරු 26 කින් සමන්විත වේ.
එය ලොව
පලල්ම අධිවේගී මාර්ගය වේ.




ලොව විශාලතම දේශීය අධිවේගී මාර්ග පද්ධතිය හිමිවන්නේ ඇමරිකාවටයි.එය කි.මී.6,430,366 කි.

චිනයට දෙවන තැන හිමිවන්නේ 2007 වෙද්දී කි.මි. 3,583,715 ක් වු මාර්ග පද්ධතියක් හිමි වීමෙනි.


පහසුවෙන් හා වේගයෙන් රථ ධාවනය කිරීමට හැකිවීම නිසා ධාවන කාලය අඩු වීමෙන් වාසි රැසක් ගෙන දෙන නිසා අධිවේගී මාර්ග ලොව සංවර්ධනය වු රටවල් ඉදිකර ඇත.
එවැනි මාර්ගයක් සංවර්ධනය වෙමින් පවතින අප රටේ ද පැවතීම අපට ලැබු භාග්‍යක් වගේ ම අලුත් අත්දැකීමක්....

19 comments:

  1. මොකක්ද මතෝ ඒ 4 වෙනි අධිවේගෙ?.මරු ආටිගලයකි ..එළැය

    ReplyDelete
  2. වැදගත් ලිපියක් චාමික සහෝදරයා..නොදන්න කාරණා බොහොමයක් අන්තර්ගතයි

    ReplyDelete
  3. ඔස්‍ට්‍රේලියාව වටේ යන එක නම් මරු!

    ReplyDelete
  4. එළ එළ...මාරු ආටිකල් එකක්..
    අර සමහර එව්වා නම් අධිවේගී මාර්ගද කියල සැකයි..:O

    ReplyDelete
  5. ඔස්ටේලියාව වටේ යන්න ඉදි කරපු මාර්ගනම් නියමයි.. වටිනා ලිපියක් යාලුවා..

    ReplyDelete
  6. මම ඔය ඔස්ටේලියාව වටේ තියෙන පාරේ 60km ගියා ගිය සතියේ.. ප්‍රධාන නගර දෙකක් වන Melbourne හා Sydney අතර යන්නත් මේක මරු.. නමුත් ඊට වඩා කෙටි පාරක් රට මැදින් තියෙනවා ..
    මම එකේ ගියා ලඟදි.. 110 kmph යන්න ඕනේ.. මුල් දුර 900km .. මට යන්න පැය 11 විතර ගියා.. පැය දෙකකට වරක් වත් විවේක ගන්න කියල රජයෙන් අවවාද කරනවා..

    ReplyDelete
  7. හැබැයි මචං ​​ලොකයේ පළල අතින් අඩුම high way එක තියෙන්නේ කියලා උඹ දන්නවා ද? එතමයි ලංකාවේ.

    ReplyDelete
  8. යකෝ සමහර ඒව පැටලැවිච්ච නූල් බෝල වගේ...

    ReplyDelete
  9. ඇත්තටම බන් අර 4 වෙනි එකත් වැටෙන්නෙ හයි වේ වලටද? අඩේ බන් ඒකෙ වාහනේක තියා පයින් යන්නත් බයයිනේ.
    හැමදාම වගේ සුපිරි ලිපියක් ආ....

    ReplyDelete
  10. ලිපිය නම් සුපිරියි . අපේ කට්ටියක් ඔය අධිවේගී මාර්ගයක පැ. කි. මි. 01 ටත් වඩා අඩු වේගයකින් ගොස් තැබූ වාර්තාවත් සුපිරියි.

    ReplyDelete
  11. Fourth one is පට්ට පට පට...

    ReplyDelete
  12. වාව් පට්ට පට පට...

    ReplyDelete
  13. Ela machan... E01 eke amma drive kala.. hebei boring wage ban.. consentration eke inna one nisa.. apita purudu nethi nisa wenna athi...

    ReplyDelete
  14. 4.ලොව භයානකම අධීවේගී මාර්ගය ==> අධිවේගි නැහැනේ බං... බයාාාාාාාාායි

    සිරා ලිපිය.. ජය !

    ReplyDelete
  15. එකත් මරු නේද..

    ReplyDelete
  16. වැදගත් තොරතුරු....

    ReplyDelete
  17. ඒ වගේම මචං වේග සීමක් නැති අධිවේගය තියෙන්නෙ ජර්මනියෙ....ඒක පැයට කිලෝ මීටර 350 (නෝ ස්පීඩ් ලිමිට් ) ...ලම්බොර්ගීනි එකෙත් තියෙන්නෙ පැයට කිලෝ මීටර 349 ට.....

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??