Pages

Sunday, November 27, 2011

අප සතු දත්ත ආරක්ෂා කරන ආරක්ෂකයා CAPTCHA - (කැප්-ච්-ආහ් ) ඒත් මතක නෑ නේද? What is CAPTCHA? How it Works?

අන්තර්ජාලෙත් එක්ක නිතරම ඉන්න ඔය ගොල්ලෝ හැමෝම කැප්-ච්-ආහ් ගැන දන්නවනේ??

සමහර වේලාවට මේකත් හරි ජොලි වැඩක්.. එත් සමහර වේලාවට මේක කරන්න ගියාම නම් තරහා ගිහිල්ලා සමහරු වැඩ අතඇරලම දානවා...

ඇ... මොකක්ද ඒ?

මේක ඉංග්‍රීසියෙන් නම් CAPTCHA ... එත් මතක නෑ නේද?

ම්.. මේ පින්තුරේ තියෙන ඒවා බලන්න..



දැකලා තියෙනවා නේද??
මතකයිනේ!! දැන් නම් පැහැදිලියි අනිවා දන්නවා...
ඇත්තටම මේකෙන් මොකක්ද කරන්නේ??

අපි මේක බොහෝ විටම දැක්කේ මුල්ම පාරට Yahoo,Gmail එකක් හදන්න ගියාම තමා...

දැන් නම් අන්තර්ජාලය භාවිතා කරන බොහෝම දෙනා විවිධ අවස්ථාවල මේකත් එක්ක ගණුදෙනු කරලා තිබුනට මේ ගැන විස්තර දන්නේ බොහෝම ටික දෙනයි.. ඉතින් අද “චාමිකයගේ ඉසව්ව පැත්තට“ ලියන්න යන්නේ මිනිසාත්, මිනිසා විසින්ම සාදන කෘතිම බුද්ධිය සහිත වැඩසටහනුත් අතර වෙනස හදුනා ගනිමින් පරිගණකය සතු දත්ත ආරක්ෂා කරන ආරක්ෂකයා CAPTCHA ගැනයි මේ...


වෙනදා වගේම පින්තූරත්, තොරතුරුත් අන්තර්ජාලයෙන් උපුටා ගත් අතරම කියවලා යමක් අරගන්නත් අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා...

අන්තර්ජාල විද්යුත් ලිපි සේවාවන් සඳහා බොහෝ අය ලියාපදිංචි වීමත් සමඟම ඒ හරහා සිදුකෙරෙන දැන්වීම් යැවීම් එහෙමත් නැතිනම් ස්පෑම් වර්ගයේ දේවල් බොහෝ වැඩි වු අතර මිනිසා විසින්ම සාදන ලද ස්වයංක්‍රීයව වැඩ කරන මෘදුකාංග (Bots) මගින් විද්යුත් ලිපින බොහෝ ප්‍රමාණයෙන් ලියාපදිංචි කිරීමද සිදු කෙරුනු අතර එය නවතා දැමීම සඳහාත් එමගින් දත්ත සඳහා වන හානි වැලකීමටත් මේ CAPTCHA ලෙස හදුන්වන ඇද හා විවිධ හැඩයට සැකසු ඉංග්‍රීසි හෝඩියේ අකුරු හා ඉලක්කම් සහිත වු කුඩා පින්තූරය හදුන්වා දෙනු ලැබුවා...

මේවා විවිධ හැඩ විවිධ පාට වලින් තියෙනවා...
ලිපි පහසුකම් ඇති වෙබ් අඩවි හා යමක් භාගත කර ගැනීමට දෙන අඩවි වල මෙය බොහෝ විටම දැකිය හැකිය.

CAPTCHA යනු

Completely Automated Public Turing test to tell Computers and Human Apart යන්නයි.

මෙය Human Interaction Proof (HIP) ලෙසද හදුන්වයි.



එනම් පරිගණකය හා මිනිසා අතර වෙනස හදුනා ගැනීමට කරනු ලබන පරීක්ෂනයක් යන්නයි.
ප්‍රධාන වශයෙන් විද්යුත් මේවා පිරවීමට අපට ඉතා පහසු වන අතරම කෘතිම පරිගණක වැඩ සටහන් සඳහා මෙය විසදීමට ඉතා අපහසුයි..දැන් ශබ්දය මගිනුත් මේවා අහලා පුරවන්න අවස්ථාව දීලා තියෙනවා!!

දැනට මෙවැනි CAPTCHA වර්ග තුනක් ඇත...

දන්නවද මොනවද ඒ කියලා..
CAPTCHA -අපි දන්න නිතර දකින මේ වර්ගයේ ඒවා.. එහි ඉංග්‍රීසි අකුරු හෝ අංක සහිතව ඇත..

එකක් පුරවලා බලන්න මෙතනින් යන්න...

අනිත් එක Squigl-pix - හරි පින්තුරය තෝරා ඉරක් ගහන්න තමා මේකෙන් කරන්න තියෙන්නේ...
බලන්න මෙතනින් යන්න..

අන්තිම එක ESP-PIX එනම් අදාල පින්තුරය තේරීම පමණක් සිදුකීරිම... මෙය ඉතා පහසු වුවත් දෑස් නොපෙනෙන අයට විශාල අවාසියක් සිදුවෙනවා..
මෙතනින් ගිහිල්ලා කරලා බලන්න...


2000 අවුරුද්දේදී Carnegie Mellon සරසවියේ රාජකාරී කල
ලුවිස් වොන් ආන් (Luis von Ahn) , මැනුවෙල් බ්ලම් ( Manuel Blum) , නිකොලොස් ජේ හොපර් (Nicholas J. Hopper) හා IBM ආයතනයේ රාජකාරී කටයුතු කල ජෝන් ලැන්ග්පෝඩ් යන අයගේ අදහසක් අනුව මේ CAPTCHA පරිගණක ලෝකයට උපත ලැබුවා..

ලුවිස් වොන් ආන් (Luis von Ahn) මේ සදහා මුලිකත්වය ගෙන කටයුතු කල අතර 1979 උපත ලැබු ඔහුගේ එකල 2000 දි වයස අවුරුදු 21 වුනා...

ලුවිස් වොන් ආන් (Luis von Ahn) මහතා


ඔහු විසින් නිර්මාණය කළා වු reCAPTCHA නම් වු සමාගම 2009 වසරේදී Google සමාගමට විකුණනු ලැබුවා..
ඔහු පිලිබඳව විස්තර මෙතනින් බලන්න පුළුවන්...

මේ ආකාරයට ආරක්ෂාවට මෙවැනි CAPTCHA සැදුවත් ඒවා බිද හෙලමින් තම කටයුතු සිදුකර ගැනීමට හැකර්කරුවන් බොහෝ විටම උත්සහ කරනවා...
එහෙත් එය එතරම්ම ලෙහෙසි කටයුත්තක් නම් නෙවේ..
මොකද එවැනි දෑ බිද දැමීමට හා ඇතුලු වීම සඳහා කෘතිමව සකසන උපදෙස් මත ක්‍රියාකරන Algorithm ලෙස හදුන්වන වැඩසටහන් මගින්..

මිනිසා විසින් සිදුකරන ආකාරයටම ඒවා සිදුකිරීමට පුරුදු කිරිමට හෙවත් දත්ත ඇතුලත් කිරීමට සිදුවීම නිසා මෙය යම් තාක් අපහසු කාර්යයක් වෙනවා..

මෙවැනි වැඩසටහන් වල පියවරයන් වන්නේ

CAPTCHA වල වර්ණ වෙනස(පසුබිම හා අකුරු) හදුනා ගැනීම

අකුරු වල හැඩ අනුව වැඩසටහනේ දත්ත පද්ධතියේ අකුරු හා
ඒවා සසඳා බැලීම

ඒවා පිටපත් කිරීම
යන මුලික අංග අනුව බොහෝ විටම මෙම වැඩසටහන් සකසනු ලබයි...
මේ වැඩසටහන් වල සාර්ථකත්වය 100% ක් ම නැති වුවත් ක්‍රියාත්මක වන අවස්ථා ද ඇත.මේ අක්‍රීය කිරීම සඳහා විටින් විට CAPTCHA වර්ණ වෙනස් කිරීම්ද සිදු කරනු ලබයි.

Greg Mori හා Jitendra Malik යන දෙදෙනා මෙවැනි CAPTCHA බිද දැමීමට නිර්මාණය කලාවු වැඩ සටහනක් පිලිබඳ විස්තර සහිත ලිපියක් ප්‍රසිද්ධ කල අතර ( මෙතනින් ලබාගන්න paper ) ඔවුන් ඒ සඳහා භාවිතා කල වැඩසටහනේ දත්ත ගබඩාවට මේ සඳහා භාවිතා වන වචන 500 ක් පමණ ඇතුලත් කරමින් වචනයක මුල අකුර හා අවසාන අකුර හදුනාගෙන ඊට සරිලන වචනය තෝරා ගන්නා ආකාරයට මෙය සාදා තිබුන අතර එමගින් 33% ප්‍රමාණයක් නිවැරදිව ඇතුල් කිරීමට ඔවුනට හැකියාව ලැබී තිබුනි.

Greg Mori මහතා


Jitendra Malik මහතා


පොඩියට තිබුනට මේ පින්තූර කෑල්ලත් සෙල්ලම් එකක් නෙවි...
පේනවනේ විස්තරේ දැක්කම!!
මිනිසා සහ පරිගණකය එකම විදිහට හිතලා ප්‍රශ්ණ විසඳන දවසක් එනකම්ම අන්තර්ජාලයේ කරක් ගහන අපිටත් මේ CAPTCHA ප්‍රශ්ණය බලපානවා... එහේම නේද??


9 comments:

  1. වටිනා ලිපියක්. වැදගත් දෙයක් මහන්සිවෙලා ලියලා තියෙනවා.
    ඔබට ජය!

    ReplyDelete
  2. එළකිරි ලිපියක් ... රිකැප්චා එක පිටි පස්සෙත් ලොකු කතාවක් තියෙනවා නේද.... ඒකත් මතක් කලොත් නරකද

    ReplyDelete
  3. ඇත්තටම වැදගත් මචො

    ReplyDelete
  4. නියමයි. වැදගත් දෙයක් දැනගත්තා.

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??