පසුගිය දා අලව්වේදී සිදුවු දුම්රිය අනතුරත් එක්ක රට පුරාම කෝච්චි ගැන කතාව.. 




ඒ හදිසි දුම්රිය අනතුරින් රියදුරුවරයකුට වගේම තවත් දෙදෙනෙකුට තම ජිවීතය අහිමි වුනා..


ඒ ගැන බොහෝ දෙනා දන්නවා ඇති.ඒ ජිවිත නැතිවෙච්ච අයටත් අනතුරින් තුවාල ලැබු හැමටත් ඉක්මන් සුවයත් කණගාටුවත් ප්‍රකාශ කරනවා..

බොහෝමත් දෙනා කෝච්චි ගමනට කෝච්චි වලට ආස වුනත් මේ දේවල් ඒ කියන්නේ මේ ලංකාවේ අපි යන එන වටපිටාව අලංකාර පරිසරයෙන් යුතු රේල් පාරවල් හැදුවේ මොන කාලයේද කියන එක නම් දන්නේ අඩුවෙන්... 





අහම්බයෙන් මේ ගැන සඳහන් විස්තර තියෙන පුවරුවක් දැක්කා
ගාල්ල දුම්රිය ස්ථානයේ තිබිලා... 





අන්න ඒ නිසා හිතුවා මේ ගැන විස්තරයක් දාන්න... 

ඒ හින්දා ගාල්ල දුම්රිය පොළ පැත්තට ආවොත් පොඩියට තිබුනත් ගොඩාක් වැදගත් මේ පුවරුව බලන්න අමතක කරන්න එපා... 




මේ තියෙන්නේ ඒ පුවරුව...




ඒ පුවරුව සවිකිරීම ගැන ගාල්ල දුම්රිය ස්ථානාධිපති තුමාට
ස්තුතිය අනිවාර්යයෙන්ම හිමිවිය යුතුයි.

අන්න ඒකෙන් තමා මේ විස්තරය කට්ටියටම බලන්න ඉසව්ව පැත්තට දාන්න පුළුවන් වුනේ.... 

ඒ වගේම විස්තරය කියවලා තමන්ගේ අදහසත් දාලා යන්න අමතක කරන්න එපා! 

1768 දි ජේම්ස් වොට් නැමති පුද්ගලයා ප්‍රථම වාෂ්ප එන්ජිම තනන ලදි.


1768 දි ජේම්ස් වොට් නැමති පුද්ගලයා ප්‍රථම වාෂ්ප එන්ජිම තනන ලදි.
ජේම්ස් වොට් 


ඉන් නොනැවති 1784 ඩබ්.එම්.මර්ඩොක් නැමත්තා විසින් වාෂ්ප බලයෙන් ක්‍රියා කරන දුම්රිය එන්ජිමක් තනන ලදි..

1804 දි රිචඩ් ට්‍රැවිටික් විසින් පීලි මත වැගන් රථ ඇදගෙන යා හැකි ලෙස එන්ජිමක් තැනු අතරම 1804 පෙබරවාරී 22 දින් එය සාර්ථකව අත්හදා බලන ලදි.එදිනම එය විසින් ටොන් 20 බරක් පැයට සැතපුම් 05 වේගයෙන් සැතපුම් 09 දුර ඇදගෙන යන ලදි. 



ජෝර්ජ් ස්ටීවන්සන් නැමැත්තා “බ්ලුවර්“ නමින් වු තැනු දුම්රිය මගින් පැයට සැ.05 වේගයෙන් ගල් අඟුරු සහිත වැගන් රථ 08 ක් පහසුවෙන්ම ඇදගෙන යන ලදි.
“බ්ලුවර්“දුම්රිය එන්ජිම

එසේ ඔහු සැකසු දුම්රිය ඇන්ජිම 1825 දි ලොව ප්‍රථම දුම්රිය මාර්ගය වන එංගලන්තයේ ස්ටෝන්ටන් හා ඩාර්ලිංටන් අතර ගල් අගුරු සහිත වැගන් 06 හා මගී මැදිරියක් හා විවෘත රථ 21 ආසන සවිකරවා සැතපුම් 40 වු මේ දුර ධාවනය කරන ලදි.

ප්‍රථම දුම්රිය ගමන

ජෝර්ජ් ස්ටීවන්සන්

එම වසරේදී ම වියලියම් ජෝසප් දාරයක් ඇති රේල් පීල්ලක් නිපදවු අතර පසුව එය වෙනස් කල ඔහු රෝදයට දාරය යොදා ඇන්ජිමක් හා රථ ධාවනයට යොදවන ලදි. 

ඔන්න ඔහෝම ආරම්භ වු දුම්රියේ කතාවෙන්
දැන් ලංකාව පැත්තට එන්නයි මේ හදන්නේ...

දැන් ලංකාව පැත්තට එන්නයි මේ හදන්නේ...



මේ තියෙන්නේ ලංකාව පුරා විහිදි ඇති දුම්රිය ස්ථාන බොහෝමයක්
හා මාර්ගය පෙන්වන සිතියමක් පැහැදිලි ද මන්දා....


...
බොහෝ අයට වැදගත් වේවි කියලා හිතනවා..
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මාර්ග සැකසීම ගැන
ඉතිහාස කතාව තමා කෙටියෙන් මේ තියෙන්නේ....


1858 අගෝස්තු 03 වෙනිදා තමයි ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය
හදන්නට පළමු පස් පිඬ කපනු ලබන්නේ....

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මාර්ග සැකසීම ගැන
ඉතිහාස කතාව තමා කෙටියෙන් මේ තියෙන්නේ....



1858 අගෝස්තු 03 වෙනිදා තමයි ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය
හදන්නට පළමු පස් පිඬ කපනු ලබන්නේ....
ඒ හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා.. 

හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා පළමු පස් පිඬ කපමින්..

මෙසේ වැඩ ආරම්භ කරපු දුම්රිය මාර්ගයේ පළමුවෙන්ම දුම්රියක් ධාවනය කරන්නේ 1864 දෙසැම්බර් 27 වෙනිදා.
ඒ කොළඹ සිට අඹේපුස්ස දක්වා...
1865 ඔක්තෝම්බර් 02 වෙනිදා ඉස්සෙල්ලාම මගී ප්‍රවාහන දුම්රියක්
අඹේපුස්ස දක්වා ධාවනය කරනවා.
1866 ජනවාරි 01 වෙනිදා දුම්රිය මඟින් බඩු ප්‍රවාහනය ආරම්භ කරනවා.
1866 නොවැම්බර් 01 වෙනිදා මහනුවර දක්වා දුම්රිය මාර්ගය දික් කරනවා.
1867 අප්‍රේල් 25 මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ වැඩ අවසන් කරනවා.
හරියටම ඊට දවසකට පස්සේ. ඒ කියන්නේ 1867-04-26 වෙනිදා.
වැඩ අවසන් කල ඒ අලුත් මාර්ගයේ මුලින්ම දුම්රියක් ධාවනය වෙනවා

1867 අප්‍රේල් 30 වෙනිදා කොළඹ කොටුවේ සිට මහනුවරට
දුම්රියක් මුලින්ම ධාවනය කරනු ලබනවා.
1867 අගෝස්තු 01 වෙනිදා තමයි මහනුවර දක්වා මගී ප්‍රවාහනය ඉස්සෙල්ලාම පටන් ගන්නේ.
1873 ජනවාරි 15 ගම්පොළ දක්වා දුම්රිය මාර්ගය දිර්ග කරනවා.
1884 ජූනි 04 වෙනිදා හැටන් දක්වා දිර්ග කරනවා.
ලංකාවේ උසම දුම්රිය ස්ථානය - පට්ටිපොල

දුම්රිය මාර්ගයේ උසම ස්ථානය..

1888 මැයි 20 වෙනිදා නාණුඔය දක්වා දීර්ග කරනු ලබනවා.
1924 පෙබරවාරි 05 වෙනිදා වෙනකොට දුම්රිය මාර්ග පද්ධතියේ සංදිස්ථානයක් තබමින් අපේ ලෝකේ තියෙන ලස්සනම දුම්රිය මාර්ග වලින් එකක් අපේ රටට දායාද කරමින් උඩරට මාර්ගයේ වැඩ කටයුතු බදුල්ලෙන් අවසන් කරනවා.



උඩරට දුම්රිය මාර්ගයේ ඇති
බිංගෙවල් සංඛ්‍යාව 46ක්.... 



දිගම බිං ගෙය හැටන් හා කොටගල අතර තමා තියෙන්නේ
එය අඩි 1842 ක්..!
එය අඩි 1842 ක්..!

දුම්රිය ස්ථාන දෙකක් අතර වැඩිම බ්ංගෙවල් ගණනක් පිහිටා ඇත්තේ ඔහියත් ඉදල්ගස්හින්නත් අතරයි.
ඒ බිංගෙවල් 14ක්... 




1894 පෙබරවාරි 14 කුරුණෑගල දක්වා දුම්රිය මාර්ගයේ වැඩ නිම කරනවා.
1903 නොවැම්බර් 01 අනුරාධපුර දක්වා දීර්ඝ කරනවා.
1900 ජූනි 14 වෙනිදා කන්කසන්තුරේ සිට උතුරු මාර්ගය ආරම්භ කරනවා.
1905 අගෝස්තු 01 අනුරාධපුරය සිට පලෙයි දක්වා දීර්ග කර
උතුරු මාර්ගයට සම්බන්ධ කරනවා.
1903 නොවැම්බර් 01 අනුරාධපුර දක්වා දීර්ඝ කරනවා.
1900 ජූනි 14 වෙනිදා කන්කසන්තුරේ සිට උතුරු මාර්ගය ආරම්භ කරනවා.
1905 අගෝස්තු 01 අනුරාධපුරය සිට පලෙයි දක්වා දීර්ග කර
උතුරු මාර්ගයට සම්බන්ධ කරනවා.
1914 පෙබරවාරි 24 මන්නාරම දක්වා දීර්ඝ කරනවා.
1928 මාර්තු 12 මඩකලපු/ ත්‍රිකුණාමලය දක්වාත් 1926 මැයි 12 පුත්තලම
දක්වාත් දීර්ඝ කරනවා.
1900 මාර්තු 22 කැළණිවැලි මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරනවා.
1902 සැප්තැම්බර් 15 අවිස්සාවේල්ල දක්වා දීර්ඝ කරනවා.
1919 මැයි 02 වෙනකොට ඕපනායක දක්වා වැඩ කටයුතු
අවසාන කරනවා.
1900 නොවැම්බර් මාසයේ තමයි ලංකාවේ තිබුනාය කියන
ලස්සනම දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ.


ඒ කොළඹ - අවිස්සාවේල්ල/ඕපනායක මාර්ගය වගේ
තවත් පුංචි කෝච්චි පාරක්. 

ඒ මාර්ගය නානුඔය සිට රාගල දක්වායි.
1904 අගෝස්තු 15 රාගල දක්වා මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරනවා.
1904 අගෝස්තු 15 රාගල දක්වා මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරනවා.
අද වෙනකොට නානුඔය රාගල මාර්ගයේ කිසිම සලකුණක් දකින්නට ලැබෙන්නේ නෑ.

මේ මාර්ගය පිළිබඳව තියෙන එකම සටහන නම් නානූඔය දුම්රිය ස්ථානයේ පොළවේ කොටා ඇති රාගල දුම්රිය මාර්ගයේ දිශාව දක්වන සලකුණයි. 


රාගල දුම්රිය මග සොයා ගිය ගමනක විස්තර හා ජායාරෑප
පහත ඇති ඔයාලට බලාගන්න පුළුවන්! 

ඒ ගැන විස්තර මහන්සිවෙලා හොයලා අන්තර්ජාලයට
දාපු සහෝදරයට ස්තුතිය!

1925 පෙබරවාරි 16 පොල්ගහවෙල දක්වා ද්විත්ව මාර්ගය දීර්ඝ කරනවා.
1877 මාර්තු 01 මොරටුව දක්වාත් සැප්තැම්බර් 01 පානදුර දක්වාත්
මුහුදුබඩ මාර්ගයේ වැඩ නිම කරනවා.
1877 මාර්තු 01 මොරටුව දක්වාත් සැප්තැම්බර් 01 පානදුර දක්වාත්
මුහුදුබඩ මාර්ගයේ වැඩ නිම කරනවා.
1879 සැප් 22 කළුතර වෙනකන් වැඩ අවසන් කරනවා.
1890 මාර්තු 31 අළුත්ගම දක්වා දීර්ඝ කරනවා.
1893 නොවැම්බර් 15 අම්බලන්ගොඩ වෙනකනුත් 1894 මැයි 07
වෙනකොට ගාල්ල දක්වාත් වැඩ කටයුතු අවසන් කරනවා.


1895 දෙසැම්බර් 17 මාතර දක්වා මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරනවා.
1991 දෙසැම්බර් 27 වෙනිදා මාතර කතරගම මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරනවා.

මේ සියල්ලකගේම සාරංශය ගත්තොත් 1858 අගෝස්තු 03 වෙනිදා
වැඩ ආරම්භ කරන මේ දැවැන්ත මාර්ග පද්ධතියම නිම වෙන්නට ගත වෙන්නේ
වසර 70ක් වගේ කාලයක්.
වසර 70ක් වගේ කාලයක්.
1928 මාර්තු 12න් මාර්ග පද්ධතියේ වැඩ කටයුතු සම්පූර්ණ වෙනවා.








නියම ලිපියක්
ReplyDeleteඅපේ දුම්රිය සේවයේ වැදගත් ඉතිහාස කරුණු රාශියක්ම සටහන් කරල තියෙන මේ සටහන ඒ වගේ තොරතුරු හොයන බොහෝ දෙනෙකුට වැදග්ත් වෙවි.
ReplyDeleteඅර Summit Level ගැන තව දෙයක් ඒකතු කරන්නම්. ලංකාවෙ විතරක් නෙමේ. මුලුලෝකෙන්ම පුලුල් ආමානයේ(පීලි අතර පරතරය අඩි 5 අඟල් 6)දුම්රියක් ගමන්කරන වැඩිම උසත් ඒක තමයි.
මේ ලිපියේ සටහන් වෙන මාර්ගවලින් නානුඔයේ සිට උඩුපුස්සැල්ලාව-රාගල දක්වා තිබූ මාර්ගය සහ අවිස්සාවේල්ල-ඕපනායක කොටසත් පසුකලෙක ඉවත් කරනු ලැබුවා. ඒම මාර්ග දෙකේම ධාවනය වුනේ පටු ආමානයේ (පීලි අතර පරතරය අඩි 2 අඟල් 6)වන පුංචි කෝච්චිය නමින් හඳුන්වන දුම්රියයි.
උතුරැ මාර්ගයේ දුම්රිය ධාවනය දැනට සිද්දවන්නේ ඕමන්ත දක්වා පමණයි. ඉතිරි කොටස තවම වැඩ නිම වෙමින් පවතින්නෙ. මන්නාරම් මාර්ගයෙන් වැඩ ආරම්භ කරල තියෙන්නෙ. :)
මෙවැනි ලිපියක් ලිවීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි.
~ChAnDiKa~
෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴
නියම ලිපියක් ,,, නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා .. බොහොම අගෙයි ..
ReplyDeleteමට නම් වැඩිය දුම්රියේ යන්න සෙට් වෙලා නෑ.. විනෝද චාරිකා විතරයි ගිහින් තියෙන්නෙ. නියම ලිපියක්.. ජය වේවා!
ReplyDeleteගොඩක් වැදගත් තොරතුරු ටිකක් තියෙන ලිපියක්.
ReplyDeleteඅර එලකිරි එකේ තියෙන ලිපිය මම කලින් කියවල තියෙනව. ඒ වගේ අවිස්සාවේල්ලෙ ඉඳල ඕපනායක වෙනකල් තිබිච්ච පාර ගැනත් විස්තරයක් හොයාගන්නවනං වැදගත්. දැනට රත්නපුර කහවත්ත වගේ ප්‍රධාන බස් නැවතුම් තියෙන්නෙ ඒ කාලෙ ස්ටේෂන් වල තමයි.
Anna Maxza Letter Ekak Bro
ReplyDeleteගොඩාක් වටිනා ලිපියක්
ReplyDeleteඈත්තටම වටිනවා නොදන්නා ගොඩක් දේවල් දැනගත්ත
ReplyDeleteavisawella to opanayake train service when strated?
ReplyDeleteavisawella to opanayake train when strated?
ReplyDeleteගොඩක් පිං ලොක= දැන්මක් ගත්තා
ReplyDeleteස්තුතිය ඔබට ,
ReplyDelete